කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම මේ අසරණයාගේ පාදාය් ඇතිවූ තිබූ තුවාලයෙන් මස් කුණු වී ,දියවී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තුරුම ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
බලශක්තිය සංරක්ෂණය කර ගැනිමේ ,විදුලි බලය ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර .ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතය තහනම් කරමින් , CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.
වසරින් වසර නිවෙස් තුළ ,කුණු ගොඩවල් වල,පාර ගොටේ ගංගි ඇළ දොලවල්තුළ එකතු වෙන භාවිත කර ඉවත් කරනු ලබන ඪ බල්බවලට කළ යුතු දේ ,නොඑසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේදැයි ඒවා අළෙවි කරන්නන් හෝ කිසිදු බලධාරියෙක් අපට කියා නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්න අති විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවත් ගැටළු වක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනැවැයි සිතමි.
CFL බල්බයකින් ජලය ගැලුම් 6,000ක් විස බවට පත් කරයි.ලංකාවේ භාවිත කර ඉවත දමන සියලුම CFL බල්බ අවසානයේදී මහ පොළවට ,ජල මූලාශ්‍ර වලට එකතු වන අතර ,සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයා ගෙන ඇත.
· මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය‘මිලි ග්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත.රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර ,එක් බල්බයක ඇති එසදිය ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබනවා.
· මෙවැනි බල්බ පහක ඇති රසදිය ප්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලුම ජලජ ජීවින්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප්‍රමාණවත් වනු ඇත.
මෙසේ බැහැර කෙරෙන රසදිය පරිසරයේදී මෙතිල් මර්කරි නැමැති ජීවින්ට අතිශයින්ම විශ සහිත සංයෝගයක් බවට පත්වන අතර ,මෙම මෙතිල් මර්කරි පසට,ජලයට,ආහාර භෝගවලට අවශෝෂණය වන අතර ,සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නොවී පවතිනු ඇත.අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහලින්ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයින් මිනිසාට කරනු ලබන අනතුර ඉතාම බරපතළ බව විද්‍යාඥයින් ප්‍රකාහ කරනු ලබනවා.
මෙතිල් මර්කරි වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර .ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා,වර්ධනයේ සහ විකසනයේ සිදු වන ආපසු සකස් කල නොහැකි ආබාධ ඇති විය හැකි බවත්,ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටළු ඇති කල හැකි බවත් ‘කාල්ටන්‘සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක් ‘මහතා ප්‍රකාශ කර ඇත.ඇමෙරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරකදීම ඇමෙරිකානු දරුවන් 60,000ක් පමන ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකුලතා සහිතව ඉපදෙන බව පෙන්වා දී ඇත.
බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර
මෙම බල්බයක් කාමරයක් තුළදී බිඳී ගියොත් ,එක් බල්බයක් තුළ ඇති රසදිය ප්‍රමාණය ,යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නොවන රසදිය මට්ටම මෙන් 300 ගුණයක රසදිය වාෂුප හා කුඩු ප්‍රමාණයක් බව සොයා ගෙන ඇත.
රසදිය වාෂ්පයට නිරාවරණය වීම ,ඉතාම බරපතළ සෞඛ්‍ය ආබාධ වලට ලක්වන්නට සිද වන කාරණාවක් වනු ඇත.මෙය නූපන් දරුවන්ට,ළමයින් වියපත් අයට දරුවන්ට,දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසුවන පුද්ගලයින්ට විශේෂයින් අවදානම් බවයි පැවසෙන්නේ.අනෙක් අතට කැඩුනු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ ,ඇඳ ඇතිරිල්ල මත ,කාපට් එක මත,අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළ කම සිතා ගත හැකිය.
මේ අනුව එක් බල්බයක් ඔබේ කාමරය තුළ බිඳී යාම එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති.අනාගත පරම්පරාවක දරුවන් මේ රසදිය වලින් දූෂිත පරිසරයේ කාපට් මත,ඇඳ ඇතිරිලි මත කෙළි සෙල්ලම් කරනු ඇත.ඇමෙරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට වැදගත් වනු ඇත.
11 CFL මාරු කරන විට දී කිසි විටෙකත් බල්බය රත්ව තිබෙන විටදී සිදු නොකරන්න.
22 කාමරයක් තුලදී CFL බල්බයක් කැඩී ගියහොත් එම කාමරයේ සිටින සියලුම කුඩා දරුවන් ,ගර්භනී මව්වුරුන් ඇතුළු අවදානම් සහගත අය වහාම ඉවත් කරන්න.
22 කාමරයක් තුලදී CFL බල්බයක් කැඩී ගියහොත් එම කාමරයේ සිටින සියලුම කුඩා දරුවන් ,ගර්භනී මව්වුරුන් ඇතුළු අවදානම් සහගත අය වහාම ඉවත් කරන්න.
3 3 ඉන් අනතුරුව සියලුම දොර ජනෙල් මිනිත්තු 15ක පමණ විවෘත කර තබන්න.
4 4 කාමරයේ විදුලි පංකා ක්‍රියාත්මකව පවති නම් ඒවා විසන්ධි කරන්න.
5 එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැළඳ ඉතිරි කටු කැබලි ප්‍රවේසමෙන් ඉවත් කරන්න.කාමරයේ බිත්ති හා ගෙබිම තෙත රෙදි හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.
6 එම කාමරයේ ඇති සියලුම ඇඳ ඇතිරිලි ,රෙදි පිළි යළි භාවිත නොකර ඉවත් කරන්න.
7 සියලුම ඉවත් කල ද්‍රව්‍ය සීල් කල පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ‘ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න.(අපරටේ එවන් දෙයක් සිදු නොවන නිසා අපට අදාළ නොවන්නකි)
CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිලිකා අවධානම ඉහල යනවාද?
CFL බල්බ දැල්වීමේදී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති ආලෝකය දිවා කාලයේ ආලෝකයට තරමක් සමාන වන බැවින් ,රාත්‍රී කාලයේදි අපේ මොළයේ ‘පයිනිල් ‘ ග්‍රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්‘ හෝමෝනය ශ්‍රාවය වීම අඩාල වන බවත්,මෙම තත්වය පියයුරු හා පිරිමින්ගේ ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්වයක් බවත් ,මේ පිලිබඳව පර්යේෂණ කර ඇති ඊශ්‍රයලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ්‍රහම් හෙයිම් ‘මහතා විසින් ප්‍රකාශ කර ඇත.කවර හෝ ආලෝක ප්‍රභවයක් තුල රාත්‍රී වැඩ මුර වල නිරත වන හෙදියන් ,හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැළඳීමේ අවධානම ඉහල බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිලිගෙන ඇත.
අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේදි විද්‍යුත් චුම්බක කිරණ සහ ෆීනෝල් නැප්තලීන් සහ ස්ටයිරීන් වැනි රසායනික ද්‍රවයයන් ද නිකුත් කෙරෙන බවත් ,දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික් ද්‍රව්‍යය වලට නිරාවරණය වීම අනතුරු දායක බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර CFL බල්බ මගින් නිකුත් කෙරෙන විද්‍යුත් චුමුබක විකිරණ මඟින් පිළිකා තත්ව ඇති වන්නේදැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කල යුතු බව ඔවුන් පවසා සිටියි.
මේ වන විට බොහෝ රටවල් වල CFL භාවිතය කෙරෙහි නිති රෙගුලාසි පැනවෙමින් පවතී.
*නවසීලන්ත රජය සාම්ප්‍රදායික විදුලි බුබුළු තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කර ගෙන ඇත.
*ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන ,ආරෝග්‍ය ශාලා තුල CFL බල්බ භාවිතය තහනම් කැ ඇත.
*ඇමෙරිකාවේ කැරොලිනා ප්‍රාන්ත රජය CFL භාවිතය සීමා කරන්නට නීති රැසක් පනවා ඇත.
*සියලුම සංවර්ධිත රටවල CFL බල්බ වලින් වන හානිය අවම කිරීම සඳහා භාවිත කල බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම් වලට පවරා ඇත.
මොහොතක් සිතන්න.ඔබේ ,ඔබේ දරුවාගේ .සමීපතයින්ගේ ,ජීවිත ආරක්ෂා විය යුතුය.භාවිතයෙන් ඉවත් කල CFL බල්බ ඉවත දමන්නට පෙර ඒවායින් ඔබ හා අන් අය සුරක්ෂිතද යන්න ගැන මඳක් සිතන්න.හුදු ලාභය ගැන පමණක් නොසිතා වෙළදපොලේ විකිණීමට ඇති ලාභදායී CFL බල්බ මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන්න.
පුවත් පතකින් උපුටා ගත්තකි.
මේ පෝස්ට් එක අපේ තාත්තට පෙන්නන්න ඕනේ අප්පා... එයාට මාර CFL ලව් එකක් තීන්නේ...
ReplyDeleteස්තුතියි දැනුවත් කිරීමට.
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අනිවා කියන්න CFL එක්ක වැඩි ගණුදෙනු හොඳ නෑ
DeleteCFL බල්බ් ගැන මම මෙච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නෑනේ, කිව්වෙ කලින් ඉතිං එහෙම විස්තරයක් හොයන්න උවමනාවක් වෙලත් නෑ. මම ඊයෙත්, අයින්කරල ගේ ඇතුලෙ එකතුවෙළ තිබිච්ච ඔය බල්බ් 5 ක් ගෙනිහින් වත්ත කෙළවරේ වැට අයිනට දාල ආවා, වෙන විසිකරන ක්‍රමයකුත් නෑනේ, කොහොමටත් ගෙදර කවුරුත් ඒ හරිය පා ගන්න යන්නෙත් නෑ.
ReplyDeleteපිස්සු හැදෙනවනේ අප්පා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මාරයා ඔලුව උඩින් තියාගෙන.
ReplyDeleteමචෝ මේකනම් වටින අදහසක්. අපි ඔය ගැන හිතලවත් නැ.
ReplyDeleteමමත් දැනගත්තේ ළඟකදී.බිල අඩුකරන්න විදුලිය ඉතිරි කරන්න CFL දාන්න කියලා කෑ ගැහුවට මේ ගැන කවුරුත් කියන්නේ නෑ
DeleteIf you compare the amount of mercury put into the environment by burning coal over the lifetime of a CFL to the amount in a CFL, you will find that the former is greater than the later. Except the Hg from coal goes into the air water and food chain, often in some form that can get into the body. The Hg from a CFL goes into a landfill, as an insoluble metal, thus, essentially returning to the earth.
ReplyDeleteI think some of the so called dangers are overrated. Some of them come from “studies” that are suspicious in their origins. The fact is that reducing electric consumption has to be balanced against the known dangers of production of electric energy with fossil fuels and in particular with coal, which accounts for the vast majority of electric energy in most countries, France is a major exception.As for the danger of mercury poisoning, I’m deeply suspicious of much of this scare as well. When I was a child, before anyone was going bonkers over lots of these things, like lead in paint, we used to gather old broken thermometers – they were all filled with mercury – and shake the mercury out of them to get the biggest puddle of mercury we could. The game was to hit the puddle and see who could get the biggest number of small puddles, then move them all back into one big puddle again. Mercury is fascinating – especially to little boys who know that it is a metal – y’a can’t do that with iron. PS all of us ended up with masters degrees or higher.
ReplyDeleteපිස්සු හැදේ.... වැදගත් ලිපියක්
ReplyDeleteඅම්මිට සිරි හිතපු නැති දෙයක්නේ බන් මේක.අපි පාවිච්චි කරන ඔය සීයේ බල්බ්,හැටේ බල්බ් හදන උන් ගොතපු බොරු කතාවක්ද දන්නේ නැහැ මේක.
ReplyDeleteThanks dear, Your post is very Important..
ReplyDeleteu r wlcome
Deleteගොඩාක් වැදගත් මේකනම්......ඒත් කියන්න දෙයක් තියෙනවා...මම මේක කිවුවා කියලා තරහ වෙන්නනම් එපා....
ReplyDelete.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ඔබතුමා අඳින කාටුන් නම් සුපර්............
ඔයත් පට්ට දක්ෂෙක් අද ඉඳන් පදිංචි වෙන්නද ඔයා ලඟින්.....?
අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් අහසේ දොරටු ඇරී ඇත
Deleteමේ පිළිබඳව දැනුවත් කිරිම හොඳයි. මේ ගැන සමාජය දැනුවත් වන ප‍්‍රමාණය මදි. මේ ප‍්‍රශ්නයට විසඳුමක් තියෙනව. ඔබ දන්නව ඇති ඔරේන්ජ් සමාගම ඒකෙ නියම නම ඔරෙල් මනුෆැක්චරිස් නාවින්නෙ ප‍්‍රධාන කාර්යාලය තියෙන්නෙ. ඒ සමාගම මෙම බල්බ ප‍්‍රතිචකි‍්‍රකරණය කරන්න හෝමාගම පිටිපන කර්මාන්තශාලාවක් අරඹල. ප‍්‍රවේශමෙන් එහි රසදිය ඉවත් කරගැනිම තමයි කෙරෙන්නෙ. ඒක ලාභදායක ව්‍යාපාරයක් නොවුනත් පරිසර හිතකාමී කාර්යයක් ලෙස තමයි ඒ ගොල්ලන් කරන්නෙ. ඔබේ බල්බය අක‍්‍රිය වුනොත් ඒක අවිධිමත් ලෙස පරිසරයට මුදා හරින්න කටයුතු කරන්නෙ නැතුව මෙම සමාගමට භාර දෙන්න. ඔරේන්ජ් නිෂ්පාදනයක් නම් එක බල්බයක් සඳහා නව බල්බයක් ගන්නා විට රු.10/- ක් අඩු කරන බවයි දැන ගන්නට තියෙන්නෙ. වෙනත් නිෂ්පාදනයක් නම් රුපියල් 10/- ක් සමාගම අයකර ගන්නව. මේ ගැන හිතන්න. පරිසරයට පමණක් නොවෙයි මිනිස් ජිවිත වලට සිදුවිය හැකි අවදානම ගැන හිතන්න කේ.මුණගම - සභාපති - මිහිතල මිතුරෝ
ReplyDeleteවැදගත් දෙයක්
Deleteදැනුවත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා
දැනුවත් කිරීම බොහොම වටිනවා. මේ ගැන තලින් අහල තිබුනත් මෙච්චර බරපතලයි කියල හිතුනෙ නෑ.. කියවගෙන යනකොට මට ආපු පලවෙනි ප්‍රශ්නෙ තමයි CFL හොද නැත්තං මොකක්ද විකල්පය කියලා.. පරණ බල්බ් භාවිතය සෑහෙන්න වියදම් අධිකයිනේ..
ReplyDeleteLED බල්බ් තමා හොඳම විසඳුම කියලා මටත් හිතෙන්නේ
Deleteමේ ගැන අවධානය වැඩියෙන් යොමු උනොත් ලාභදායක විසඳුමක් ලැබෙයි
ඉතාම හොද ලිපියක්. මේකට විසදුමක් විදියට LED බල්බ් පාවිච්චි කරනවා මම දන්නා විදියට. මොකද ආයු කාලයත් සෑහෙන්න වැඩියි. ශක්ති හානියත් අඩුයි.
ReplyDeleteහොද විස්තරයක්... දැනුවත් කිරීම පිළිබද තුති..
ReplyDeleteLED bulbes gena wistarayak liyanna beida?
ReplyDeleteසෑහෙන්ඩ වටින ලිපියක්... අඩේ අපේ ගෙදරට දාලා තියෙන තරමක් එවුවා ඔය බලුප් නෙ..
ReplyDeleteTHANKS VERY MUCH
ReplyDeleteවටිනා ලිපියක්...නමුත් අපේ රටේනම් පරිසර හිතකාමිත්වය ගැන කියලා වැඩක් නැත. අපි හැමෝම වැරදී ඒකට. මේ වෙනුවට අලුත් LED බල්බ් පාවිච්චිය හොඳ වේවි කියලා හිතනවා. හොඳ එකක ගානනම් සැරයි මම හිතන්නේ. නමුත් ඒ ගාණට පාඩුත් නැති වෙයි හැමදේම ගැන හිතලා බැලුවොත්.
ReplyDeleteසෙල්ලන් නෑ වැඩේ.. LED වලට මාරු වෙන්න වෙයි වගේ.
ReplyDeleteමේක ඇත්තක්ම ද ? මම නම් හිතන්නේ නෑ. මොකද මේ කියන සමහර දේවල් පර්යේෂණ පත්‍රිකා පමණක් වන දේවල්. මේකත් පොඩ්ඩක් කියවල හිටියනම්..
ReplyDeletehttp://thegoodhuman.com/2010/10/26/are-cfl-light-bulbs-dangerous/
හ්ම්ම් මැක්සා ලිපිය ගොඩක් වැදගත්. මම පෙරේද මේක කියවල හාමිනේටත් දුන්න බලන් කියලා. එකෙනුයි කොමෙන්ටුවක් දාන්න බැරි උනා ඔන්න අද ආව බැරි උන වැඩේ සම්පූර්ණ කොරල යන්න
ReplyDeleteඅම්මෝ මම කීපාරක්නකං අත කපාගන ඇද්ද Cfl වලට , (බල්බ් ගෙන්නන එකෙක් ගාව වැඩ කලා කාලයක්)
ReplyDeleteඅනේ මගේ දරු දෙන්නා
මාව කලින්ම වලගංපිටි යයිද අවතාරයෝ
බය නැතුව හිටින්.. ඔය කියන විදියට වලගම්පිටි යනවනම් ඉතිං බැරියෑ
Deleteඑතකොට LED ලාම්පු ගැන මොකද කියන්නේ? එක CFL වලට වඩා ලාබයි. එකෙනුත් අතුරු ආබාධ තියනවද දන්නෙ නෑ. ගුගල් දෙයියාගෙන් අහල බලන්න ඕන.
ReplyDeleteනොදැන හිටි දෙයක් දැනගත්තා..බොහොම ස්තුතියි සහෝ! ජය!
ReplyDeleteමමනම් ආයෙ ගන්නෙ LED විතරයි. කැමති අයට අඩු ගානට හදල බලන්න.
ReplyDelete5w LED = 15W CFL = 60W Tungsten.
CFL ගැන ඔලුවේ තිබුණු කටහ ඔක්කොම වෙනස් වුනා. මේකත් හරි ඩේන්ජර් නොවැ
ReplyDelete