Monday, June 4, 2012

තව ටිකෙන් අරලියගහ මන්දිරෙන් හොඳටම කනවාය (රජ මැදුරේ චාටර් වැඩ)

                                                  පහුගිය  වෙසක් පෝය ගෙදර ඉඳලා ආපහු කොළඹ ගියාට පස්සේ අවතාර් ගේ කාමර තුනේ බෝඩිමේ සෙට් එක තීරණය කලා වෙසක් බලන්න යන්න.උදේ ලෙක්චර්ස් වලට කලින් බෝඩිමේ දි හම්බ වුනහම කට්ටිය කතා උනේ ලෙක්චර්ස් ඉවර උනාට පස්සේ 5ට යන්න.හවස ලෙක ඉවර උනාට පස්සේ කතා කරගත්ත විදිහටම 6.30 ත් පහු වෙලා බස් ගත වෙනවා.(දෙන්නෙක් ඇර. උන් දෙන්නාම මල් හීය වැදුනු උන් අපි එනකොටත් එකෙක් බොහොම ශ්‍රද්ධාවෙන් මල් නෙලනවා.උන් දෙන්නගෙන් අහපු ගමන් කිව්වේ මට බෑ උඹලා යමල්ලා කියලා).තෝර ගත්තේ ගංගාරාම වෙසක් කලාපය.(එතන දන්සල් වැඩී කියලයි හොඳ බවට තීරණය උනේ)කොහොමහරි අදාල ස්තානෙට පය තියද්දි රෑ අටට කිට්ටුයි.බේරේ වැවත් එක්ක මුළු පැත්තම ආලෝකවත් කරලා තිබුනා.මට මතක විදිහට එදා අවසාන දවස උනත් සැහෙන පිරිසක් වෙසක් කලාපයේ දකින්න හිටියා.එදා බේරේ වැවේ තිබ්බ ගතිය ඇඟට වැදුන හින්දම ටක් ගාලා ජංගම දුකා එලියට අරගෙන පොටෝ ටිකක් වද්ද ගත්තා.ඒ කෙන් ටිකක් වත් නොදා කතාව කිව්වොත් අඩුයි වගේ හින්දා පොටෝ කීපයක්  දාන්නම්

.
                                              මේ විදිහට හදලා තිබුන කූඩුයි ඇවිල්ලා හිටිය කූඩුයි සේරම බල බල යන කොට එකෙක් දෙන්නෙක්ගේ බඩේ හැමදාම වෙලාවට පත්තු වෙන ගින්න පත්තු වෙනවා.දැන් උන් දෙන්නා උන්ගේ දුක කිය කියා අපේ පස්සෙන් ඇවිදගෙන එනවා.අපිත් දැන් කූඩු බලන එක පැත්තකින් තියලා දන්සලක්වත් තියෙනවද බැලුවා සෙනඟ ටිකක් වැඩියෙන් හිටි තැන්වල.අරුන් දෙන්නගේ කෙසේ වෙතත් අපේ බඩවලුත් දැන් දැන් සද්ද දා ගෙන එන හින්දා.අන්තිමේ දී දරපු ප්‍රයන්තයේ පිලිතුරු විදිහට නෙස්ටමෝල්ට් දන්සලක් ඔසු පැන් දන්සලක් කෝපි දන්සලක් රස විඳිමට අවස්තාව උදා වෙනවා.මේ මොක රස වින්දත් බඩ ඉල්ලන දේ ලැබුන්නෑ නේද කිය කිය සාකච්ඡා කර කර ඉන්නකොට එකෙක් කියනවා“ඒ පොඩ්ඩක් කෑ ගහන්නේ නැතිව ඉඳපල්ලා .බත් දන්සලක් ගැන කියනවා.“ඌ එහෙම කියන කොටම අපි සයිලන්ට්.කිරි අප්පට බල්ලෝ පැනපි ඇත්ත නේන්නම් .අරලියගහ මන්දිරේ අනුග්‍රහයෙන් දෙන බත් දන්සලක් ලු.එකපාර 800කට ඉඳගෙන කන්න පුලුවන්ලු.යකඩ කටින් කියපු විදිහට නම් තැන අරලියගහ මන්දිරේ ගාව.
                                                  මොන මඟුලෙන් දුන්නත් අපිට අහවල් එකද කියලා දන්සල තියෙන තැන හොයන මෙහෙයුම දියත් කරා.අමාරුවෙන් ඇවිද ගෙන දන්සල තියෙන තැනට ආපුහම කාටත් කෙල ගිලුණා.ගෑණු පිරිමි පෝලිම් දෙකකට හැදිලා.පාරේ තියෙන පෝලිම විතරක් මිටර් 200කට වැඩියි.වෙසක් කලාපෙන් බාගයකට වැඩිය මෙතන.“මෙතන එලි වෙනකන් ඉඳලා උදේටත් කාලා එහෙම්මම ලෙක්චර්ස් වලට යං“තනියා අදහසක් දානවා.“මොන මඟුල කරන්නත් රෑට කාලා ඉන්න එපැයි“ කියාගෙන මමතුමා පෝලිමට සෙට් වුනා.පෝලිමට ජොයින් වෙද්දි මතක විදිහට 9 ට විතර ඇති.තව විනාඩි දහයක් පහලවක් යද්දි පෝලිම මීටර 300කට කිට්ටුයි.
                                         පෝලිම දික්වෙන තරමට ඉස්සරහට යන්නේ නැති පාටයි.විනාඩි 15 කට විතර සැරේකට යන්නේ මීටර් දහයක් විතරයි.ඔහොම පැය බාගයක් ගිහින් පැයකුත් ගෙවිලා ගියා.යන්තම් පෝලිම ඇතුලට දාන ගේට්ටුව පේන මානයට ආවා.සුදු කමිස ඇඳගත්තු අයියලා දෙන්නෙක් එකා එකා ඇතුලට දානවා.පෝලිමට වෙලා කරන්න දේකුත් නැති එකේ නිකමට පිටිපස්ස හැරිලා බැලුවා.මේවෙද්දි හිටපු පෝලිමේ හැටියට හෙට පත්තරේ  සුවර් එකටම ලොකු අකුරෙන් වැටෙනවා ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි තත්වයක් නිසා අරලියගහ මන්දිරේ සතියකට වසා දමයි කියලා.ඒත් පෝලිමට එකතු වෙන එකේ අඩුවක් පේන්න නෑ.වාහන පිටින් ඇවිල්ලා කට්ටිය බස්සනවා හරියට තරු පහේ හොටල් එකක් ළඟ බස්සනවා වගේ.
                                                                        
                                                     ඔය විදිහට ඈනුම් ඇර ඇර,පොලිස් අයියලගේ ඇස් වලට වැලි ගහලා පෝලිම පනින උන්ට බැති ගී කිය කිය ,තව එහෙන් මෙහෙන් ඇඟ හිර කරගෙන ඇඳලා ඇවිල්ලා හිටිය  අක්කල නංඟිලට..........(එක්කෝ ඕන් නෑ) ඒ කොහොම හරි තව පැය භාගයක් ගෙව්වා.ඒ පැය බාගෙට පෝලිම දසමයක් වත් හෙල්ලුනේ නෑ.ඇතුලට ගිය 800 එලියට යන්නැතුව අහවල් එකක් කරනව ද කියලා සාකච්චා කරන කොට මේච්ර වෙලා අපේ බ්රේක් නැති කටවල් වලින් කියපු ඒවට හිනාවකින් හරි කික් එකක් දුන්න ලඟම හිටපු පොලිස් අයියෙක් අපේ ළඟට කිට්ටු කරා.“මල්ලිලා මාර සීන් එක දන්සලේ බත් ඉවරයිලු බත් දන්සල කියන එකේ බත් කෑල්ල ඉරකින් කපලා බිස්කට් කියලා උඩින් ලියලලු.ඉතුරු කට්ටියට බිස්කට් දීලා යවන්නලු යන්නේ“.ගේට්ටුව ඇස් පනාපිටම පෙනි පෙනී මේ විදිහේ දෙයක් අහන්න බඩගින්නේ ඉන්න අපි වාසනාවන්ත උනා කියමුකෝ.අයියෝ සල්ලි කිව්වලු දැන් මොනවා කරන්නද?පැය එකහමාරකට වැඩිය මෙතන ලැග්ගේ බිස්කට් දෙකක් කාලා යන්නද?ආයේ පාරක් ඉතින් අයියෝ සල්ලිම තමා.
                                                 
                                                      “මුන්ගේ අ%$#@%ලට ඇයි යකෝ බත් ඉවර වේගෙන එනවනං ඒක කලින්  කියන්න බැරිද.පෝලිම මේච්චර දික් වෙනකන් මුන් පොල් ගෑවද?“ පිටිපස්සෙන් බඩගින්න උහුල ගන්න බැරුවද කොහෙද කියපු එකක් හීන් ස්වරයෙන්  ඇහෙනවා.අපිට ලැබුන ආරංචිය කනින් කන පෝලිමේ පිටිපස්සට ගියාට පස්සේ මෙච්චර වෙලා හොඳ සංයමයෙන් පෝලිමේ හිටපු ඇත්තෝ ටික කඩිගුල වගේ ඇවිස්සෙනවා.පෝලිං දෙහෙකට හරි අපූරුවට හිටපු උන් රොත්ත පිටින්ම ඉස්සරහට එනවා.හරියට මැයි පලවෙනිදා මැයි රැලියක වගේ .දැන් පිටිපස්සෙන් එකම සද්දයයි.එන පොට හොඳ නොවන බව දැනගත්තු පොලිස් අයියලා සේප් එකේ ඉන්න තැනින් මාරු වෙලා පෝලිස් ජිප් ගාවට වෙනවා.
                                      “මුගේ අ#$@%!ට හු%$!#@න මූට දන්සලකට ආපු මිනිස්සුන්ට කන්න දෙන්න වත්කමක් නැද්ද.අරලිය ගහ මන්දිරේ නෙමේ මේක හිඟන මන්දිරේ“ මේච්චර වෙලා අමාරුවෙන් කට තද කර ගෙන හිටපු පූට්ටුවා කෑගහනවා.මූ කෑගහන විදිහට සුදු සර්ට් අයියලට ඇහුනොත් බත් අඩුම තරමේ බිස්කට් තියා වෙනින්  කෑමක් කාලා හතර වෙනි තට්ටුවටත් නගින්න වෙන බව තේරුම් ගත්තු මමතුමා මැද්දට පැන්නා.“කෑ ගහන්න එපා හු$#@^තෝ  ඕක අරුන්ට එහෙම ඇහුනොත් හෙට ඉන්න වෙන්නේ එක්කෝ හිරේ නැත්තං ඉස්පිරිතාලේ“.“අනේ හු#$@%$න් තොපේ මහ රජා තොපිට කන්න දෙන විදිහ තමා මේ පෙන්නලා තියෙන්නේ“මූ දැන් මටත් ගහන සයිස් එකේ ය.“මෙතන ඉඳලා වැඩක් වෙන්නේ නෑ.යන ගමන් මොනාහරි බඩට දාගමු.මොකද කියන්නේ යමු නේද“ නරි නුවන පහල වී නැවතත් මමතුමා ට්‍රයි එකක් දුන්නාය.
                            “බැරි එවුන් පලයල්ලා මොනා හරි දෙන හු%$#^$ක් කාලා තමා මම යන්නේ.එතකන් හෙලවෙන්නේ නෑ“පෝලිමේ හිටපු උන්ගෙන් සීයට අනූවක්ම උගේ තීරනේ බව බැලූ බැල්මට පෙනේ.ඔන්න ඔහේ ඕන මගුලක් කියලා අවතාරුත් තීරනේ වෙනස් කොරගෙන හිත දැඩි කර ගත්තා.මෙන්න ටිකකින් සුදු සර්ට් අයියලා දෙන්නෙක් කට්ටිය ඇතුලට දානවා.“වැඩේ ගොඩ වගේ මචන් හොටෙල් එකකින් වත් බත් ඕඩර් කරලද දන්නෑ“අපේ ඉස්සරහින් හිටපු එකෙක් හිතින් බත් කනවා.“බම්බුව තමා බලන් ඉඳහන් හිල්ටන් එකෙන් බුරියානි ගෙනල්ලා තියෙයි අපිට දෙන්ඩ“ඌට එහා පැත්තෙන් හිටපු එකා කියනවා.අමාරුවෙන් ඇවිද ගෙන ගේට්ටුවෙන් ඇතුලටත් ගියා කියමු.සුදු අත්මේස් දාගත්තු තවත් සුදු සර්ට් අයියලා දෙන්නෙක් ඇඟ එහෙන් මෙහෙන් අල්ලලා ස්ටිකරයක් පපුවේ ගහලා ඉස්සරහට යවනවා.එතකොටනේ දැක්කේ මෙච්චර වෙලා අපිට නැති පිට්  එහෙකින් ගොඩක් කස්ටිය සිටගෙන සිටීමේ රහස.රතු පාට රත්තරන් කොල පෙට්ටි යි ඒවට හරියන්න  ලයිටරුයි  ගිනි පෙට්ටියි චෙකර් අයියලට එහා පැත්තෙන් ගොඩ ගහලා.අනේ අපේ ගොන්     හැ@%$ත රු30 හේ බිස්කට් පැකට් එක කන්න ඇවිල්ලා  ඉටි කොලේ වත් කඩලා නැති හාරසිය ගානේ රත්තරන් කොල පෙට්ටියට කෙලවගෙන.අයියෝ සල්ලි........
                                                             බිස්කට් එකක් කන්න ඇඟපත එහෙම මිරිකගෙන ගිහින් පෝලිමට තියලා තිබ්බ පුටු වල වාඩි උනා.බිස්කට් දෙක තුනක් එක්ක බීම වීදුරුවක් දුන්නොත් ඒ ටික පුටුව උඩින් තියල ආපහු යන්නයි කස්ටිය ඒකමතිකව තීරණය කරලා තිබ්බේ.දීපු චාටරේට රිටන් එකක් විදිහට.(රිටන් දෙන්න තව ක්‍රම මතක් උනත් හිටපු අයියලගේ ඇඟ පත දැක්කහම ඒ සේරම එහෙමම අමතක විය)
                                            “හරි ඔය පේලි දෙක විතරක් යන්න“එකෙක් ඇවිල්ලා කියපි.මොන දෙකද මෙන්න ආපු රොත්තම ඉස්සරහට.උන්දැ පෙන්නපු පැත්තට යන කොට මේ තියෙන්නේ අරලියගහ මන්දිරේ බැබලි බැබලි.ආය කවදා අරලියගහ මන්දිරේ ඇතුලට යන්නද මෙහෙම චාටරේකින් ඇර.ඔන්න බලාපල්ලා අපි විඳින සැප කියන්නා වගේ කස්ටියට යන්න තියෙන්නේ මන්දිරේ මැද්දෙන් වැටුන කොරිඩෝවකින්.
                                                 මෙහෙම යන උන්ට සුස අයියලා නයිස් පැකට් එකයි වතුර බෝතලයයි දෙනවා.හරියට නියං සහනාධාරයක් දෙනවා වගේ.

 ප.ලි : ලියමන ටික ටික දික් වෙනවාය.දිග එක රසෙන් අඩුය.කොට වෙන තරමට  ආතල් එක වැඩිය.රහ ආතල් දන්නේ කාපු අයත් කවපු අයත් ය.අවතාර් නම් තවම %$@^#$# ...............
(මොන මඟුලක්ද  කොච්චර කොන්ට්‍රෝල් තියාගෙන ලිව්වත් රෝන් සයිඩ් යනවනේ) ආ ....ඒක නිසා රහ වැඩිවෙන්නත් එක්ක කලියුගේ වෙසක්, ගෝල් පේස් නින්ද ඇතුලූ එදා චාටරේ ඉතුරු ටික වෙන දවසක දාන්නට තීරණය කලෙමි.අවතාර්ගේ #!^*%*^%ට නොකියා ඉතුරු ටික ඒ කොටසින් බලනු මැනවි.

15 comments:

  1. Anonymous6/04/2012

    අපොයි දෙයියනේ මදැයි.. ඇයි අප්පා මෙච්චර ගොසිප් හොයන සයිට් එකක ඔකට මඩක් දැක්කේ නැත්න ම් පුදුමයි නේ..

    ReplyDelete
    Replies
    1. ඊට කලින් දවස් වල වැඩේ හොඳට කරලා.අපේ කරුමෙටද මන්දා එදා අවුල් උනා.අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්නේ.

      Delete
  2. මදැයි ඔයින් ගියා. අපරාදේ අර බූරුවො රත්තරන් කොල පැකට් නැති කරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා. ඒ ටික දැක්කම නම් අනේ අපොයි අපේ තරුන පරපුර කියලා හිතුනා

      Delete
  3. දුන්නත් වැරදියි නුදුන්නත් වැරදියි... හා කොයි රජාද කියාපල්ලකෝ ඔහොම දන්සල් දාල කන්න බොන්න දුන්නේ... වෙසක් ඒකට විතරක් නෙවෙයි ඒ උත්තමය මුළු ජීවිතකාලේම දාන පාරමිතාව පුරනවා..

    මතක ඇතුව ලබනපාරත් දෑත සත්තිමත් කරමු ඈ

    ReplyDelete
    Replies
    1. කරන වැඩේ අරමුණ හොඳය.ඒත් අපි කාපු කට්ට නම් චාටර්මය.

      Delete
  4. හොද වැඩේ තොපි ඔය ගුබ්බෑයන් අස්සෙ රිංගන්න යනවට... :/
    අර අපේ මාලිගාව පැත්තෙ ආවානං දෙනවනේ නාන්න...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි රජෝ ආයේ රජ මාලිගා පැත්ත බලාගෙන බෝඩිමේ බත් එකවත් කන්නේ නැත.

      Delete
    2. ඒ මන්දිරෙත් මේ මන්දිරෙත් වෙනස: උන් දෙන්නේ එක වතුර බෝතලයක් උනාට රජා දෙන්නේ නාන්න බාල්දියක් වීමය.

      Delete
  5. කියන්න කතා ඇත.. නොකියා ඉඳීමට තීරණය කලෙමි. කරලා තියන පිං වල හැටියට සුදු වෑන් එකක් එන්නද බැරි නැත.

    ReplyDelete
  6. අවතාර්ලා ලොකු ලොකු ඒවා හොයන් යනවා නේ.ඔය තිබ්බ පොඩි දන්සැලකට සැට් උනා නම් හොදට බඩ කටපුරෝගෙන වෙසක් බලන්න තිබ්බ නේ.හොද වැඩේ රජ සැප හොයන් යනවට ;)

    ReplyDelete
    Replies
    1. maha mandiren kawa kiwwama katada adambara.
      Eda thibbe hari haman dansalakata oka witharai.naththam achahara nondi wenne na

      Delete
    2. හි හි ඔව් ඉතිං ඔතනින් කාගත්ත නම් ආඩම්බරයි තමා ;) වෙන ඒවා තිබ්බේ නැත්නම් ඉතිං කොරන්න දේකුත් නෑ නොවැ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න