Monday, December 31, 2012

ආයිබෝං 2012 | කාටුන් ටොක්ක





ලැම්බොගිනියක යන්න ගමනක්
තියන අවුරුද්දක්
නොසිත තව මොහොතක්
දෙන්න රජ දෑතට සවියක්

                        සැමට සුබ නව වසරක් වේවා!!!!!!!

Saturday, December 29, 2012

හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා

                                      බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය.

 ම...චා..න්  මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ

    පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම  ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් වෙන්න

        ඒ උනාට ..........මචන් මට පොඩි .........ප්‍රශ්නයක් ...........තියනවා.
  
බොක්...........ක තමා ඉතින් හරි.ඕ......න දෙයක් .......අහපන්

Thursday, December 27, 2012

එතකොට කවුද අවතාර්ට කියලා මඩ ගා ගත්තේ ???

                             මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ .

      අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර
                  මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් .
           
              දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ??
---------------------------------------------------------------------------------
              බලාපොරොත්තු උන උත්තරේ නම් කවුරුවත් දුන්නේ නෑ.හැබැයි අවතාර් ප්‍රශ්නේ අහද්දි කිව්වා ළඟින් ගියත් ඒ කියන්නේ ගිනි ගිනි වගේ නම් අවතාර් තෑගි දෙනවා කියලා .
එතකොට කවුරු හරි ළඟින් ගියාද ???

             ගියා නේන්නම් .මේ තියෙන්නේ ගියපු හැටි




                                                 ඒ විදිහට සිත්තර තෑගි ප්‍රශ්නෙට උත්තර දීලා අවතාර්ගෙන් සිත්තරයක් තෑගි ගන්නේ 

Tuesday, December 25, 2012

නත්තල් සීයේ අත්තටගේ සර්ට පින්සිද්ද වෙන්ට විද්‍යාව ගොඩ ( කාටූන් ටොක්ක)

                                         
                                   
    ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ  ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් නිසාය.ඒ කොහොම වෙතත්  පේපර් එක පැන්නුවා කියමින් උන්දගේ පලු ඇරි ගම්පහින් බැහැර ඕලෙවල් ලියූ ළමයින්ගේ අම්මලා මේ වන විට සම්පත් සර්ට පින් දෙනවා නිසැකය.මේ ලැබුනු චාන්ස් එක ඕන ඔලමොට්ටයෙක්ට ගොඩ යන්නට හොඳටම ප්‍රමාණවත්ය.මේ සැරේ ඕලෙවල් ලියපු උන්ගෙන් වැඩි දෙනා දැන් කන්නන්ගර මහත්තයට වඩා අත්තටගේ අදහනවා නිසැකය.

Sunday, December 23, 2012

උත්තර දීලා සිත්තරයක් තෑගි ගමු (අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නය 01)

                                     අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම  අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් අතට අරගෙන ආවර්තිතා වගු දිගෑරගෙන උත්තර දෙන ප්‍රශ්න නෙමේ.ගෙස් කරලා උත්තරයක් දෙමු එහෙනම් .අවතාර් හිතන් ඉන්න උත්තරේ ළඟින් යන උත්තරයක් දෙන දෙනේනෙකුට අවතාර් සිත්තරයක් තෑගි දෙනවා.

Thursday, December 20, 2012

සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද? 16++

                                දවස් ෙදක තුනක  ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ මට කියනවා.මම මහත් වෙලාලු.අර කැන්ටිමේ රුපියල් තිස් පහේ බත් එකට වෙන්නැති . ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි මතක් උනා ඕලෙවල් කාලේ නියම සිද්දි ටිකක්.කස්ටියටම බලන්න එහෙනම් දැම්මා අහසේ.
                     ඕලෙවල් කිට්ටු වෙනකොට අපිට ඉස්කෝලෙන් සෙමිනා ලෑස්ති කලා.කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් බලන් ඉන්නේ ඔය දවස එනකම්.අපේ ඉස්කෝලේ පැත්තේ තිබුන ටිකක් ලොකු ඉස්කෝලයක් හින්දා වටේපිටේ තියන ගම්බද ඉස්කෝලවලින් ලමයි එනවා අපේ සෙමිනා එකට.දැන් ඉතින් ඒවයෙන් එන ගෑනූ ලමයි ටික දිහා තමා කොල්ලෝ ටික වැඩර්ලා වගේ ඇහැ දාගෙන හිටියේ.මොනව උනත් ගණන් විද්‍යාව සෙමිනා නම් තාමත් මතක් වෙද්දි විකාර වගේ.එදාට වැඩිපුරම කරේ නිදා ගන්න එක සෙමිනා එකේ.

Saturday, December 15, 2012

අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???

                          අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන  නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය.
                     කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී  පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර්  එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට  නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට  අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස  අසුනේ සිටි මඟීන් දෙසය.

Thursday, December 13, 2012

මාසෙකට පස්සේ ..I'm back..

                                        ඔන්න අවතාර් සෑහෙන දවසකට පස්සේ ආයෙත් නොනිමි අහස පැත්තට ආවා.නොනිමි අහසෙන් ගිහින් අදට හරියටම මාසයයි.ඉස්සරලම කියන්න ඕනේ අවතාර් හිටියේ නැතත් අහස පැත්තට ඇවිල්ලා පෝස්ට් කියවලා කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුනා ගොඩක් අය.ඊයේ දවසට විතරක් අහසට 34 දෙනෙක් ඇවිල්ලා .සති දෙකක් විතර යනකල්ම සීය පැනලා ලිබුනා දවසට ගොඩවෙන ගාන.මාසයක් තිස්සේ කිසිම පෝස්ට් එකක් දාන්නේ නැතුව මාසෙකට පස්සෙත් ඒ වගේ පිරිසක් එනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන කෙනෙක් හැටියට මට නම් ඉහටත් උඩින් ඈ.ඒ තරම් සතුටක් තියනවා.අවතාර්ව අමතක වෙලා නෑ කියන්න ඒ ඇතිනේ .ඉතින් හෙට ඉඳන් අවතාර් සුපුරුදු විදිහට වැඩ පටන් ගන්නවා .පුරුදු විදිහට අර මල්මඩ සිත්තරයි ඒකට තෑගි ප්‍රශ්නෙයි ,තව පොඩි නවකතාවකටත් අදහසක් තියනවා.බලමු වෙලා තියන විදිහට.ඉස්සර කාඩ් දදා ප්‍රීපේඩ් පැකේජ් වලින් ජාල ගතවෙන එක වදයක් හින්දා අවතාරුත් බැස්සා ඩයලොග්ලගේ 3GB පැකේජ් එකට.එහෙනම් හෙටම අලුත් පොස්ට් එකකින් හම්බවෙමු.එතකන් ගිහින් එන්නම් කිව්වා හැමෝටම.

Tuesday, November 13, 2012

අවතාර්ගේ බ්ලොග් සිත්තර 03

                                             සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්‍රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ.

Sunday, November 4, 2012

ආදරය මේ තරම් විරහද? | මා දුටු ලව් බූට්


                                                                                                                මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ නම් කියලා නෝන්ඩි කරන්න ගත්තා.පුදුම කියන්නේ මේ තේරීම හරියට හරි ගියපු තැන් බාගෙට බාගයක්  තිබුනා.අවතාර්ගේ හිතේ හිටිය ගෑනූ ලමයා ගේ නම කියලා අවතාර්ව නෝන්ඩි කලේ කස්ටිය.ඒ ප්‍රේමේ ගැන ඉතින් වැඩක් නෑ.නොදන්න කස්ටිය ඉන්නවනම් ගිහින් බලන්නකෝ මෙතනින්.
             ඉතින් මම මේ කියන බුවාටත් නම වැටුනා ඌ ට්‍රයි කරපු කෙල්ලගේ.ඒ දවස් වල උගේ අඹ යාළුවා විදිහට සේරම කියන්නේ මට.මම ඒකිව කොහොම හරි යාළු කරගන්නවා මට සපෝට් එක දියන් කියලා කෙල්ලව දකින දකින සැරේට මූ මාත් එක්ක කියනවා.අඹ යාළුවා විදිහට ඉතින් යාළුවාගේ දුකේදීත් සැපේදීත් උදව් කරන්න එපැයි.මගෙන් ඉතින් ෆුල් සපෝට්.මට මතක විදිහට මූ අට වසරේදී කෙල්ලගේ පස්සෙන් යන්න ගත්තා.කෙල්ල කියලා මහ ලොකු ලස්සනක් නෑ.මේකි අරූට ගනන් ඉස්සුවා.ඔහොම අවුරුද්දක් පුරාම ට්‍රයි කරලා අපි නවය වසරට ආවා.මේ වෙන කොට පන්තියේ ලෙවල් කෙල්ලෝ සෙට් එකකුයි කෙල්ලෝ සෙට් එකකුයි හැදුනා.බොහෝම පොඩි ගාණක්.උන්ගේ මොනවා ලෙවල් උනාද කියලා අවතාර් තාම දන්නේ නෑ.ඒ උනාට ලෙවල් ඈ.මේ කියන කෙල්ලත් මුලින් ආශ්‍රය කලේ ඔය කියන ලෙවල් කෙල්ලන්ව.අපේ බුවාත් අතෑරියේ නෑ.නවය වසරේ පුරාවටමත් ට්‍රයි කරා.

Sunday, October 28, 2012

බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල්



කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට
හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට
කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට
හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට

Thursday, October 25, 2012

අඩු ගානට එළිය දෙන බල්බ් මාරයා ( CFL දාන්න කලින් දෙපාරක් හිතමු)


                    කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම මේ අසරණයාගේ පාදාය් ඇතිවූ තිබූ තුවාලයෙන් මස් කුණු වී ,දියවී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තුරුම ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
                         බලශක්තිය සංරක්ෂණය කර ගැනිමේ ,විදුලි බලය ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර .ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතය තහනම් කරමින් , CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.

Tuesday, October 23, 2012

සූටි කාලේ කතරගම මතකය


                         කරන්න දෙයක් නැතුව මනෝ පාරක් දාගෙන ඉන්න වෙලාවක හිත ඉබේටම පොඩි කාලෙට ගියා.පෙර පිනකටද කොහෙද මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලමා කාලයක් අපිටත් තිබුනා.දැන් ඉන්න ළමයි වගේ කීබෝඩ් එක හපා ගෙන කම්පියුටර් ගේම් ගහන කාලයක් අපිට තිබුනේ නෑ.ඒ දවස් වල ඒවා හීන තමයි.දැන් ඉන්න පොඩි උන්ගෙයි අපේ පොඩි කාලේයි ගැන ලියන්න ගියොත් ඒකට පෝස්ට් එකකුත් මදි.ඒ හින්දා ඒක පැත්තකට දාලා අද ලියන්න ආපු දේට බහිමු.

Sunday, October 21, 2012

හීනෙන්වත් එන්න අම්මේ

උදේ හවා තනිව හඬන
                               පුංචි මල්ලි දුටුවම
හඬන ගමන්  අම්මේ කියා
                          කියන වදන් ඇහුනම

Sunday, October 14, 2012

අවතාර්ගේ කුජීත කාටූන් ඇහෙන් දකින මීළඟ බ්ලොග් හතර

                     තහනම් අඩවියේ රජා ඇතුලු පිරිස අමුතු සයිට් විසිට් එක ගිය වෙලේ අඩවි රජා රාජ තේජසින් කක්කා කරද්දී කොලොප්පම් කල එවුන්ට රාජකීය පොල්ල දිගු කිරීම.(රජාගේ සහජ ඉන්ජිනේරු මොලය පාවිච්චි කර හබරල කොලයකින් රාජකීය අහවල් තැන වසාගෙන සිටී)

Thursday, October 11, 2012

අධ්‍යාපනය,ක්‍රිකට් මැදි උන මගෝඩිස්තුමාගේ නාඩගම

                         වේදිකාවේ තිරය ඇරේ.සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගත් පුදගලයෙක් යමක් කල්පනා කරන අයුරින් වේදිකාව මත ඔබ මොබ ගමන් කරයි.ශරීර හැඩයෙන් ඔහු දේශපාලඥයෙකු බව අනුමාන කල හැකි ය.එනම් ඉදිරියට නෙරා ආ මහත් වූ උදරයෙනි.මද වෙලාවකින් පසුව එවැනිම ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙක් කලබලයෙන් වේදිකාවට පැමිණේ.එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ දෙබස් වලින් ඉදිරිපත් කිරීම මැනවි යයි සිතේ.
                 

Monday, October 8, 2012

අයියලා ඉන්න නංඟිලා ආදරේ කරනකොට පරිස්සමින්.....

නොදන්න number එකකින් ගෑණු ලමයෙක්ට call එකක් ආවා.කෙල්ල call එකට answer කළා.එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්.

 අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?

ගෑණු ළමයා (මදක් සැරෙන් )  :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද?

අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්..

          ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ආයෙත් අපැහැදිලි පිරිමි කටහඬක්.

Monday, October 1, 2012

මහපාරේ ඇඳුම් ගැලවුන හැටි

                       අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා අවදි උනේ පැය භාගයක් පමණ ප්‍රමාද වෙලාය.නිදි මරගාතේම යන්තම් දත කට මැද ගෙන ගෙට ගොඩවද්දීම ආයෙත් ජංගමයා කෑ ගැසීය.මෙදා පාරත් එලාම් වැරදි වෙලාවට වැදුනයි සිතා අතට ගත් විට ජ්‍යේෂඨයාගෙන් ඇමතුමකි.
 කොහෙද බන් ඉන්නේ .මම ඉන්නේ *******.තව විනාඩි විස්සෙන් මම ඔතන
            මේ වන විට වරක් වැසිකිලි ගොස් සිටියත් නැවතත්  යාමට අවශ්‍යතාවක් ඇතිවනවා සේ දැනිණි.අදාල ටවුමට යාමට බස් එකට නැඟීමට පාරට යාමටම අවතාර්ට විනාඩි 15ක් ගතවේ.පාසලේ ගණන් ඉගැන්වූ ගුරුතුමාට පින්දෙමින් වෙලාව අනුව තැන ගලපා තඩි පචයක් ඇද බෑවේය.
හරි මම බස් එකේ ඉන්නේ **** අයියේ මම තව විනාඩි 15කින් විතර බහිනවා

Friday, September 28, 2012

අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා )

                                    අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැල්ලු.
               මිනිහා දවසක් ගිහිල්ලා බණ ගෙදරක.ඒ කාලේ දැන් වගේ විදුලි බලය එහෙම නැහැල්ලු.පෙට්‍රල් මැක්ස් වලින් එලිය අරන් තියෙන්නේ .ඕකට සැරින් සැරේ හුළං ගහන්න ඕනේ කියලා දන්නවනේ.ඉතින් අපේ සිරිපාල ගියපු ගමන් පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහන වැඩේ බාරගත්තලු.මිනිහා දෙතුන් පාරක්ම මේසේ උඩට නැඟලා උජාරුවෙන් හුලං ගැහුවලු පෙට්‍රල් මැක්ස් එකට.ඔහොම ටික වෙලාවක් යද්දි එකපාරටම මැක්ස් එකේ එලිය අඩු උනාලු.එතන හිටපු කොල්ලෙක් සිරිපාල මාමාට දැන් අමාරුත් ඇතිනේ හුලං ගහලම කියලා හුලං ටිකක් ගහන්න නැගිට්ටලු.ඒ එක්කම හිටපං හිටපං මම ගහන්නං කියලා දඩි බිඩි ගාලා මේසෙට ගොඩ උන සිරිපාල හුලං ගහන්න ගත්තලු.මේසෙට නඟිද්දි මිනිහගේ සරම බුරුල් වෙලා තිබිලා තියෙන්නේ.පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහද්දි සිරිපාල දන්නෙම නැතුව සරම බිමලු.හුලං ගහන එකට තිබ්බ ආසාවට මිනිහට සරම අල්ලගන්නවත් මතකයක් නෑලු එවෙලේ.

Wednesday, September 26, 2012

සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන්

                                     එක එක විදිහේ පිස්සු කෙලින අතරේ අවතාර්ට හිතුනා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න.ඇඳීමේ හැකියාව වැඩ දියුණු කරගන්න කාටූන් අඳින අතරේ සිංහල බ්ලොග් ලෝකේ අයටත් කාටුන් අඳින්ඩ හිතුනා.අඳිනව කියලත් මේ වෙන කොට දැන ඇඳින ගෙන ඉන්න පිරිස පොඩි ප්‍රමාණයක් යැ බ්ලොග් ලෝකේ.ඒකට විසඳුම විදිහට නොනිමි අහසේ නිතර ගැවසෙන චරිත හයකින් වැඩේ පටන් ගත්තා.

Sunday, September 23, 2012

කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                         
   පස්වනකොටස          හයවන කොටස               හත්වන කොටස               හත්වන කොටස      

     කාරය මිදුලේ නතර කරද්දීම නෙත්මි මුව පුරා සිනා සීගෙන මිදුලට පිවිසියාය.
“ නෙත්මි පහු ගිය ටිකේ අවේ නැත්තේ මොකද කියලා බලන්නයි අපි ආවේ “ සෙනුරි නෙත්මි හා අත් පටලාගෙන ගෙගුලට පියමනිමින් කීය.
“ කිව්වට වැඩක් නෑ නෝනා එපා කියද්දිත් ගොම්මන් වෙලාවේ නාලා උණ හදා ගත්තා.මම මහත්තයලට බොන්න මොනව හරි අරගෙන එන්නම්  “
“ නෙත්මි ලගේ සීයා ඉන්නේ ගොඩක් දුරින්ද නෙත්මි ? “
“ එච්චර දුර නෑ මහත්තයා .කාර් එකේ යනවනම් පැය බාගෙක විතර දුරක් “

Tuesday, September 18, 2012

මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය)


මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම
මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද
අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ
මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ

Sunday, September 16, 2012

පුතු මා වගේ | කාටූන් ටොක්ක



පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට

Friday, September 14, 2012

සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස

                             
 තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          
                      
                                      සෙනුරි බැල්කනියට වී ඈතින් පෙනෙන ඉමක් කොනක් නැති කඳු පන්ති දෙස බලා සිටියාය.නිල්වන් කඳු මුදුන් වල සීමාවන් සෙවූ ඇගේ මනස කල්පනා ලොවින් මිදුනේ වාහනයක හඬ ඇසීමෙනි.
“ සම්පත්ගේ කාර් එක“ යයි තමන්ට මුමුණා ගනිමින් ඇය කකුලේ වේදනාව දරා ගෙන වේගයෙන් තරප්පු පෙල දිගේ පහලට බසින්නට විය.
ඇය සාලයට පිවිසෙන විට සම්පත්ගේ රථය පෝටිකෝව යට නතර කෙරිණි.
“ ඔයා එන්න තව කල් යනවා කිව්වනේ “ ඇය පාදයෙන් නැඟුනු වේදනාව මැඩගෙන ඇසීය.
“ ඊට කලින් කියන්න සෙනූ දැන් ඔයාගේ කකුල හොඳද කියලා “
     සියල්ල කමලා විසින් සම්පත්ට කියා ඇතැයි සෙනුරිට සිතිණි.සම්පත්ව අනවශ්‍ය ලෙස කලබල කර ඇතැයි සිතෙන විට ඇගේ සිතේ කමලා කෙරෙහි කෝපයක් ඇති විය.

Tuesday, September 11, 2012

මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා )


                                අවතාර්  ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත්     කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ දවස් වල මුන් දෙන්නගේ දින චරියාව.කොහොමහරි ඔය එළුවෝ දාලා එන හරියට වෙන්න පීතර කියලා වයසක මනුස්සයෙක් එළවළු වගා කරලා තියෙනවා.දවසක් අනුරලගේ එළුවෝ පීතර උන්දගේ කොටුවට පැනලා මිරිස් පැල වගයක් කාලා.පස්සේ පීතර උන්දා කොටුවට පැනපු එළුවෝ ටික එළවළු කොටුවෙම ගැට ගහලා තියාගෙන අයිතිකාරයා එන්නැතැයි කියලා.

                 හැන්දෑවේ එළුවෝ ගෙනියන්න ආපු අයියා මලෝ දෙන්නට තරු පෙනිලා .පට්ටියෙන් එළුවෝ තුන් හතර දෙනෙක් අඩුයිලු.කළුවර වැටෙනකන් හැමතැනම එළුවෝ හොයලා අහම්බෙන් පීතර උන්දගේ එළවළු කොටුව පැත්තේ යද්දි නැතිවෙච්ච එළුවෝ ටික ඉන්නවලු බැඳලා දාලා .මුන් දෙන්නට මල පැනලා සද්දයක් දාද්දි පීතර උන්දත් නිකන් ඉඳලා නෑ .අයියා මලෝටයි එළුවන්ටයි හොඳට දෙසලා ඊළඟ පාර එහෙම එළවළු කාලා තිබුනොත් එළුවෝ පනපිටින් ඉතුරු කරන්නේ නෑ කියලා තර්ජනයකුත් කරලා.ගමේ අය කියන විදිහට නම් පීතර උන්දා හෙන අහින්සකයිලු අරහෙම කියලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච ආවේගෙට ලු.

Saturday, September 8, 2012

නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක

                        මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක.

කලින් ඇඳපු කාටූන්

Thursday, September 6, 2012

අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම)

                                             
                               අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් .අර දාන අදින එකේ  දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා  දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන අය ලව්වා ඌව නෝන්ඩි කරවලා කොමෙන්ට් දාගෙන මිනිහා නිවාඩුවට සැපත් වෙන වෙලාවට ගේන ඉතාලි ටොෆිය චොකලට් එක අවතාර්ට නැති කරගන්නේ අහවල් එකකටද?ඒ හින්දා අපි මේ බුවා ට එන් කියලා කියමුකෝ.
                              මේ වෙන කොට එන් තරුණ කොල්ලෙක් ලු.ඉගෙන ගන්න එහෙම ටිකක් දස්සයිලු ඈ.එන් ට මොලේ තිබුනත් හිතන්න බෑ කියලා තමා ගොඩක් අය කිව්වේ.මේ පළවෙනි කතාව අවතාර් දැනගත්තේ එන් ගේ මාමා කෙනෙක් වෙච්ච ආර් නෑ එක්කෝ රංජි කියලම කියමු (රංජි මාමා බුකියේ නෑ කියලා අවතාර්ට සුවර්) රංජි මාමාගෙන්.ඒ දවසක් බණ ගෙදරකදී අයියලා මාමලා එකට එක්කහු වෙලා ගහන කයියකට හොරෙන් කන දාගෙන ඉඳලා

Monday, September 3, 2012

බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ )

                                             අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති සර්ගේ ළඟම යාළුවා                           .ඔයිට වැඩිය නම් අහන්න එපා කු‘ගල ගිහිල්ලත් තවම ටියුබ් ලයිට් නම් සර් ගැන හිතන එක අතෑරලා ඉතුරු ටික කියවන එකයි ඇත්තේ.ඔය කියන සර්ගේ කට ටිකක් නෙමේ ගොඩක් හොඳ නෑ.

Saturday, September 1, 2012

කපිලවස්තුපුර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ගොස් ජීවිත වලින් වන්දි ගෙවීම | ආශ්චර්යමත් රටක සංවිධාන ශක්තිය


කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේ මේ වන විටත් බැතුමතුන් දස දහස් ගණනකගේ වන්දනාමානයට ලක්වෙමින් සිටී.තවත් දස දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍රවීමටද නියමිතය.මුල සිටම මේ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටි නමුත් මේ ලියවෙන්නේ බලාපොරොත්තු වූ ලිපියට හාත්පසින්ම වෙනස් වූවකි.ඒ ලියන්නේ ද මහත් වූ කලකිරීමෙන් යුතුවය.මේ ලියන්නේ මාධ්‍ය වල පත්තර වල නොකියවෙන සත්‍ය ගැන ය.
                  පසුගිය දිනක කැළණිය මානෙල්වත්ත විහාරයේ පැවති ධාතූන් වහන්සේ ප්‍රදර්ශණයට දහවල් දේශනයද පසෙකදමා මිතුරන් සමඟ එක් වුනේ මහත් වූ බලාපොරොත්තුවෙන් යුතුවය.අට දෙනෙකුගෙන් යුතු පිරිස කිලෝමීටර හතරක් පමණ දිග පෝලිමට එක් වුනේ සවස දෙකට පමණය.ඒ එක් වී පැය දෙකක් යන්නට මත්තෙන් පෝලිම තවත් කිලෝමීටර ගණනකින් වැඩි වූ බව අසන්නට ලැබිණ.අගනුවර හා ඒ අවට දහස් ගණනක් ඒ වන විට සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිමට වී සිටියහ.විනාඩි දහයකට අඩි දෙකක් පමණ ඉදිරියට ඇදෙන පෝලිමට වී සිටි මිතුරන් දෙදෙනෙක් පෝලිමෙන් මිදී ඉදිරියට ගියේ පෝලිමේ දිග බලා ගෙන ඒමටය.

Wednesday, August 29, 2012

රාත්‍රියේ ඇසුන කෙඳිරිලි හඬ | මිලින වූ සඳ (7 කොටස)

                                   තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          

                       මහ රාත්‍රියේ ඇය කිසිවකුගේ ආමන්ත්‍රණයකින් හදිසියේ අවදි විය.කටහඬ පැහැදිලි නැති නමුත් එය පිරිමි කටහඬක් බැව් සෙනුරිට වටහා ගත හැකි විය. පහත මාලයේ සිටින කමලා හා පියල් අවදි කරවන්නට ඇයට සිතුනද ඔවුන්ව අවදි නොකරම කටහඬ පිළිබඳ විපරම් කිරීමට ඇය සිතා ගත්තායඇය කටහඬ ඇසෙන දෙසට පියමැන්නාය.කටහඬ ඇසෙන්නේ ඉහල මාලයේ කෙලවරින් බව ඇයට තේරිනි.ඒ දෙසට තව තවත් ළං වන විට ඇයට ඒ හඩ පැහැදිලිවම ඇසෙන්නට විය.
      “ සුදු මැණිකේ ...............සුදු මැණිකේ ...................“
                  විටෙක ආදරයෙන් කතා කරන්නාක් මෙන්ද විටෙක කෙඳිරිල්ලක් මෙන්ද ඇසෙන හඬට සවන් යොමාගෙනම ඇය ඒ දෙසට ගමන් කලාය.තම හිතට කිසිම බයක් නොදැනීම ගැන ඇය පුදුම වූවාය.හඬ ඔස්සේ පැමිණි ඇය තවදුරටත් ගමන් කල නොහැකිව නැවතී පුදුමයෙන් බලා සිටියාය.හඬ ඇසෙන්නේ අගුලු දමා ඇති කාමරය තුලිනි.එකවරම වේදනාවෙන් කෑ ගහන ගැහැණු කටහඬක් හීන් ස්වරයෙන් ඇසිණ.සෙනුරි ඒ ශබ්දයෙන් තිගැස්සී පිටුපසට වනවාත් සමඟම ඒ අසල ටීපෝවක් මත තබා තිබුනු වීදුරු මල් බඳුන ඇගේ ගතේ වැදී බිම වැටී මහ හඩක් නඟමින් බිඳී ගියේය.
                       ඒ සමඟම කාමරය තුලින් නික්මුනු හඬද අවසන් විය.ඇය කිසිවක් සිතා ගත නොහැකිව තුෂ්ණිභූතව බලා සිටින අතරේ විදුලි පහන් දැල්විණි.
“ බේබි මම සද්දේ ඇහිලා ආවේ මොකද උනේ ? “
 “ න්නෑ කමලා මට සද්දයක් ආවා මම ඒක බලන්න ආවේ “
“ හත් දෙයියනේ බේබි කකුලෙන් ලේ එනවා නේද ? “

Saturday, August 25, 2012

බුදුන් වැඩිය පින් බිමක මෙහෙව් දනන් සිටී තව

ඉවර උනා අන්තිම ලෙක
එපා උනා ඒ පැය දෙක
දවසේ ඉතුරු ටික ඉන්නට
නැඟුවා පිය බෝඩිම වෙත

රෑට උයන්නට බඩු නෑ
තව සතියකටත් ඕනෑ
අවතාරයි අද ඉන්නේ
උයන එවුන් පවසන්නේ
   

Wednesday, August 22, 2012

මරු විකල්ලෙන් නටන හුක්කඩි නැටිල්ල (ගමේ කතා )

                      ඉස්සර අවතාර්ලා සූටි කාලේ ගමේ හිටපු වැඩිහිටි අය ඉන්න තැන් වලට ඒ කියන්නේ අවතාර්ලගේ වෙලක වැඩකට ඒ අය ආපුහම ගමේ පොදු වැඩක් කරන්න  කස්ටිය සෙට් උනහම උන්දලා කතා කරන මාතෘකා ටිකක් තිබුනා.අවතාර් මේවයෙන් වැඩියෙන්ම ආස කලේ ඒ කාලේ ගමේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ කරපු කුපාඩි වැඩ ගැන අහන්න.ඒ කාලේ ගමේ හිටපු නසනාරි දෙන්න අයිය මලෝ දෙන්නෙක්.මුන් දෙන්න එකට හිටියොත් හිරේ යනවා කියලා පස්සේ කාලෙක උන්ගේ අම්මා අයියව ඒ කියන්නේ අනුරව හමුදාවට යවලා.දැන් මිනිහා හමුදාවේ ඉහල නිලයක්.
                  ඒ කාලේ ගමේ නහර තියෙන කොල්ලෝ ඉඳලා තියෙන්නේ අනුරලගේ කාණ්ඩේ.ඒ කලේ ඉතින් බ්ලොග් ලියන්න කොම්පියුටර් ඇවිල්ලා තිබුනයැ.කොම්පියුටර් තියා ජංගම දුකෙක්  වත් උන්ගේ කාලේ දැකලා තියෙන්න නැතුව ඇති.ඉතින් මුන්ගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකල් ගම වටේ ඇවිදින එකලු.
            ඒ කාලේ ගමේ පන්සලේ තියෙන දේවාලේ අවුරුද්දකට සැරයක් මංගල්ලේ තිබිලා තියෙනවා.(තාම   තියෙනවා)මෙතනට ගමේ ලොකු කුඩා මහත කෙට්ටු කලු සුදු සේරම එකතු වෙනවා.මේ කියන මංගල්ලේ දවසේ දේවාලේ ආවතේව වැඩ වලට පිට ගමකින් කපුවෝ දෙන්නෙක් ගේන්න තීරණය කලාලු දේවාල කමිටුවෙන් .ගමේ කොල්ලෝ ඒ කියන්නේ අනුරලා ඕකට කොච්චර විරුද්ධ උනත් වැඩිහිටි අය මුන්ගේ විරුද්ධතාවය තඹ සතේකට වත් මායිම් කලේ නැහැල්ලු.

Sunday, August 19, 2012

බ්ලොග් එකේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත්

                                 සමා වෙලා පහල ලින්ක් එකෙන් යන්න.මගේ පබ්ලිෂින් වල මොකක් හරි අවුලක් වගේ.ඒ ගැන දන්න අය හේතුව මොකද්ද කියලා යනවනම් ලොකු දෙයක්.

http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html

බ්ලොගේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත්

                                  අවතාර් අද ටිකක් වෙනස් දෙයක් ලියන්න කල්පනා කරා.බ්ලොග පටන් ගත්තට පස්සේ මුල් කාලේ මේ වගේ ලිපි කීපයක් ලිව්වා මතකයි .සෑහෙන කාලෙකට පස්සේ අද තමා මෙහෙම එකක් ලියන්නේ.මේ පෝස්ට් එකට හේතුව අවතාර්ට බ්ලොග් ලිවිල්ලෙදි ඇතිවුන ප්‍රස්න දෙකකට විසඳුම් අවතාර්ම හොයා ගැනීම

1. සමහරු බ්ලොගේ කමෙන්ට් වල පින්තූර දානවා ඇයි අපිට බැරිද?
2.තව අය කමෙන්ට් කරද්දි ඩිරෙක්ට් ලින්ක් කමෙන්ට් කරනවා ඇයි අපිට බැරිද?

                 ඔය පලවෙනි ගැටළුව ඇති උනේ අවතාර්ගේ කෝටි 20 ක තෑග්ග ගැන ලියපු එකේ araliya ට තෑග්ගක් දෙන්න යනකොට.පස්සේ විසඳුම හොයාගෙන හිත හැදෙන විදිහට තෑග්ගක් දුන්නා ඈ

 මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.

Friday, August 17, 2012

අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!!

                                  අවතාර්ට දෙහි කපන්නේ නැතුව සමා වෙලා පහල ලින්කුවෙන් යන්න.මේ සුද්දගේ ගූගල් පිස්සු නටනවනේ.ඊයේ පෝස්ට් එක අප්ඩේට් නොවුන බව කියපු DDT ට තෑන්ක්ස්
මෙන්න ලින්ක් එක
         http://nonimiahasa.blogspot.com/2012/08/20.html

Thursday, August 16, 2012

අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!!

                                     උදේ කොමා ඉස්සරහ වාඩි උනේ ගෙදර ඉන්න දවසේ පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන්න හිතාගෙනය.අවතාර්  ගූගල් මේල් පෙන්නන පොඩි ගැජට් එකක් නෙට් යන ක්‍රෝමේ  දාගෙන ඇත්තේය .ක්‍රෝම් ඕපන් කරපු විගසින් නව ඊයක සළකුණු පෙනිණි.තර්ජනයක් ද මඩක්ද මලක්ද ගලක්දැයි බැලීමට මේල් වෙත ගියේය.

Monday, August 13, 2012

ඒ පාර ඒකත් බාලද ??? | කාටූන් ටොක්ක





මාමේ මේ භූමිතෙල්........


          හුටා ඒ පාර ඒකත් බාලද ???







Friday, August 10, 2012

වලව්වට පැමිණි අමුත්තා | මිලින වූ සඳ (6 කොටස)

                                         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.

                         සිහිනයේ දුටු පෙම්වතුන් යුවල මුල මත හිඳගෙන එකිනෙකාට තුරුළු වී සිටින අයුරු සෙනුරිට මැවී පෙනෙන්ට විය.තවදුරටත් මෙහි සිටීමට ඇගේ ප්‍රියතාවයක් නොවීය.එහෙයින් ඇය ආපසු යන්නට සම්පත්ට යෝජනා කලාය.ආපසු යන මොහෝතේදී වත් ඇය දිය ඇල්ල දෙස නොබැලීය.මේ තරම් සුන්දර දිය ඇල්ලක බියකරු බවක් පෙනෙන්නේ ඇයි දැයි සෙනුරිට තේරුම් ගැනීම අපහසු විය.තමා පෙරදා සිහිනෙන් දුටුවේ සත්‍ය සිදුවීමක්ම බව සෙනුරිට වැටහිණි.කාරය සේදිරිස්ලාගේ නිවසට යන තුරුම සෙනුරි වචනයක් වත් කතා නොකලාය.සම්පත්ටද ඇගේ යම් වෙනසක් දැනුණ නමුත් ඇය අවට පරිසරය විඳිනවා යයි සිතා ඔහු ඇයට බාධා නොකලේය.

                      කාරය සේදිරිස්ලාගේ මිදුලට ඇතුල්වත්ම පියකරු ගැහැණු ලමයෙක් නිවසින් එලියට පැමිණියාය.ඉන් පසුව කාන්තාවක්ද නිවසින් එලියට ආවාය.ඒ ඇගේ මව වන්නට  ඇතැයි සෙනුරිට සිතුණි. සේදිරිස්ගේ නිවසේ සිට වලව්වට ඇත්තේ සුළු දුරක් යයි සෙනුරිට සිතිණි.
“ අපේ එක්කෙනා කිව්වා මහත්තයලා ඊයේ ආවා කියලා.යමු මහත්තයෝ ගෙට “
“ ඔව් පියවතී අපි ඊයේ උදේ ආවේ .මේ ඉන්නේ මම බැඳලා ඉන්න නෝනා “

Tuesday, August 7, 2012

සී ලන්කන් හයර් එඩියුකේසන් | විහිළුවක් පමණක්ම නෙවේ

                                                                                 උදේ ඉඳලම කොම්පීතරේ ඉස්සරහ ඉඳලා ඇස් දෙකත් රිදෙනවා.මේක උණු වෙලා වැක්කෙරෙන්න කලින් ඕෆ් කරන්න ඕනේ .නැත්තම් මේ සල්ලි නැති වෙලාවේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරාද මොකාද කඩන් වැටෙන සීන් එකක් වෙන්නේ .ඉස්තෝප්පුවට ගිහිල්ලා සීයගේ හාන්සි පුටුවෙන් වාඩිවෙලා පත්තරයක් අතට ගත්තේ කියවන්න කියලා.ෂහ් මේකේ ඉඳගත්තාම මාර ගැම්මක්නේ එන්නේ.ඒක තමා සීයා කාරයා පත්තර බලන වෙලාවට අපි කතා කරත් නෑහුනා වගේ ඉන්නේ.බලන්න කියලා ගත්තට මේකේ බලන්න තියෙන්නේ ඇඩ් ටික විතරයි.අනිත් සීන් ටික සේරම ඊයේ පෙරේදා ගොසිප් සයිට් වලින් කියවපුවා.ගොසිප් සයිට් වලට කේස් එක ඇද්දේ පත්තර වලින්ද දන්නෑ.ඇයි යකෝ පත්තර කාරයෝ තමන්ගේ ඇඩ් එක පෙන්නන්නේ අහවල් එක දාලාද ගොසිප් සයිට් ඒව සේරම දාද්දි.

 අවතාර් පුතේ
ආහ් මේ සේතන් මාමානේ.සේතන් මාමා මේ කොහෙද යන්නේ හැන්දෑ කොරේ
  දේවාලේ ගිහිල්ලා එනගමන් පුතේ .තාත්තා හම්බවෙන්න ආවේ .කෝ තාත්තා නැතෙයි
තාත්තා නම් නෑ .දේවාලේ ගිහින් එන ගමන් කිව්වේ සේතන් මාමා දේවාලේ කපු වැඩේවත් බාරගත්තද?
මොන කපුද පුතේ .හැබැයි ඉතින් දේ දවස් වල මම දේවලේ ඉන්නවා කපුවට වැඩිය
ඒ මොකද මාමේ
ඇයි බන් පුතේ ඉස්සෙල්ලම ඔය ලොකු කොල්ලගේ උසස් පෙලද මොකද්ද එකේ ප්රොතිපලේ පහු උනාට දේවාලේ පොල් ගැහුවා.පස්සේ උන්දලා එවපු එක වැරදි හින්දා හරි එකක් එවන්ඩ කියලා ආයේ ගැහුවා.ඒ කරලා යන්තම් මොකක් හරි මල ඉලව්වක් එව්වට පස්සේ විස්ස විජ්ජාලෙට තේරෙන්න තියනකොට එතන උගන්නන ඇත්තෝ වර්ජනලු .

Saturday, August 4, 2012

බ්ලොගේ ලියන්න ඕනේ මොනවද???

                                                                 

                                   අවතාර් මේ දවස් වල සෑහෙන අවුලකය.ඒ උඩින් ඇති ප්‍රශ්නයට පිලිතුරු සේවීමේ හි ලාය.ලියන්නට නම් බොහොමයක් දේ හිතට එයි.ඒත් අවතාර් ලියන කෙනෙක් පමණක් නොවන නිසාත් බොහොමයක් සිංහල බ්ලොග් කියවන නිසාත් ඒ ඒ දේවල් ලිවිය හැකිද යන්න ගැටළුවකි.දැනට ලියූ දේත් බොහෝය.ලියා ඇති පබ්ලිෂ් කර නොමැති ඒවාද තිබේ.ඒවා අතරින් කොපමණක් ඉවත් කල යුතුද යන්න සැකයකි.මේ පෝස්ටුව ලිවීමට පෙරද සෑහෙන්න සිතා බැලීමි.ඒ දික් කරන ඇඟිල්ල අවතාර්ගේ පැත්තටද දික් වී ඇත.බොහෝ දෙනෙක් ඒ දැක ඇස් කන් පියා ගෙන සිටියත් අවතාර්ට එසේ බැරිය.
                        සමහරක් පරිණත අයට  මේවා සිඟිති ආතල් විය හැකිය .ඒ අයට අහසට නොපැමිණෙන ලෙස කරුනාවෙන් දන්වා සිටිමි.මන්ද ඒඅයගේ මන දොල සපුරන්නට කාටවත් වුවමනා අයුරෙන් ලියන්නට බ්ලොග් ලිවීමට පැමිණෙන මේ සුළු වෙලාවේ අවතාර්ට ඉඩ නැත.ඒ අයට රසවත් වන පරිදි ලිවීමට දැනුම් මට්ටමක්ද අවතාර්ට නැත.ලියන්නට හිතේ ගැලපුන දේවල් බොහොමයකි.

Friday, August 3, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (පස්වන කොටස)

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
                      
                            සෙනුරි තිගැස්සී අවදි වූවාය.තමා දුටුවේ සිහිනයක් බව ඇයට වැටහිණි.ඇගේ මුලු ගතම දහඩියෙන් තෙත්ව තිබිණි.සම්පත් ඒ වන විට ඇඳේ නොසිටියේය.සම්පත් එවෙලේ නොසිටීම ගැන ඇය සතුටු වූවාය.සමහර විට ඔහු සිටියානම් ඇගේ අවදි වීම පිළිබඳව බිය  වනු ඇතැයි ඇයට සිතිණි.ඇය ඇඳ අසල ස්ටූලය මත තිබූ වතුර වීදුරුව පානය කර බැල්කනිය වෙත පිවිසියාය.සම්පත් මිදුලේ කොනක ව්‍යායාම කරනු පෙනෙයි.තමා බොහෝ වේලාවක් නිදා සිට ඇති බව ඇයට වැටහිණි.ඇය කඩිනමින් ලෑස්ති වී පහලට ගියාය.

Sunday, July 29, 2012

පිස්සුද මට මොනවත් මතක නෑ



 පලි : ඊයේ රිවිර පත්තරේ කාටූන් එක බලාගෙන අවතාර් ඇඳපු එකක් .අදහස පත්තරේ අවතාර්ගේ සිත්තරේ ඈ.ගුණ අගුණ කියලා ගියාට වරදක් නෑ

Friday, July 27, 2012

සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් )

                   අවතාර් අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.කොහොමඋනත් මේක ගැන බ්ලොග් ලෝකෙත් අතරින් පතර හඩ අවදිවෙනවා.ඒ අතරින් එක බ්ලොගක් සම්පූර්ණයෙන්ම සමරිසින් වෙනුවෙන් පෙනී හිටිනවා කිව්වොත් නිවැරදියි.හැබැයි බඹරු ගැන ලියන ඔහු හෝ ඇය ලංකාවේ සමරිසින්ගේ අයිතිය වෙනුවෙන් ලංකාවේ නැති උනාට ඇමෙරිකාවේ මෙහෙමය අහවල් රටේ මෙහෙමය කියලා උදාහරණ ගේන එකට නම් අවතාර් සම්පූර්ණෙන් විරුද්ධයි.මොකද කියනවනම් ඒ රටවල සමලිංගික කෙසේ වෙතත් විෂම ලිංගික සදාචාරේ උනත් ලංකාවට සම කරන්න පුළුවන් තැනක නෙමේ තියෙන්නේ කියලා මේ රටේ පොඩි දරුවෙක් උනත් දන්නවා.
                          අවතාර් මේ ලියන්න යන්නේ ඔය මාතෘකාව ගැනවත් ඔය දේ හරිය වැරදිය කියන දේ ගැනවත් නෙවේ.කොටින්ම අර බ්ලොග් වලට ගහන මඩකුත් නෙවේ.මේ දවස් වල කට්ටියම අරූ මට මඩක් ගහලා දෙන්නම් ඕකට රිටර්න් එක වගේ පටිරෝල් වෙලා ඉන්න හින්දා මේකත් බ්ලොගයක් අවතක්සේරු කරලා ලියපු එකක් කියලා හිතන්න පුළුවන්.ඒ හින්දා ඔන්න ආය පාරක් කිව්වා මේක එහෙම එකක් නෙවෙයි.
             මේ කියන්න යන්නේ අවතාර් හොඳින්ම දන්න සමලිංගික කතාවක්.(ආ කියන්න බැරි උනා මේක 18+ එහෙකුත් නෙවේ)ඔය කියන දේ හන්දා තරුණ කොල්ලෝ දෙන්නෙක් ගේ ජීවිත විනාස වුන එක ගැනයි මේ කියන්නේ.

Tuesday, July 24, 2012

ටියුබ්ලයිට් ලව් ඇන්ඩ් ෆන් ලයිෆ් (සතියේ ටොක්ක )


                          ඇඟට හිර වෙච්ච ඩෙනිම බොහොම අමාරුවෙන් බස්සගෙන අල්මාරිය  ඇරලා බැලුවේ ඒකට මැච් වෙන ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනට ගෝල් පේස් එකට යන්න.අරයා කොන්ක්‍රීට් බංකුවක් උඩට වෙලා  අන්නාසි පෙත්තක් හප හප මන් එනකම් මූද දිහා බලාගෙන ඇති.මම පරක්කු උනොත් එහෙම මුහුදේ පනීවිද දන්නෙත් නෑ.ඒ තරම් මට ආදරේ.ආහ් මේ තියෙන්නේ මම කැමතිම ටී එක.එයා එක්ක දවසක් අතේ එල්ලිලා  යන වෙලාවක කඩයක් ඇතුලට ගිහිල්ලා රැක් එකේ තිබ්බ මේ ටීෂර්ට් එක අත ගගා ලස්සනයි සුදූ කිව්ව විතරයි එයා ලෝභ නැතුව මට මේක අරන් දුන්නා.අන්න කොල්ලෝ.අදත් මම මේකම ඇඳන් යන්න ඕනේ සමහර විට එතකොට කොල්ලට ආසා හිතිලා තව එකක් අරන් දෙන්නත් බැරි නෑ.

Saturday, July 21, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (සිව්වන කොටස)

         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
        
“ බේබි මේ පැත්තට යමුයි කියලා ආවේ මේක බලන්නද?බේබි කොහොමද දන්නේ මෙතන මේ වගේ දෙයක් තියනව කියලා .මට සේදිරිස් වත් කිව්වේ නෑනේ “
“ අනේ මන්දා කමලා .මට මහ අමුත්තක් දැනෙනවා.කමලා හිතන්නේ මේ මොකක් කියලද?“
“ පේන විදිහට නම් පරන ගෙයක් වගේ හැබැයි සෑහෙන්න පරණයි වගේ .බිත්තිත් ගරා වැටිලා කැලේ හැදිලා මම හිතන්නේ අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු ගෙයක් වගේ.“
ඔවුන් සිටි තැනක් මඳක් පහලට වන්නට ඈතින් පෙනුනු ගරා වැටුන නිවස දෙස බලාගෙනම සෙනුරි කල්පනාවකට වැටී සිටියාය.

Wednesday, July 18, 2012

අදින්නයි දාන්නයි ඇතිවුන ආසාව

                           
                                             අවතාරුත්  කතාවක් ලියන්න පටන් ගත්තනේ ඒකේ කෑලි දෙක තුනක් එක දිගටම ගලපලා හිතුනා වෙනස් දෙයක් ලියන්න.කතාවක් ලියන එකත් සෙල්ලං නෑ නෙහ් .වැඩ්ඩා වගේ ලියන්න ගත්තට ලියාගෙන යද්දි තමා අමාරුව දැනෙන්නේ .නවකතාව සම්පූර්ණයෙන් හිතේ මවා ගෙන අවතාර් හෙන ගේමක් දෙනවා මේ දවස් වල ඕකට.කොහොමහරි වැඩේ අතාරින්නෙත් නෑ.පටන් ගත්තු විදිහටම ලස්සනට ලියන් යන්නයි අවතාර්ගේ බලාපොරොත්තුව.ඒක පැත්තකින් තියලා අද එකට බහිමු.
                                          අවතාර් ගේ A/L කාලේ ගැන ලියපු කෙමිස්ට්‍රි සර්ගේ ඇඩ් පාඩම  මතක ඇතිනේ.මේ කියන්න යන්නෙත් ඒ කාලේ සිද්දියක්ම තමා.අවතාර්ගේ පන්තියේ ඒ කාලේ ප්‍රෙඩෙක් හිටියා දිමා කියලා.ඇත්ත නම දාන්න බෑ මෑන් අවතාර්ගේ මූණූ පොතට සෙට් වෙලා ඉන්න නිසා .මේකත් ඉතින් ඇත්ත නම වගේම තමා පන්තියම කතා කලේ මිනිහට දිමා කියලා .කරන්න දෙයක් නෑ මේ නම නොදත් බෑ.අපි දිමා කියලම කියමු.මේ පොර ටිකක් පන්ඩිතයි.දෙන්නෙත් පන්ඩිත ටෝක්ස්.පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බැයිලුනේ ඒ වගේ මූත් පන්ඩිත  කම හින්දම සමහර වෙලාවට නාගත්තා.

Monday, July 16, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (3 කොටස )

         
               පළමු කොටස
             දෙවන කොටස
             
                                                           සෙනුරි දෑස් හැර බැලූ විට සම්පතුත්,කමලාත් ,පියලුත් තමා දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. ඇය සම්පත්ගේ උදව්වෙන් අපහසුවෙන් කෙලින් වී ඇඳ වියලට හේත්තු වී ඉඳ ගත්තාය.තවමත් හිස තරමක් ඇදුම් කන බව ඇයට දැනිණ.
“ මට මොකද උනේ සම්පත්“
“ ඇතුලට එද්දි බේබි කලන්තේ දාලා වැටුනා.පුංචි මහත්තයා උස්සගෙන ඇඳට අරන් ආවේ “
“ මගේ ඔලුව තාමත් රිදෙනවා කමලා “
“ ගමන් මහන්සිය වෙන්නැති බේබි .බේබි තවම උදේට මොකුත් කාලත් නෑ නේද?මහන්සියටයි බඩගින්නටයි තමා මමහිතන්නේ කලන්තේ හැදෙන්න ඇත්තේ “
   “ යමු පුංචි මහත්තයා කාලා ඉඳිමු මම කිරිබත් කැට කපලා තියෙන්නේ .පුංචි මහත්තයත් සෑහෙන දවසක් කොළඹ හිටපු නිසා කිරිබත් කන්න හමිබ වුනේ නැතිව ඇතිනේ “
     කමලා කියන දේ ඇත්තක් බව සෙනුරිට වැටහිණි.පෙර දින රාත්‍රියේ කෑවාට පසු තවම කිසිවක් බඩට වැටී නැත.ඇයට හිස කැක්කුම සමඟ තදබල කුසගින්නක්ද දැනෙන්ට විය.
“ සෙනූ අපි යමුද කෑම කන්න ඔයාට පුළුවන්ද  නැඟටින්න ?“
“ මට දැන් ප්‍රශ්නයක් නෑ සම්පත් යමු “