තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.
සෙනුරි බැල්කනියට වී ඈතින් පෙනෙන ඉමක් කොනක් නැති කඳු පන්ති දෙස බලා සිටියාය.නිල්වන් කඳු මුදුන් වල සීමාවන් සෙවූ ඇගේ මනස කල්පනා ලොවින් මිදුනේ වාහනයක හඬ ඇසීමෙනි.
“ සම්පත්ගේ කාර් එක“ යයි තමන්ට මුමුණා ගනිමින් ඇය කකුලේ වේදනාව දරා ගෙන වේගයෙන් තරප්පු පෙල දිගේ පහලට බසින්නට විය.
ඇය සාලයට පිවිසෙන විට සම්පත්ගේ රථය පෝටිකෝව යට නතර කෙරිණි.
“ ඔයා එන්න තව කල් යනවා කිව්වනේ “ ඇය පාදයෙන් නැඟුනු වේදනාව මැඩගෙන ඇසීය.
“ ඊට කලින් කියන්න සෙනූ දැන් ඔයාගේ කකුල හොඳද කියලා “
සියල්ල කමලා විසින් සම්පත්ට කියා ඇතැයි සෙනුරිට සිතිණි.සම්පත්ව අනවශ්‍ය ලෙස කලබල කර ඇතැයි සිතෙන විට ඇගේ සිතේ කමලා කෙරෙහි කෝපයක් ඇති විය.
“ ඇයි සෙනූ මෙච්චර දෙයක් වෙලත් මට කෝල් එකක් වත් දුන්නේ නැත්තේ “එවර ඔහුගේ මුහුණේ සියුම් කෝපයක් දක්නට ලැබිණි.
“ ඔයා කලබල වෙයි කියලා හිතුවා “ ඇය ඇඩුම්බරව කීවාය.
“ බලන්න සෙනූ මම කොච්චර බය උනාද?කමලා කිව්ව ගමන් මම වැඩ ටිකත් පස්සට දාලා ආපහු ආවේ“
“ අපරාදේ ඔයාගේ වැඩ මම හින්දා පාඩුවෙනවා නේ “
“ පිස්සුද ළමයෝ ඒවාට වැඩිය මට ඔයාව වටිනවා “ ඔහු ඇගේ බඳ වටා අතක් යවා ඇයත් සමඟම වලව්ව තුලට පිවිසෙමින් කීය.
දිවා ආහාරයෙන් පසුව නෙත්මි තවමත් නොපැමිණියේ ඇයිදැයි සෙනුරි සිතන්නට විය.සමහර විට ඇයට හදිසියේ අසනීප වන්නට ඇතැයි ඇයට සිතිනි.මේ වන තුරුම නෙත්මි ගැන නොසිතුනේ ඇය නැති අඩුව ඕනෑවටත් වැඩියෙන් සම්පත්ගෙන් පිරී තිබුණු බැව් බව සිතෙන විට ඇගේ මුවට සිහින් සිනාවක් නැඟුණි.
දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ගෙමුදුලේ තිබූ කොන්ක්‍රීට් බංකුවක් මතට වී කතා කරමින් සිටියහ.දහවල වුවත් පැවති දැඩි සීතල හේතුවෙන් සෙනුරි සම්පත්ගේ උණුසුමට ගුලි වී සිටියාය.සම්පත් එකවරම ඇසු දෙයකින් සෙනුරි නිරුත්තර විය.
“ සෙනූ ඔයා මට නොකියන දෙයක් හිතේ තද කරගෙන ඉන්නවද? “
“ න්නෑ සම්පත් එහෙම දෙයක් නෑ “ඇය මවිත් වූ දෑසින් ඔහු දෙස බලා සිටියාය.
“ එහෙනම් කමක් නෑ “
“ ඇයි සම්පත් එකපාරටම එහෙම දෙයක් ඇහුවේ “
“ මට ඔයාගේ වෙනසක් පෙනුණා .ඒකයි .මම නිකන් ඇහුවේ “
උත්තර නැති ප්‍රශ්න සමුදාය ඔහු සමඟ බෙදා ගත යුතු දැයි ඇය සිතන්නට විය.ඒවා ඇසීමෙන් සම්පත් අනවශ්‍ය ලෙස කලබලයට හා බියට පත්වේ යයි සෙනුරිට සිතිණි.අවසානයේ සියලු දේ ඔහුට කියන්නට ඇය තීරණය කලාය.
“ සම්පත් මම දෙයක් කියන්න ඔයා කලබල වෙන්නේ නැද්ද “
“ මොකක්ද සෙනූ “ ඔහුගේ මුහුණින් කුතුහලය දනවන්නට විය.
“ ඔය ඉතින් ඔයා දැනටමත් කලබල වෙලානේ “
“ නෑ සෙනූ කියන්න “
සෙනුරි වලව්වට පැමැණි දා සිට මේ වන තුරුම සිදුවූ සිදුවීම් සම්පත් හා කීය.සම්පත් ඒ සියල්ල නිහඬව අසා සිටියේය.කතාව අවසන් වූ පසු දෙදෙනා අතර නිහැඩියාවක් ඇති විය.නිහඬ බව බිඳිමින් සම්පත් හඬ අවදි කලේය.
“ මට දැනුණා ඔයාගේ වෙනසක්.මම හිතුවේ මේ වටපිටාව තවම හුරු නැති හින්දයි කියලා “
“අපි ආපහු කොළඹ යමු සෙනූ .එතකොට මේ කරදර මොකුත් නෑ “ ඔහු තරයේ කියා සිටියේය.
“ නෑ සම්පත් මට දැන් ඕනේ මේ මොකද්ද කියලා දැනගන්න.මට දැනෙන දේවල් ඇත්තක් නම් මේ වලව්ව ඇතුලේ අපි නොදන්න රහසක් තියෙනවා “
“ ඔයාට ප්‍රශ්නයක් නැත්තම් කමක් නෑ .මට හිතෙනවා සෙනූ අපි අර රූම් එක ඇරලා බැලුවොත් හොඳයි කියලා “
සම්පත්ගේ යෝජනාවට සෙනුරි එක සිතින්ම කැමති වූයේ නුපුරුදු කාමරයේ දොර විවර කර ගැනීමට ඇය කෙරෙහිද බලවත් ආසාවක් තිබූ බැවිනි.ඔවුන් දෙදෙනා හෝරා කිහිපයක් එතනටම වී අවට සිසිලස විඳින්නට වූහ.
පියල් මහත් වැර යොදා එල්ල කල අලවංගු පහරවලින් අවසානයේ ලී දොරට දමා තිබූ යකඩ දම්වැල පුරුකකින් වෙන්විය.දම්වැල ඉවත් කර දොර තල්ලු කල නමුත් එය මඳක් හෝ සොලවා ගන්නටවත් පියල්ට නොහැකි විය.
“ දොරේ තවත් ලොක් එකක් තියනවා වගේ “
පියල්ව පසෙකට කර සම්පත් එල්ල කල පා පහර කීපයකින් අගුල සහිත ප්‍රෙද්ශය ගැලවී යමින් “ දඩාස් “ හඩින් දොර විවර විය.
“ දොර සෑහෙන්න පරණ එකක් වගේ සෙනූ.මට හිතෙන විදිහට බන්ග්ලෝ එකේ කරපු රෙපෙයාර් එකටවත් මේ කාමරේ අහුවෙලා නෑ වගේ “
තරමක් කෙරවලට වන්නට කාමරය පිහිටා ඇති හෙයින් ස්වභාවයෙන්ම කාමරය දැඩි අඳුරින් පිරී තිබිණි.මකුළු දැල් අතරින් යමින් පියල් අත තිබූ විදුලි පන්දම් එලියෙන් සෙනුරිත් සම්පතුත් කාමරයට ඇතුළු වූහ.
එය කාමරයකට වඩා ගබඩා කාමරයක ස්වරූපය ගනී යයි සෙනුරිට සිතෙන්නට විය.ඒ තරමටම මුළු කාමරය පුරාම පැරණි ගෘහභාණ්ඩ රාශියක් අපිලිවෙලට තබා තිබිණි.ඒ අතරින් විශාල කවිච්චියක් මත තබා තිබූ ඡායාරූප කිහිපයක් වෙතට සෙනුරිගේ නෙත් යොමු විය.ඒ අතර තිබූ තරමක් විශාල ඡායාරූපයක මඳ සිනාවකින් මුහුණ සරසාගෙන සිටි පිරිමි රුව විදුලි පන්දමේ එලියෙන් ආලෝකමත් වූ විට ඇගේ දෙනෙත් පුදුමයෙන් විශාල විණි.සෙනුරි එම ඡායාරූපය පසෙක හුන් සම්පත් වෙත පෑවාය.
“ මම දැකපු හීනේ හිටියෙත් මේ ෆොටෝ එකේ ඉන්න පිරිමි ලමයමයි සම්පත් “
එය සම්පත්ටද විශ්මය දනවන්නක් විය.
“ ඒ කියන්නේ ඔයා හීනෙන් දැකපු දේවල ඇත්තක් තියනවා “
සෙනුරිත් සම්පතුත් එදින රාත්‍රිය වන තුරුම ඒ පිළිබඳව කතා කරමින් හිඳ මහ රාත්‍රියේදී නින්දට වැටුනහ.පසුදා හවස් යාමයේදී සම්පත් ගේ යෝජනාවකට සෙනුරිත් සම්පතුත් සේදිරිස්ගේ නිවස බලා ගියහ.රථය පාරෙන් නිවසට හරවනවාත් සමඟ නිවසේ සාලයේ පුටුවකට වී බලලෙකු හුරතල් කරමින් සිටි නෙත්මි ඌ පසෙක දමා සිනාසෙමින් මිදුලට පිවිසියාය.ඒ සමඟ ඇගේ මවද ගෙතුලින් මතු විය.
අයියෝ .... කාමරේ ඇතුල බලන්න මේ කොටස එනකන් හිටිය. දැන් සේදිරිස්ගේ කතාව අහන්න ඊළඟ කොටස දානකන් හිටපන්කෝ ....
ReplyDeleteඅනේ මචං ඉක්මනට ලියල දාපන්කෝ.
ඔන්න ඔක්කොම එකපාරට කියෙව්වා....
ReplyDeleteනියමයි ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteඅයි අයියෝ...
ReplyDeleteඅගේ කරන්නැතුව ඉක්මන්ට දහංකෝ ඇවටාර්...
ෆයර්ලෝඩ්ට කීලා දෙන්න හිතෙනවා මේ වෙලාවට ඉතිං..
කතාව නියමෙට යනවා ..
ReplyDeleteඉක්මනට ලියල දාන්න,අද නම් මදි තව ටිකක් දුරට කතාව ලියන්න තිබ්බා
ReplyDeleteමොකෝ ඔයා අර පරණ පෝස්ට් එකේ අමුතු හිනාවක් දාල තියෙන්නේ ආ?? :/ මම තරහයි :/
ReplyDeleteකාලයක් මම දැකපු හිනත් ඇත්ත උනා..අම්මෝ ඒ කාලේ නම් බයයි හීන දකින්නත්..
කොහොම උනත් ජය! :)
lassana katawak. asa hitenawa. hama kotasakma akaparata kiyewwa. ikmana liyanna
ReplyDeleteane itiri tikath ikmanata dannako avathar ayye.............
ReplyDeleteලස්සන කතාව...ඉතුරු ටිකත් කියවන්න එන්නම්කෝ..
ReplyDeleteඅයියෝ..මට ඔයාගේ ගොඩාක් පොස්ට්ස් මඟ ඇරිලානේ.. හෙමිට ඔක්කෝම කියවන්න ඕනේ.. අනිත් කොටසත් ඉකමනට දාන්න.. ජය වේවා..
ReplyDelete