Thursday, September 6, 2012

අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම)

                                             
                               අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් .අර දාන අදින එකේ  දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා  දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන අය ලව්වා ඌව නෝන්ඩි කරවලා කොමෙන්ට් දාගෙන මිනිහා නිවාඩුවට සැපත් වෙන වෙලාවට ගේන ඉතාලි ටොෆිය චොකලට් එක අවතාර්ට නැති කරගන්නේ අහවල් එකකටද?ඒ හින්දා අපි මේ බුවා ට එන් කියලා කියමුකෝ.
                              මේ වෙන කොට එන් තරුණ කොල්ලෙක් ලු.ඉගෙන ගන්න එහෙම ටිකක් දස්සයිලු ඈ.එන් ට මොලේ තිබුනත් හිතන්න බෑ කියලා තමා ගොඩක් අය කිව්වේ.මේ පළවෙනි කතාව අවතාර් දැනගත්තේ එන් ගේ මාමා කෙනෙක් වෙච්ච ආර් නෑ එක්කෝ රංජි කියලම කියමු (රංජි මාමා බුකියේ නෑ කියලා අවතාර්ට සුවර්) රංජි මාමාගෙන්.ඒ දවසක් බණ ගෙදරකදී අයියලා මාමලා එකට එක්කහු වෙලා ගහන කයියකට හොරෙන් කන දාගෙන ඉඳලා
                 .රංජි මාමා දවසක් එන්ලගේ ගෙදර ගිහින් වෙල්වැඩ ගැන කයිය ගගහා ඉන්න වෙලාවක එන් අහනවාලු
පුදුමයි නේද මාමේ ගොයම් ගහ පීදෙන හැටි.ගොයම් ගහෙන් වී කරලක් එලියට පයින හැටි“
              රංජි මාමත් ටිකක් කට හොඳ නැති පොරක්
පුදුම වෙන්න දෙයක් නෑ පුතේ එලිය වැටීගෙන එන පාන්දර වෙලාවට ගොයම් සට සට ගාලා සද්දෙන් පීදෙනවා කිව්වලු.
අනේ නිකන් ඉන්න මාමේ බොරු කියන් නැතුව “ 
 “ බොරු නෙමේ බං මටම කීප සැරයක් ඇහිලා තියෙනවා පාන්දර වෙලාවට වෙලට ගියාමරංජි මාමා එවෙලේ කොහෙන්ද ආපු පචයක් අතෑරියලු නැත්තම් මුගෙන් බේරෙන්නත් බැරි හින්දා.
                  අවතාර්ලගේ පැත්තේ ගොවිතැන් කරන්නේ වැව් වතුරෙන්.වැවේ ඉඳලා වතුර දෙද්දි  ඇලේ බැම්ම බැඳලා වතුර ගන්න පුළුවන් ඒ ඒ වෙල් වලට විතරයි.ඉතින් ගොයම් පීදෙන්නඩ වතුර මදි වගේ නම් අපේ පැත්තේ ගොවිරාළලා කරන්නේ රෑ දොලහට විතර ගිහින් ඇලේ බැම්ම බැඳලා ඇවිල්ලා පාන්දර එලිය වැටෙන්න කලින් වෙලට ගිහින් බැම්ම කඩලා වතුර ටික තමන්ගේ වෙලට හරවගෙන පාඩුවේ ඉන්නවා.මඩ හෝදගත්තහම ගොවියා රජ කමට වටිනවා කියලා කතාවක් තියනවානේ ඒ කියලා තියෙන්නේ අපේ පැත්තේ ගොවියෙක් දැකලද කොහෙද.අනේ ඉතින් අර නීතිමය විදිහට වතුර ගන්න හිටපු මිනිහා කලින් දා හැන්දෑවේ බැම්ම බැඳලා ගිහින් පහුවදා උදේ ඇවිල්ලා බැලින්නම් වෙලේ වතුර පොදක් නෑ.ඊට පස්සේ මිනිහා අනුගමනය කරන්නෙත් රජ වෙන්න සුදුසු ගොවියගේ ක්‍රමේම තමා.
                                    මේ කියන රංජි මාමත් හොර පාරෙන් වෙලට වතුර හරවගත්ත පොරක්.මිනිහා දවසක් බැඳපු බැම්ම කඩන්න පාන්දර වෙලට යද්දි කවුද මිනිහෙක් වෙල අයිනේ ගහක් යට ඉඳගෙන ඉන්නවලු.කරුවල හින්දා වැඩිය පේන්නේ නැහැල්ලු.බැම්ම බැඳලා තියෙන වෙලේ අයිතිකාරයවත් හොරෙන් වතුර ගත්තු එක  මාට්ටු වෙලා ඇවිද්ද කියලා කෝකටත් රංජි මාමා පොරට පේන්නේ නැති වෙන්න කිට්ටු කලා ලූ ළඟට.ළඟට ගිහින් බැලින්නම් මේ අපේ එන්ලු.
ඈ බං ***  පුතේ උඹ මොකද මේ වෙලාවේ මෙතන කරන්නේ ? “
නෑ මාමේ වෙලේ ගොයම් පීදිලා ඉවරයිද කොහෙද .මම දැන් පැය බාගයක් තිස්සේ මෙතන කෝ එක සද්දයක්වත් ඇහුනේ නෑනේ
   රංජි මාමාට ටක් ගාලා මීටර් උනාලු මොකද්ද මූ මේ කියන්නේ කියලා .දැන් පොරට හිනා යන්න එනවලු.ඒත් ඉතින් අරූ අච්චර වෙලාවක් වෙලේ හිටියා කිව්වම හිනා වෙන්නත් බැයිලු.ඊට පස්සේ මෑන්
අද වෙලේ පිණි වැඩී පුතේ පිණි තියෙනකොට සද්දේ ඇහෙන්නේ නෑ දැන් ගෙදර යමන් .ගෙදරින් බලයි නිදි පැදුරේ හිටපු එකා කොහෙද කියලා කියලා ෂේප් එකේ එන්ව ගෙදර එව්වලු.

                      තව දවසක් එන්ලගේ ගෙදර වැඩකට මේසන් බාස්ලා වගයක් ඇවිල්ලු.හෙඩ් බාසුත් එන්ගේ මාමා කෙනෙක් වෙනවලු.හෙඩ් බාස් එන්ව හාඩ්වෙයාර් එකට පිටත් කරලා බඩු වගයක් ගෙන්න කියලා.
                     ගේන්න කියලා තියෙන්නේ රතු කුඩු 250යි තෙත්තියම් 500යි.( දන්න අයට හිනා යනු ඇත.දන්නැති අය දන්නැති විදිහට ඉන්ඩ වැඩි විස්තර කියනකන්)එනුත් වැඩ්ඩා වගේ ගිහිල්ලා හාඩ්වෙයාර් එකට.ගිහිල්ලා ඉල්ලුවලු 
            “ මට රතු කුඩු 250යි තෙත්තියං 500යි දෙන්නකියලා
       හාඩ්වෙයාර් එකේ කෙල්ලෝ දෙන්නා බඩවල් අල්ලගෙන හිනා වෙනවලු.ඊට පස්සේ ඇවිල්ලා 
අයියේ  මෙන්න රතුකුඩු 250 තෙත්තියං නම් අපි ගාව නෑ කියලා එන්ට කින්ඩි හිනාවක් දාලා ආයිත් උන් දෙන්න මූණට මූණ බලාගෙන හිනා වෙනවලු.එන්ට එවෙලේ තේරුනා ලු මොකක් හරි අප්සට් එකක් කියලා .ගිහින් හෙඩාටයි අනිත් එවුන්ටයි දෙහි කප කප විස්තරේ කිව්වලු.
  දැන් බොලාත් බලන් ඉන්නව ඇති මේ මොනවද කියලා. රතුකුඩු කියන්නේ ගෙවල් වල පොලව පාට කරන්න සිමෙන්තිත් එක්ක කලවම් කරන කුඩක්.එතකොට අත් කියතේ දැති මුවහත් කරනවට තමා කියන්නේ තෙත්තියං තියනවා කියලා.හික්ස්

                   අර හෙඩ් බාස්  සීන් එකට ආපුහින්දා මෑන් අවතාර්ට දීපු ලණුවක් ගැනත්  කියන්න හිතුනා.වැඩිය අවතාර්ට හිනා වෙන්න  එපා ඕන් නොදන්න කමනේ .අවතාර් ඒ කාලේ පොඩි කොලුවා.පන්සලේ බණ මඩුවද කොහෙද හදන දවස්වල බණ මඩුවේ කණු කපරාරු කරන්න හෙඩා අවතාර්ට කිව්වා ආයුද තියන තැනින් කණු මට්ටම් කරන්න රවුම් මට්ටම් ලීය අරගෙන එන්න කියලා.ඒක අරන් යන්න ආයුද තියෙන තැනට එන්න ටික දුරක් එද්දි අවතාර්ගේ සුට්ටි මොලේට තේරුම් ගියා එහෙම එකක් නෑ නේද කියලා .හැබැයි ඒ වෙනකොටත් එතන හිටපු උන්ට අවතාර්ට කින්ඩිය දාන්න සීන් එක ප්‍රමාණවත් .පල ඇති රුකටනේ ගල් වදින්නේ කියලා අවතාරුත් ඉවසගෙන හිටියා.
((

45 comments:

  1. අර තෙත්තියන් කතාව මෙහෙත් සෑහෙන්ඩ ජනප්‍රියයි !

    ReplyDelete
    Replies
    1. වචනෙත් නිකන් නොපිටට යන එකක්නේ :)

      Delete
  2. රවුම් මට්ටං ලීය සහ තෙත්තියං 500.. හි හි.....

    ReplyDelete
  3. රවුම් මට්ටං ලීයක් හොයාගෙන යන්න තිබ්බේ පොරට.

    ReplyDelete
    Replies
    1. කොහෙන් හොයන්නද බන් රවුම් මට්ටම් ලීයක්

      Delete
  4. හප්පටසිරි .... බලන් ගියාම අපිත් සිංහල දන්නෑනේ. ‘තෙත්තියම්‘ වචනෙ මමත් ඇහැව්වෙ අදමයි බං. හොඳ වෙලාවට මේ පැත්තෙ ඔහොම බාස්ල නැත්තෙ. නැත්නම් තවත් බ්ලොගක ඩී ගැනත් ලියාවි කතාවක්. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්වල වෙන්නේ මේකනේ බන් පොඩි එකෙක් ආපු ගමන් පාගනවා

      Delete
  5. මරු කතා ටික. ගම ගැන දිගටම ලියන්න. ඒකට හැමෝම කැමතියි.

    ReplyDelete
    Replies
    1. තව කතා ටිකක් තියනවා ඉස්සරහට දෙන්නම්

      Delete
  6. තෙත්තියන් තියනවා කියන්නේ කියතේ දැති මුවහත් කරන එකට නෙවෙයි. බාස් කෙනෙක්ගෙන් ඉල්ලගෙන හෝ ගෙදර තියනවානම් හෝ අත්කියතක් දිග අතට ඔබේ ඇස් මට්ටමෙන් තබා බලන්න. කියතේ දැති ඔක්කොම එක පෙලට තබා නැහැ. එකක් හැර එකක් පැත්තකට ඇලයි. එහෙම තබා තිබෙන නිසයි කියතෙන් කැපෙන්නේ. එය කරන්නට හොඳ පුරුද්දක් අවශ්‍යයි. එහිදී කියත ලැල්ලක් මත තබා සිහින යකඩයක් (පීරක තුඩ වැනි)ගෙන, එකක් හැර එකක් කියත් දැති වලට තබා අර යකඩයට මිටියෙන් ගසා ඇද කිරීමක් කරනවා. වැරදුනොත් කියත් දැති කැඩෙනවා. පළපුරුද්ද අනිවාර්යයි.අන්න එකට තමයි තෙත්තියන් තියනවා කියන්නේ. මගේ පියාට බුදු බව අත්වෙන්ඩ මට ඒ වැඩේ පුළුවන්.

    සෑම ක්ශේත්රයකම ආධුනිකයන්ව 'වටේ යවන' විහිලු තියනවා. මැණික් ගරන්න අලුතෙන් එන ගෝලයන්ට කියනවා පතල් වලේ මුළු හතරැස් කරගන්න අල්ලපු පතලෙන් මුළු අච්චුව ඉල්ලගෙන එන්න කියලා. ඇත්තටම මුළු අච්චුව කියලා දෙයක් මේ ලෝකයේ නැහැ. ඉති අර ගෝලයා මුළු දවස පුරාම පතලෙන් පතලට යනවා මුළු අච්චුව හොයන්න. පතල්වල වැඩ කරන අය දන්නවා ප්‍රශ්නය අහපුගමන් මෙයා අලුත් ගෝලයෙක් කියලා ඉතින් කියනවා මුළු අච්චුව අල්ලපු පතලේට ඉල්ලගෙන ගියා කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම කියතේ දැති මුවහත් කරනවා කියන එකෙන් අදහස් කලෙත් ඒදේම තමා .බලන අයට දැනගන්න විස්තර ඇතිව දීලා තියන එකට විචාරකට ස්තූතියි

      Delete
  7. කතා ටික එල. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා හොඳ හොඳ ඒවා ඉස්සරහට

      Delete
  8. හිහි..

    අර කතාව ලියන්නේ නැද්ද දැන්?

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා.අවසාන කොටස් ටික එක දිගටම දාන්නයි හිතන් ඉන්නේ ඒකයි ටිකක් ප්‍රමාද

      Delete
  9. Replies
    1. තැන්කූ තැන්කූ

      Delete
  10. ඇය් ඒම බාස්ලා බය්ට් එකට ගන්නේ පොඩි උංව?????

    ReplyDelete
    Replies
    1. බාස්ලා කොහොමත් ටිකක් පන්ඩිතයි බන් .උඹ දන්න දෙයක් නෑ අපි කියන විදිහට ඉදින් කියන්න වෙන්නැති ඕවා කරන්නේ

      Delete
  11. තේත්තියම කියන වචනය ගැන විචාරක මහත්මයා කියලා තියෙන දේ තමයි නිවැරදි. යකඩ කපන කියත දැති තියෙන පිළිවෙල අනුව වර්ගීකරණය කිරීමේදීත් ඔය වචනය භාවිතා වෙනවා. (තුන් තේත්තියම,රැළි තෙත්තියම ආදී වශයෙන්)

    ඒත් "තෙත්තියං" කියන වචනයනම් මෝඩ පහේ පොරවල් චාටර් කිරීමේදී බොහෝ අවස්ථා වලදී භාවිතා වෙනවා.
    මැණික් පතල් වලදී "ඉල්ලම හොයාගන්න තෙත්තියං ගල ගේන්න" කියලා ගෝලයාව වෙනත් පතල් වලට යවනවා. පතල් කීපයක චාටර් වුනාට පස්සෙ එක පතලෙකින් ලොකු ගලක් දෙනවා, ඒක කරේ තියාගෙන යනකොට පතල්වල වැඩකරන අනිත් අය හූ තිය තියා හිනාවෙනවා.
    විචාරක කියලා තියෙන මුළු අච්චුවත්, දෝනා හරවන අඩුවත් ඒවගේ තේතියං ටයිප් එකේ වචන තමයි.

    ReplyDelete
    Replies
    1. පතල් කතන්දරේ මමත් දැනන් හිටියේ නෑ
      තෑන්ක්ස් ඒ ගැන කිව්වට

      Delete
  12. මරු කථෘ ටික

    ReplyDelete
  13. අපේ අයියා කෙනෙක් හිටියා අර ටිකක් ලොකු වෙන කොට කට්ටිය ආසයි නෙව රැවුල වැවෙනවට (කොල්ලො ඈ ) මේ යකා උදේම ආව ගමං කියන්නේ "ඊයේ රෑ හරියට නින්ද ගියේ නෑ බං මේ මළ ඉලවු රැවුල වැවෙනවනේ බර බර ගාලා සද්දෙට" කියලා

    ReplyDelete
    Replies
    1. රැවුලක්ද මාන කැලයක්ද :)

      Delete
  14. පවු බං උඹේ යාලුවා,ඒකා රෑ ඉදලා නේ ගොයම් පිදෙනවා බලන්න
    මේ මටත් ඔය රවුම් මට්ටම ලීය තියෙන්නේ කොහෙද කියලා කියහන්කෝ මචං ;)

    ReplyDelete
    Replies
    1. සිකේ මඩයා මඩ පාරක් ගහන්නමනේ ට්‍රයි එක :)

      Delete
  15. මාත් ඒ අමුතු වචනේ ඇහුවමයි ....

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනේ ටක්කෙටම

      Delete
  16. අපේ පැත්තේ තෙත්තියම් කියලා වෙනත් ස්රාවනයකුත් හඳුන්වනවා :)

    ReplyDelete
    Replies
    1. ගෙස් කොරන්න පුළුවන් ඒ මොකද්ද කියලා

      Delete
  17. තේත්තියං ගැන සැබෑ අරුත විචාරක තුමා ඉහළින් දෙසා ඇත... මේ වචනයම හා සබැදුනු විවිධ ෆන් කථා කීපයක්ම විටින් විට සිරාගෙ කණටද ඇසී ඇත. කෙසේ හෝ ගොයම් පීදෙනකොට ඇහෙන සද්දෙ ඌට ඊට පස්සෙවත් ඇහුනද දන්නෙ නෑ නේද ?

    සිරාගෙ කාමරේ

    ReplyDelete
    Replies
    1. මේ පෝසට් එක බුවා දැකලා අවතාර් කවුද කියලා දැනගත්තොත් අනිවා අවතාර්ට ඒ සද්දේ පෝන් එකෙන් අහන්න පුළුවන් :)

      Delete
  18. අම්මපල්ල පොඩි උන්ව ඔහොමත් රවට්ටනවද මං අහන්නේ...හ්ක්ස්

    ReplyDelete
    Replies
    1. ලොකු උන්ගේ කැත වැඩ

      Delete
  19. හිකිස් පට්ට......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ

      Delete
  20. ඒ වගේ දේවල් දන්නේ නැති එවුන්ව මඩවන්න ලේසියි. :D

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඔය කියන්නේ එහෙම දේවල් කරලා අත්දැකීම් ඇති පාටයි

      Delete
  21. දවසක් අපේ තාත්තත් ඔය ලණුව දුන්නා මට..
    තෙත්තියං හොයාගෙන එන්න කියලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. හෆොයි.. හොඳ වෙලාවට දැන ගත්තේ..

    ReplyDelete
  23. කතාව කියවා විචාරක තුමාගේ සහ සුමිත් ගේ කමෙන්ට් කියවීම හරහා සැහෙන දැනුමක් ලැබුනා.. ඒ ගැන සතුටුයි. කියතේ දැත්තේ ඇදය දැක මම ඒ දැති සේරම මිටියකින් තලා පොඩි කාලේ කෙලින් කළා මතකයි. :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න