Saturday, March 10, 2012

කොත්තුවක රස බැලුවෙමු

“කීයද අයියේ ෆුල් එක? “
“ඒග් 130යි චිකන් 180 යි “
“ ඒග් ෆුල් එක දෙන්නෙකුට ඇතිවෙයිනේ? “
“ කී දෙනෙක්ද ඉන්නේ ?“
“ හතර දෙනයි “   
“ එහෙනම් ප්ලේට් ගානට ගන්න එක ලාබයි. ප්ලේට් එකක් 60යි“
“ හරි එහෙනම් ගේන්න “
                             කොත්තු තැටි එකට වදින හඬ කන් දෙදරා යන තරම් විය.ඇණවුම් කල කොත්තුව ලැබෙන විනාඩි කිහිපය තුල මා අතීතය මෙනෙහි කලෙමි.වෙනදා මෙන්ම රාත්‍රී 7.20ට පමණ අප සිව් දෙනා නවාතැනින් පිටව ආවේ රාත්‍රී ආහාරය සඳහා මාතර කඩයට ගොඩවදින අදහසිනි.
මාතර කඩය පිහිටියේ අප නවාතැනින් කිලෝ මීටරයක් පමණ දුරින් වුවත් ප්‍රදේශයේ පිරිසිදු කම අතින් හා සාධාරණ මිළ පිළිබඳව නම් දරා සිටි හෙයින් රාත්‍රී ආහාරය සදහා පළමු වසරේ සිසුන් බොහෝ දෙනෙකුගේද  තේරීම වී තිබුනේ මාතර බත් කඩයයි.උදෑසන හා දිවා ආහාර වේල් මිලෙන් සහ රසයෙන් අඩුවට ආපන ශාලාවෙන් ලබා දෙන නිසා රාත්‍රිය සඳහාවත් රසවත් ආහාර වේලක් ගන්නා අටියෙන් පැමිනුනද දක්නට ලැබුනේ මාතර බත් කඩය වසා ඇති අයුරුයි.බලාපොරොත්තු සුන් වී  මුහුණින් මුහුණ බලා ගද්දී මාතර කඩය අසළ පිහිටි සයිවර් කඩය දුටු මා හඬ අවදි කලෙමි.
 “අද ඉතින් බත් නම් කන්න වෙන්නෑ.හැමදාම කන එකේ වෙනසක් වෙන්න කියලා කොත්තු කමුද? “
“ අවුලක් නෑ.ඒත් ගණන් එහෙම කොහොමද දන්නෑ “
“ අර එහා පැත්තේ කඩෙන් අහල බලමු.අපේ ගාණට හරි යනවනම් කමු “
                            
                                          සැමදා කන ආහාර රටාවේ වෙනසක් වන නිසාත් වෙනත් විසඳුමක් සෙවිය නොහැකි තරම් කුසගින්නකින් සිටි නිසාත් අනෙක් තිදෙනා ද මගේ යෝජනාවට කැමැත්ත පල කරමින් කොත්තුවක රස විඳින අටියෙන් සයිවර් කඩයට පිවිසියහ.කොත්තු තැටි වල රළු හඩ නිමා විය.බිත්තර කොත්තුවක ස්වභාවය සිහියට නඟා ගනිමින් මා මෙන්ම අනෙක් තිදෙනාද කොත්තු තැටිය දෙස නෙත් යොමා සිටින බව පෙනේ.වේටර් වරයා විසින් ගෙනා පිඟන් හතරක් අප ඉදිරියෙන් තැබුනි.සෝයා මීට් වලින් පිඟන් පිරී තිබිනි.ඒ අතරින් පතර රොටී කැබලි විය.ලැබී ඇති හඳුනා ගත නොහැකි ආහාරය ඇඟිල්ලකින් එහාට මෙහාට කල විට ඇසට හසු නොවන තරම් වූ බිත්තර හා එළවළු  කැබලි කිහිපයක් දක්නට ලැබිනි.ලැබී ඇති ආහාරය හඳුනා ගැනීමට වේටර් වරයා විසින් කාලය ලබා දෙන අයුරකි.සෝයාමීට් අනුභවය සඳහා හොදි ලබා දෙන බවක් දක්නට නොලැබිනි.

 “ අයියේ මේක කන්න මොකවත් දෙන්නේ නැද්ද? “
“ ආ සොරි පොඩ්ඩක් ඉන්න “
                                 
                                ලැබුන සම්භාරු හොද්ද සමඟ සෝයාමීට් අනුභව කල පසු  එළියට පැමිණීමට නොඉවසිල්ලෙන් සිටියේ වේටර් වරයා කෙරෙහි අප තුල ඇතිවූ තිබු සිතිවිල්ල ඔහුට සුභදායක නොවන බැවිණි.කඩයේ සිට නවාතැනට පැමිණෙන තුරුම සිව් දෙනා අතර රාත්‍රී ආහාරය පිළිබඳව සාකච්චාවකි.එකෙකුට බඩේ දැවිල්ලකි.

6 comments:

  1. කාපං බං මචං කඩෙන්.........
    මේ verification capcha මගුල අයින් කරහං බං

    ReplyDelete
  2. අපෝ මතක් කරන්න එපා බං. මචං නම තියෙන කඩේකින් කාපු අපේ සෙට් එකක් රාත්‍රිය ගත කරේ ටොයිලට් එකේ

    ReplyDelete
  3. කොත්තු නම් මල ජරාව. පෝය දවසට මාතර කඩ වහන නිසා මටත් කරදරයි

    ReplyDelete
  4. කොත්තුවක් කාල බඩ සුද්ද කරගත්තෙ නැත්නම් කිසි ගතියක් නෑ.

    ReplyDelete
  5. Anonymous3/11/2012

    apo koththu gana mathak karanna epa ban

    ReplyDelete
  6. Anonymous6/24/2012

    hmmm.. Me HNDE kenek wagene.. hodai hodai.. mathara kade gana kiyankotai clik wela profile baluwe..
    oya paththe kastiya rata kanna deyak nathi unama, ehema nathnam mathara kade yanna kammali hithunama,eka dura wadi hithunama koththu kala bade amaru hadana rata kan kediri ganawa welawakata.. etakota phone ekta niwanakth na, rata nindakth na... laga patha inna yaluwontath wasa karadare.. :D
    meka kiyawanakota thama mathak une..
    any way nice blog.. !

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න