කරන්න දෙයක් නැතුව මනෝ
පාරක් දාගෙන ඉන්න වෙලාවක හිත ඉබේටම පොඩි කාලෙට ගියා.පෙර පිනකටද කොහෙද මතක් කරලා
සතුටු වෙන්න පුළුවන් ලමා කාලයක් අපිටත් තිබුනා.දැන් ඉන්න ළමයි වගේ කීබෝඩ් එක හපා
ගෙන කම්පියුටර් ගේම් ගහන කාලයක් අපිට තිබුනේ නෑ.ඒ දවස් වල ඒවා හීන තමයි.දැන් ඉන්න
පොඩි උන්ගෙයි අපේ පොඩි කාලේයි ගැන ලියන්න ගියොත් ඒකට පෝස්ට් එකකුත් මදි.ඒ හින්දා
ඒක පැත්තකට දාලා අද ලියන්න ආපු දේට බහිමු.
පොඩි කාලේ ඉස්කෝලේ නිවාඩු ලැබිලා කට ඇරගෙන
බලන් ඉන්නේ දෙසැම්බර් මාසේ එනකල්.ඒ දවස් වල අවතාර්ගේ නෑ කෙනෙකුගේ මූලිකත්වයෙන් හැම
අවුරුද්දකම අවසානයේ කතරගම යනවා.යන්නේ දවස් තුන හතරක වන්දනා ගමනක්.කතරගම සෙල්ල
කතරගම ,තිස්සමහාරාම,කිරි වෙහෙර,වැඩිහිටි කන්ද ඔය හැමතැනම යනවා ට්‍රිප් එකෙන්.පොඩි
අපට ඉතින් මාර හැපි.ඔය දවස එනකල් තමා අපි ඇඟිලි ගැන ගැන ඉන්නේ.ඔය කතරගම ට්‍රිප් එක ගැන මතක් කරනකොට
අමතක කරන්න බැරි සිද්ධි ටිකක් තියනවා අවතාර්ට.
මේ ට්‍රිප් එකේ මූලික බලාපොරොත්තුව තමයි කිරි වෙහෙරට කිරි දානය පූජා කරලා
කතරගම දේවාලෙත් කිරි උතුරවලා කතරගම දේවාලේ පූජාවට සහභාගි වෙන එක.කිරි වෙහෙරට දානේ
අරන් යන්නේ උදේ පාන්දර එලිය වැටුන ගමන්මයි.ඔන්න එක ට්‍රිප් එකක් ගිහිල්ලා පොඩි
අපිවත් පිරිවරාගෙන ලොකු අය කිරි වෙහෙරට උදේ පාන්දර දානේ අරගෙන යනවා.ඔය යන පාරේ
පොඩි කැලෑ රොදක් පේනවා ඈතින් .දැන්නම් තියනවද දන්නේ නෑ.එදා යද්දි මොනරු රංචුවක් අර
කැලේ අයිනට වෙලා හිටියා.පොඩි උන්ට ඉතින් ආයේ වෙන මොනවත් ඕන නෑනේ.අවතාර් පැටියටත්
කවුරු හරි පොඩි එකෙක් පෙන්නනවා මොනරුන්ව.උන්ව දැක්කට පස්සේ අවතාර්ට වෙන සිහියක්
නෑ.හොඳට මොනරුන්ගේ සිරි නරඹ නරඹ යද්දි ඉස්සර ඇලුමිනියම් බට ලයිට් කනුවක් .ටාං ගාලා
හැප්පුනා ලයිට් කනුවේ.ඒකේ අමාරුව යන්නත් කලින් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ
හිටපු ලොකු කෙනෙක් ටොක්කක් අනිනවා ඔලුවට පාර බලාගෙන යන්න බැරිදකියලා.කොහොමද සැප
නේ?ටොක්කේ සැර කියන්නේ ආපහු එන ගමනෙදි මොනරු හිටපු පැත්ත දිහා හැරිලවත් බැලුවේ නෑ.
මේ ගැන දැනගත්තේ අවතාර්ගේ මව්
තුමියගෙන්.සිද්දිය වෙනකොට අවතාර් සූටිම කාලේ.ඔය වන්දනා ගමන යන කොට බස් එක මඟින්
නතර කරලා දවල් කෑමට.ටික වෙලාවකින් අවතාර් එක දිගට අඬනවලු බෝංචි කරලක් ඉල්ලලා.විලි
ලැජ්ජාවේ බෑ නෙහ්.දැන් කවුරුවත් අවතාර්ට කිංඩිය දානවා එහෙම නෙවෙයි “බෝංචි “
කියලා.අවතාර් පොඩි පැටියනේ ඈ.පැය ගාණක් එකදිගට ඇඬුවලු ඈ මේ කොහෙවත් නැති බෝංචි
කරලක් ඉල්ලලා.සමහර අයනම් කිව්වලු පාරවල් දෙක තුනක් දෙන්න කියලා බෝංචි කරල
වෙනුවට.මව්තුමියට ඉතින් දුක හිතිලා ගැහුවේ නෑලු.පස්සේ බැලින්නම් එළවළු ලෑල්ලක
තිබිලා බෝංචි වගයක් දැකලා.අදටත් ඔය ගැන කස්ටිය කතා කරද්දි අවතාර් ළඟ පාත හිටියොත්
ලිස්සලා යනවා ෂේප් එකේ.ඇයි ඉතින් ලැජ්ජාවේ පන යනවනේ මේවා අහද්දි.
තව දවසක් වඳින්න
ගියපු වෙහෙරක් ළග වාහනය නවත්තලා තියෙද්දි නඩයෙන් බාගයක් ම වාහනේට ආවා.ඩ්‍රයිවරුත්
සීට් එකේ.එක පාරටම බස් එක අද්දන්න යනකොට අවතාර්ගේ පවුලේ කස්ටිය තාම ඇවිත් නෑලු බස්
එකට.කට්ටිය දාලා බස් එක යනවා කියලා හිතලා සූටි අවතාර් කෑ ගගහා අඬනවලු.අවතාර්ගේ මව්
තුමිය සීට් එක ළඟට ඇවිල්ලා පුදුම වෙලා බලන් ඉන්නවලු.බැලින්නම් ස්ටාර්ට් කරලා
අද්දලා තියෙන්නේ එහා පැත්තේ බස් එක.සුට්ටි වැරදීමක් උනේ බැලින්නම්.කතරගම කියද්දි
අවතාර්ට අමතක නොවෙන තව දෙයක් තමා මැණික් ගඟ.කතරගම යන කොයි කවුරුත් අනිවාර්යෙන්
නාන්න යන තැනක්නේ මැණික් ගඟ.අවතාර්ගේ නඩේ මැණික් ගඟේ නාන වෙලාවක දී සූටි අවතාරුත් ගඟට බැහැලා නානවා.එදා ගඟේ වතුර
පාරත් ටිකක් සැරයිලු.පියතුමා බැලින්නම් නඩයත් එක්ක නනා හිටපු අවතාර් පේන්න
නැතිලු.පියතුමාට එවෙලේ දෙලෝ රත් උනාලු.බැලින්නම් ඊට ටිකක් පල්ලෙහයින් නනා හිටපු
කෙනෙක් අතේ අවතාර් ඉන්නවලු බයවෙලා.එදා ඒ කෙනා නැති නම් මේ වෙන කොට අවතාර් සදා
අවතාර්ම තමා ඈ.
ඔන්න ඔහොමයි අවතාර්ගේ කුඩා කාලේ වන්දනා ගමනක මතකය.කාටුන් එකක් අඳින්නත්
බැරි උනා කාලෙකින්.මේ සතියේ නිවාඩුවට
ගිහිල්ලා කාටුන් එකක් අඳින්න හිතාගෙන ඉන්නවා.එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ඈ .එහෙනම්
ජය වේවා!!!
අනේ මලේ මටත් මතක් උනා ඒ කාලේ සිරාවටම. ගති කොල්ලෝ
ReplyDeleteඋබට මීගොඩයට වඩා හැදියාවක් තියනවා.... අර විදියට මීගොඩයට ටොක්කක් පිට එකෙක් ඇන්නනම් එහෙම උගේ මව් පියන්ටත් ට්‍රිප් එකේ පිං අනුමෝදන් වෙනවා
ReplyDeleteදැන්නම් එහෙම නෑ
අපි නම් තවම පුංචියි. ඒත් ඔය වගේ ආතල් ගන්න හම්බවෙනව අඩුයි...
ReplyDeleteහි හි..
ReplyDeleteමටත් මරු කතාවක් මතක් උනා...
මම නං කතරගම ගිහින් තියෙන්නේ දෙපාරද කොහෙද.. ඒ ගියත් කිරි වෙහෙරට මිසක් දේවාලේ නං පලාතේ වත් ගිහින් නෑ...
වැඩේ උනේ ගිහින් එන ගමන්... ඔය පාරේ තියෙනවනේ මුදවපු කිරි විකුණන්න.. මඟ දිගට ඕවා ඕනේ ඕනේ කියලා කැ ගගහා ආපු පොඩි සෙට් එකට අපේ බාප්පා කෙනෙක් කරපු වැඩේ එකාට එක ගානේ කිරි හට්ටියයි පැණි බෝතල් කාලයි අරං දීලා ... බිංදුවක් හරි ඉතුරු කළොත් බලාගෙනයි .. කියලා සත්තමකුත් දාගෙන ගිය එක.... අපේ උනුත් අතෑරියේ නෑ.. කොහොමද වයස 12දි විතර කිරි හට්ටියක් කෑවට පස්සේ අමාරුව...
ආයිත් වාහනේට නැඟපු වෙලේ ඉඳලා කෑ ගහනවා බඩ රිදෙනෝ.. ටොයිලට් යන්න ඕනෑ... කිය කිය සෙට් එකම.. හි හි... අන්තිමට පොදු වැසිකිලියක් හොයා ගන්නකම් අල්ලන් හිටියෙත් බොහොම අමාරුවෙන් කොල්ලෝ සෙට් එක.. හි හි...
එක කෙල්ලෙකුත් හිටිය නේද..?
Deleteකෙල්ලො දෙන්නෙක් හිටියා.. මායි අපේ නංගියි... හැබැයි අපි දෙන්නට නම් ඒ තරම් අමාරුවක් උනේ නෑ.. මොකද බාප්පට පෙන්නේ නැති වෙන්න කන්න බැරි වෙච්ච ටික හලලා, කෑවා වගේ හිටිය නිසා.. හි හි...
Deletelangakadi Katharagama giye nedda.
ReplyDeleteඅවතාරෙටත් වෙන වැඩ අම්මපා, සුට්ටන් කාලේ මතකේ හරි පට්ට අප්පා
ReplyDeleteසූටි කාලේ අපේ ගෙදර කට්ටිය එක්ක නුවර ගියපු වතාවක බණ්ඩව මිස් ප්ලේස් උනා නෙව.. තාම මතකයි රාජ ඇතාගේ කෞතුකාගාරය කිට්ටුව අඩ අඩ හිටපු හැටි.. අපේ තාත්ත තමයි හොයා ගත්තෙ.. ගුටියකුත් කෑවද කොහෙද..
ReplyDeleteසූටි කාලෙ හරි සෝයි.. දැන් ඒ වගේ කතරගම යන්නෙ නැද්ද??
මනරම් සූටි කාලයක් වගෙයි... බෝංචි කරල වෙනුවට දෙකක් දෙන්න කියපු මෝඩ මූසලයට මම කියන්නෙ... පොඩි උන්ගෙ ඉල්ලීම් වලට ගුටි දීලා සලකන්නෙ හිතක් පපුවක් නැති අදමයො....
ReplyDeleteසිරාගේ බොක්කෙන්ම කරපු කතාවට මගේ ප්‍රණාමය..
Deleteපුංචි කාලේ දෙයක් හිතුනොත් ඒකම තමයි. අපේ අක්කගේ පොඩි එකාට අවුරුදු 3 විතර වයසේදී විල්බැරෝවක් ඕන වෙලා. බේරන්න බැරි තැන අරන් දීලා. පොඩි එවුන් ඉතින් ඕවයින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා ඇති.
ReplyDeleteකතරගම ගැන නම් එහෙමටමමතකයක් නෑ. ඒත් ට්‍රිප් ගිහින් උන පජාත සිද්දි නම් එකක් දෙකක් මතකයි. :D
ReplyDeleteබ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :)මරු හලෝ :)
ReplyDeleteහෙ හෙ මේ පාරත් වරෙන් කතරගම ෆන් එකක් දාල යන්ට
ReplyDeleteලස්සනයි කොල්ලෝ ඉදිරියටම යං.
ReplyDeleteලස්සනයි කතාව.තවත් ලියන්න. :)
ReplyDeleteමටනං කතරගම කියන්නේ වහක්.එපා වෙනකං පොඩි කාලේ ගියේම කතරගමනේ.දැං මතක් වෙද්දිත් පිස්සු වගේ.
ReplyDeleteමමත් කතරගම ගියේ නැ අවුරුදු තුනකින් විතර.යන්න ඕන හෙට අනිද්දටම.
ReplyDeletehttp://www.facebook.com/manasindiviyata
Boonchi avatar vathure giya nam thanaa vade.adoo oluva lesatama kanuve vadinna athi ne.hoda wade eka eka pennana eva balanna yanavata ;) :p
ReplyDeleteඅපි පුංචි කාලේ කොම්පීතර් කියන එව්වා මෙහෙම පඳුරු ගානේ තිබ්බා යෑ.. ඒ ලෙවල් කරද්දීත් කොම්පීතර කියන්නේ දුර්ලභ වස්තු. ගේක එකක් තියනවා කියන්නේ ඉතින් ධාතු තිබ්බා වගේ ඈ..
ReplyDeleteළමා කාලේ ගැන නම් ඉතින් අර කිව්වා වගේ කියන්න කතා එමටයි..