අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා අවදි උනේ පැය භාගයක් පමණ ප්‍රමාද වෙලාය.නිදි මරගාතේම යන්තම් දත කට මැද ගෙන ගෙට ගොඩවද්දීම ආයෙත් ජංගමයා කෑ ගැසීය.මෙදා පාරත් එලාම් වැරදි වෙලාවට වැදුනයි සිතා අතට ගත් විට ජ්‍යේෂඨයාගෙන් ඇමතුමකි.
කොහෙද බන් ඉන්නේ .මම ඉන්නේ *******.තව විනාඩි විස්සෙන් මම ඔතන
මේ වන විට වරක් වැසිකිලි ගොස් සිටියත් නැවතත් යාමට අවශ්‍යතාවක් ඇතිවනවා සේ දැනිණි.අදාල ටවුමට යාමට බස් එකට නැඟීමට පාරට යාමටම අවතාර්ට විනාඩි 15ක් ගතවේ.පාසලේ ගණන් ඉගැන්වූ ගුරුතුමාට පින්දෙමින් වෙලාව අනුව තැන ගලපා තඩි පචයක් ඇද බෑවේය.
හරි මම බස් එකේ ඉන්නේ **** අයියේ මම තව විනාඩි 15කින් විතර බහිනවා
අදනම් උදේ පාන්දර රසවත් දේශනාවක් ඇසෙනු නිසැකය.ලහි ලහියේ සූට් බූට් ටික ඇඟ දමාගෙන බස් එකේ මඳ දුරක් ආවත් නැවත ඇමතුමක් නැත.බුවා මාව දාලා ගියාවත්ද අවතාර්ගේ හිතේ සැකයක් ඉපදිණි.ඕන අටමඟලයකත් වෙච්චදෙන් සිතා බසයෙන් බැස ඇමතුමක් ගත්තේය
හරි හරි ඔහොම හිටපන් මම විනාඩි දහයෙන් ඔතන
ගිනි ගහන අව්වේ උවත් ඒසී කාමරයක ඉන්නාක් මෙන් සනීපයක් ඇතිවිය.මෑන් කස්ටමර්ලාට දෙන ලණුව මටත් දීලාය.බැලින්නම් දෙන්නට දෙන්නා ලණු දීගෙනය.තවත් විනාඩි විස්සක් පමණ පාරේ වේලෙමින් සිට යන්තම් වාහන අතරින් ඩිස්කවරිය මතුවන විට හිතට සහනයක් දැනුනාය.බුවා ගෙනා හිස් ආවරණය ද දමාගෙන කිමී 70ක් පමණ ඇති ගමනට පිවිසුනෙමු.යන්න තියෙන දුර මතක් වෙන විට උදේ ආහාරය එක වරම ජීර්ණය වන සෙයකි.
මඳ දුරක් යන විට සින්නාතුමා ඉතා වැදගත් වූත් අනර්ඝ වූත් යෝජනාවක් කලේය.ඒ උදේ ආහාරය ගැනීමයි.මේ වන විට අවතාර් උදේ ආහාරයෙන් සංතෘප්ත වී සිටියත් බුවාගේ ඉල්ලීම අහක දමා උගේ සිත රිදවිය නොහැකි නිසාත් කුඹුක් ගහක් යට ඇති බත් කඩේ අසලින් නවත්වා යෝජනාව ඉදිරිපත් කල හෙයින් එහි ඇති ඉඳිආප්ප පාන් දෙස බලන්නට වූ නිසාත් අකමැත්තෙන් වුවද අවතාර් යෝජනාවට එකහෙලාම කැමති වුනාය.අවතාර් සමඟ ගමනට වැටී සිටි සින්නාටද වැඩිය ආහාර ගැන රුචිකත්වයක් නැත.අවතාර්ටද එසේමය.
සිරිතට විරිතට අනුව පළමුවෙන් සුලු ප්‍රමානයේ බත් පිඟන් දෙකක් හිස්කර ඉඳිආප්ප වල රහ බැලීමටද සිත් උනා කිව්වොත් නිවැරදිය.රහ බැලුවා කිව්වට මතක විදිහට කඩේ ඇන්ටි මේසයට ගෙනා ඉඳිආප්ප බන්දේසිය සම්පූර්ණයෙන්ම අවසන් වුනේය.
ඇන්ටි ඇස් ලොකු කරගෙන අප දෙස බලා සිටි හෙයින්ද ගමනට මේවන විටත් පැයක පමණ ප්‍රමාදයක් තිබූ නිසාද වෙනත් ආහාරයක් නොකෑමට තීරණය කර කනාගාටුවෙන් වුවද රුපියල් දහයේ චොක්ලට් එකක්ද කා බිල ගෙවා එලියට පැමිණියෙමු.කියවන ඔබට මුන්ට බිල ගැන ගානක් දැනෙන්න නැතුව ඇත්තේ ඒ කාලේ හොඳට සල්ලි තියෙන්න ඇති කියා සිතිවිල්ලක් එනු ඇත.එය සම්පුර්ණයෙන් වැරදි අදහසකි.එවැනි සමාගම් වල සිටින අය නම් මේ වැරදි වැටහීම ඇතිකරගන්නේ නැත.මන්ද සින්නන්ගේ කෑම බිල විටමින් කූරු බිල ඇතුලු සියල්ලම ගෙවීමට සිදුවන්නේ කොම්පැණියටමය.අවශ්‍ය කරන්නේ හිස් බිලක් පමණි.
කුඹුක් සෙවනේ නවතා තිබූ ඩිස්කවරිය පණ ගන්වා පාරට ගත් පසු අවතාර් වැඩ දමා එහි ඉඳගත්තේය.
..................බ්ර්ර්රාරාස්ස්............................
පමණට වඩා වැඩියෙන් කෑ නිසාදෝ සින්නාට වාතයක් පිට වූ සෙයකි.
මල්ලි උඹේ කලිසම ගියාද කොහෙද
හුටා .දෙකලවා අතර ප්‍රදේශයට වැදුන සිහින් සුළං රැල්ලෙන් කලිසම ඉදිරියේ සිට පිටු පසට පැලී අති බව ප්‍රත්‍යක්ෂ විය.අසල තිබූ වතුර පිරුණු ඇලට පැන කෑ ගසා අඩන්නට තරම් අසරණකමක් දැනිණි.කලිසමේ මංගල ගමනින්ම කලිසම ඩැමේජ් විය.එකෙණෙහිම අවතාර්ගේ සිත කලිසම මැසූ අයගේ ගෙදරට දිව ගොස් ලෙඩින් සිටින ඔහුගේ මවද මියගිය පියාද ළඟ නතර විය.කලිසම මැසූ පොර එවෙලේ ළඟ සිටියා නම් අවතාර් හා බුවා අතර ඇතිවන්නේ ද්වන්ධ සටනකි.
කල යුතු යමක් සිතා ගත නොහැකිව මාද සින්නාද ඔහේ එක දිගටම ගමන් කලෙමු.අවතාර්ගේ සූටි මොලයට මේ වෙලාවේ ගණ දෙවියෝ සැපත් උනාය.යන මඟේ සිටි නෑයෙක් අවතාර්ගේ මතකයට නැඟිනි.නෑයෙක් කිව්වාට ඒ ගෙදර ගියපු කාලයක් අවතාර්ට මතක නැත.කලිසම මහගන්නට හරි තම නිවසට එන බව දැනගත්විට ඔහු සතුටු වනු ඇත.වහා ජංගමයා ගෙන දුක් අඳෝනාව පැවසිනි.
බොලාට අපිව මතක් වෙන්නේ කලිසම පැලුනහම තමා නෙහ්
මොනවා කිව්වත් එවෙලේ හිතට තරහක් නොආවේ අවතාර්ගේ අසරණකමම නිසාය.උගේ අවසරය ලැබුන සැනින් වහා ඇමතුම විසන්ධි කර සින්නාට සියල්ල විස්තර කරදී අවතාර්ගේ මැහීමේ දක්ෂතාවයට පින් සිදු වන්නට අදාල ස්තානයට පැය එකහමාරක් පමණ ප්‍රමාද වී සැපත් විය.
එහි ගොස් හැන්දෑ වරුවේ ප්රැන්ක්ලින් දියර වලින් පදම් වී අනෝරා වැස්සේ රෑ එකලොහට පමණ තුන්දෙනෙකු කිමී 35 ක් පමණ ඩිස්කවරියක නැඟී ගිය හැටි තවත් කොටසකින් කියන්නට බලාපොරොත්තු වෙමි.
නියමයි නියමයි හොඳ උත්සාහයක් අරන් තියෙන්නේ.යමු යමු ඉදිරියටම...
ReplyDeleteබිල් ගෙවිල්ල ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. එහෙම කොම්පැණි අහුවෙන එක වාසනාවන් :D
ReplyDeleteපාරේ හිටපු උන් පෑන් කොප්පක් වගේ එකක් දැක්කද දන්නේ නෑ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හපොයි දෙයියනේ... හි හි
ReplyDeleteහෆොයි !
ReplyDeleteඑතකොට උඹ නෑ ගෙදරට යනකම් ෆුල් ඒසී පිටද ගියේ. පාරෙ බවලතුන් එහෙම හිටියෙ නැතෙයි.
මාර වැඩේ තමයි..
ReplyDeleteමටත් බයික් එක කිව්වොත් ආයෙ වෙන වාහනයක් නෑ. කොච්චර තෙමුනත්, දුවිලි වැදුනත් ඒ තරම් සැප වාහනයක් ලොවෙත් නෑ.
ReplyDeleteනෑ ගෙදර ගැටිස්සියෝ එහෙම හිටියේ නැතෙයි?
හ්ම්ම්ම් හ්ම්ම්ම් තොවිල් එහෙම නටන්න ඔනද ඩන් නැ පරෙ ගිය උන්ට
ReplyDeleteඅපිනම් කියන්නේ ඔව්වට එමජන්සි එක්සිට් කියල හෙහ් හෙහ් හෙහ්. ෆ්‍රැන්ක්ලින් වලින් සප්පායම් වෙලා හොම්බ කට තලාගාන්නේ නැතුව යහතින් ආවනේ ?
ReplyDeleteචීයා එක පුලියේ......හූ.............(මග දෙපස ප්‍රේක්ෂක ප්‍රතිචාර )
ReplyDeleteහදිසියකට අඳින්න කියලා සෝටක් වත් තිබුනේ නැද්ද බෑග් එකේ ?
ReplyDeleteකියවන යද්දී මතකයට ආවේ කුරුණෑගල ඉඳං අනුරාධපුරයට යන පාර. කාපු බීපු හැටි හිතාගන්න පුළුවන් කලිසමෙන්ම.. හපොයි අර ඇන්ටි කඩේ වැහුවද බොල ඊට පස්සේ??
ReplyDeleteඅඩේ මාර සීන් එක...
ReplyDeleteහපොයි අවතාර්ටත් වෙන වැඩ!
ReplyDeleteබලමු තුන් දෙනා ඩබල් දාල ගිහ හැටි!
මොනව වුණත් හුළං වැදෙද්දි සනීපෙට තියෙන්න ඇති.නියමයි
ReplyDeleteහැක හැක හැක උඹටත් මරු සීන් වෙන්නේ. :)
ReplyDeleteහද බැබලෙන්න ඇති නේද !!
ReplyDeleteහික්..හික්..
ReplyDeleteහිකිස්...
ReplyDeleteහයියෝ......ලැජ්ජාව අතින් වහගෙන යන්න ඇති නේ ;)
ReplyDeleteබොලා බඩ පැලෙනකන් කාපුවා පිටවෙන්න හදන්න ඇති කලිසම පලාගෙන.... හික් හික්...
ReplyDeletemaga balagenana inawa...ituru tika balana.
ReplyDeleteJayawewa,
Sajith Mendis.
sadu sadu saaaaaaadu.......... :D
ReplyDeleteitiri tikath ikmanata danna hode ayya........
:) :) හි හි
ReplyDeleteනියමයි.මෙන්න මේකටත් ගිහින් බලන්න. Razer Blade
ReplyDelete[im]http://assets.razerzone.com/eeimages/categories/757/blade-category-performance-usp.png[/im]
ReplyDelete