අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා අවදි උනේ පැය භාගයක් පමණ ප්‍රමාද වෙලාය.නිදි මරගාතේම යන්තම් දත කට මැද ගෙන ගෙට ගොඩවද්දීම ආයෙත් ජංගමයා කෑ ගැසීය.මෙදා පාරත් එලාම් වැරදි වෙලාවට වැදුනයි සිතා අතට ගත් විට ජ්යේෂඨයාගෙන් ඇමතුමකි.
කොහෙද බන් ඉන්නේ .මම ඉන්නේ *******.තව විනාඩි විස්සෙන් මම ඔතන
මේ වන විට වරක් වැසිකිලි ගොස් සිටියත් නැවතත් යාමට අවශ්‍යතාවක් ඇතිවනවා සේ දැනිණි.අදාල ටවුමට යාමට බස් එකට නැඟීමට පාරට යාමටම අවතාර්ට විනාඩි 15ක් ගතවේ.පාසලේ ගණන් ඉගැන්වූ ගුරුතුමාට පින්දෙමින් වෙලාව අනුව තැන ගලපා තඩි පචයක් ඇද බෑවේය.
හරි මම බස් එකේ ඉන්නේ **** අයියේ මම තව විනාඩි 15කින් විතර බහිනවා