Thursday, July 5, 2012

මිලින වූ සඳ | කෙටි කතාව ( පළමු කොටස )

                            තැනින් තැන තාර ගැලවී ගිය පාරේ හෑරුණු වලවල් මඟහරිමින් විටෙක වළවල් මත වැටෙමින් රථය ඉදිරියට ඇදෙයි.පිටත රැහැයි නාදයට අමතරව සෙනුරිට ඇසුනේ කාරයේ රේඩියොවේ සිහින් ස්වරයෙන්  ධාවනය වූ ගීතයේ හඬ පමණකි.
                 
                 මගේ පුංචි රෝස මලේ
                                 මමයි නුඹේ වියපත් බඹරා...............
                 නුඹ හීනෙන්වතත්
                                 නොදකින කුමරා............
                                                          
                                               ඒ ඇයගේ ප්‍රියතම ගීතයයි.සාප්පු සංකීර්ණයේ දී අමරසිරි පීරිස් මහතාගේ ගී තැටියක් මීලදී ගත් හැටි ඇයට සිහි විය.සවස 4 ට පමණ ගමන් ඇරඹූ රථය මේ වන තුරුම නැවතුනේ තැන් දෙකක දී පමණි.ඒ  රාත්‍රී ආහාරය ගැනීමටත් ඇයට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටත්ය.මේ වන විට දැඩි නිදිමතනුත් තෙහෙට්ටුවකුත් ඇයට දැනෙන්ට වූයේ මෙතරම් දීර්ඝ ගමනක් ඇගේ ජීවිතයේ කෙදිනකවත් නොගොස් සිටි බැවිණි.නිදිබර දෑසින්ම ඇය රේඩියෝව දෙස බැලුවාය.වෙලාව රාත්‍රී 9.15 බව රේඩියෝ තිරයේ සඳහන් වී ඇත.
                           

                                        පැය ගණනාවත් ගමන් කර මේ සිටින්නේ කොතැනද කියා වත් ඇය දන්නේ නැත.තමාගේ වයසේ ගැහැණු ලමයෙකුට තරම් තමන්ට අත්දැකීම් හා දැනීමක් නැත යන්න ඇයට කිහිප වරක්ම සිතී ඇත.ඒ කුඩා කාලයේ පටන්ම කොන්වන්ට් එකේ ජීවත් වූ නිසා වන්නට ඇතැයි ඇතැම් විට ඇය සිතුවාය.කොන්වන්ට් එකෙන් පිටවී එන මොහොතේදී අනූෂි , රුවනි හා අමන්දා ඇයව වැළඳගෙන හැඬූ හැටි ඇයට සිහි විය.තමාට මෙලොව සිටි එකම ආදරය කරන පිරිස මොවුන් නොවේදැයි ඇයට සිතිණි.සිස්ටර් මේරි , සිස්ටර් ජෙනීටා, කරුනා අම්මා මතක් වන විට පපුව හිරවන්නාක් මෙනි.මවක ගේ උනුසුමක් නොලැබූ ඇය මවු සෙනෙහස ලැබුවේ කරුණා අම්මාගෙනි.වරක් උන හැදී හොඳටම අමාරු උන අවස්ථාවේ කරුනා අම්මා ඇයගේ ඇඳ ලගින්ම සිට කැවූ පෙවූ හැටි ඇයට සිහි විය.කොන්වන්ට් එකේ සිටි එකම බෞද්ධ කාන්තාවද ඇය විය.කොන්වන්ට් එකේ මුළුතැන්ගෙය බාරව සිටි ඇය නමින් කරුනාවතී වුවත් කරුනා අම්මා නමින් කොයි කවුරුත් ඇයට ඇමතුවේ ඇය ළඟ තිබූ දරු සෙනෙහස නිසා යැයි සෙනුරි දනී.කොන්වන්ට් එකේ සියල්ලන්ටම සමුදී කරුනා අම්මා නැති තැන ඇයව හොයන විට සෙනුරිගේ කාමරයකට වී ඇගේ කුඩා කල ෆොටෝ එකක් පපුවට තද කරගෙන හඬන කරුනා අම්මා දුටු සෙනුරිට තම දෙපා අප්‍රාණික වන සෙයක් දැනිණි.කරුනා අම්මා බදාගෙන ඇති තරම් ඇඬූ හැටි ඇයට සිහි විය.ඒ ඇය තම ජීවිතයේ වැඩියෙන්ම හැඬූ මොහොතයි.
                      
                                                   කොන්වන්ට් එකේ සිටි දරුවන් අතරින් කාගෙත් ආදරය ලබන්නට සෙනුරි කැපී පෙනුනේ ඇය සතුව තිබූ කරුණාවන්ත ගති ගුනත් පියකරු රුවත් නිසාවෙනි.තමන් කුඩා කාලයේ මවත් පියාත් සමඟ ගමන් කල රිය අනතුරට ලක්වීමෙන් පසුව තමන් ව කොන්වන්ටයට බාර වූ බව සිස්ටර් මේරි කිහිප වතාවක් ම ඇයට පවසා ඇත.ඒ අනතුරෙන් සෙනුරි පමණක් නිරුපද්‍රිතව බේරුනේ ඇයගේ වාසනාව නිසා යයි අනතුර වන අවස්තාවේ එතන සිටි පිරිස පවසා සිටිය බවද සිස්ටර් කියා ඇත.කුඩා කාලයේ පටන්ම දෙමාපිය සෙනෙහසේ අඩුවක් නොදැනුනේ කොන්වන්ටයේ පිරිසෙන් ලැබුනු ආදරය නිසාදැයි ඇය නොදනී.“දෙවියන් වහන්සේ ඔයත් එක්ක ඉන්නවා ඔයාට කවදාවත් වරදින්නේ නෑ සෙනුරි .කවදාහරි ඔයාට වාසනාව උදා වෙනවා“ සිස්ටර් මේරි දිනක් ඇය සමඟ කතාබහ කරමින් සිටි අවස්තාවක කීවා ඇයට මතකය.
                                 
                                    මේ උදා වී තිබෙන්නේ ඒ  වාසනාව නොවේදැයි සිතමින් ඇය අසුනට බර දී සිටි හිස මඳක් ඇල කර රියදුරු අසුනේ හුන් සම්පත් දෙස බැලුවාය.ඔහු තවමත් නොනවත්වාම රිය ධාවනය කරයි.නිදිබර බවක් අසලකවත් නොවූ ඔහුගේ දෑස් රියේ එලියෙන් ආලෝකමවත් වූ මාර්ගයට යොමු වී ඇත.අවට තිබූ ඝන අන්ධකාරය නිසා සෙනුරිට ඔහුගේ මුහුණ පෙනෙන්නේ යන්තමටය.උසස් පෙළ අධ්‍යාපනය හමාර කර පරිඝනක පාඨමාලාවක් හදාරා ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කලාය.දිනක් වෙනත් ආයතනයක ව්‍යාපාරික හමුවකට ගිය අවස්තාවකදී අහම්බෙන් ඔහුව මුණගැසිණි.පාසල් කාලයේ ලැබුනු කොතෙකුත් පෙම් ඇරයුම් හමුවේ ඇය නිහඬ වූයේ මවක් පියෙක් නොමැති ඇයට ආදරය කල පිරිසට දුකක් දිය නොහැකි යැයි ඇයට සිතුනු බැවිණි.සම්පත් පැමිණ කතාබහ කල විට අන් කෙදිනකවත් නොවූ මිහිරියාවක් ඇති වූයේ ඇයිදැයි ඇයට තේරුම් ගන්නට අපහසු විය.එතැන් පටන් දළුලමින් වැඩිනු ඔවුන්ගේ ආදරය අවසන් වූයේ සිස්ටර් මේරි ඇතුළු පිරිසගේ අශිර්වාදය ඇතුව යුග දිවියට එළඹීමෙනි.මඳක් නිහඬ චරිතයක් වූ සම්පත් ව්‍යාපාරිකයෙකු වූ අතර නුවර ප්‍රදේශයේ වලව්වක හිමිකරුවක් විය.ඔහුගේ මවුපියන් ද මේ වනවිට ජීවතුන් අතර නොසිටියහ.විවාහයෙන් පසු සම්පත්ගේ වළව්වට පදිංචියට යාමට දෙදෙනාම තීරණය කර සිටියහ.
             
                          “සෙනුරි සෙනුරි නැඟිටින්න අපි දැන් ළඟයි“ සම්පත් ගේ හඬින් සෙනුරි අවදි විය.වටින් ගොඩින් එලිය වැටී ගෙන ගෙයි.තමා සෑහෙන වෙලාවක් නිදා සිටි බව සෙනුරිට වැටහිණි.

        -මතු සම්බන්ධයි-
      

25 comments:

  1. අයියෝ .... මේ ‘මතු සම්බන්ධයි‘ කියන වචන දෙක කාගෙ නිර්මාණයක්ද දන්නෙ නෑ නේද?

    ෆොන්ට් සයිස් එක චුට්ටක් ලොකු කරොත් හොඳ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකේ ඉඳලා ඒ විදිහට කරන්නම් DDT

      Delete
    2. දැන් උනත් ෆොන්ට් සයිස් එක ලොකු කලාට වරක් නෑ.. අනිත් අයට කියවද්දි ඒක පහසුවක් වෙයි

      Delete
    3. onna loku karala balanna gadget ekak damma .

      Delete
  2. අවතාර් කථාව ලස්සනට පෙලගස්සල තියනවා.. ඉතුරුටිකත් ඉක්මනට ඕනේ හරිය..

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉක්මනට දාන්නයි ඉන්නේ

      Delete
  3. :) ඉක්මනට ඉතිරියත් ලියන්නකෝ හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ළඟදීම බලාපොරොත්තු වන්න :)

      Delete
  4. araliya7/05/2012

    lassana kathawak wagei.digatama liyanna hode.onna mamat enawa me kathawa balanna.......

    ReplyDelete
    Replies
    1. aniwaryenma enna .nonimiahasata obawa sadarayen piligannawa

      Delete
  5. නියමයි...ඔහොම යමු

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කූ

      Delete
  6. නියම කතාවක් වගේ ,ඊලග කොටසත් බලමු ඉක්මනින්ම ...,

    ReplyDelete
    Replies
    1. සූන් ඔන් අහසෙන්

      Delete
  7. ශා කෙටි කතාවක්, එල එල අය්යේ :))
    ඊළඟ එකත් දාන්න අපි එනවා...

    ReplyDelete
    Replies
    1. ඕන් එහෙනම් ළඟදීම ඈ

      Delete
  8. කතාව නම් මරු. අකුරු ටිකක් ලොකු කලොත් ඊට මරු

    ReplyDelete
    Replies
    1. loku karana gadget ekkak udin obalai thiyenne.e kiyanne eken wadak nadda?

      Delete
  9. එල එල.... ලියපන් දිගටම

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ අණකි. අනිවා ලියමි

      Delete
  10. එළ ඈ...ඉතුරු ටිකත් දාමු..

    ReplyDelete
  11. කතාව නම් ලස්සනට ගලාගෙන ගියා..ඉතුරු ටිකත් ඔන්න ඉක්මනටම බලන්න ඔනේ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගලපගත්තු ගමන් දානවා

      Delete
  12. mata me kathava miss una itin onna ada idan kiyavanna gaththa
    ithuru tikath kiyavannam hemihita
    patan gathyha vidihata kaathaava sirqa

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න