Wednesday, May 9, 2012

ගූගල් එක්ක මැජික් කරමු

                                       අන්තර්ජංජාලේ ජරමරේ ඉන්නකොට අවතාර්ට හම්බවුනා ගූගල් එක්ක කරන මැජික් ටිකක්.මොලේ කොලොප්පම් වෙන බ්ලොග් කියවන අතරේ මේ වගේ දෙයකින් මොලේට පොඩි ඉස්පාසුවක් ලැබෙයි.වැඩි විස්තර මොනාටද පහල තියෙන එව්වා ඒ විදිහටම  කොරලා බලන්න.
 

        ගූගල් පිටුව වටයක් කරකවමු
                              do a barrel roll  කියන එක කොපි කරගෙන සර්ච් බාර් එකේ පේස්ට් කරන්න.ගූගල් පිටුව බබා වගේ වටයක් කැරකෙයි.

          ගූගල් පිටුව  බිමට සමතලා කරමු
                             
                                   Google Gravity කියලා සර්ච් බාර් එකේ ටයිප් කරලා I'm feeling lucky උඩ ක්ලික් කරන්න.බිල්ඩින් එකක් කඩා වැටෙනවා වගේ ගූගල් බිමට සමතලා වෙයි.ඊට පස්සේ බිම වැටිලා තියෙන සර්ච් බොක්ස් එකේ මොනවහරි දෙයක් ටයිප් කරලා එන්ට කරන්න.තියෙන ඒවා පවුස් එකෙන් එහාට මෙහාට drag
කරලා බලන්න.
             
                         pacman ගේම ගහන ගමන් එක්ක ගූගල් සර්ච් කරමු
                             pacman ගේම් එක කවුරුත් දන්නවනේ .ගූගල් ලෝගෝ එක තියෙන තැනට මේ ගේම් එක දාගෙන ඒක ප්ලේ කරන්න පුළුවන්.ඒකට මෙතනින් යන්න.

                              ගූගල් පිටුව ඇද කරමු 
                              tilt කියලා ටයිප් කරලා එන්ටර් කරන්න

        ගූගල් පිටුව කන O අකුරේ  වේයා
    Google නමේ තියෙන ඕ අකුරෙන්ම ගූගල් රිසල්ට් පිටුවම කාලා දානවා.ගූගල් සර්ච් බොක්ස් එකේ zerg rush කියලා ටයිප් කරලා සර්ච් කරන්න.අවසානෙට අකුරු සේරම කාලා දාලා මොකුත් නැති පේජ් එකේ අර O අකුරු ටික එකතු වෙලා GG හදනවා.
           
           ඔබට චක් නෝරිස්ව හොයන්න බැරි වෙයි ඒත් එහු ඔබව හොයන් එයි
                        find chuck norris කියලා සර්ච් බොක්ස් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ I'm feeling lucky ක්ලික් කරන්න. චක් නෝරිස් කොච්චර බලවතෙක්ද කියලා තේරෙයි.

                 හිමෙන් වැහුණු ගූගල්



    let it snow කියලා සර්ච් කරන්න.හිමෙන් වැහුණු බෝඩ් එකක් පෙනෙයි.mouse courser එකෙන් පිහදාලා හිම අයින් කරලා බලන්න.
                 
                  මේ තරම් ප්‍රතිඵල ගොඩක්


                                
                      binary කියලා සර්ච් කරන්න.ලැබෙන ප්‍රතිඵල සංඛ්‍යාව දෙස බලන්න.

              කඟවේණාට අං කීයක් තියෙනවද?
                              කඟවේණාට අං කීයක් තියෙනවද? අහමු ගූගල් දෙයියන්ගෙන්.the number of horns on a unicorn සර්ච් කරන්න.ගූගල් උත්තර දේවි.

         ගූගල් සර්ච් කරන්න චීනේ ගොවි බිමකට යමු


                      
                             qingming කියලා සර්ච් කරන්න.ලැබෙන පිටුව දිහා බලන්න.

         චීනේ  මෝරු අතර පාවෙන ගූගල්
                         
                        චීනේ ගූගල් වලට අපලයි කියලා දන්නවනේ.චීනේ තියෙන ගූගල් බලන්න මෙතනින් යමු

                      හිත් කියවන ගූගල්
                                 ගූගල් විසින් හිත් කියවන එන්ජිමක් නිර්මාණය කර ඇති බව ඔබ දන්නවද?
                    කරන්න තියෙන්නේ මේච්චරයි ගූගල් සාස්තර කාරයගේ පිටුව ට ගිහින් උපදෙස් අනුගමනය
කරන්න.

             
ප.ලි...
        the last thing is a  April's fool day joke.these things are working correctly on Google Chrome Browser

6 comments:

  1. පට්ට පට පට දෙක තුනක් දැනන් හිටියට මේ ගොඩක් ඒවා දැනගත්තේ අද.ගින්දර මචෝ

    ReplyDelete
  2. නියමයි... ස්තුතියි සහෝ... දන්න දේවල් කියල දුන්නට.

    ReplyDelete
  3. මේක කරන්නෙ ගූගල්ද? නැත්නම් වෙන කට්ටියක්ද? මොනා උනත් නියමයි ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. mama hithana vidihata googl la.

      Delete
    2. නැහැ ගූගල්ලම නෙවේ වෙනත් වෙබ් අඩවි වලින් එයාලා එක්ක බැදිලා කරන දෙයක්.ඒ කියන්නේ ගූගල්ලගෙ අනුදැනුම ඇතුව

      Delete
  4. ම්ම්ම්.. මමත් උත්සාහ කරලා බැලුවා. නරක නෑ වැඩේ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න