Tuesday, May 1, 2012

මට අයිති දිනයක් ලු අද

හිරු සමඟ අවදි වී
වැඩ මුරය පිලිගන්න
වැඩබිමට
පියනඟන අතරතුර..........

දහස් ගණනක පිරිසක් එක් වී
හඩ තලයි යකඩ කට
කුමන මීටිමක්ද
හිතේ කුහුලින්
වැදුනෙමි ජනයා අතරට.......
ජාතික ඇඳුමින් සැරසුන
මැතිතුමෙක් කතා කරයි
කන් දෙදරා යන තරමට
   කම්කරුවා අපේ කෙනෙක්........ “
   “කම්කරුවා රැකගනිමු........... “
   “කම්කරු අයිතීන් වෙනුවෙන් නැඟී හිටිමු ............“
මොනතරම් පුදුමයක්ද
මේ තරම් පිරිසක්
මේ තරම් ආවේගයක්
මා වෙනුවෙන්.......
කවුරුත් දෑස් යොමු නොකෙරූ
        මට අයිති දිනයක් ලු අද !
විද්වතුන් පවසාවි
එක දිගට හඬ නඟන
මගේම අයිතීන් අතර
මංමුලා වූ මම
පියවි සිහි ලදිමි........
පියමැන්නෙමි කඩුමුඩියෙන්
නැවතත් වැඩබිමට
වැඩ මුරය ඇරඹුමට
තව සුළු කාලයකි
කාලය ගතවුනොත්
මා සිටි තැනට
අන් අයෙක් පත්වේවි.........
එවිට....................
අයිතීන් කෙසේ වෙතත්
මගේ පවුල දිවිගෙවන
කම්කරුකම
නැතිවනු ඇත..........

2 comments:

  1. ඕක තමයි ඇත්ත කතාව...........

    ReplyDelete
  2. අද විතරයිනේ කම්කරුවෝ කියන කට්ටියව මතක් වෙන්නෙත් :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න