Sunday, June 17, 2012

මම හොල්මනක් නොවෙමි (Who Am I ?)

                     මේ දවස් වල හොල්මන් සයිබරේ ආක්‍රමනය කරලා.දවසට කොහේ හරි ගොඩවෙන බ්ලොග් එකක අනිවා හොල්මනක් ඉන්න නිසා අවතාරුත් හිතුවා හොල්මන් එකක් ලියන්න.හැබැයි මේකට බය වෙන්නේ  නෑ.මේ යක්කු ගස් යන වෙලාවේ හොල්මන් ගැන වැඩි විස්තර කරන්න ගියොත් මාවත් හොල්මන් වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන වැඩි විස්තර ඕනේ නෑ.
                           මම කවුද? ඒ කියන්නේ නොනිමි අහස ලියන මම කවුද? ඒක තමා අද ලියමනේ ප්‍රධාන මෙව්ව එක.මම ත් එසේ මෙසේ වැඩ්ඩෙක් නොවන විත්තිය මේක කියවලා ඉවර වෙද්දි තේරෙයි ඕං ඈ.හිකිස්..තව මෙව්ව එකක් තමා ගොඩක් දෙනා නොදන්න දෙයක් කියා දීම සහ රසවත් දෙයක් බලන්නට දීම.

                              මම බ්ලොග් වලට අත පොත තියලා ඉස්සරලම බ්ලොග්  ලියන්න ගත්තේ ලොකු අදහසකින් නෙමෙයි.ඇත්තම කියනවනම් බ්ලොග් කියෝලා ඇති වෙච්ච ආසාවට.එහෙම පටන් ගත්තු බ්ලොග් එක මේ වෙද්දි දින චරියාවෙන් කොටසක් වෙලා ඉවරයි.නැත්තම් විබාගෙට සතියක් තියල නිදි මරාගෙන ලියයි යැ.මේ හරහා ඇඳින ගත්ත පිරිස ලබන සතුට ඒ ගැන ලියන්න ගියොත් පොස්ට් එකකුත් මදි ලියන්න.ඒ ගැන ළඟදිම එන මගේ ශතක බාගේ දවසට ලියන්නයි ඉන්නේ.අර කිව්ව වගේ ඉස්සලේලම මම බ්ලොගි ලියන කාලේ මම ලිව්වේ මගේ ඇත්තම නම ඒ කියන්නේ සිරි ලංකාවේ වලංගු හැදුනුම් පොතේ තියෙන නමින්.එහෙම ගිහිල්ලා බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි උනාට පස්සේ (ඒ වචනේ ගැලපෙනවා) මාරයගේ,අඩවි රජාගේ ,රොබින් අයියලගේ ,ක්සැන්ඩර්ලගේ , මී ගොඩයාගේ තව එකී මෙකී නොකී අයගේ බ්ලොග් වැඩ කිඩ දැකලා අවතාර්ටත් සිත් වෙනවා ආදේස නමකින් බ්ලොගිය ගෙනියන්න.එහෙම කියලා ඔහේ හිතට එන නමක් දාන්නද.
                                       එහෙම හිතන කොට නම් හතර පහක් අතරේ “අවතාර්“ කියන එකත් මීටර් උනා.අවතාර් කියන එකේ සුට්ටං හුරුබුහුටි ගතියක් තියෙන හින්දා පස්සේ තව ටිකක් ඒ ගැන හිතල බැලින්නම් අවතාර් කියන්නේ ත් එසේ මෙසේ එකෙක් නෙවෙයිනෙ බොල. හුලඟ,  පස් , ගින්දර , වතුර කියන හතරම පාලනය කරන්න පුළුවන් වැඩ්ඩෙක්.එහෙම උන් ඉන්නේ මුලු ලෝකෙටම එකයි ඕං.එහෙම එකෙක් මගේ බ්ලොගියට ගේනවා කියන්නේ ඉතින් කාටද ආඩම්බර.පොරට බ්ලොගේ නමත් ටිකක් ගැලපෙන හින්දා ආය දෙපාරක් නොහිතම මම අවතාර් උනා.ඒ කියන්නේ ඉතින් මහ ලොකු දෙයක් උනේ නෑ ගූගල් දෙයියා ගාවට ගිහින් උන්දැ ගාව තියෙන ලියාපදිංචි පොතේ පරන නම ඒ කියන්නේ ඇත්ත නම අවතාර් විදිහට වෙනස් කොර ගත්තා.
                           ඔය ඉන්නේ වැඩ්ඩා වගේ අතත් බිමට තියාගෙන.ඇස් දෙක තියෙන විදිහට හිතන්න එපා මූ පොට්ටයි කියලා.මේ වැඩ කෑල්ලක් දාන්න යන වෙලාවක අර බලේද මොකද්ද ඇවිල්ලා.
                                ඊළඟට කියන්නං මේ කියන අවතාර් ගැන ඒ කියන්නේ මං ගැන ජනප්‍රවාදයේ එන කතාව.කැමති අය කියවගෙන යන්න.නැති අයත් කියවගෙන යන්න.අවතාර් කියන්නේ අවසන් වායු දමනකයා කියන එක.ඒ කියන්නේ අනික් එව්වා තුනත් පාලනය කරන්ඩ පුළුවන් කම තියෙන එකම එකා.මොකාද මේ දමනකයා කියන්නේ.ඒ කියන්නේ මොකක් හරි පදාර්ථයක් පාලනය කරන්න හසුරවන්න පුළුවන් කෙනෙක්.ඒක කරන්න පුලුවන් වෙන්නේ හිත සන්සුන් කරගත්තාට පස්සේ චිත්ත ශක්තියෙන්.වායුව දමනය කරන්න පුළුවන් එකයි ලෝකෙට ඉතුරු වෙන්නේ.ඒ කියන්නේ වායු,භූමි ,වතුර , ගින්දර ( ආපෝ තේජෝ වායෝ පඨවි කියල ඉගෙනගත්තා දහම් පාසලෙන්.සූටි කාලෙ දහම් පාසල් ගිය අයට මතක ඇති) පාලනය කරන්න පොරට පුළුවන්.
                 මට වැඩිය හොඳට මේක විස්තර කරලා තියෙනවා Teshan සහෝදරයා ඔහුගේ tee දුටු ලොව කියන බ්ලොග් එකේ.ඒක මෙතනින් බලන්න.
 තව මේ කියන දේ බෞද්ධ ධර්මයත් එක්ක බැඳෙන හැටි ලියපු ලියමනක් ඒ බ්ලොගියෙම තිබිලා මට හම්බ වුනා.කැමති අය මෙතනින් බලන්න.
                             ඉතින් මේ  අවතාර් කියන චරිතේ ගැන පොත් පත් ලියවුනාට පස්සේ ඉස්සරලම නිර්මාණය වුනේ ලමා කාටූන් සෙට් එකක්.කොටස් තුනකින් තමා එලියට දැම්මේ.ඊට පස්සේ 2010 ජූලි මාසේ විතර අවතාර් ගැන ලියවෙච්ච පලවෙනි පොතේ කතාවෙන්  The Last AirBender  කියලා චිත්තරපටියක් හදනවා.

                         අධ්‍යක්ෂණය අපේ අල්ලපු රටේ ඇත්තෙක්ගේ.ඔය පහලින්  තියෙන්නේ ඔබ නලේ තියෙන චිත්තරපටියේ පෙර ප්‍රචාරක වීඩියෝ එක. මේ කියන චිත්තරපටිය ගැන මෙමරිය ටියුබ් ලයිට් නම් ඔය වීඩියෝ කෑල්ල බලලා මතක් කරගන්ඩ.චිත්තරපටිය හොඳයි නම් බලනවා හොඳද දන් නෑ කියලා ෂුවර් නැති අය ඒත් මේ වීඩියෝ එකම බලලා ඒක තීරණය කරන්න.
                           මම බලපු හොඳ චිත්තරපටියක්.මම කොහොමත් ඔය ඇඩ්වෙන්චර් පිලිම් වලට ටිකක් වැඩිපුර කැමතියි.ඔන්න අවතාර් කියන හින්දම බලන්න කැමති අය ඉන්නවනම් යට තියෙන ලින්කු වලින් බා ගන්න.             ටොරන්ට් යන්තරේ බාවිතා කොරලා බාන කස්ටිය මෙතනින් බා ගන්න.සිරි ලංකාවේ ඉපදිලා සිංහල නැතුව චිත්තරපටි බලන් නෑ කියන උදාර චේතනාවෙන් ඉන්න අය  සබ් ෆයිල් එක මෙතනින් ගන්න.                ඔපීසි වල ලොක්කට හොරෙන් ජාල ගතවෙන අය බබා ඉන්ඩ වෙලාවක් නෑ කියලා හිතෙනවනම් ෂේප් එකේ මෙතනින් ගිහින් බලන්න.                            එහෙමත් නැත්තම් චිත්තරපටිය බලන්න ආසයි හැබැයි ජාල ගතවෙන්නේ අවතාර් වගේ මෙගා 10 100 කෑලි වලට නම් මෙතනින් ගිහින් චිත්තරපටියේ IMDb බලලා හිත හදා ගන්ඩ.                  ඔන්න එහෙනම් අවතාර් කියන්නේ නොනිමි අහසට අහසින් පාත් වේච්ච එකෙක්වත් හොල්මනක් වත් නෙමෙයි කියලා කස්ටියට මීටර් උනානේ.( මීටර් උන උන් ආයේ මට හොල්මන නොකියා ඉඳිල්ලා........හිකිස්..) එහෙනම් හොල්මනක් නෙමෙයි මේ බ්ලොගේ ලියන්නේ කියලා හිතලා බ්ලොගේ ට පලෝ පාරක් දාගෙනම යන්න කියලා අවතාර් අන කරනවා.ඒ වගේම මොනාහරි ලියලා යන්නත්.දැන් හිතන්න එපා මූත් අඩවි රජා වගේ හැමදේටම අණ කොරනව කියලා.දන්නෙ නැද්ද ඉතින් එක පොස්ට් එකකට හරි රජකම හම්බෙනවා නම් අර කටුස්සාගේ කරේ මොනාද බැන්දා වගේනෙ.

29 comments:

  1. නොනමින් බ්ලොග් ලිවිල්ලෙ වාසි වැඩියි. අවතාර් කලඑක හොඳයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාජ් අයියේ මේ පැත්තේ ඇවිත් ගියාට

      Delete
  2. මම කවදද බූතයෝ උඹලට අණ කලේ... :-)))

    ඒ මම ආයේ හොල්මන් කතාවක් දාලා උඹලව බය කරනවා.... ඉදපල්ලකෝ.... :/

    අඩෝ The Last AirBender නම් පට්ට නේ... දෙවනි එක ලගදි එනවා කියන්නේ.. මම මේ ඇගිලි ගැන ගැන ඉන්නේ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගැත්තාට සමාව දියන් රජෝ
      ඔව් පට්ට ෂෝ එක මම හිතන්නේ අවතාර් කොලුවා භූමිය දමනය කරන හැටි ඉගෙනගන්න යන එක ගැනයි ඊළඟ පිල්ම් එක හදලා තියෙන්නේ

      Delete
  3. අවතාර්... අවතාර්...අවතාර්...ඇවටාර්

    ReplyDelete
  4. අනේ මන්දා මොනවා කියන්නද කියලා උබට හොදා නම් අපිටත් හොදයි
    ජය වේවා.

    ReplyDelete
  5. හැක්... හැක්...ඔහොම කියනවනම් ඉතින් එල කිරි තමා

    ReplyDelete
  6. අඩේ මේ මාත් ආසම ෆිල්ම් කට්ටක්නේ....
    මේ උඹ අවතාර් උනාට කමක් නෑ ඔය අනං මනං ඒවා කරලා අපිව බය කරනව එමෙ නෙවෙයි ඕං...

    ReplyDelete
    Replies
    1. අනේ මේ මොනා කියනවද තරූ අවතාර් වෙනද වගේම අහිංසකයි ඕන්

      Delete
  7. Anonymous6/17/2012

    හහ්..අවතාර් කියන්නෙත් ලේසි පාසු නැ නේද ගොයියෝ..

    ReplyDelete
    Replies
    1. අක්කට හරි ඉතින් ඒක තේරුනාන් කොච්චර එකක්ද

      Delete
  8. අප්පේ.. මගේ නමත් තියනවා. මම බැලුවා ඔය ෆිල්ම් එක. පට්ට.. පොස්ට් එකේ මට අල්ලලා ගියා අර වැඩ කෑල්ල දාන වෙලේ තියන ඇස්දෙක..

    ඔහොම යමු.. විභාග අනාගන්නේ නැතුව හෙමින් හෙමින් ඒත් ස්ථාවරව..

    ReplyDelete
    Replies
    1. tanx......tanx....
      Exam gana mathak weddi nam poddak withara paththu wenawa.

      Delete
  9. පට්ට ෆිල්ම් එකක් තමා මේක ,
    අන්වර්ථ නාමයකින් පෙනී ඉන්න කොට තමා ගති

    ReplyDelete
    Replies
    1. ekane.thama podi api yanne ayyalage pare.

      Delete
  10. මමත් නොනිමි අහසට ගොඩ වැදුනේ මේ අවතාර් කවුද බලන්න...දැක්කම බයත් හිතෙනවා...ඒත් ඉතින් අහිංසකයි කියලා අවතාර්ම කියන නිසා බය නැතිවම ටිකක් සැරි සැරුවා....

    ReplyDelete
    Replies
    1. mokatada baya wenne.ona welawaka yanna enna puluwan.

      Delete
  11. මමත් බැලුවා ඔය චිත්‍රපටිය..හොඳයි..හැමෝම ලියන්න ඉස්සර කරන්නෙ කියවන එක..ඊට පස්සෙ ලියන්න පටන් ගත්තහම හිතා ගන්න බැරි තරම් ගොඩක් තියෙනවා ලියන්න..හැබැයි විභාගත් කර ගන්න හොඳට..ඊට පස්සෙ ආයි ලියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. aththatama weni ayye mama patan gaddi hituwe kohomahari liyanawa kiyala passe thama terenne meka jeewiten kotasak wela kiyala

      Delete
  12. මේ පැත්තේ ආවේ ඔන්න අදම තමා.අවතාර් කියද්දි ටිකක් බය හිතෙනවා ටිකක්.
    ඔය චිත්තරපටිය නම් නියමයි.ආසවෙන් බැලුවා මාත්

    ReplyDelete
    Replies
    1. onna ehenam hamadama enna avathargen arayumak.

      Delete
  13. මමත් හා හාපුරා කියල අද තමයි මේ පැත්තට ගොඩ උනේ.. කාලයක් කියව කියව ඉදල ලියන්න කියල පටන්ගත්ත විතරයි. බොලොග් කෙරුවාවට නම් තාම කිරිසප්පය..
    ගින්දර පස් වතුර වාතය වගේම බොලොග් කෙරුවාවත් හොදින් පාලනය කිරීමට ලැබේවා..
    අවතාර්ට ජය..

    ReplyDelete
    Replies
    1. avathar wadak kaloth ehema thama.
      Bandatath jaya wewa !

      Delete
  14. මේක මගේ ආසම කාටුන් එකක් බොලේ... වෙලාවට උඹ මේ ඇවටාර් වුනේ.ඇවටාර් ඇන්ග් වගේ උඹත් අගට නමක් දාගනින්....

    ඇවටාර් 2 එකේ ඉන්නේ කෙල්ලෙක් ඒකි ඇවටාර් කෝරා...

    කාටුන් එකේ තිබුනු ගතිය මේ ෆිල්ම් එකේ කාලා මට නම් සෑහෙන්න අප්සට් හිතුනා...

    රජාගේ බ්ලොගේ ලින්කුවකින් ආවේ.... දිගටම ලියහං ජය වේවා ඈ

    ReplyDelete
  15. avatar welath mata nam cartoon eka balanna une na balanna kiyalai inne .
    Oya linkuwa kiyanne ara rajata mama mada gahuwaya kiyana ekane.hane ithin ahinsaka avatar kollata raja kiyana ewa.

    ReplyDelete
  16. අනේ අවතාරයො....

    ReplyDelete
  17. Anonymous9/09/2012

    මම මේ කතාව හැමෝගෙම කොමෙන්ට්ස් වල දන්නා හිතුවේ මම මේක මාරයාගේ එකේ දැම්ම මිනිහ ඇත්තට බය නිසා කොමෙන්ට්ස් එක මකල දල සද්ද වහල හිටිය. මේ කතාවේ ඇත්ත හොයා ගන්න ඕනි නම් ලිපිනය අංකය 70 වගේ තමයි මම හිතන්නේ වැව පාර, වැබොඩ නුවර පාරේ නුවර පැත්තේ ඉදන් කඩවත පැත්තට යනකොට කඩවතට කිට්ටුව ඉදිගහමුල හන්දියෙන් හැරිලා යන්න. මාරයාගේ පොස්ට් වලින් 99.9% කම බොරු. රන්ගි ගැන ඇත්ත කතාව රන්ගි කියන්නේ පුංචි අම්මගේ දුව මරය නිසා ප්රෙග්නනට් උන. කට්ටිය එකතු වෙලා වෙන කෙනෙක්ගේ කරේ එල්ලලා බේරුනා. ඇත්ත එලි වෙනකොට ඒ හැම දෙයක්ම ඉවර උන. අම්ම ඒ ගැන හෙව්වේ නැත්තේ අයි කියල කට්ටිය අහල තියෙනවනේ. අම්ම කියන්නේ අංක එකේ බඩුවක්, තරුණ වයසේදී පොඩි උන් දෙඑකුඉ මිනිහයි දල වයස වැඩි කෙනෙක් එක්ක පැනල ඇවිත් තමන්ගේ ඕන එපා කම් පිරිමහ ගන්න ගමේ ඕනෑම කොල්ලෙක් රවට්ටපු අංක එකේ අම්මණ්ඩි කෙනෙක්. ගමේම ඉන්න හොඳ සල්ලි කරයෙක්ගේ ස්පෙයා වීල් එක කියල ගමේ හැමෝම අදටත් හොඳටම දන්නවා. අම්ම රට ගියේ මේ මිනිහගේ ඕනි එපා කම් වලට. මරය කියන්නේ පිළිකාවක් නිසා පපුව ඔපෙරේසන් කරලා ඉන්න ගනියෙක්ගේත් පපුවේ අනිත් පැත්ත මිරිකලා අතල් ගන්න හදපු අංක එකේ වලත්තයෙක්. මල්ලි කියන්නේ සුදු කැප්ටන් කෙනෙක් ඒ වගේම නම්බ වන කසිප්පු මුදලාලි. තව විස්තර ඕනි නම් ලිපිනය තියෙනවනේ කට්ටිය එකතු වෙලා හොයා ගන්න. මරල කුණුහරප කොමෙන්ට් ගැන කිව්වට මේ කොමෙන්ට් එක ගැන කතා නැහැ නේද. මම කොමෙන්ට් කරනවා ඌ මකනවා.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න