Sunday, May 13, 2012

ඔබ මගේ සිහිනයයි මා සිතින් ප්‍රේම කල

පස් වස සිසු ඉම ජයගෙන
සිප් කිරෙන් වැඩෙනු වස්
ප්‍රාථමිකයට සමු දී
නගරයේ සිප් මවගෙ
 තුරුල්ලට පැමිණියෙමු
             නව විදු මව පිළිගන්නට
              කුහුලින් බලා සිටි  පිරිස අතර
             ඔබත් එක් මිතුරියක් විය

මිතුරු ඇසුරෙන්

දින සති මාස ගතවී

තුරුණු වියට පා තබා

 විදු මව සෙවනේ එකට අකුරු කලෙමු
           
              ආදරය කිමදැයි නොතේරෙන වියක
           
              මිතුරන් අතරින් ඔබේ රුව දකින්නට
            
                 සිත වෑයම් කලේ මන්දැයි
           
                 තවම මම නොදනිමි

අර්ථ රහිතව මිතුරන් විසින්

පෙම්වතුන් නම් තබන සමයේ

ඔබ මා පෙම්වතුන් ලෙසින්

නම් දැරුවේ කිමදැයි

තවම මම නොදනිමි
          
            මිතුරන්ට විහිළුවක් වූ
          
            ඔබ මගේ ආදරය
          
            මට නම් සත්‍යක්ම  විය
         
            මා පිළිබඳ ඔබ සිතේ යම්
         
            කැමැත්තක් ඇති බව
         
             මම ඇඳින සිටියෙමි

දෙදෙනා අතර මෝදු වෙමින්
                                  ආලයේ සිතිවිල්ල
මල් ඵල දරනු වස්
                            ආලය වචන කල යුතු වුවත්
අප දෙදෙනා එයට පසුබට වුයේ
                            ඔබට ඇති ආලය
 හුදෙක් මා සිත තුලම
                           සිරකර තබමිනි
                    
                    සා පෙලින් අවසන
                    දෙමඟකට වෙන් වී
                     අතර තුර හමුවී
                    මිතුරන් ලෙස ඇසුරු කලෙමු

පාසල් දිවියට සමුදී
දින සති ගෙවී ගොස්
කාලය පියඹද්දී
එක් විඩාබර සැඳෑවක
ඔබේ රුව දිටිමි
දහසක් නෙතු අතර
                                  ඔබ මගේ සිහිනයයි
                                  මා සිතින් ප්‍රේම කල
                                   ඔබ ඔතන මා මෙතන
                                  කාලයේ   අනිත බව
ඔබ කුමාරයෙක් හා යනවග
සවන් වැකෙන නුදුරු දිනෙක
ඔබේ දිවියට සුබාසිරි
පතන්නෙමි හදවතින් එදින!!!!!!!!              

4 comments:

  1. තවමත් පරක්කු නැත්නම් ඇයි තවත් බලාගෙන?

    ReplyDelete
  2. මලේ මට කියන්න තියෙන්නේ දැනටත් පරක්කු නැත්නම් අතාරින්න එපා අන්තිම මොහොත වෙනකන්ම.

    ReplyDelete
  3. ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න