Friday, August 3, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (පස්වන කොටස)

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
                      
                            සෙනුරි තිගැස්සී අවදි වූවාය.තමා දුටුවේ සිහිනයක් බව ඇයට වැටහිණි.ඇගේ මුලු ගතම දහඩියෙන් තෙත්ව තිබිණි.සම්පත් ඒ වන විට ඇඳේ නොසිටියේය.සම්පත් එවෙලේ නොසිටීම ගැන ඇය සතුටු වූවාය.සමහර විට ඔහු සිටියානම් ඇගේ අවදි වීම පිළිබඳව බිය  වනු ඇතැයි ඇයට සිතිණි.ඇය ඇඳ අසල ස්ටූලය මත තිබූ වතුර වීදුරුව පානය කර බැල්කනිය වෙත පිවිසියාය.සම්පත් මිදුලේ කොනක ව්‍යායාම කරනු පෙනෙයි.තමා බොහෝ වේලාවක් නිදා සිට ඇති බව ඇයට වැටහිණි.ඇය කඩිනමින් ලෑස්ති වී පහලට ගියාය.

“ බේබිට ඊයේ තෙහෙට්ටුවටත් එක්කද කොහෙද හොඳට නින්ද ගියා නේ “
“  ඔව් කමලා දවල් වෙලා දන්නෙම නෑ “
“ මේ පරිසරේට වෙන්නැති බේබි “
                  සෙනුරි වලව් මිදුලට පිවිසෙන විට පියල් මල් වලට වතුර දමමින් සිටියේය.හිමිදිරියේම සීතල සුලං ඇඟේ වැදෙන විට ඇයට මහත් සනීපයක් දැනෙන්ට විය.සුළඟේ ඇති සීතලට ඇගේ අත්වල හිරිගඩුද පිපුණි.ඇය සුළඟේ පහස විඳිමින්ම සම්පත් සිටින දෙයට පියමැන්නාය.සෙනුරි එනු දුටු සම්පත්ද පැමින  ඇය අසලින් වූ කොන්ක්‍රීට් බංකුවේ හිඳ ගත්තේය.
“ කොළඹ වගේ නෙවේ සෙනූ මෙහෙ උදේට එක්සයිස් කරද්දි ඇඟට මාර කික් එකක් එන්නේ ‘‘
         තමා දුටු සිහිනය ගැන සම්පත්ට කියනවද යන්න ඇය දඟක් සිතීය.අවසානයේ ඇය එය නොකියා ඉන්නට තීරණය කලේ එසේ උනොත් සම්පත් අනවශ්‍ය ලෙස බිය වනු ඇතැයි සිතමිනි.
“ සෙනූ මොනවද ඔයා කල්පනා කරන්නේ ? “
“ න්නෑ.......සම්පත් මට හොඳට ම නින්ද ගියා ඇයි ඔයා මට ඇහැරෙව්වේ නැත්තේ “
“ මම නැඟිටිද්දි ඔයා හා පැටියෙක් වගේ මට තුරුල් වෙලා හොඳටම නිදි .ඉතින් මම කොහොමද ඔයාට ඇහැරවන්නේ “ඔහු ඇගේ නිකටෙන් අල්ලමින් කීය.
“ අනේ යන්න .ඒක නෙවෙයි සම්පත් මේ ළඟ දිය ඇල්ලක් තියෙනවද ? “
“ දි ඇල්ලක් .කවුද කමලද කිව්වේ ? “ ඔහු සෙනුරි වෙත ප්‍රශ්නාර්ත බැල්මක්  හෙලීය.
“ නෑ මට නිකන් හිතුනා ‘
“  තියෙනවා .මෙතන ඉඳලා ටික දුරක් යන්න තියෙනවා.මටත් එක සැරයයි යන්න ලැබුනේ දවසක් මම මෙහෙ ආපු වෙලාවක ළහිරුත් එකක් ගියා “
“ අපි වෙලාවක යමු.කාර් එකෙන්ම ඇල්ල ගාවට යන්න පුළවන් “
                   සෙනුරිට ද අවශ්‍ය වී තිබුනේ දිය ඇල්ල බැලීමට යාමටයි.සම්පත් තමන්ගේ සිතිවිලි තේරුම් ගැනීම පිලිබඳව ඇයට සතුටක් දැනිණි.ඇය දවස පුරාම කල්පනා කලේ  පෙරදා රාත්‍රියේ දුටු  සිහිනය ගැනයි.ඇයට සිහිනයේ දුටු රුවවල් යන්තමින් මතකය.ඇයගේ ජීවිතයේ දී මෙවැනි සිහින දුටුවා යයි සෙනුරිට මතක නැත.ඇය තවදුරටත් ඒ පිළිබඳව සිතන්නට විය.තමා කුඩාම කාලයේ දුටු සිහිනයක් එවෙලේ සිහි විය.තමා කාන්තාවක් සමඟ පන්සලක මල් පූජා කරනවා සිහිනෙන් දුටු බව සෙනුරිට සිහි විය.ඒ කාන්තාවට අම්මා යයි ආමන්ත්‍රණය කිරීම ගැන සෙනුරි එදා පුදුම වූවාය.ඒ දුටු පරිසරයද මේ පරිසරයට සමාන බැව් සෙනුරිට යන්තම් මතකය.යන්තම් තේරෙන නොතේරෙන වයසේ සිටි සෙනුරි එදා දුටු සිහිනය ගැන පැවසීය.
 “ ඔයාගේ අම්මා කොහේහරි ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්නවා දුවේ “ එවිට කරුනා අම්මා හිස අතගාමින් පැවසූ අයුරු සිහිවිය.
                මව ගැන කිසිම මතකයක් නොතිබි සෙනුරි කරුනා අම්මා එසේ කී පසු සිහිනයේ දුටු අපහැදිලි රුව තම සිතේ හිස්ව ඇති මවගේ රුවට ගලපා ගත්තාය.ඇය නැවතත් පෙරදා දුටු සිහිනය පිළිබධව කල්පනා කරන්නට විය.සිහිනයේ සිටි සුදු අප්පෝ සුදු මැණිකේ කවුද?දිය ඇල්ලක් ඇති බවට කිසිම හෝඩුවාවක් දැන ගෙන නොසිටි තමන්ට සිහිනෙන් පෙනුනේ සම්පත් පවසන දිය ඇල්ලද?ස්භාවධර්හයා විසින් ඇයට කියන්නට හදන්නේ කුමක්ද ? සෙනුරිගේගේ සිතේ එකින් එක ප්‍රශ්න නැඟෙමින් තිබිණි.ඇය බැල්කනියට වී කියවන්නට අතට ගත් පොත උකුල උඩ තබාගෙන කල්පනා ලෝකයේ සිටියාය.
“ සෙනූ “
      සම්පත්ගේ හඬින් ඇය තිගැස්සී බැලුවාය.ඔහු ළඟටම එනතුරුත් ඇය දැක නැත.
“සෙනූ හෙට අනිද්දා දවසක මට පැක්ට්‍රියේ වැඩකට කොළඹ යන්න වෙලා තියෙනවා.දවස් දෙක තුනක් එහෙ ඉන්න වෙයි.දැන් කොල් එකක් ආවේ සිල්වගෙන්.ඔයා තරහ නෑ නේද ? “
“ කමක් නෑ සම්පත් ඒ දෙවලුත් බලන්න ඔන නේ .ඔයා ගිහින් එන්න.“
“ අද හවස් වෙලා අපි පොඩ්ඩක් ඇවිදින්න යමු.මම කලින් ඔයාට වටාපිටාව පෙන්නත් ඕන නේ.අර ඔයා උදේ අහපු දිය ඇල්ලත් බලන්න යමු “
           සමපත්ගේ ඒ යෝජනාවට නම් සෙනුරි මහත්සේ කැමති විය.මේ පරිසරයේ සුන්දරත්වය කොපමණ බැලුවත් ඇති වන්නේ නැත.එහෙයින් සමපත්ගේ යෝජනාවට ඇය එකහෙලාම කැමැත්ත පලකලාය.සියල්ලටම වඩා ඈට අවශ්‍ය වී තිබුනේ සිහිනෙන් දුටු දියඇල්ල සත්‍යක්ද යන්න දැන ගැනීමය.
                එදින සවස කමලාවත් පියල්වත් වලව්වේ තබා සෙනුරිත් සම්පතුත් කාරයෙන් පිටත්ව ගියහ.ඒ යන ගමනේදීම වලව්ව කලින් බලාගත් සේදිරිස්ගේ නිවසටද යන බව සම්පත් සෙනුරිට කලින්ම කියා තිබිණි.වංගු වලින් පිරුණු කන්දක් මතින් දිවෙන් පාරේ කාරය සෙමින් ඉදිරියට ඇදෙයි.
“වාහනෙන් යන හින්දා අපි මේ පරංගියා කෝට්ටේ ගියා වගේ යන්නේ සෙනූ. අපිට වලව්ව ගාවින් යනවනම් මෙච්චර දුර නෑ.පයින් යනවනම් පොඩ්ඩ දුරයිලු.දැන් යන්න බැරිලු කැලේ වැවිලා හින්දා “ ඔහු කියමින් සිනා සෙයි.
                      සෙනුරි වටපිට බලමින් සම්පත්ගේ කතාවලට ඇහුම්කන් දෙමින් ගියද සෙනුරිගේ සිත තවමත් ඇත්තේ පෙරදා දුටු සිහිනයේය.කාරය දිය ඇල්ලට ළං වත්ම එහි ශබ්දය සෙනුරිට ටිකෙන් ටික ඇහෙන්නට විය.ඇය ඒ ශබ්දය සිහිනයේ ඇසුන ශබ්දයට ගළපන්නට උත්සාහ ගත්තාය.තව දුරටත් රථය දිය ඇල්ලට ළං වනවාත් සමඟම සෙනුරිට දිය ඇල්ල හොඳින්ම පෙනෙන්ට විය.ඇය විශ්මයෙන් යුතුව ඒ දෙස බලා සිටියාය.එය කලින්දා සිහිනෙන් දුටු දිය ඇල්ල බව සනාත කිරීමට වෙනත් සාක්ෂි උවමනා නැත.කාරය නවත්වා සම්පත් එතුලින් එලියට ආවත් සෙනුරිට රථයෙන් බසින්නට වත් මතකයක් නොවීය.ඇය රථය තුල හිඳගනම  මහා ජල කඳක් ප්‍රපාතයට පතිත කරවන දිය ඇල්ල දෙස බලාගත් වනම බලා සිටියාය.
“ සෙනූ බැහැලා එන්න මෙතනට දිය ඇල්ල හොඳට පේනවා “ සම්පත්ගේ හඬින් ඇය කාරයෙන් එලියට විත් සම්පත් අසලට ගියාය.
              සුදෝ සුදු පාටින් දිය ඇල්ල හඬ නඟමින් ගලා හැලෙයි.සැබැවින් ම එහි බියකරු බවක් පෙනෙන බව ඇයට සිතිණි.එහි ඇති බියකරු බව සුනදරත්වයට වඩා ඉස්මතු වී ඇයට පෙනෙන්ට විය.ඒ මන්දැයි ඇට නොවැටහිණි.සෙනුරි ඉතා ආයාසයෙන් දිය ඇල්ලේ බියකරු බව පරදවමින් සුන්දරත්වය විඳීමට උත්සාහ කලාය.අවසානයේ දිය ඇල්ලේ සුන්දරත්වයක් නැතැයි සෙනුරිට හැඟිණි.දිය ඇල්ල දෙස බලන බලන වාරයක් පාසා ඇගේ සිත අනියත බියකින් වෙලා ගන්නා බවක් සෙනුරිට දැනෙන්ට විය.එහෙයින් ඈ දිය ඇල්ල දෙස බැලීම අතහැර දැමීය.සම්පත් නම්  දිය ඇල්ලේ සුන්දරත්වය මනාව විඳින බව  ඒ දෙස ආසාවෙන් බලා සිටින අයුරෙන් ඇයට වැටහිණි.සෙනුරි යමක් මතක් වූවාක් මෙන් වටපිට බැලීය.
                      එතැන තිබූ ගස් අතරින් ඇගේ දෑස් විසල් ඇසල ගසක් මුල නැවතිණි.දුටු දසුනෙන් ඇගේ දෙපා වාරු නැති වන සෙයක් ඇයට දැනිණි.සිහිනයේ දුටු පෙම්වතුන් වාඩි වී සිටි ඇසල  ගසේ මුල ඒ අයුරෙන්ම සෙනුරිගේ දෑස් ඉදිරියේ තිබිණි.

මීළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

16 comments:

  1. හ්ම් ... එක හුස්මට කියවගෙන ගියා. ඉතුරු කොටසත් දාන්නකෝ.

    ReplyDelete
  2. එළ ඇ....ඉතුරු ටිකත් දාමූ...

    ReplyDelete
  3. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්ඩ !!!

    ReplyDelete
  4. මවාගෙනම කියෙව්වා..
    එකපාරට මගේ හොඳම යාලුවෙක්ගෙ ගේ ගාව තියන දිය ඇල්ලත් මතක් උනා..
    ලියන්න ලියන්න දිගටම!
    ඔබට ජය ! :)

    ReplyDelete
  5. ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ...

    ReplyDelete
  6. කවදද බොලං ඉතුරු ටික එන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ළඟදීම ළඟදීම බං

      Delete
  7. araliya8/03/2012

    hane mata me kotasa magaharilane.ada tama dakke.avathar ayye...........oya kohedo.........itiri kotasath ikmanata thando......... :)

    ReplyDelete
    Replies
    1. ඔව් මේක පෝස්ට් කරද්දි මොකක් හරි අවුලක් උනා නංඟා .මම හිතන්නේ සින්ඩි වලට ගිහින් නෑ .ආයෙත් පෝස්ට් කරා බලමු

      Delete
  8. මදිද මන්දා..

    ReplyDelete
  9. ගි
    නි

    ගි
    න්

    ර.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ෂා..අදමයි මේ පැත්තේ ආවේ.මේ වගේ කතා වලට මම හරි ආසයි.ඉතුරු ටිකත් ලියන්න ඉක්මනට.

    ReplyDelete
  11. ලස්සනයි, ඉතිරි ටිකත් ඉක්මනින් දාන්නකො අවතාරේ.

    ReplyDelete
  12. ඔන්න අද ආපු පළවෙනි දවසේම මේ කතාව කියෙව්වා.. පුදුම සතුටක් තමා දැනෙන්නේ හිතට අවතාර්.. කොටස් වශයෙන් යන හොඳ කතාවක් හම්බුවුනා.. කතාව ලස්සනට ගලාගෙන යනවා..කුතුහලය රැඳිලා තියෙනවා.. චිත්ත රූප මවනවා.. නියමයි.. ඔයා දැනටමත් කතාව හිතේ ලියාගෙන ඉවර ඇති කියලා මන් හිතනවා.. ඒත් ඕනේවට වඩ දිගට අදින්නේ නැත්නම් තමා වඩා හොඳ.. අදහසක් පමණයි සහෝ.. ඒත් නියම කතාවක්.. ජය වේවා... :)

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. ඉතුරු ටිකක් දිග කොටස් වලින් දාන්නයි ඉන්නේ

      Delete
  13. කතාවේ ඉස්සරහ හිතින් හිතාගත්තා හරිද දන්නේ නෑ
    හයත් මේ දැන්ම කියවනවා :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න