දවස් ෙදක තුනක ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ මට කියනවා.මම මහත් වෙලාලු.අර කැන්ටිමේ රුපියල් තිස් පහේ බත් එකට වෙන්නැති . ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි මතක් උනා ඕලෙවල් කාලේ නියම සිද්දි ටිකක්.කස්ටියටම බලන්න එහෙනම් දැම්මා අහසේ.
ඕලෙවල් කිට්ටු වෙනකොට අපිට ඉස්කෝලෙන් සෙමිනා ලෑස්ති කලා.කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් බලන් ඉන්නේ ඔය දවස එනකම්.අපේ ඉස්කෝලේ පැත්තේ තිබුන ටිකක් ලොකු ඉස්කෝලයක් හින්දා වටේපිටේ තියන ගම්බද ඉස්කෝලවලින් ලමයි එනවා අපේ සෙමිනා එකට.දැන් ඉතින් ඒවයෙන් එන ගෑනූ ලමයි ටික දිහා තමා කොල්ලෝ ටික වැඩර්ලා වගේ ඇහැ දාගෙන හිටියේ.මොනව උනත් ගණන් විද්‍යාව සෙමිනා නම් තාමත් මතක් වෙද්දි විකාර වගේ.එදාට වැඩිපුරම කරේ නිදා ගන්න එක සෙමිනා එකේ.
Thursday, December 20, 2012
Saturday, December 15, 2012
අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???
අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය.
කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස අසුනේ සිටි මඟීන් දෙසය.
කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස අසුනේ සිටි මඟීන් දෙසය.
ලේබලය
කෙටි කතා,
මතක විත්ති,
ලේබල් නැති ඒවා
Thursday, December 13, 2012
මාසෙකට පස්සේ ..I'm back..
ඔන්න අවතාර් සෑහෙන දවසකට පස්සේ ආයෙත් නොනිමි අහස පැත්තට ආවා.නොනිමි අහසෙන් ගිහින් අදට හරියටම මාසයයි.ඉස්සරලම කියන්න ඕනේ අවතාර් හිටියේ නැතත් අහස පැත්තට ඇවිල්ලා පෝස්ට් කියවලා කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුනා ගොඩක් අය.ඊයේ දවසට විතරක් අහසට 34 දෙනෙක් ඇවිල්ලා .සති දෙකක් විතර යනකල්ම සීය පැනලා ලිබුනා දවසට ගොඩවෙන ගාන.මාසයක් තිස්සේ කිසිම පෝස්ට් එකක් දාන්නේ නැතුව මාසෙකට පස්සෙත් ඒ වගේ පිරිසක් එනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන කෙනෙක් හැටියට මට නම් ඉහටත් උඩින් ඈ.ඒ තරම් සතුටක් තියනවා.අවතාර්ව අමතක වෙලා නෑ කියන්න ඒ ඇතිනේ .ඉතින් හෙට ඉඳන් අවතාර් සුපුරුදු විදිහට වැඩ පටන් ගන්නවා .පුරුදු විදිහට අර මල්මඩ සිත්තරයි ඒකට තෑගි ප්‍රශ්නෙයි ,තව පොඩි නවකතාවකටත් අදහසක් තියනවා.බලමු වෙලා තියන විදිහට.ඉස්සර කාඩ් දදා ප්‍රීපේඩ් පැකේජ් වලින් ජාල ගතවෙන එක වදයක් හින්දා අවතාරුත් බැස්සා ඩයලොග්ලගේ 3GB පැකේජ් එකට.එහෙනම් හෙටම අලුත් පොස්ට් එකකින් හම්බවෙමු.එතකන් ගිහින් එන්නම් කිව්වා හැමෝටම.
ලේබලය
ලේබල් නැති ඒවා
Tuesday, November 13, 2012
අවතාර්ගේ බ්ලොග් සිත්තර 03
සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්‍රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ.
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ,
හිනා යයිද මන්දා
Sunday, November 4, 2012
ආදරය මේ තරම් විරහද? | මා දුටු ලව් බූට්
මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ
පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය
මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ
උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි
ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ
කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ නම් කියලා නෝන්ඩි කරන්න ගත්තා.පුදුම කියන්නේ මේ
තේරීම හරියට හරි ගියපු තැන් බාගෙට බාගයක් තිබුනා.අවතාර්ගේ හිතේ හිටිය ගෑනූ ලමයා ගේ නම
කියලා අවතාර්ව නෝන්ඩි කලේ කස්ටිය.ඒ ප්‍රේමේ ගැන ඉතින් වැඩක් නෑ.නොදන්න කස්ටිය
ඉන්නවනම් ගිහින් බලන්නකෝ මෙතනින්.
ඉතින් මම මේ කියන බුවාටත් නම වැටුනා ඌ ට්‍රයි කරපු කෙල්ලගේ.ඒ දවස් වල උගේ
අඹ යාළුවා විදිහට සේරම කියන්නේ මට.මම ඒකිව කොහොම හරි යාළු කරගන්නවා මට සපෝට් එක
දියන් කියලා කෙල්ලව දකින දකින සැරේට මූ මාත් එක්ක කියනවා.අඹ යාළුවා විදිහට ඉතින්
යාළුවාගේ දුකේදීත් සැපේදීත් උදව් කරන්න එපැයි.මගෙන් ඉතින් ෆුල් සපෝට්.මට මතක
විදිහට මූ අට වසරේදී කෙල්ලගේ පස්සෙන් යන්න ගත්තා.කෙල්ල කියලා මහ ලොකු ලස්සනක්
නෑ.මේකි අරූට ගනන් ඉස්සුවා.ඔහොම අවුරුද්දක් පුරාම ට්‍රයි කරලා අපි නවය වසරට ආවා.මේ
වෙන කොට පන්තියේ ලෙවල් කෙල්ලෝ සෙට් එකකුයි කෙල්ලෝ සෙට් එකකුයි හැදුනා.බොහෝම පොඩි
ගාණක්.උන්ගේ මොනවා ලෙවල් උනාද කියලා අවතාර් තාම දන්නේ නෑ.ඒ උනාට ලෙවල් ඈ.මේ කියන
කෙල්ලත් මුලින් ආශ්‍රය කලේ ඔය කියන ලෙවල් කෙල්ලන්ව.අපේ බුවාත් අතෑරියේ නෑ.නවය වසරේ
පුරාවටමත් ට්‍රයි කරා.
ලේබලය
මතක විත්ති,
ලේබල් නැති ඒවා
Sunday, October 28, 2012
බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල්
කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට
හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට
කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට
හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට
ලේබලය
කවිද මන්දා,
සතියේ ටොක්ක
Thursday, October 25, 2012
අඩු ගානට එළිය දෙන බල්බ් මාරයා ( CFL දාන්න කලින් දෙපාරක් හිතමු)
කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම මේ අසරණයාගේ පාදාය් ඇතිවූ තිබූ තුවාලයෙන් මස් කුණු වී ,දියවී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තුරුම ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
බලශක්තිය සංරක්ෂණය කර ගැනිමේ ,විදුලි බලය ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර .ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතය තහනම් කරමින් , CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.
ලේබලය
ලේබල් නැති ඒවා
Tuesday, October 23, 2012
සූටි කාලේ කතරගම මතකය
කරන්න දෙයක් නැතුව මනෝ
පාරක් දාගෙන ඉන්න වෙලාවක හිත ඉබේටම පොඩි කාලෙට ගියා.පෙර පිනකටද කොහෙද මතක් කරලා
සතුටු වෙන්න පුළුවන් ලමා කාලයක් අපිටත් තිබුනා.දැන් ඉන්න ළමයි වගේ කීබෝඩ් එක හපා
ගෙන කම්පියුටර් ගේම් ගහන කාලයක් අපිට තිබුනේ නෑ.ඒ දවස් වල ඒවා හීන තමයි.දැන් ඉන්න
පොඩි උන්ගෙයි අපේ පොඩි කාලේයි ගැන ලියන්න ගියොත් ඒකට පෝස්ට් එකකුත් මදි.ඒ හින්දා
ඒක පැත්තකට දාලා අද ලියන්න ආපු දේට බහිමු.
ලේබලය
මතක විත්ති,
සූටි කාලේ
Sunday, October 21, 2012
Sunday, October 14, 2012
අවතාර්ගේ කුජීත කාටූන් ඇහෙන් දකින මීළඟ බ්ලොග් හතර
තහනම් අඩවියේ රජා ඇතුලු පිරිස අමුතු සයිට් විසිට් එක ගිය වෙලේ අඩවි රජා රාජ තේජසින් කක්කා කරද්දී කොලොප්පම් කල එවුන්ට රාජකීය පොල්ල දිගු කිරීම.(රජාගේ සහජ ඉන්ජිනේරු මොලය පාවිච්චි කර හබරල කොලයකින් රාජකීය අහවල් තැන වසාගෙන සිටී)
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ,
හිනා යයිද මන්දා
Thursday, October 11, 2012
අධ්‍යාපනය,ක්‍රිකට් මැදි උන මගෝඩිස්තුමාගේ නාඩගම
වේදිකාවේ තිරය ඇරේ.සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගත් පුදගලයෙක් යමක් කල්පනා කරන අයුරින් වේදිකාව මත ඔබ මොබ ගමන් කරයි.ශරීර හැඩයෙන් ඔහු දේශපාලඥයෙකු බව අනුමාන කල හැකි ය.එනම් ඉදිරියට නෙරා ආ මහත් වූ උදරයෙනි.මද වෙලාවකින් පසුව එවැනිම ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙක් කලබලයෙන් වේදිකාවට පැමිණේ.එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ දෙබස් වලින් ඉදිරිපත් කිරීම මැනවි යයි සිතේ.
ලේබලය
කාටුන් අදහස්,
සතියේ ටොක්ක,
හිනා යයිද මන්දා
Monday, October 8, 2012
අයියලා ඉන්න නංඟිලා ආදරේ කරනකොට පරිස්සමින්.....
අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?
ගෑණු ළමයා (මදක් සැරෙන් ) :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද?
අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්..
ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ආයෙත් අපැහැදිලි පිරිමි කටහඬක්.
ලේබලය
හිනා යයිද මන්දා
Monday, October 1, 2012
මහපාරේ ඇඳුම් ගැලවුන හැටි
අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා අවදි උනේ පැය භාගයක් පමණ ප්‍රමාද වෙලාය.නිදි මරගාතේම යන්තම් දත කට මැද ගෙන ගෙට ගොඩවද්දීම ආයෙත් ජංගමයා කෑ ගැසීය.මෙදා පාරත් එලාම් වැරදි වෙලාවට වැදුනයි සිතා අතට ගත් විට ජ්‍යේෂඨයාගෙන් ඇමතුමකි.
කොහෙද බන් ඉන්නේ .මම ඉන්නේ *******.තව විනාඩි විස්සෙන් මම ඔතන
මේ වන විට වරක් වැසිකිලි ගොස් සිටියත් නැවතත් යාමට අවශ්‍යතාවක් ඇතිවනවා සේ දැනිණි.අදාල ටවුමට යාමට බස් එකට නැඟීමට පාරට යාමටම අවතාර්ට විනාඩි 15ක් ගතවේ.පාසලේ ගණන් ඉගැන්වූ ගුරුතුමාට පින්දෙමින් වෙලාව අනුව තැන ගලපා තඩි පචයක් ඇද බෑවේය.
හරි මම බස් එකේ ඉන්නේ **** අයියේ මම තව විනාඩි 15කින් විතර බහිනවා
ලේබලය
මතක විත්ති
Friday, September 28, 2012
අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා )
අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැල්ලු.
මිනිහා දවසක් ගිහිල්ලා බණ ගෙදරක.ඒ කාලේ දැන් වගේ විදුලි බලය එහෙම නැහැල්ලු.පෙට්‍රල් මැක්ස් වලින් එලිය අරන් තියෙන්නේ .ඕකට සැරින් සැරේ හුළං ගහන්න ඕනේ කියලා දන්නවනේ.ඉතින් අපේ සිරිපාල ගියපු ගමන් පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහන වැඩේ බාරගත්තලු.මිනිහා දෙතුන් පාරක්ම මේසේ උඩට නැඟලා උජාරුවෙන් හුලං ගැහුවලු පෙට්‍රල් මැක්ස් එකට.ඔහොම ටික වෙලාවක් යද්දි එකපාරටම මැක්ස් එකේ එලිය අඩු උනාලු.එතන හිටපු කොල්ලෙක් සිරිපාල මාමාට දැන් අමාරුත් ඇතිනේ හුලං ගහලම කියලා හුලං ටිකක් ගහන්න නැගිට්ටලු.ඒ එක්කම හිටපං හිටපං මම ගහන්නං කියලා දඩි බිඩි ගාලා මේසෙට ගොඩ උන සිරිපාල හුලං ගහන්න ගත්තලු.මේසෙට නඟිද්දි මිනිහගේ සරම බුරුල් වෙලා තිබිලා තියෙන්නේ.පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහද්දි සිරිපාල දන්නෙම නැතුව සරම බිමලු.හුලං ගහන එකට තිබ්බ ආසාවට මිනිහට සරම අල්ලගන්නවත් මතකයක් නෑලු එවෙලේ.
ලේබලය
ගමේ කතා
Wednesday, September 26, 2012
සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන්
එක එක විදිහේ පිස්සු කෙලින අතරේ අවතාර්ට හිතුනා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න.ඇඳීමේ හැකියාව වැඩ දියුණු කරගන්න කාටූන් අඳින අතරේ සිංහල බ්ලොග් ලෝකේ අයටත් කාටුන් අඳින්ඩ හිතුනා.අඳිනව කියලත් මේ වෙන කොට දැන ඇඳින ගෙන ඉන්න පිරිස පොඩි ප්‍රමාණයක් යැ බ්ලොග් ලෝකේ.ඒකට විසඳුම විදිහට නොනිමි අහසේ නිතර ගැවසෙන චරිත හයකින් වැඩේ පටන් ගත්තා.
ලේබලය
කාටුන් අදහස්,
මල් මඩ
Sunday, September 23, 2012
කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස
තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.
පස්වනකොටස හයවන කොටස හත්වන කොටස හත්වන කොටස
කාරය මිදුලේ නතර කරද්දීම නෙත්මි මුව පුරා සිනා සීගෙන මිදුලට පිවිසියාය.
“ නෙත්මි පහු ගිය ටිකේ අවේ නැත්තේ මොකද කියලා බලන්නයි අපි ආවේ “ සෙනුරි නෙත්මි හා අත් පටලාගෙන ගෙගුලට පියමනිමින් කීය.
“ කිව්වට වැඩක් නෑ නෝනා එපා කියද්දිත් ගොම්මන් වෙලාවේ නාලා උණ හදා ගත්තා.මම මහත්තයලට බොන්න මොනව හරි අරගෙන එන්නම් “
“ නෙත්මි ලගේ සීයා ඉන්නේ ගොඩක් දුරින්ද නෙත්මි ? “
“ එච්චර දුර නෑ මහත්තයා .කාර් එකේ යනවනම් පැය බාගෙක විතර දුරක් “
ලේබලය
කෙටි කතා
Subscribe to:
Posts (Atom)





