Wednesday, May 23, 2012

ගූගල් දෙයියගෙන් වරමක්.ඉක්මන් කරන්න අහවල් දින දක්වා පමණයි.

                      ඔන්න අවතාර් ලක ලෑස්ති වෙන්නේ මෙතෙක් කල් කොටපු  කෙටිලි වලින්  කුඩාම එක කොටන්න.බ්ලොගියේ සයින් ඉන් වෙලා ඉන්න ගමන් සර්චියක් දාන්න ගූගල් දෙය්යගේ අඩවියට ගොඩ වැදුනා.මෙන්න බොලේ දෙය්යා පියානෝ පන්තියක් දාල.හිතේ හැටියට පියානෝ ගහතහැකි..කැමති ආකාරයට ඔය තියෙන නොබ් උඩට මවුස් එක අරන් ගිහින් කරකවල     තමන්ගේ පිච් එක හදා ගන්න.තමා කොච්චර වැඩ්ඩෙක්ද කියල තනුවක් වයල පටිගත කරලා ආය ප්ලේ කොරලා බලන්නත් පුළුවන්.මෙතනින් ගිහින් ගුගල්  ලොගි වෙලා බලන්න.

Monday, May 21, 2012

වෙස් මුනට හු** කියා කෙලව ගත් හැටි .(18+ අයට පාඩමක්)

                                අවතාර්ට ඒ කාලේ හිටියා මිත්තරයෙක් විරිදු කියන්න එහම හැකියාවක් තියෙන එකෙක්.හැබැයි මිනිහගේ එක දුර්වලතාවයක් තමා කටට ලිමිට් නැති එක.සිංහලෙන් කිව්වොත් ඉතින් කට හොද නෑ.කා එක්ක කතා කලත් අවසානෙට කතාව අවසන් කරන්නේ අහන් ඉන්න එකාව හිනා ගස්සලා.ඒ තරම් ආතල්  එකේ ඉන්න පොරක්.හැබැයි දවසක් මූ කට හින්දම හොද හැටි නා ගෙන.කට්ටිය එකතු වෙලා මතින් තොර සාදයක් දාන ගමන් තමා මූ විස්තරේ  එලියට දැම්මේ.ඒ වෙලාවට ඉතින් බොක්කේ තියෙන දේවලුත් එලියට එනවලුනේ.හදුනා ගැනීමේ පහසුව තකා අපි මුට x කියල කියමුකෝ.
                               

Wednesday, May 16, 2012

කොම්පියුටරේ ලෙඩට පිළියම් කලෙමි

සති අන්තේ ගෙදර ආපු වෙලාවේ නිවාඩුපාඩුවේ බ්ලොග් පැත්තේ රවුමක් දාන්න පටන් ගත්තා.සෑහෙන දවසක ඉඳන් කොම්පීතරේ ඇතුලේ ෆෑන් එකක් එහෙන් මෙහෙන් කෑ ගගහා තිබුනා.ඒක ඉතින් කොම්පීතරේට වැඩි ඉෆෙක්ට් එකක් නැති හින්දා සති තුන හතරක්ම ඉවසගෙන හිටියා.ඔය අන්තර්ජාංජාලේ එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා 12 ජාමෙත් පහු කොර ගත්තා.මෙන්න යකෝ එක පාරටම එලාම් එකක් ඇහෙනවා.හරියට නිකන් අවතාර් ඒ කාලේ ප්ලේ කොරපු IGI 2 ගේම් එකේ සතුරු හමුදාවේ වෝනින් එලාම් එක වගේ.
          ඇහෙන්නේ කොම්පීතරේ සී පී යූ එක හරියෙන්.කල යුතුව තිබූ වැඩක් නිසා සද්දේ නෑහෙන ගානට හිටියා.පහුවදා වෙනකොට අවතාර් ට ඕවා මතක නෑ.ඇයි ඉතින් අන්තර්ජංජාලේ කරක් ගහන එක ඉවර කලේ පාන්දර 3ට විතරනේ.පහුවදත් ජාලගත වෙන්න හිතා ගෙන මෝඩම් කෑල්ලත් කොනෙක් කරලා ටික වෙලාවකින් mobile partner ජනේලෙත් තිරේට ආවා කියමුකෝ.ඒකෙන් connect කරා කරාමයි මුකුත් නෑ.ඒ කියන්නේ කොම්පීතරේ වර්ජනය කරනවා.

Sunday, May 13, 2012

ඔබ මගේ සිහිනයයි මා සිතින් ප්‍රේම කල

පස් වස සිසු ඉම ජයගෙන
සිප් කිරෙන් වැඩෙනු වස්
ප්‍රාථමිකයට සමු දී
නගරයේ සිප් මවගෙ
 තුරුල්ලට පැමිණියෙමු
             නව විදු මව පිළිගන්නට
              කුහුලින් බලා සිටි  පිරිස අතර
             ඔබත් එක් මිතුරියක් විය

Wednesday, May 9, 2012

ගූගල් එක්ක මැජික් කරමු

                                       අන්තර්ජංජාලේ ජරමරේ ඉන්නකොට අවතාර්ට හම්බවුනා ගූගල් එක්ක කරන මැජික් ටිකක්.මොලේ කොලොප්පම් වෙන බ්ලොග් කියවන අතරේ මේ වගේ දෙයකින් මොලේට පොඩි ඉස්පාසුවක් ලැබෙයි.වැඩි විස්තර මොනාටද පහල තියෙන එව්වා ඒ විදිහටම  කොරලා බලන්න.
 

Sunday, May 6, 2012

රු.28 න් දවසට 2GB+ ඩවුන්ලෝඩ් කිරීම.(අවතාර්ගේ අන්තර්ජාල විත්ති 2 )

අවතාර් අන්තර්ජාල කෙරුවාව පටන් ගත්තු හැටි ඩයොලොග් උන්දල අවතාර්ට සලකපු හැටි ගැන කලින් පෝස්ට් එකක කිව්වානේ.අද කොටන්න බලාපොරොත්තු ව ඒකෙ දෙවනි කොටස.කලින් එක බලලම මේක බලන්න ඕනේ කියලා හිතෙනව නම් මෙතනින් ගිහිල්ලා ඒක බලලම එන්න.
අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1
                     පස්සේ අවතාර් සියල්ල අතෑරලා දාලා අන්තර්ජාල ගත වෙන්න අලුත් ක්‍රමයක් සොයමින් හිටියා.අවතාර්ගේ නෑදෑ වෙන අයිය කෙනෙක් ඉන්නවා රුහුණු කැම්පසියේ.මිනිහට තියෙන්නෙත් මගේ ප්‍රශ්නෙම තමා ජාල ගත වෙන්න.මිනිහ ටිකක් වැඩ කාරයා.මොකක් හරි මීටර් වුනොත් එහෙම ඉතින් ඒක මිනිහ හොයා ගෙන තමා නවතින්නේ.මේකත් ඒ අයියා ගවේෂණය කරලා හොයා ගත්තු දෙයක්.මේ සීන් එක මෙතන ඉඳලා යන්නේත් ඩයලොග් එක්කම තමා.කියවලා අවහර වෙලා කියන්න එපා ඕන් අවතාර් මහ වංචාකාරයෙක්ය කියලා.මේක හොරකම් කිරීමක් එහෙම නෙවි සල්ලි දීල ගිය අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්.

Tuesday, May 1, 2012

මට අයිති දිනයක් ලු අද

හිරු සමඟ අවදි වී
වැඩ මුරය පිලිගන්න
වැඩබිමට
පියනඟන අතරතුර..........