Sunday, October 21, 2012

හීනෙන්වත් එන්න අම්මේ

උදේ හවා තනිව හඬන
                               පුංචි මල්ලි දුටුවම
හඬන ගමන්  අම්මේ කියා
                          කියන වදන් ඇහුනම

අම්මාගේ අකුරින් ලියැවුනු 
                          එක ලිපියක් නෑ තවම
උහුලන්නට බෑ අම්මේ
                           දැනෙනා දුක පපු අග

අග හිඟකම් නැති කූඩුවේ
                               අගහිඟ මැව්වේ ඔබමයි
තාත්තගේ අරියාදුව
                             නිතරම ඇහුනා මතකයි
අම්මා ගැන කියන කතා
                         ඉවසා ඉන්නට නොහැකියි
දාලා යන්න කලින් ගෙදර
                           පුතු සිහි නොවුනා පුදුමයි

අම්මා කියා වෙනත් කෙනෙක්
                         තාත්තා ගෙන එයි ගෙදරට
අම්මා නැති අඩුපාඩුව
                          නැති කරන්නේ ඒ විදිහට
හවසට මත් වී ගැරහුම්
                            ඔහුට කලින් එනවා ගෙට
හීනෙන්වත් එන්න අම්මේ
                               මම නිදනා පන් පැදුරට                         


                                ගමේ ඉන්න අසරණ පවුලක් දැකලා අවතාර්ට කවි සංකල්පනාවක් ආවා.සතියකින් විතර බ්ලොග් පැත්තේ ආවේ .කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්න බැරි උනා.ඒ ගැන සමාව භාජනේට ඈ.
පින්තූරය ගත්තේ sequelblue.blogspot.com

19 comments:

  1. මේකනම් මහ පව්කාර සිදුවීමක්.. සුර සැප හොයාගෙන එන මිනිස්සු මෙහෙ අතරමන් වෙද්දි.. ලන්කාවෙ දූ දරුවො නන්නත්තාර වෙලා... පවුල සීසීකද යනවා

    ReplyDelete
  2. "අම්මා කියා වෙනත් කෙනෙක්
    තාත්තා ගෙන එයි ගෙදරට"

    මෙවැනි සෝචනීය කතා ලංකාවෙ කොතරම් අහන්ට දකින්න ඇද්ද???

    ReplyDelete
  3. ඇත්තටම මීගොඩගේ කතාවට මම එකඟයි.ඔය සිදුවීම අද සුලබයි.ඒත් විසඳුම් දුලබයි..නිර්මාණය ලස්සනයි.මමත් මේ සතියේ ලිව්වේ ඔය වගේ නිසදැසක් තමයි.ඔබට ජය!!!

    ReplyDelete
  4. Anonymous10/21/2012

    නිර්මාණය ලස්සනයි. ඔය වගේ සිද්ධි නිතර දකින්න ලැබෙනවා. අහිංසක දරුවෝ අතරමං වෙනවා ඉතින්.

    ReplyDelete
  5. සංවේදී ලියවිල්ලක්... මට නම් සෑහෙන්න දුක හිතුනා... මේ පොඩි ළමයි ගැන... අපේ සමාජයේ මේ අත්දැකීම තියෙන කී දෙනෙක් නම් ඉන්නවද ?

    ReplyDelete
  6. බොහොම සංවේදි සිද්ධියක් ලස්සන නිර්මාණයක් බවට හරවලා අවතාර්

    ReplyDelete
  7. හ්ම්................................................................

    ReplyDelete
  8. තමන්ගේ පවුල වැටිලා තියන අගාධයෙන් ගොඩගන්න රට යන අම්මලාගේ පවුල් ගැන නිතරම අහන්න වෙන අවාසනාවන්ත කතාවක්.

    ReplyDelete
  9. ඇඩෙනවා :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. දුක තමා ........ රට යන කථාවේ අවසානය හුගක් වෙලාවට මේවගේ තමයි

    ReplyDelete
  11. හ්ම් .... දුක්බර කවි සිතිවිල්ලක්. ලෝකෙ අපි හිතන තරම් ලස්සන නෑ, මොනව කරන්න ද?

    ReplyDelete
  12. ලස්සන කවි සිතුවිල්ලක්..

    ReplyDelete
  13. මගේ මොන්ටිසෝරියේ යාලුවාගේ අම්මා ඌව දාලා ගියා ඌ මොන්ටිසෝරි යද්දීම.මට හොදට මතකයි ඌ ඇවිත් කියනවා "ඊයේ මන් මොන්ටිසෝරියේ ඉදන් ගෙදර යද්දී අම්මා කොහෙද ගිහින් ආච්චියි අක්කයි කිව්වා අම්මා ආයේ එන්නේ නෑ කියලා.එයාලා මන් රවට්ටන්න එහෙම කියන්නේ.මගේ අම්මා මට ආදරෙයි මාව දාලා කොහෙවත් යන්නේ නෑ"කියලා
    මාත් පොඩි එකා නිසා මොකද්ද උනේ කියලා තේරුමක් තිබ්බේ නෑ යාලුවා කිව්වා කතාව අහගෙන ඉදලා ඇයි අම්මා ගියේ කියලා විතරක් මන් ඇහුවා
    ලොකු උනාම තමා මට තේරුනේ උන්ගේ අම්මා උන්ව දාලා වෙන මනුස්සයෙක් එක්ක ගිහින් කියලා :/

    ReplyDelete
  14. මට නම් කියන්න තියෙන්නේ සමහර අය සල්ලි හොයන්න කියලා මෙහෙ ඇවිත් ගන්නේ සැප තමයි. කම් සැප. මෙහෙ ඉන්න ජෝඩු ඔක්කෝම හොර ජෝඩු. ඔක්කෝම කසාද බැඳපු ළමයි මිනිහල ඉන්න අය. මන්දන්නේ නැහැ මහා පව්කාර ජීවිත. මොනවා උනත් පොඩි උන් පව්

    ReplyDelete
  15. Anonymous10/22/2012

    දරුවන් තනිවෙනවා .. දෙමව්පියන්ගේ ප්‍රශ්න එක්ක..අනේ මන්ද..

    ReplyDelete
  16. ලස්සනයි.. ගොඩාක් දුක හිතෙනවා..

    දාලා යන්න කලින් ගෙදර
    පුතු සිහි නොවුනා පුදුමයි... :(

    ReplyDelete
  17. දෙමව්පියන්ගේ වැරදි නිසා දරුවෝ කොච්චර දුක් විදිනවද..
    අම්මලගෙ තාත්තලගෙ පැත්තෙන් ගත්තම එයාලට තමන් හරි කියල කියන්න හේතු ඇති
    ඒත් කොහොම හරි අන්තිමට තැලෙන්නේ අහිංසක අසරණ ළමයි...

    ReplyDelete
  18. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ලස්සනයි!! ඒ තරම්ම දුකත් දැනෙනවා..:(

    ReplyDelete
  19. ලස්සනයි.ඒත් දුකයි. :'(

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න