ඔහු තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය.
“9.50 යි තව විනාඩි 10 කින් විතර එයා එන්න ඕනා“ ඔහු තමාටම කියා ගත්තේය.හරිනම් දෙදෙනාම එකම වෙලාවට පැමිණිය යුතුව තිබිනි.තමා වෙලාවට ඔනෑවටත් වඩා කලින් බවද ඔහු දනී.නමුත් එය ප්‍රමාදයකින් හෝ අතපසු වීමකින් හෝ සිදු වූවක් නොවේ.ඒ සියල්ලම ඔහු කලින් කල සැලසුම් වලට අනුව සිදු වූවකි.
තව මොහොතකින් උදා වෙන්නේ මෙතෙක් කල් දුරකථනය හරහා ඇතිවු ආදරයකට නැවත පන පෙවීමකි.දුරකථන රැහැන් ඔස්සේ මියුරු කටහඩින් ඇමතූ ඇයව දෑස් වලින් දැක සපථ කරවා ගැනීමට ඔහු තීරණය කලේ දැනට දවස් කීපයක ට ඉහත දීය.ඒ අනුව නොදුටු ආදරය දකින්නට ඔහු තොරාගත්තේ ළඟම නගරය වන කුරුණෑගල බස් නැවතුම්පලයි.උදෑසන 10 වන විට බස් නැවතුම අසල බෝ ගස අසලට පැමිණෙන ලෙස ඇයට පවසා සිටියද 9.30 වන විට එම ස්ථානය පෙනෙන මානයේ බස් නැවතුම් පල ඉහල මාලයකට වී සිටීමට ඔහු තීරණය කලේ කලින් ලබා තිබූ අත්දැකීම් කීපයක් මතකයට නගා ගනිමිනි.මෙවැනි හමු වීමක පලමු අත්දැකීම නොවුනත් තරමක චකිතයක් ඔහුගේ සිත වෙලාගෙන තිබුනේ අන් ලඳුන්ට වඩා ඇයගේ වදන් ආදරය සවිමත් තත්වයක තිබූ නිසාවෙනි.දුරකථනයේ නාදයෙන් ඔහු සිහින ලොවින් මිදින.
“අයියේ මම තව විනාඩි 5 කින් ස්ටෑන්ඩ් එකේ“
ඇය සුපුරුදු හුරතල් වදනින් පවසයි.
“හරි ඔයා බෝ ගහ ළඟට එන්න මම එන්නම්.ඔයා මොකද්ද ඇඳලා එන්නේ ?“
ඇය වෙත ප්‍රශ්නාර්තයක් තැබුවේ ඇයව දුර තියා හඳුනා ගැනීමට එය රුකුලක් වන බැවිනි.
“අයියේ මම කහ පාට සල්වාර් එකක් ඇඳලා ඉන්නේ “
ඇගෙන් පිලිතුරු ලැබිණි.ඔහුගේ උකුසු ඇස් යොමු වී තිබුනේ බෝ ගස අසල ප්‍රදේශයටයි.එතැනින් ගමන් ගන්නා තරුණ ළඳුන් ව සිතින් තමන්ගේ සිහින රුවට ඈඳා ගැනීමට ඔහු වෑයම් කලේය.
“නෑ එයා මීට වඩා ලස්සනයි“ තරමක් සුරූපී තරුණියක් දුටු විගස ඔහු තමන්ටම කියා ගත්තේය.
මොහොතකින් අතැති දුරකථනය නැවතත් නාද විය.
“අයියේ මම ඇවිල්ලා ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ?“
ඇය ඔහුගේ නෙත් මානයට පැමින ඇත.
“ඔයා කොතනද ඉන්නේ ?“ කුහුලින් යුත් සිතින් ඔහු ඇසුවේ බෝ ගස අසල පෙදෙසට නෙත් යොමු කරමිනි.
“හරි මම දැන් එතනට ආවා“ එවිට යලිත් හිස ඔසවා බැලූ ඔහු දුටු දෙයින් නිරුත්තර විය.දුරකථනය ඉබේටම විසන්ධි විය.බෝ ගස පාමුළ පාරේ ජංගම දුරකථනයක් කන රුවාගෙන සිටින යුවතියකි.කහ පැහැති සල්වාර් ඇඳුමකින් සැරසී සිටි ඇයගේ ඇඳුමේ පාට එතරම් කැපී පෙනුනේ ඇගේ සිරුරේ වර්ණය නිසා විය යුතු යයි ඔහුට සිතිණ.කාල වර්ණයෙන් යුතු ස්ථුල සිරුරක් හිමි ඇගෙන් ඔහුට වඩා දෙගුණයක වයැසැති බවක් දක්නට ලැබිණ.මෙතෙක් වෙලාවක් සිතේ සක්මන් කල සුරංගනාව මැගෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද?ඒ ඇයම බව පසක් කර ගැනීමට ඔහුට වෙනත් කිසිවක් උවමනාද නොවිණි.මෙතෙක් දවසක් මියුරු කටහඬකින් ඔහුගේ සිතේ ආදරයක් ජනිත කලේ ඇයද?
ඇය එතරම් ලස්සන නොවන බව වතාවක් දෙවතාවක් පැවසූ අන්දම ඔහුට සිහිපත් විය.නමුත්කෙතරම් ලස්සන තරුණයක් වුවත් එසේ පවසන බව ඔහු දන්නා නිසා එවෙලාවට ඔහු කලේ විහිළුවකින් එයට පිලිතුරු දීමයි.නමුත් දැන් දෑස් ඉදිරිපිට ඇත්තේ කිසිසේත් බලාපොරොත්තු නොවූ සත්‍ය නොවේද?කොතෙකුත් රාත්‍රී නිදි හෝරා වැය කරගෙන මෙතරම් අලංකාර උපමා ආදේශ කලේ මැයගේ රුවටද?මෙතෙක් වෙලා සිටගෙන සිටි ඔහුගේ දෙකකුල් අප්‍රාණික වන සෙයක් ඔහුට දැනිණි.ඔහු අසල තිබූ කොට බිත්තියට හේත්තු විය.බස් රථ වලින් නැඟෙන රළු නළා හඬ හදවත පසාරු කරගෙන යන සෙයක් ඔහුට දැනිණි.ඒ සියලුම හඬවල් ඔහුට දැනුනේ තමන්ගේ ආදරයට කරන සමච්චලයන් මෙනි.
දැන් කල හැති දෙයක් නැත.දෛවය විසින් ඔහුට විහිළුවක් කර ඇත.උදා වී ඇති ප්‍රශ්නයෙන් ගැලවීමට අවසානයේ ඔහුට අවශ්‍ය වී තිබිණි.තමන්ව මෙවන් අපහසුතාවයකට ඇද දැමූ ජංගම දුරකථනයෙන්ම ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතුය.ඔහු ඩෙනිම් සාක්කුවෙන් තම ජංගම දුරකථනය එලියට ගනිමින් එයට සිතින් දොස් තැබුවේ හුදෙක් ඔහුව අපහසුතාවයකට පත් කිරීම ට රුකුලක් වූ නිසාම නොවේ.මෙවන් අපහසුතා ඔහුට ජීවිතයේ දී අනන්තවත් ලැබී ඇත.අසරණ කෙල්ලෙකුට අහස උසට බලාපොරොත්තු දීමට සිත් පිත් නැති දුරකථනය රුකුලක් වී ඇත.ඇයගේ සිතේ දළුලමින් තිබූ මහමෙරක් වූ බලාපොරොත්තු ඔහුට ඇයගේ වදන් හරහා මැනවින් ප්‍රත්‍යක්ෂ වී තිබිණි.ඔහුගේ සිතෙහිද බලාපොරොත්තු ඇතිවී තිබීම ඔහුට නොරහසක් විය.ඒ සියල්ලටම සමු දීමට කාලය එලඹ ඇත.ඇය වෙනුවෙන් ඔහු හදවතේ ඇති වී තිබූ බලාපොරොත්තු වලින් පිරුණු වීදුරු කුට්ටිය පොළවේ ගසමින් ඔහු හඬ අවදි කලේය.
“ නංඟි ඔයා ඇවිල්ලද ඉන්නේ ? මට හදිස්සියේ වැඩ කරන තැනින් කෝල් එකක් ආවා මට ආපහු යන්න වෙනවා.ඔයා ගෙදර යන්න.“ ඔහු වෑයමින් එකලස් කර ගත් වදනින් ඇයව ඇමතීය.බොරු කීමේ දක්ෂයෙකු නොවූ ඔහුගේ වෑයම ඇයට හඳුනා ගන්නට අපහසු නොවූවා වැන්නකි.
“අනේ අයියේ එහෙම කරන්න එපා මම අද ආවේ ඔයාව කොහොමහරි හම්බ වෙන්න.ආපහු ගෙදර යන්න සල්ලිවත් මගේ අතේ නෑ“.අද උදෑසන තෙක් මියුරු සුරතල් බසක් වී තිබූ ඇගේ වදන් දැන් ඔහුට කන්කරච්චලයක් වී හමාරය.කතා කිරීමට කිසිවක් නැත.ඔහු ඇමතුම සමඟම ඇය කෙරෙහි මෙතෙක් ඇති වූ තිබූ ආලයද විසන්ධි කලේය.ඇගේ කටහඬට තිබූ අකමැත්ත නිසාම ජංගම දුරකථනය ද විසන්ධි කලේය.ඇය අවසානයේ පැවසූ වදන් පිළිබඳව ඔහු මඳක් කල්පනා කලේය.ඇය කෙරෙහි යන්තම් හෝ මතු වී තිබුනු ආලයට සමු දුන්නත් කෙල්ලෙක් මේ තැන අතරමං කරන්නට ඔහුට සිත දෙන්නේ නැත.ඔහුගේ ගම කරා ඇදෙන බසය නවත්වන්නේ බස් නැවතුමේ ඔහු සිටි අන්තයේය.එහි සේවය කරන කොන්දොස්තර ඔහුගේ හිතවතෙකි.ඔහු වහා ඔහුව සොයා ගියේය.
කාරණය පැහැදිලි කර සිටි ඔහු “මල්ලි මට පොඩි උදව්වක් කරපන්.අර අතන කහපාට සල්වාර් එකක් ඇඳලා ඉන්න කෙල්ලට මේ සල්ලි ටික දීලා ගෙදර යන්න කියපන්“යි පවසා රු500 නෝට්ටුවක් ඔහු අත තැබීය.
“ඇයි අයියේ මොකක් හරි අවුලක්ද?“
ඇසක් කුඩා කරමින් ඔහු ඇසුවේ කට කොනකින් සිනාවක්ද දමාය.
“එහෙම මොකුත් නෑ.මම උඹට පස්සේ කාරණේ කියන්නම්.ඉක්මනට වැඩේ කරපන්.මොනා ඇහුවත් සද්ද නැතුව වරෙන්“
ඇය ඔහු දුන් මුදල් ගන්නා සැටිත් ඔහුගෙන් යමක් විමසන සැටිත් නැවතත් ඔහු සාප්පු සංකීර්ණයේ ඉහල මාලයට වී බලා සිටියේය.ඇසූ කිසිවකට පිලිතුරු නොදී කොන්දොස්තර මල්ලි ආපසු එනු දුටු ඔහුගේ හිතට සහනයක් දැනිණි.
සැලකිය යුතුයි : මෙය අවතාර්ට සිදු නොවූවක් බව කරුනාවෙන් හා තදින් කියා සිටිමි.අවතාර් කලින් රැකියාව කල තැන රතු අයියා නමින් ප්‍රචලිත වූ අයෙක්ට සිදු වූවකි.සුපුරුදු රටාවෙන් මිදී එම සිද්ධිය කෙටි කතාවකට පෙරලීමේ අසාර්තක උත්සාහයේ යෙදුනෙමි.ගුණ දොස් පවසනු මැනවි.
මොනා කියන්නද කියලා හිතන් බැ අප්පා.. කතාව නම් ඔයා ලස්සනට ලියලා..
ReplyDeleteතෑන්ක්ස් .හැබැයි අක්කගේ "ආදර නිදහස" තරම් නම් නෑ .ඇත්තටම එක ලස්සනයි .
Deletefeel sorry for that girl.....
ReplyDeletesometimes love may end from tears
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. කොල්ලො ඉතින් බහුතරයක් ඔහොමයි!! මවාගෙන ඉන්න සුන්දර සුරංගනා ලෝක කඩන් වැටුනාම ඔහොම පැනල දුවනවා..කෙල්ලන්ටත් ඉතින් පොදුයි ඕක..
ReplyDeleteවැඩේ නම් කැතයි තමා නමුත් ඉතින් මිනිහගේ තැන හිටියනම් ගොඩක් අය කරන්නේ ඔය දේ තමයි.
Deleteඅර සැලකිය යුතුයි කියන එක නොදැම්මා නම් වැඩිය හොඳයි!
ReplyDeleteහපොයි එහෙනම් මට මඩ වදීවි එකසිය ගානට
Deleteපවු. කොහොම උනත් නියමෙට ලියලා තියනවා. බලාගෙන හිටියා වගේ.
ReplyDeleteඅවතාර්ට කොහොමත් ඔය වගේ දේවල් හොඳට මතක හිටිනවා
Deleteකටහඩ ලස්සන කෙල්ලන්ගේ මූන කචල් යන්න පුළුවන්.
ReplyDeleteමුණ ලස්සන උනත් හිත ලස්සන නැත්තන් වැඩක් නැතිලු නේ
Deleteහ්ම්ම් මම මුලින් හිතුවේ මේක ඇත්ත කතාවක් නෙමෙයි කියලා. අර කෙල්ල ගැන දුකයි. නොදුටු ආදර හරිම භයානකයි
ReplyDeletedakala karana adarayanuth awasanedi bayanaka wenakota nodakina adarayan kohoma weida?
Deleteමේ නිර්මානේ අසාර්ථක නැහැ. කියවන්න ආස හිතෙනවා.
ReplyDeletethanks me paththe awith giyata
Deleteඔහොම උනාම ඇඩෙනවා නෙහ්..? :)
ReplyDeleteකතාව නියමයි මචන්.. උඹට ලිව්වැකි එලට.
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
rajakeeya prasansawak labila.
DeleteDan nam thani ahata adenawa thama.
මේ වගේම කථාවක් මගේ යාළුවෙක්ටත් වුනා... ඒ නිසා මේ කථාව ලඟ උන්නා වගේ මට දැනුනා... නිර්මාණයක් වුනත්, සත්‍යයක් වුනත් කථාව සාර්ථකයි... ජය !!!
ReplyDeleteehenam avatharta thiyena athdakeemamai.
DeleteJaya wewa!
අඩේ දුකයි බං :(
ReplyDeleteduk wenna epa bn.godak love wala end eka oya vdihalu.
Deleteඔය පණ පිහිටවලා ලියලා තියන විදිහට අහපු එකක් වෙන්ට බැ.මුන්නැහේටම වෙච්ච සන්තෑසියක්ම තමා
ReplyDeletehaffoi mechchara rathu akurin dala thiyeddith mundala vishwasa karan nathi hati
Deleteකතාවේ මුල් හරිය මට අතීතයක් මතක් කරා ඒත් අවසානය නම් මේ වගේ නෙවේ වුනේ.
ReplyDeletee kiyanne madissale ayyage hitha unu una e gallamaya gana.
Deleteකතාව ලස්සනයි! ඒත්........ දුකයි.. :(
ReplyDeleteතැන්කූ අක්කේ මේ පැත්තට ඇවිත් ගියාට
Deleteකතාව නම් ලස්සනයි..ඇත්තම සිද්ධියක් නිසා මොකුත් හිතා ගන්න බෑ..ඒත් දුකයි අනේ මන්දා....
ReplyDeleteමේ වගේ වෙන්වීම් නම් කොච්චර ඇත්ද ?ආදරය අන්ධයි ලු.ලු ඈ ඔන්න අපි නම් දන්නේ නෑ
Deleteකතාව සිරාවට තියෙනවා එකේ අවුලක් නෑ මචං
ReplyDeleteෆෝන් ලව් අන්තිමට මළ ඉලව් ;)
hikiz madayatath phone love dirawanne nathi paatai.
Deleteහි හි ඔව් මචං ඔව්වා මහ ලෙඩ ;)
Delete