Wednesday, September 26, 2012

සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන්

                                     එක එක විදිහේ පිස්සු කෙලින අතරේ අවතාර්ට හිතුනා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න.ඇඳීමේ හැකියාව වැඩ දියුණු කරගන්න කාටූන් අඳින අතරේ සිංහල බ්ලොග් ලෝකේ අයටත් කාටුන් අඳින්ඩ හිතුනා.අඳිනව කියලත් මේ වෙන කොට දැන ඇඳින ගෙන ඉන්න පිරිස පොඩි ප්‍රමාණයක් යැ බ්ලොග් ලෝකේ.ඒකට විසඳුම විදිහට නොනිමි අහසේ නිතර ගැවසෙන චරිත හයකින් වැඩේ පටන් ගත්තා.


               DDT .

                   තවම බ්ලොගක් ලියන්නේ නැති උනත් ගොඩක් අය දන්න කෙනෙක්.නොනිමි අහසේ දියුණුවට සෑහෙන්න අත දීපු කෙනෙක්.බ්ලොගක් නොලියන නිසා DDT  ගැන වැඩිය දන්නේ නෑ.කොම්පීතරේ ඉස්සරහට වෙලා හතර අතට කොමෙන්ට් කරනවා වෙන්ඩ ඇති (මම මේකාට කී සැරයක් නම් කිව්වාද බ්ලොගක් පටන් ගමු කියලා කොහෙද මේ යකා බෑම කියනවනේ )

නැඟී එන පොප් ගායිකා හිරුහිමාවී
                                     හිරුහිමාවි කියනව වගේ  මේ සින්දුවක් කියන්න ස්ටේජ් නැඟපු වෙලාවක් ඈ(ෂහ් අපරාදේ මෙතෙන්ට පූසෙක් අඳින්න අමතක උනානේ)

ක්සැන්ඩරයාගේ කොළම ලියන Alexander Cage 
                      Alexander යුධ අවි ගැන නිරීක්ෂනයක ගියපු වෙලේ STG 44/MP 44 එකක් අතේ තියන්

           මඩයාගේ ලෝකය ලියන මඩයා
        මඩයාට ලොකු ජොබක් සෙට් උන වෙලේ  ජොබ් එක කරන හැටි අවතාර් දැකපු විදිහ

          araliya
                      මෙයා ගැනත් මම අමුත්වෙන් කියන්න ඕනේ නෑනේ .බ්ලොගක් ලියන්නේ නැති උනත් බ්ලොග් කමෙන්ට් අතරේ නිතරම පෙනෙන නමක් .ඉස්කෝලේ ගියපු වෙලාවක බ්ලොගකට කමෙන්ට් කරන්න මොබයිලේ දිගෑරගෙන

   සල්ලි නැති මඩිස්ස ලියන නිශාන්
                                 මේ අර පොඩි ගෑණු ලමයා කුරුල්ලගේ බිත්තර කඩපු වෙලේ නිශානයාව අවතාර් දැකපු හැටි


පලි  : දැන් අනිත් අය අවතාර් එක්ක තරහ වෙන්න එපා අපිව ඇන්දේ නෑනේ කියලා .ළඟදීම අවතාර්ගේ ලිස්ට් එකේ ඉන්න ඊළඟ චරිත ටික අරන් එනවා ඈ

75 comments:

  1. හික්..හික්..එල ඈ

    ReplyDelete
  2. පට්ට පට්ට. මරු වැඩේ...

    ReplyDelete
    Replies
    1. වැඩේ ඇගයුවට තැන්කූ ඈ

      Delete
  3. අඩේ මඩිස්සවනම් කුජීතම කරලා.. එල එල.. කිව්වත් වගෙ හිරුව ගාවින් මවිල් කෙලින් වෙච්ච පූසෙක් අන්දනම් මරු... චිත්‍ර ඔක්කම මරු ඈ

    ReplyDelete
    Replies
    1. මඩිස්සා තවම ඇවිත් නෑ බලමු සත්‍යට ඉඩක් තියෙයිද කියලා

      Delete
  4. හෙහ් හෙහ් හෙහ් ..... නරකමත් නෑ. ඔන්න පුතේ උඹ ඉක්මනටම අනිත් උන්වත් අඳින්ට ඕනා.

    මම හිතුවෙ උඹ අයිනකින් කෑමත් මොනා හරි ඇඳල ඇති කියල. :)

    මම බොඩි ෆිට් ටී ෂර්ට් අඳින්නෙ නෑ බං. මුට්ටෙ වගේ හිටපු මම දැන් නම් කලින්ට වඩා චුට්ට චුට්ට කෙට්ටු වෙනව, ඒත් බඩ ටිකා...ක් විතර ඉතුරුයි. (අර ප්‍රොෆයිල් ෆොටෝ එක අවුරුදු දෙකකට විතර කලින් ගතිපු එකක්)

    ReplyDelete
    Replies
    1. මම මේක ඇන්දේ DDT ප්‍රොෆයිලේ ෆොටෝ එක වෙනස් කරන්න කලින්
      කොහොමද අවතාර්ගේ ගෙස් කිරිල්ල

      Delete
  5. චරිත ටික නම් පට්ට පිළිවලයි :)
    විශේෂයෙන්ම "පොප් ගායිකා හිරිහිමවි අක්කා"
    ඒක නෙවෙයි දැන් MP44 එක පාවිච්චි කරන්නේ නෑ නොවැ. ඒක world's first assult rifle එකනේ. දැන් ඊට වඩා හුගාක් දියුනු assult class weapons තියනවනේ. M16,ACR, FN Scar වගේ එව්වා. ඇයි දෙයියනේ නැත්නම් ලොකේ ප්‍රසිද්ධම ගිනි අවිය අදින්න තිබුනනේ AK 47 එක... ඒ මොනවා උනත් චිත්‍ර ටික නම් එකෙන්ම එළ..:D

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් වැඩියෙන් ප්‍රියතාවය දක්වන්නේ ඔය භාණ්ඩෙටනේ බං

      Delete
    2. අන්න අවතාර් දන්නවා මම කැමති දේ.. මම කොහොමත් ඔය STG44 එකට පට්ට කැමතියි.. AK47 කියන්නේ ක්ලිෂ්නිකොව් කියන ටැංකි කපිතාන් STG 44 එක දැකලා ගහපු කොපියක් නේ. එන්න මගේ පැත්තේ.. ඕවා දැනගන්න පුළුවන්..

      Delete
  6. සෑහෙන මහන්සිවෙලා වගේ , එල එල ....

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වෙලා යන වැඩක් නම් තමා

      Delete
  7. Anonymous9/26/2012

    හොඳ වෙලාවට මම බ්ලොග් ලියන්නෙ නැත්තෙ... ඊටත් වඩා හොඳ වෙලාවට ඇනෝ එනේබල් කරල තිබ්බෙ... නැත්තන් මුගෙ අවතාරෙ කොහෙ රිංගයිද කවුද දන්නෙ...

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් හිටු නැත්තම් අඳිනවා කුජීත සිත්තරයක් උඹටත්

      Delete
  8. Anonymous9/26/2012

    මගේ <*a href="http://madayagelokaya.blogspot.com/" >මඩයා<*/a> මේ තරම් ලස්සනට මං කවදාවත් දැකලා නෑ නේ මං :ඩී

    __________________මඩවතී________________________________

    ReplyDelete
    Replies
    1. මඩයා ගැන අපමණ ස්නේහයෙන් ලියුව කමෙන්ටුවකි

      Delete
  9. Anonymous9/26/2012

    මගේ මඩයා මේ තරම් ලස්සනට මං කවදාවත් දැකලා නෑ නේ :ඩී

    __________________මඩවතී_______________________________

    ReplyDelete
    Replies
    1. අවතාර්ට පින්සිද්ධ වෙන්න මගේ ලස්සන බලාගත්ත නේ :P

      Delete
    2. ඔන්න මඩේ නොනිමි අහසෙන් බොට කපුකමක් සෙට් වෙන්නයි යන්නේ :)

      Delete
    3. මේ මගේ මඩවති බං :)

      Delete
  10. අඩේ මාත් ඉන්නවා :)
    පට්ට පට්ට උඹත් මරුම එක තමා තෝරලා ඇන්දේ
    ජය වේවා මචං....!

    ReplyDelete
    Replies
    1. උසස් ජොබ අගයන්න එපැයි බන්

      Delete
  11. අහ්හ්හ්............ මල් හතයි ඉතින්.... ඔහොම යමුකෝ.... හැකියාවන් තව තව වර්ධනය වේවා

    ReplyDelete
    Replies
    1. මලින් පිරුණු සිත්තරයක් බලාපොරොත්තු වන්න

      Delete
  12. Replies
    1. දේවිද?? :))
      තැන්කූ තැන්කූ

      Delete
  13. මාව නම් ඇඳලා තිබ්බා මීට වඩා ලස්සනයිද මන්දා ...?

    ReplyDelete
    Replies
    1. වෙනි අයියගේ සිත්තරයකුත් ඉස්සරහට අහසේ එල්ලෙයි ඈ

      Delete
  14. හිකිස්‌!!! ෂෝයි අනේ... හිරුවා ව නම් මරුවටම ඇඳලා තීන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. හෑහ් ලස්සන වැඩිද?

      Delete
  15. බුහාහාහාහා...
    පට්ට අයිඩියා පාර ඈ...
    අපිට ඉතිං චිත්‍ර අදින්න බෑනේ...
    අනිත් අය ගැන කෙසේ වෙතත් හිරුවව ඇත්තට දැකලා තීනවනං උබ ඕක ඔයිට වඩා වෙනස් විදිහකට අදින්නේ...
    හික්ස්...

    ReplyDelete
    Replies
    1. //බුහාහාහාහා...//
      හිටු බොගෙ එකත් දෙන්නම් එලටම ළඟදිම

      Delete
  16. හිකිස් මරු ඈ...

    ReplyDelete
    Replies
    1. මරු තරු පින්තූරයකුත් ළඟදිම දෙනවා ඈ

      Delete
  17. දැන් බුද්දි වැඩිය සීන් එකේ නැති නිසා මෙයාවත් අඳින එක හොඳයි. නරකද සතියේ හිතට වැදුන පොස්ට් එකක නැගලමා යන සීන් එක ඇන්දොත් ?

    ReplyDelete
    Replies
    1. කරන්න නම් පුළුවන් සුදීක අයියේ වෙලාව තමා ප්‍රශ්නේ
      බලමු ඉස්සරහට

      Delete
  18. පට්ට ඈ.. එළ වැඩක්..

    ReplyDelete
  19. Maru aaaa, apìwath andinnako... :-D

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා සූන් ඔන් නොනිමි අහසෙන් ඈ

      Delete
  20. Replies
    1. තැන්කූ මචන්
      මම මාලිට අත්සන් කලා කලින්ම

      Delete
  21. මරු සිත්තර ටික !

    ReplyDelete
  22. araliya9/27/2012

    hane.........mawath adala. :) godak sathutu hithuna ayyata mawath mathak wela nisa.aththatama kohomada ayya danne mage konde oya gana kiyala?
    onna habai mama scle 4n nam geniyanne ne hode........... :P :D
    lassana mage siththare.
    a wagema anith ewath lassanai

    ReplyDelete
    Replies
    1. අවතාර් අවතාරයක්නේ නඟා

      Delete
  23. :O අඩෝව් මම මැරෙනවා යකෝ :D
    අයියෝ බොට වෙන මුකුත් මතක් වුනේම නැද්ද මන් ගැන? අයියෝ සල්ලි...:D

    හිරුගේ එකත් පට්ට ඇයි යකෝව් පුසාව අමතක කරේ? :P
    පට්ට චිත්‍ර ටික ඒත් මගේ කාඩ් කුඩු

    ReplyDelete
    Replies
    1. කාඩ් නම් කුඩු උනත් කමක් නෑ බන් බිත්තර යහතින් තියේ නම් හක හක

      Delete
  24. හක හක හක.....පට්ටටටටටට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හක හකස්
      බලන් හිටහන් රජෝ
      කොහොමද බොගෙ එක කියලා

      Delete
  25. කියන්න වචන නෑ හරිම ලස්සනයි සාර්ථක චිත්‍රටික අදහසත් කාගෙන්වත් දැකල නැති නිසා සුපිරි.මඩිස්ස හිරු කෙල්ල ගැන වචන නෑ සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කූ දිරි ගැන්වීමට

      Delete
  26. හිරුවගේ පින්තූරේනම් එල. නිශාන් මලයා ගැන තම දුක. අවතාර්ගේ තවත් හොඳ වැඩක්

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයත් ඇවිල්ලා ජය ජය

      Delete
  27. අපූරු සිත්තර ටික..දිගටම අඳින්න අවතාර්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් වෙලාව ඇති හැටියට

      Delete
  28. බොලන් වෙලාවට මාව දැකල නැත්තේ. හක්ක හක හක

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ බොලත් මගේ ලිස්ට් එකේ ඉන්නවා

      Delete
  29. Anonymous9/30/2012

    හී හී......කියල වැඩක් නැහැ.අපූරුම අපූරුයි යාලු.....හී,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, :)
    මට ලොකු සතුටක් මේ පෝස්ට් එකේ මමත් ඉන්න එක..
    මා වෙනුවෙන් ලියවුනු ටැබ් ඒකට දාන්නයි යන්නේ එහෙනම් මම මේක.

    ඔබට ජයෙන් ජය! :)

    ReplyDelete
  30. සිත්තර හැකියාව දියුණු වේවා :)

    ReplyDelete
  31. ඔය ඇඳලා තියෙන්න මාව ලෙසටම. ඇත්තටම උඹේ ගෙසිං ගැන නම් ඉතින් කියලා වැඩක් නැත. මම කැමතිම වෙපන් එක ඔය STG44 එක කියලා කොහොමද ගෙස් කලේ?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එහෙක බාගයකම ඕක ගැන ලියලනේ

      Delete
    2. හුටා!!! එහෙමත් වෙලා ද?? වෙන්න ඇති.. මම ඔය බඩුවට හෙනම ලයික්..

      Delete
  32. Anonymous9/30/2012

    බුද්ධියත් දැන් ආඩම්බර කාරයෙක් වෙලා හන්දා උඹ මේ වැඩේ පටං ගත්ත එක හොදයි, අර මාරයා නෑනත් එක්ක බංකුවක් උඩ නැලවෙච්ච එකත් ඇදහංකෝ

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ... ඔය තියෙන්නේ අයිඩියා..

      Delete
  33. පිස්සු බප්ම් වෙනවා ඈ! එල!

    ReplyDelete
  34. Anonymous12/27/2012

    පරණ සිත්තර ටිකක් බැලුවා. එල එල..!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න