බ්ලොගිය පැත්තේ ආවේ සෑහෙන දවසකින්.බ්ලොගියෙ ලියන්න දේවල් එමට තිබුනත් කාලය පිළිබඳව ඇති ප්‍රශ්න නිසා අකමැත්තෙන් වුනත් කොම්පීටරේට නිවාඩුවක් දීලයි තිබුනේ.වෙනත් වුවමනාවකට අන්තර්ජංජාලෙට ගොඩවැදුන වෙලාවක හම්බ වුන වැදගත් දෙයක් බ්ලොගියේ කොටන්න හිතුනා.
මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ හිතට දහිරියක් වෙයි.
ගොඩක් අය අන්තර්ජංජාලේ පැටලෙන්නේ පේස් බුකියට යන්නනේ.එහෙම නැත්තම් වෙන වුවමනාවන් වලට යන ගොඩක් අය අවසානෙට නවතින්නේ එතනනේ.ඔහොම පේස් බුකියට ගොඩ වැදිල කරන්න තියෙන විසේස දේ තමා චැට් කොටන එක.එහෙම චැට් කොටද්දි අපි සිංහල ,ඉංගිරිසි වගේ එව්වුගෙන් කොටනවනේ.
ඔය අතරේ මට හම්බ වුනා චැට් කොටන්න අලුත් විදිහක්.
Sunday, March 25, 2012
Saturday, March 10, 2012
කොත්තුවක රස බැලුවෙමු
“ඒග් 130යි චිකන් 180 යි “
“ ඒග් ෆුල් එක දෙන්නෙකුට ඇතිවෙයිනේ? “
“ කී දෙනෙක්ද ඉන්නේ ?“
“ හතර දෙනයි “
“ එහෙනම් ප්ලේට් ගානට ගන්න එක ලාබයි. ප්ලේට් එකක් 60යි“
“ හරි එහෙනම් ගේන්න “
කොත්තු තැටි එකට වදින හඬ කන් දෙදරා යන තරම් විය.ඇණවුම් කල කොත්තුව ලැබෙන විනාඩි කිහිපය තුල මා අතීතය මෙනෙහි කලෙමි.වෙනදා මෙන්ම රාත්‍රී 7.20ට පමණ අප සිව් දෙනා නවාතැනින් පිටව ආවේ රාත්‍රී ආහාරය සඳහා මාතර කඩයට ගොඩවදින අදහසිනි.
ලේබලය
මතක විත්ති
Subscribe to:
Posts (Atom)