Wednesday, August 29, 2012

රාත්‍රියේ ඇසුන කෙඳිරිලි හඬ | මිලින වූ සඳ (7 කොටස)

                                   තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          

                       මහ රාත්‍රියේ ඇය කිසිවකුගේ ආමන්ත්‍රණයකින් හදිසියේ අවදි විය.කටහඬ පැහැදිලි නැති නමුත් එය පිරිමි කටහඬක් බැව් සෙනුරිට වටහා ගත හැකි විය. පහත මාලයේ සිටින කමලා හා පියල් අවදි කරවන්නට ඇයට සිතුනද ඔවුන්ව අවදි නොකරම කටහඬ පිළිබඳ විපරම් කිරීමට ඇය සිතා ගත්තායඇය කටහඬ ඇසෙන දෙසට පියමැන්නාය.කටහඬ ඇසෙන්නේ ඉහල මාලයේ කෙලවරින් බව ඇයට තේරිනි.ඒ දෙසට තව තවත් ළං වන විට ඇයට ඒ හඩ පැහැදිලිවම ඇසෙන්නට විය.
      “ සුදු මැණිකේ ...............සුදු මැණිකේ ...................“
                  විටෙක ආදරයෙන් කතා කරන්නාක් මෙන්ද විටෙක කෙඳිරිල්ලක් මෙන්ද ඇසෙන හඬට සවන් යොමාගෙනම ඇය ඒ දෙසට ගමන් කලාය.තම හිතට කිසිම බයක් නොදැනීම ගැන ඇය පුදුම වූවාය.හඬ ඔස්සේ පැමිණි ඇය තවදුරටත් ගමන් කල නොහැකිව නැවතී පුදුමයෙන් බලා සිටියාය.හඬ ඇසෙන්නේ අගුලු දමා ඇති කාමරය තුලිනි.එකවරම වේදනාවෙන් කෑ ගහන ගැහැණු කටහඬක් හීන් ස්වරයෙන් ඇසිණ.සෙනුරි ඒ ශබ්දයෙන් තිගැස්සී පිටුපසට වනවාත් සමඟම ඒ අසල ටීපෝවක් මත තබා තිබුනු වීදුරු මල් බඳුන ඇගේ ගතේ වැදී බිම වැටී මහ හඩක් නඟමින් බිඳී ගියේය.
                       ඒ සමඟම කාමරය තුලින් නික්මුනු හඬද අවසන් විය.ඇය කිසිවක් සිතා ගත නොහැකිව තුෂ්ණිභූතව බලා සිටින අතරේ විදුලි පහන් දැල්විණි.
“ බේබි මම සද්දේ ඇහිලා ආවේ මොකද උනේ ? “
 “ න්නෑ කමලා මට සද්දයක් ආවා මම ඒක බලන්න ආවේ “
“ හත් දෙයියනේ බේබි කකුලෙන් ලේ එනවා නේද ? “

             එවිට තම දෙපා දෙස බැලූ සෙනුරිට බිඳුනු මල් බඳුනේ වීදුරු කටුවක් ඇනී කකුලකින්  ලේ ගලනු පෙනිණි.කමලා ඇය අසලට පැමිණ ඇයව වත්තන් කරගෙන සාලයේ සෙටියෙන් ඉන්දවීය.කමලාත් පියලුත් ලහි ලහියේ ප්‍රථමාධාර පෙට්ටිය ගෙනවිත් ඇගේ කකුලට බෙහෙත් දමන්නට විය.නමුත් සෙනුරිට තුවාලයේ වේදනාවක් නොදැනිණි.ඇය දිගින් දිගටම මීට මොහොතකට කලින් ඇසුණු හඬ ගැන කල්පනා කලාය.කොන්වන්ට් එකේදී යහළුවන් කරන කුඩා විහිළුවකටත් ඇස් රතු කරගෙන ඇඬූ එතරම් මුදු මොලොක් සිතක් හිමි තමන්ට මේ තරම් දෙයක් දරාගන්නට හයිය කෙසේ ලැබුනාදැයි ඇයට පුදුම සිතිණි.
“ රිදෙනවද බේබි “
               පියල්ගේ හඬින් ඇය පියවි සිහියට එළඹියාය.කමලා සෙටිය පාමුලින් වාඩිවී තුවාල වූ කකුල ඇගේ උකුල මත හොවා ගෙන සිටියි.සෙනුරිට කමලාත් පියලුත් ගැන දුක සිතිණි.
“ මට අමාරුවක් නෑ කමලා ඔයාල ගිහින් නිදාගන්න මමත් නිදා ගන්න යන්නම් “
              කමලාගේ ත් පියල්ගේත් වාරුව ඇතිව ඇය නිදන කාමරය වෙත ගියාය.කලින් වේදනාවක් නොදැනුනත් මඳ වෙලාවක් යනවිට  තරමක වේදනාවක් සෙනුරිට දැනිණි.ඇය නිදාගැනීමට උත්සාහ කලත් පිලිතුරු නැති ප්‍රශ්න රැසක් ඇගේ සිත තුල දෝංකාර දෙමින් තිබිණි.මේ වෙලාවේ සම්පත් හිටියානම් ඇයට සිතිණි.කුඩා කාලයේ පටන්ම ඇය හුරුපුරුදු වී සිට තනිකම පාළුව නැවතත් ඇයට දැනෙන්ට විය.
                    තරමක වේදනාව නිසාදෝ සෙනුරි පසුදා මඳක් කලින් අවදි විණී.මුලින් තුවාලයේ වේදනාවක් නොදැනුනත් ඇවිදින විටදී වේදනාකාරී බව තරප්පු පෙල බහින අවස්ථාවේ ඇයට වැටහිණි.ඇය මුළුතැන් ගෙය දෙසට පිය නඟන විට කමලාත් පියලුත් උදෑසන ආහාරය පිලියෙල කරමින් සිටියහ.
“ දැන් කොහොමද බේබි කකුල ? “
“ දැන් ඒ තරම් අමාරුවක් නෑ කමලා “ ඇය අසල තිබූ පුටුවක හිඳ ගනිමින් පැවසුවාය.
“ ඇත්තට  බේබි ඊයේ රෑ මොකද උනේ ? “
“ කමලට සද්දයක් ඇහුනේ නැද්ද ? “
“ මල් වාස් එක බිමට වැටෙන සද්දේ ඇහිලා තමයි මම උඩට ආවේ  “
“  නෑ නෑ ඊට කලින් “ 
“ කිසිම සද්දයක් ඇහුනේ නෑ බේබි “
“ කමලාට නින්ද ගිහින් නිසා ඇහෙන්න නැතුව ඇති “
“ නෑ බේබි ඊයේ මගේ ඔලුව පොඩ්ඩක් රිදි රිදී තිබුන නිසා නින්ද ගියේම නෑ.වාස් එක බිඳෙන සද්දේ ඇහෙනකොටත් මම ඇහැරිලා .පියල් නම් එවෙලෙත් ගොර ඇද ඇද නිදි .බොහොම අමාරුවෙන් තමයි කූද්දගෙන ආවේ.එහෙම නොවුනනම් මම ඊට කලින් උඩට එන්නේ “
               පොල් ගාමින් සිටි පියල් පොල් බෑව අතේ තබාගෙනම අසරණ ලෙස සිනාසුනි.කමලාටත් පියල්ටත් නොඇසුණ තමන්ට පමණක් ඇසුන ඒ හඬ කුමක් විය හැකිදැයි සෙනුරි කල්පනා කලාය.
“ කමලා මොනවද දන්නේ අර වහලා තියෙන කාමරේ ගැන “
“ කොයි එකද අර කෙලවරේම ලොකු ඉබ්බෙක් දාලා තියෙන එකද ? “
“ ඔව් අර මම ඊයේ රෑ හිටිය තැන කාමරේ “
“ සේදිරිස් කියපු විදිහට නම් බේබි ඔය ඉබ්බගේ යතුර ඒ කාලේ ඉඳන්ම නැති වෙලාලු .වලව්වේ මුල්ම අයිතිකාරයෝ ඔය කාමරේ ගබඩා කාමරයක් විදිහට පාවිච්චි කරන්න ඇතිලු.තියෙන්නෙත්  කෙළවරක හින්දා මම වැඩිය උනන්දු උනේ නෑ  ඔය කාමරේ ගැන “
            සෙනුරි මුළුතැන්ගෙයින් එලියට විත් උඩු මහල දෙසට පියමැන්නේ පෙර දින රාත්‍රියේ තුවාල වූ කකුල මඳක් වේදනා දුන් නිසා විවේකීව සිටින අදහසිනි.
                    

18 comments:

  1. අනෙ අම්බෝ හොම්මං..

    ReplyDelete
    Replies
    1. හොල්මන්මත් නෙවේ

      Delete
  2. araliya8/29/2012

    avathar ayye oyada eke holman karann inne?

    ReplyDelete
    Replies
    1. අවතාර් හොල්මන් වැඩ වලින් ඉවත් වී ඇත :)

      Delete
  3. ඊළඟපාර වහපු කාමරේ ඇතුල බලමු. දැන් නම් කුතුහලය එන්න එන්නම වැඩි වෙනව.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසෙන් බලමු ඈ

      Delete
  4. හොල්මන් වෙනවා අප්පා !

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා බන් අවතාර්ගේ ඒරියා එකනේ

      Delete
  5. ඒ පාර හොල්මන් ඇවිල්ලද

    ReplyDelete
  6. Anonymous8/30/2012

    මම හොම්මං වලට බයයි

    ReplyDelete
    Replies
    1. අවතාර්ගේ අඩවියේ බැවින් හොම්මං වලට බිය විය යුතු නැත

      Delete
  7. Anonymous8/30/2012

    නියමයි කතාව..කුතුහලෙත් සමගින්ම ඉදිරියට..:)

    ReplyDelete
  8. හොල්මනුත් ඇවිත්,අවතාර් කතාවක් වෙන්න වගේ යන්නේ,මුල් ටික නම් එක දිගට කියෙව්වා මේකේ ඉතුරු ටික එනකන් දැන් බලන් ඉන්න එපැයි :)

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇති යන්තම්.මඩය ඉන්නවා නේ. මම හිතුවේ උඹ වැටිලා ඇති කියලා මෙලහකට පෝස්ට් අස්සේ දුවලම

      Delete
  9. ම්ම්ම්... පෙර ආත්මයෙන් කතා කරනවා වගේ.. මේ කොටස මට මඟ ඇරිලානේ.. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න.. ජය වේවා..

    ReplyDelete
  10. අද තමයි මේක බලන්න අහු උනේ...මටත් දැන් හොල්මන් වගේ.. ;)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න