පළමු කොටස
දෙවන කොටස
සෙනුරි දෑස් හැර බැලූ විට සම්පතුත්,කමලාත් ,පියලුත් තමා දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. ඇය සම්පත්ගේ උදව්වෙන් අපහසුවෙන් කෙලින් වී ඇඳ වියලට හේත්තු වී ඉඳ ගත්තාය.තවමත් හිස තරමක් ඇදුම් කන බව ඇයට දැනිණ.
“ මට මොකද උනේ සම්පත්“
“ ඇතුලට එද්දි බේබි කලන්තේ දාලා වැටුනා.පුංචි මහත්තයා උස්සගෙන ඇඳට අරන් ආවේ “
“ මගේ ඔලුව තාමත් රිදෙනවා කමලා “
“ ගමන් මහන්සිය වෙන්නැති බේබි .බේබි තවම උදේට මොකුත් කාලත් නෑ නේද?මහන්සියටයි බඩගින්නටයි තමා මමහිතන්නේ කලන්තේ හැදෙන්න ඇත්තේ “
“ යමු පුංචි මහත්තයා කාලා ඉඳිමු මම කිරිබත් කැට කපලා තියෙන්නේ .පුංචි මහත්තයත් සෑහෙන දවසක් කොළඹ හිටපු නිසා කිරිබත් කන්න හමිබ වුනේ නැතිව ඇතිනේ “
කමලා කියන දේ ඇත්තක් බව සෙනුරිට වැටහිණි.පෙර දින රාත්‍රියේ කෑවාට පසු තවම කිසිවක් බඩට වැටී නැත.ඇයට හිස කැක්කුම සමඟ තදබල කුසගින්නක්ද දැනෙන්ට විය.
“ සෙනූ අපි යමුද කෑම කන්න ඔයාට පුළුවන්ද නැඟටින්න ?“
සෙනුරි කමලා හදා තිබූ කිරිබත් ලුණූමිරිස් සමඟ ඉතා ආසාවෙන් කෑවාය.ඇය කොහොමත් ගමේ කෑම වලට ප්‍රිය කලාය.කරුනා අම්මා ගමේ ගොස් එන විටදී ගේන පොලොස් ,පලා ජාති කන්නට ඇය මහත් ආසාවෙන් බලා සිටි අයුරු ඇයට මතකය.කරුනා අම්මාද ඉඳ හිට කිරිබතක් හදන අයුරු ඇයට සිහි විය.ඒත් කමලාගේ කෑම ඊට වඩා රස ඇති බැවින් ඇයට හොඳින් අත් ගුණය පිහිටා ඇතැයි ඇය සිතුවාය.
“ මොකෝ බේබි කල්පනා කරන්නේ කිරිබත් රස නැද්ද?“ කමලා තවත් කිරිබත් කෑල්ලක් පිඟානට බෙදන ගමන් අසයි.
“ අනේ නෑ කමලා හරි රසයි .මට අපේ කොන්වන්ට් එකේ උයපු කරුනා අම්මව මතක් උනා“
උදේ ආහාරයෙන් පසු සෙනුරි වලව්වේ ඉහල මාලයට වී අනික් අස සමඟ කතා බහ කරමින් සිටියාය.එලියට සම්පූර්ණයෙන් විවෘත වන සේ වලව්වේ එම කොටස නිම කර ඇත.අවටින් පේන්නේ නිල් පාටින් පිරුණු ලෝකයකි.ඇඟේ වදින සීතල සුළඟ සෙනුරිට අමුතුම පහසක් ගෙන දුන්නේය.කමලා සම්පත්ගේ පුංචි කාලයේ සිද්ධීන් රස කරමින් කියයි.සෙනුරි මෙන්ම සම්පත්ද ඒවාට කන් යොමු කරගෙන සිටින්නේ ඉතා ආශාවෙනි.
“ පුංචි මහත්තයා පොඩි කාලේ නිතරම සෙල්ලම් කලේ මාත් එක්ක.බේබි දන්නවද පුංචි මහත්තයට ඒ කාලේ හරියට කේන්ති යනවා.පොඩ්ඩ ඇත්නම් ඇති.දැන් ඉන්නේ ඒ පුංචි මහත්තයද කියලා හිතන්ඩවත් බෑ “
කමලා කියමින් සිනාසෙයි.ටික වෙලාවක පිලිසඳරෙන් පසුව වලව් වත්තේ ඇවිදින්නට යමුයි කමලා සෙනුරිට යෝජනා කලාය.
“ පොඩ්ඩක් හුලං ටිකක් ඇඟේ වැදුනට පස්සේ බේබි ට ඔය තියෙන හිසේ රුදාව ඇරිලා යයි“
සෙනුරිට ද අවශ්‍ය වී තිබුනේ එයයි.කූඩුවක හිර වී සිටියාක් මෙන් සිටි ඇයට මේ නිදහස් පරිසරයේ මිහිරියාව විඳගන්නට ඕනෑ කර තිබිණි.
“ එහෙනම් සෙනූ ඔයා කමලත් එක්ක පොඩ්ඩක් ඇවිදලා එන්න .මම ටිකක් නිදාගන්න යනවා“
එක දිගට පැය ගණනක් රිය පැදවීමෙන් සම්පත් තෙහෙට්ටුවට පත්වී ඇතැයි ඇයට හැඟිණි.සෙනුරි කමලාද සමඟින් වලව්වේ මිදුලට පිවිසියාය.මුලු වලව් මිදුලම මල් හිටවා අලංකාර කර ඇත.මිදුල මැද්දෙන් විසාල ලෙස රවුම් හැඩැති ප්‍රදේශයක් තුල රෝස මල් සිටවා ඇත.එක එක පාටින් රෝස මල් සෑහෙන ප්‍රමාණයක් පිපී තිබෙනු දුටු සෙනුරි කහ පැහැති රෝස මලක් ළඟට ගොස් ආසාවෙන් එය ඒ මේ අත හරවා හැඩ බැලීය.
“ ඕවා වලව්ව කලින් බලාගත්තු සේදිරිස්ගේ වැඩ බේබි.ඒ මනුස්සයා ආපු දවස් වලට හැන්දෑ වෙනකල්ම මල් ගස් වලට සාත්තු කරලා තමයි යන්නේ“
“ අපි යමු බේබි පහලට“
වලව් මිදුලේ සිට ඈතට වත්ත පැතිරී ඇත.සෙනුරි ස්වීටරය හැඳ සිටියත් සීතල තරමක් ඇයට දැනෙන්ට විය.කමලාට නම් එහි එතරම් ගානක් නැති බව ඇයට පෙනෙයි.තමාට මේ පරිසරය තවම නුහුරු නිසා සීතල තදින් දැනෙනවා ඇති යයි ඇයට සිතිණි.ඇය කමලා පිටිපසින් වැටී වටපිට බලමින් ගමන් කලාය.
“ හරි ලස්සනයි නේද බේබි “
කමලා අත දිගහැර ඈතින් කුඩාවට පෙනෙන ජලාශයක් පෙන්වයි.එය වැවක් වන්නට ඇතැයි ඇයට සිතිණි.වලව්ව තරමක් උස්වූ කඳු ගැටයක පිහිටි නිසා වටපිවාවේ බොහෝ පෙදෙසක් පෙනෙයි.කමලා පිටුපසින් ගමනේ වැටී සිටි සෙනුරි එක්වරම නතර වූවාය.ඇගේ සිත තුල යම් මතකයක සේයාවක් සක්මන් කරන අයුරකි.
“ ඇයි බේබි නැවතුනේ “
“ කමලා ඔය පැත්තට නෙවේ අපි මේපැත්තට යමු “ සෙනුරි ගමන් කරමින් තිබූ පැත්තෙන් වෙනත් පසෙකට අත දිගු කලාය.
“ ඒ පැත්තට හරියට පහල පේන්නේ නෑනේ බේබි “
“ ඒකට කමක් නෑ කමලා මගේ පස්සෙන් එන්නකෝ “
ඇය දැන් ඇවිදින වේගය කලින් ට වඩා වැඩි බවක් ඇයට දැනිණි.මේ යන ඉසව්ව කෙරෙහි අවබෝධයක් ද ඇය කෙරෙහි නොවීය.තරමක් ඈතින් පෙනෙන කන්ඩියක් වෙතට යාමේ අදහසක් ඇගේ සිත තුල පැන නැගී තිබිණි.කමලා ද ඇය යන වේගයට සරිලන සේ තරමක් උස් අඩි තියමින් සෙනුරි පසුපසින් ගමන් කලාය.සෙනුරි යමක් දැකගන්නට බලාපොරොත්තුවෙන් මෙන් එක් දිසාවක් දෙස හිස යොමාගෙන නොනවත්වා ගමන් කලාය.තරමක් උස් තැනෙක පිහිටි කන්ඩිය ආසලට පැමිනෙනවාත් සමඟම දුටු යමක් දෙස බලාගෙනම නැවතුනු සෙනුරි ඒ දෙස ඇස් පිල්ලම් වත් නොගසා බලා සිටියාය.
-මතු සම්බන්ධයි-
-මතු සම්බන්ධයි-
ම්මම්ම්...ලස්සනයි..ඉතුරු ටිකත් ලියන්න..
ReplyDeleteස්තූතියි තරුවට
Deleteඉතුරු ටික එනකම් බලා සිටිමි.
ReplyDeleteමීළඟ කොටස ළඟදීම
Deletelassanai wage kathawa.ane.....itiri kotasat ikmanata danna awathar ayya....
ReplyDeletemama tama kiyanne ayya hodai kiyala......ai oya naraka lamayekda??(ayya meka oita issellan comment ekkakadi ahala tibuna nisa onna ekata reply ada damma hode......)
Deletethanks thanks next ekath ikmanata denawa
Deletehapoi man gana kiyala thiyena ewa lajjath hithenawa :-)
අදමයි අවතාර්ව බලන්ඩ සෙට් උනේ. දිගටම එන්නම් මල්ලි !
ReplyDeleteකතාවේ ඉතුරු ටික කියවන්නේ නැතුව මේ කොටස කියෙව්වම වයර් වෙනවා !
දිගටම එන්න ලැබේවා
Deleteපරණ ටික කියෙවන් නැතුව මේක කියෙව්වොත් නම් වයර්ම තමා
උඹ හැමදාම කතාව නවත්වන්නෙ උපරිමේට ගෙනත් නේ බං. දවසක් දොරමඬලාවෙදිද කොහේද ඩොක්ටර් හරිශ්චන්ද්‍රත් කිව්ව ඔය මෙගා ටෙලිවල කුතුහලේ උපරිමේට ගෙනත් කතාව මතුසම්බන්ධ යි කියල කතාව නවත්වන එක හොඳ නෑ කියල. :)
ReplyDeleteඋපරිමේට ගෙනල්ලා නැවැත්තුවම ඔය කුතුහලේද මොකද්ද එක ඇති වෙනවලු අන්න ඒක ඇති කරන්න තමා අවතාර්ගේ ට්‍රයි එක
Deleteඑහෙම කරන්නෙපා .... සත්තලං. ඕක ටිකක් ලෝභ නැතුව ලියල දාපං ලෝඩ් කිං වගේ. :)
Deleteෆයර් ලෝඩ්ට කියලා උබව බාවන්න හිතෙනවා හොදම හරියට ඇවිත් කතාව නවත්තනකොට..
ReplyDeleteහි හි..
ලස්සනට ලියලා තියෙනවා මචං..
ඉක්මන්ට අනිත් ටිකත් දහං..
අනේ මේ කතාවක් හින්දා අහිංසක අවතාර්ට මොකුත් කරන්න එපා බං :-)
Deleteවෙඩි ගැන කියවෙද්දිත් බය හිතෙනවා මේ දවස්වල කොහෙන් වදීද කියලා කවුද දන්නේ
අයියෝ අදත් නැවතුනේ නියම තැනින්..සෙනුරි මොකක්ද දකින්න ඇත්තේ..ඔන්න දැන්නම් ඇත්තටම අවතාර්ව අවතාරයක් කරන්නමයි හිතෙන්නේ..(හේ..හේ..)අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ....
ReplyDeleteඔන්න එහෙනම් ඊළඟ එකත් කියවලම බලන්නකෝ
Deleteලස්සනයි නොවැ කතාව ...
ReplyDeleteඑල එල තැන්කූ රොබින්
Deleteකතාව උපරිමේටම ගෙනත් උඹ හැමතිසේම නවත්තනවා බං
ReplyDeleteමේ ගැම්මටම දුවන් යනවා හතර කියවන්න :)