Thursday, July 12, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (2 කොටස )


“අපි කොහෙද ඉන්නේ සම්පත් ? “
“අපි දැන් ළඟයි සෙනූ තව පැය භාගයකින් විතර අපිට වලව්වට යන්න පුළුවන් “
“පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරලා ඔයාට මහන්සි නැද්ද ? “
“ කමක් නෑ තව ටික දුරයිනේ “
“ අපි පොඩ්ඩක් මේ හරියෙන් ඉඳලා යමු සම්පත්.ඔයාගේ මහන්සි පාට මූණෙන් පේනවා “
                          ඇය කීවේ සත්‍යයකි.සම්පත්ගේ විඩාබර  බව මැනවින් මූණෙන් පෙනිණි.පැය ගානක් තිස්සේ එක දිගට රිය පැදවීම අමාරු කාර්යයක් බව ඈ දනී.ඇයට සම්පත් ගැන අනුකම්පා සිතිණි.කාරය පාරේ අයිනකට කර නැවැත්විණි.සම්පත්ට විවේකයක් දීමටත් කඳු වැටි වලින් පිරුණු අවට පරිසරය විඳ ගැනීමටත් ඇයට ඕනෑ කර තිබිණි.එහෙයින් ඇය සම්පත්ට කාරය නැවැත්වීමට යෝජනා කලාය.සෙනුරි කාරයෙන් බැස සම්පත් හා අත් පටලවාගෙනම ඉතා ආසාවෙන් වටපිට බැලුවාය.ඔවුන් සිටියේ කන්දක් මතින් දිවෙන පාරකය.අවටින් පෙනෙන්නේ නිල් පාටින් පිරුණු කඳුය.ළඟම කන්දක සුදෝ සුදුවට දිය ඇල්ලක්ද පෙනෙයි.සෙනුරිට මෙය අලුත් ම ලෝකයකි.පාසලින් වතාවක් නුවරඑලියට විනෝද ගමනක් ආවා ඇයට මතකය.එදා පටන්  ඇය මේ මනරම් පරිසරයට මහත් සේ ඇලුම් කලාය.කුඩා කල පටන්ම කලබලකාරි ලොවක ජීවත් වූ ඇයට මෙවන් නිස්කලංක බවින් පිරුණු පරිසරයක ජීවත් වීමට ඇය ප්‍රිය කලාය.දෛවය විසින් එම බලාපොරොත්තුව සපල කර ඇතැයි සෙනුරිට සිතෙයි.
“කොහොමද මේ පැත්ත ලස්සනයිද ? “
“ඇත්තමයි සම්පත් හරි ලස්සනයි .මම පොඩි කාලේ ඉඳන් ආසා කලේ මේ වගේ පැත්තක ජීවත් වෙන්න.අර වගේ පොඩි කන්දක් උඩ පොඩි ගෙදරකට වෙලා ලස්සනට ජීවත් වෙන්න තියනවනම් ඒක කොච්චර වාසනාවක් ද? “
“ඇත්තට.... අපි දැන් පදිංචි වෙන වලව්වත් ලොකුයි තියෙන්නෙත් ලොකු කන්දක් උඩ .ඒ හින්දා ලොකු පවුලකුත්  වෙයි හරි ද ? “
                                           සම්පත් ඇයගේ අත සෙමින් සිරිකමින් සිනාසෙයි.
“ ඔන්න ඔන්න ඕනෙනැති කතා කියනවා “
සෙනුරි බොරු තරහක් පෙන්වීමට අහක බලාගෙන ගත්තාය.
“ සොරි සොරි  ..බබා අපි දැන් යමුද ? කමලලා අපි එනකන් බලාගෙන ඇති “
                  මේ අයුරින් තවත් ටික වෙලාවක් ඉන්නට සෙනුරි කැමත්තෙන් සිටියත් සම්පත් ගේ ඇරයුමෙන් රියට ගොඩ වූවාය.යන අතරමඟ සෙනුරි තව මොහොතකින් ළඟා වන කන්ද උඩ වලව්ව සිතින් මවා ගන්නට උතසාහ කලාය.එය ගැරණි වූත් අලංකාර වූත් වලව්වක් බව සම්පත් ඇයට කියා ඇත.වලව්වේ ඇති අලංකාරයත් පැරණි බවත් නිසාම ඔහු එය මිලදී ගන්නට ඇතැයි ඔහු සිතුවාය.සම්පත් උපතින්ම වලව් පෙලපතකින් ආ නිසා මේ වලව්ව ගැනීම ට ඔහු හිතන්නට ඇති ඇය තවදුරටත් සිතුවාය.
 “ මම ගන්න කලින් වලව්ව අයිති වෙලා තියෙන කෙනා දැන් ඉන්නේ රට.තාත්තාගේ මරණෙන් පස්සේ මිනිහා වලව්වයි ඉඩමයි  විකුණලා රට යන්න තීරණය කරලා.මම වලව්ව ගැන දැනගත්තේ මේ පැත්තේ හිටපු මගේ යාළුවෙක්ගෙන්.මේ පැත්තේ ඉන්න අය ඔය වලව්වට කියන්නේ කන්ද උඩ වලව්ව කියලලු.“
දිනක් ඔහු සමඟ කතා කරමින් සිටින විට ඔහුගේ ගම පිළිබඳව විමසන විටදී සම්පත් ඇයට කීය.
“ ඉතින් ඇයි ඔයාට මේ පරණ බංගලාවක්ම ගන්න හිතුනේ .අද කාලේ අලුත් තාලෙට හදපු ගෙවල් මෙච්චර තියෙද්දි? “
ඇය සිනහ වෙමින් ඔහුගෙන් අසයි.
 “ අනේ මන්දා සෙනූ .වලව්ව දැක්ක විතරයි මම මේක ගන්නවමයි කියලා හිතුනා.හරියට නිකන් ඔයාව දැකපු පලවෙනි දවසේ ඔයාව මගේ වයිෆ් කරගන්නවමයි කියලා හිතුනා වගේ “
“ ආං ඇත්තද ? “
                             ඒ කතාව සිනාවෙන්ම නිම වූ සැටි  ඇයට මතකය. බංගලාව මිලදී ගත්තත් සෙනුරි මෙන්ම සම්පත් ද එහි පදිංචියට යන්නේ අදය. ඊට කලින් ඔහු වලව්ව බලාගැනීමට මේ පලාතෙන්ම කෙනෙක් යොදවා තිබිණි.ඔහුගේ කුඩා කල සිටම ඔහු හැදී වැඩුනු  ඔහුගේ නැන්දාගේ නිවසේ සිටි කමලාත් පියලුත් ඔවුන් සමඟ වලව්වේ පදිංචියට එන බවද සම්පත් ඇය සමඟ කියා තිබිණි.සෙනුරිට මෙන්ම සම්පත්ටද කුඩා කාලයේම මවුපියන්ගේ සෙනෙහස අහිමි වී තිබිණි.ඉන් පසු  දරුවන් නොසිටි ඔහුගේ පියාගේ සහෝරිය විසින් ඔහුව රැකබලා ගෙන ඇත.
“ඔයා දන්නවද සෙනූ මට මේ ලෝකේ අම්මා තාත්තා කියන්න ඉන්නේ නැන්දයි මාමයි විතරයි.“
ඔහු කී එවන් අවස්ථාවක ඇයට ඇඬුම් ආවේ ඉබේටමය.
“ ඇයි බබා මේ ඔයාගේ ඇස්වල කඳුළු .“
“ ඔයාට ඒ දෙන්නා හරි ඉන්නවා සම්පත් ඒත් මට මගේ කියන්න කවුද ඉන්නේ මේ ලෝකේ “
“ සොරි සෙනූ මම ඔයාට රිද්දන්න හිතුවේ නෑ .ඔයාට දැන් මම ඉන්නවානේ.අපි දැන් ඒක අමතක කරමු “
 එවන් අවස්තාවක සම්පත් අතින් කතාව වෙනතකට හැරවිණි. ඇය සම්පත් ගේ හඩින් සිහින ලොවින් මිදුනාය.
“ සෙනූ අර කන්ද පේනවද ? එතන තමයි අපේ වලව්ව තියෙන්නේ “
                           සම්පත් පෙන්වන්නේ මඳක් ඈතින් ඇති කඳු ගැටයකි.එහි ගස් කොලන් අතරින් සුදු පැහැයෙන් දිස් වන්නේ වලව්ව විය යුතු යැයි ඇය සිතුවාය.ඔවුන් යන රථය දැක පාරට දිවා ආ කුඩා ගැහැණු දරුවෙකුත් පිරිමි දරුවෙකුත් සෙනුරිට අත වනන අයුරු දුටු සෙනුරි සිනාසෙමින් ඔවුන් නොපෙනී යන තුරුම ඒ දෙස බලා සිටියාය.
                කාරය බංගලාවේ වත්තේ ගෙට්ටුවෙන් ඇතුල් වන විටම මැදිවියේ ගැහැණියෙකුත් ඇයට වඩා වයසින් බාල පිරිමි අයෙකුත් ගේට්ටුව අසළ සිටියහ.ඒ කමලා සහ පියල් වන්නට ඇතැයි ඇය සිතුවාය. ඔවුන් රථය ඇතුල් වනවාත් සමඟම සිනහවෙන් ආචාර කලහ.
                  ඔවුන් සමඟ සිනා වී මඳක් ඉදිරියට එන විට සෙනුරි හරියටම වලව්ව දැකගත්තාය.බැලූ බැල්මට උසස් පෙළපතකට අයත්ව තිබූ වලව්වක්ය කිව හැකි පෙනුමක් එය සතුව තිබිණි.දෙමහල් වලව්වේ බිත්ති වල පැහැය මඳක් අව පැහැ ගැන්වී තිබුණ ද  එය මේතරම් හොඳ තත්වයේ පැවතීම ගැන සෙනුරි පුදුම වූවාය. වලව්ව ඉදිරිපස වූ අලංකාර ලෙස මල් වවා ඇති  ගෙමිදුල වලව්වට තවත් ආඩම්බරයක් ගෙන එන්නාක් සේය.මේ සියල්ලම අතරේ වලව්වේ ඇති කිසියම් හුරුපරුදු බවක් ඇගේ සිත වෙලා ගත්තාය.වලව්ව කලින් දැක තිබුනු බවක් ඈට දැනෙන්ට විය.
  කාරය පෝටිපෝව යට නතර කරන විට කමලා විත් සිනාමුසු මුහුණින් දොර ඇරියාය.
“ අපි දැක්ක පුංචි මහත්තයලා එනවා.ඈතින් කාර් එක දැක්කහම මම දැනගත්තා පුංචි මහත්තයගේ කාර් එක තමයි කියලා “
“ හරි මහන්සියි කමලා “
“ නැත්තම් සුළු පටු දුරක්ද ආවේ .බේබිටත් හොඳටම මහන්සි ඇති“
 ඇය සෙනුරි දෙස බලා සිනහවක් පාමින් කීවාය.
“ සෙනූ මේ ඉන්නේ කමලා අර ඉන්නේ පියල් “
“ පියල් කාර් එකෙන් බඩු ටික ගනියි .අපි යමු බේබි ඇතුලට “
  කමලා සෙනුරි අතේ වූ බෑගය ඉල්ලා ගත්තාය.සෙනුරි මේ සියල්ල අතරේ සිටියේ දෙලොවක තනි වෙමිනි.ඇය කමලා පිටුපසින් වලව්වේ දොරෙන් ඇතුල් වනවාත් සමඟම ඇගේ සිත හඳුනා ගත නොහැකි සිතිවිලි වලින් පිරී යන්නට විය.හිස එක්වරම පුපුරන්ට තරම් රිදුම් දෙන්නට විය.ඇය දෙඅතින්ම තම හිස තද කරගත්තාය.
“ අනේ     සම්පත්  “
           ඇයට කිව හැකි වූයේ එපමණකි.

         -මතු සම්බන්ධයි-




23 comments:

  1. ම් .... මොකද වුනේ. ෂික් ඒක නවත්තපු හැටි. ඉක්මනට ඉතුරුවත් ලියන්න.

    ආයිත් පොඩ්ඩක් කියවල බලන්න. චූටි චූටි අඩුපාඩු කීපයක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. අවතාර් තවම මේවට අලුත්නේ අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යමු
      අඩුපාඩු පෙන්නවට තැන්කියු ඈ

      Delete
  2. ඒ කියන්නේ මේ කතාව ආත්ම දෙකක කතාවක්ද..?කොහොම වුනත් අද නතර කලේ නම් හොදම තැනින්..බලමුකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා....

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් කියවලම බලන්නකෝ

      Delete
  3. අඩේ කෙල්ලට මොකද උනේ..... :0

    අවතාරෙට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ ඊළඟ එකෙන්ම බලහන් රජෝ

      Delete
  4. ඇයි අප්පා නැවැත්තුවේ....හා හා ඊලග කොටසත් දාන්නකෝ ඉක්මනටම..ඉ්ක්මනටම එකදිගට කියවන්න දෙනව නම් ෂෝක් හැබැයි..

    ReplyDelete
    Replies
    1. එකදිගට ලියන්න නම් කැමතියි ඒත් ඉතින් කතාව මම හිත හිත ලියන එකක්නේ
      ඊළඟ එක ළඟදීම

      Delete
  5. ඉතිරියත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ළඟදීම ළඟදීම

      Delete
  6. ආ..අවතාර් ඉන්නෙ මෙහෙද?
    ලස්සන කතාවක් වගේ බලමු දිගටම ඇවිත්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ඇවිල්ලා අවතාර්ව බලලා ගියාට

      Delete
  7. අයියෝ සෙනුරිට මොකෝ උනේ කියලා ඉක්මනට දහං මචං...
    ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපිට මොනවා හරි උනානම් වගේ වගක් නෑ මේ කෙල්ලෙක් ගැන හොයන හැටි :-)
      තැන්කූ මචං ඉක්මනට දාන්නම්

      Delete
  8. මේ වගේ කතා මාව බ්ලොග් වලට ඇබ්බැහි කරනවා

    ReplyDelete
    Replies
    1. හිකිසු එල එල

      Delete
  9. araliya7/12/2012

    ayyo......awathar ayye kathawe itiri kotasath ikmanata danna hode....oya hodaine.... :)

    ReplyDelete
    Replies
    1. eka ikmanata danawa kiyamuko
      ethakota mama hodai kiyala kiwwe kawuda?

      Delete
  10. හපොයි කෙල්ල...

    පලි ගැනීමක්ම තමා ඒ නම්..

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතන්නේ ඉතුරුටිකත් බලමුකෝ නෙහ්

      Delete
  11. මේක හරියන්නේ නෑ.. ඉතුරු ටික කියවලා ම කමෙන්ට් කරනවා!!

    ReplyDelete
    Replies
    1. හා හා එහෙනම් ඒක දෙන්නම් ළඟදීම

      Delete
  12. හු හු මං කට්ටයා කතා ටික දානකන් ඉදලා ඔක්කොම කියවනවා එක පාර,මේ දැන් යනවා 3 කියවන්න :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න