සිප් කිරෙන් වැඩෙනු වස්
ප්‍රාථමිකයට සමු දී
නගරයේ සිප් මවගෙ
තුරුල්ලට පැමිණියෙමු
නව විදු මව පිළිගන්නට
කුහුලින් බලා සිටි පිරිස අතර
ඔබත් එක් මිතුරියක් විය
මිතුරු ඇසුරෙන්
දින සති මාස ගතවී
තුරුණු වියට පා තබා
විදු මව සෙවනේ එකට අකුරු කලෙමු
ආදරය කිමදැයි නොතේරෙන වියක
මිතුරන් අතරින් ඔබේ රුව දකින්නට
සිත වෑයම් කලේ මන්දැයි
තවම මම නොදනිමි
අර්ථ රහිතව මිතුරන් විසින්
පෙම්වතුන් නම් තබන සමයේ
ඔබ මා පෙම්වතුන් ලෙසින්
නම් දැරුවේ කිමදැයි
තවම මම නොදනිමි
මිතුරන්ට විහිළුවක් වූ
ඔබ මගේ ආදරය
මට නම් සත්‍යක්ම විය
මා පිළිබඳ ඔබ සිතේ යම්
කැමැත්තක් ඇති බව
මම ඇඳින සිටියෙමි
දෙදෙනා අතර මෝදු වෙමින්
ආලයේ සිතිවිල්ල
මල් ඵල දරනු වස්
ආලය වචන කල යුතු වුවත්
අප දෙදෙනා එයට පසුබට වුයේ
ඔබට ඇති ආලය
හුදෙක් මා සිත තුලම
සිරකර තබමිනි
සා පෙලින් අවසන
දෙමඟකට වෙන් වී
අතර තුර හමුවී
මිතුරන් ලෙස ඇසුරු කලෙමු
පාසල් දිවියට සමුදී
දින සති ගෙවී ගොස්
කාලය පියඹද්දී
එක් විඩාබර සැඳෑවක
ඔබේ රුව දිටිමි
දහසක් නෙතු අතර
ඔබ මගේ සිහිනයයි
මා සිතින් ප්‍රේම කල
ඔබ ඔතන මා මෙතන
කාලයේ අනිත බව
ඔබ කුමාරයෙක් හා යනවග
සවන් වැකෙන නුදුරු දිනෙක
ඔබේ දිවියට සුබාසිරි
පතන්නෙමි හදවතින් එදින!!!!!!!!
තවමත් පරක්කු නැත්නම් ඇයි තවත් බලාගෙන?
ReplyDeletedan eka heenayakma witharai akke.
Deleteමලේ මට කියන්න තියෙන්නේ දැනටත් පරක්කු නැත්නම් අතාරින්න එපා අන්තිම මොහොත වෙනකන්ම.
ReplyDeleteට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි :)
ReplyDelete