නිදාගද්දී සරම අඳින එකේ වැදගත්කමක් තිබුනත් එය කියන්නට ගියොත් කලිසම් අඳින උන්ගේ දෝශාරෝපනයට අවතාර් අනිවා අහුවෙනවාය.දැන් නම් අවතාර්ට සරම තරම් සුවර් ඇඳුමක් නැත.සරමක් නැතුව කලිසමක් ඇඳගෙන නිදාගත්තොත් හරියට නින්ද යන්නේ නැති තරමට අවතාර් සරමට අබ්බැහි වෙලාය.කොහේ ගියත් අඳින ඇඳුම් අස්සේ සරමක් බෑග් එකට ඔබාගෙන යන්නේ සරමට ඇති ඇල්ම හින්දාය.අවතාර්ට සරමට ඇති සුවර් එක ගැන කියන විට නියම කතාවක් මතක් වෙන්නේය.එක සැරයක් යාපනේ ට්‍රිප් එකක් ගිහින් නවතින්නට ගෙයක් ගත්තේ ගියපු සේරටමය.ගෑණු ලමයි ,බැඳපු අය කාමර වෙන් කරද්දී තනිකඩ කොල්ලෝ ටිකට උනේ කාමර වලින් එලියේ ඉස්තෝප්පුවක් වැනි කොටසේ වැටී නිදන්නටය.එදත් පුරුද්දට මෙන් සරම ඇඳ නිදාගෙන උදේට බලද්දී අනිත් හැම එකාම සරමට ඇති බයෙන් යටට ජොකෙක් ඇන්දලාය.අවතාර් නිව්ටල්ම නිදාගැනීම ගැන උන්ට පුදුම හිතිලාය.ගේ ඇතුලේ සිටි කස්ටියම යන්න ඕනෑ අවතාර්ලා නිදා ගත් තැනෙන්ය.එ වෙලේ කාගේ හෝ සරමක් කැඩී තිබුනානම් උන්ගේ පතිවත එතනම කෙලෙසෙනවාය.
දවසක් බැජාලා සෙට් එකත් එක්ක සරම ගැන කතාවකට වැටුන විට හිටපු එකෙක් ආතල් කතාවක් කිව්වාය.
“ උඹලා සරම ගැන කියනවා යකෝ මම ජීවිතේට සරමක් ඇඳලා තියෙන්නේ එක පාරයි.ඒ ඉස්කෝලේ තිබුන පොළකට ඉන්න පොඩි කාලේ .ඒකත් ටික වෙලාවකින් කඩන් වැටුනනේ බන් “
උගේ කතාවට වටේ හිටපු උන්ට හිනා නොවී ඉන්නට බැරි උනාය.සමහරක්ට සරම එහෙම වාතයක් වෙන විට අද වන විට සරමට ඇති තැන ඉතා ඉහලය.කොටින්ම රටේ ලොක්කා පවා අඳින්නේ සරමය.
අවතාර් කලකට ඉහත ඇන්ද ලොක්කගේ කාටුන් එකක සරම ඇති අයුරු |
ලොක්කගේ මේ වැඩෙන් ජීවිතේට සරම් නොඇඳපු මන්තිරී ගොල්ලකට සරමට බහින්නට උන එකනම් මහ අපරාදයක්ය.කොහොම උනත් දැන් දැන් සුද්දෝ පවා සරමට වැඩි කැමැත්තක් පෙන්වන බව දකින්නට තියෙන්නේය.
සරමේ යථාර්තය මෙසේ වෙද්දී අහිංසක අපේ ඇඳුම උන සරමටත් කෙලවෙන ලකුණු දැන් පෙනෙන්ට ඇත්තේය.අපේ ගැමි තාන්තාව ඉස්සර සරම පාවිච්චි කලේ නාන්නට පෙර තන මත්තට අඳින්නටය.දුකට කරුණ නම් ඇඟ වටේ රෙදි එතිය හැකි සියලුම ක්‍රම පාවිච්චි කර ඒවාට විලාසිතා යයි කියන විලාසිතා මවන උන්දලා සරමටත් වැඩේ දීලාය.ඔය යටින් තියෙන්නේ එහෙම සරමෙන් කරපු විලාසිතා ටිකක්ය.
සරමේ යථාර්තය මෙසේ වෙද්දී අහිංසක අපේ ඇඳුම උන සරමටත් කෙලවෙන ලකුණු දැන් පෙනෙන්ට ඇත්තේය.අපේ ගැමි තාන්තාව ඉස්සර සරම පාවිච්චි කලේ නාන්නට පෙර තන මත්තට අඳින්නටය.දුකට කරුණ නම් ඇඟ වටේ රෙදි එතිය හැකි සියලුම ක්‍රම පාවිච්චි කර ඒවාට විලාසිතා යයි කියන විලාසිතා මවන උන්දලා සරමටත් වැඩේ දීලාය.ඔය යටින් තියෙන්නේ එහෙම සරමෙන් කරපු විලාසිතා ටිකක්ය.
මේවා දකින කොට සරමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරිය.
බලන්න හසන්ත මහත්තයෝ අපේ හෙළ සරම නේද මේ සුදු කඩන වල දැවටෙන්නේ....
ReplyDeleteඅඩේ කඩන නෙවේ "කදන්"
Deleteමං මීගොදයටත් සරම හොඳට හුරුයි... ඒත් ඉතින් නින්දට වැඩි මනාපේ උපන් ඇඳුම තමා
ඒකනේ බන් මම බැලුවා මේ හරුපේ මොකද්ද කියලා
Deleteසරම හුරු කවුරුත් කාලයක් උපන් ඇඳුමින් තමා
මමත් සරමට ලයික්ය.. ඒ නිවසේදී පමණය.. යාලු මිත්තරයන්ගේ ගෙවල් වල යදිදී ට්‍රිප් යද්දී සැහැල්ලු ෂෝටට ලයික් වෙමි..
ReplyDeleteමොකද අපි හොද ලැජ්ජ බයට හැදුන කොල්ලොනේ..
සරමට යටින් අන්ඩ වෙයා එකක් ඇන්දොත් ලැජ්ජා බයද වැහෙන්නේය
Deleteසරම කියන්නේ සුපිරිම ඇදුමය. පනින්ට ඕනැ නං එක විදියක්ය. ගරු සරුව යනවා නං එක විදියක්ය. කුඹුරට බහිනවා නං එක විදියක්ය. නානවා නං එක විදියක්ය. වාඩි වෙනවානං එක විදියක්ය. එහෙම බැලුවම මේ වගේ හතර අතට ගත හැකි ඇදුමක් නැත. මතකද 96 ලෝක කුසලාන අවසාන තරගෙන් පස්සේ තිබ්බ පාටියෙදි අර්ජුන ඇදපු සරම ට හිත ගිය ටේලර් කාරයා සරං මහගත්තය කියන කතාව
ReplyDeleteඇයි චන්ඩි කමට ?මතක නැද්ද ගාමිණී,ජෝ,රොබින්,ඇලෙක්ස් ල සරම ඇදන් දාපු පාට් ??
Deleteඇත්ත ඇත්ත වලියට යනවානම් සරමෙන් දාන පාට් එක තරම් දෙයක් වෙන ඇඳුමකින් දාන්නට බැරිය
Deleteසරමක් ඇඳ ගෙන නිදිව්වම තමයි උදේට උනත් හිතෙ හැටියට බොහොම පහසුවෙන් ටෙන්ට් එකක් ගහ ගෙන නැගිටින්න පුළුවන්..කලිසම් අස්සෙ හිර වෙලා පොඩි වෙලා අපහසුවෙන් ඉන්නවට වඩා...
ReplyDeleteසරම ඇඳගෙන නිදාගැනීමේ ප්‍රධාන සැප
Deleteසරම මරු ඇඳුමකි...
ReplyDeleteමෙම ලිපියට තවත් අමතර යමක් එක් කිරීමට අදහස් කරමි...
සරම යනු අපි සැම මහත් ගෞරවයෙන් භාවිතා කළ යුතු ඇඳුමකි.මන්ද යත් පොළවේ උපන් අපි පොළවට කිසිදු රහසක් තබා නොගත යුතු බව මගේ හැඟීමයි. ඉතින් සරම පමණක් ඇඳි කළ අපි සැමටම වාගේ වසන් කරන රහසක්, පොළවට නිරාවරණය කරමු.
තවද නොමිලේ AC ලබා ගැනීමට සරම තරම් උචිත ඇඳුමක් නොමැත්තේමය.
ඉතාමත් රස්නේ කාලෙට අවශ්‍ය ප්‍රමාණයට කොට කරගත හැකි වීම මෙහි විශේෂත්වයයි...ඒ ආකාරයෙන්ම වඩාත් සීත කාලයට සරම ඉතාමත් දිගු කරගෙන ඇඳිය හැකිය..
උස 5' 4'' ක් වන මට සරම කකුල් දෙක වැසෙන අයුරින් ඇඳිය හැක.
ඉතින් මදුරු දඟර පත්තු නොකර මදුරුවන්ගෙන් කකුල් ආරක්ෂා කර ගැනීමටත් සරම ඉවහල් වන්නේය...:D
ඔය තියෙන්නේ සරමේ වාසි
Deleteසරම නියම ඇඳුමක්නෙ අවතාර්,මම නම් බොහොමයක් වැදගත් අවස්ථා වලදිත් සරම අඳින්නෙ.හැබැයි මගේ පුතාට තාම සරමක් අන්දවා ගන්න බැරිවුණා.ෂෝටම තමයි.
ReplyDeleteටික ටික පුරුදු කරමු
Deleteටික කාලයක් යනකොට පුරුද් වෙයි
ඒ දවස්වල ගොඩේ කියපු ඇඳුම දැන් විලාසිතාවක් වෙලා වගේ..:)
ReplyDelete:D
Deleteසරම මාර නිදහස් ඇඳුම. පොඩි අවුලකට තියන්නේ දැන් කලිසමට පුරුදු වෙලා ෆෝන් එක පර්ස් එක එහෙම දා ගන්න තැනක් නැති එක. ඕකෙන් පොඩි එවුන් එහෙම පීනන්නත් පුරුදු වෙනවා හුලන් පුම්බල ගැටයක් දා ගෙන. ඒ වගේ පහසුකම් ගොඩයි. හැබැයි සරම ඝන්ටාර මාක් උනොත් නම් ලෙඩේ :)
ReplyDeleteඒ වෙලාවට තියලා තදකරලා ගැටයක් ගහගන්නවා හොඳයි
Deleteඅපි නම් වැඩිය දන්නේ නැත සරම් ගැන...හික්....
ReplyDeleteදැනගෙන ඉන්න එක හොඳයි අනාගතේ අන්දවන්න උනොත් එහෙම
Deleteසරමට එකෙක් වත් මක්කවත් කියන්නෙපා හරි
ReplyDeleteඒක පට්ට ඇදුම මං කොයි ලෝකෙ ගිහින් ආවත් මුලින්ම කරන්නේ සරමට බහින එක.ගෙදරට අදින්නෙත් එකමයි එක මාරම පහසු සනීප ඇදුමක්.ඇදලා ඇදලා එක දැන් පට්ට සුවර් බය වෙන්න දෙයක් නෑ :)
++++++++++++++
Deleteඔය සරම ඇවිත් අපේ හුචක්කුව වගේ...
ReplyDeleteඒ මොකද්ද හුචක්කුව ??
Deleteසරම දිනේවා! මගෙත් ඉතිං ජාතික ඇඳුම සරම තමා!
ReplyDeleteසරමට ජය!!
Deleteමම නම් අඳින්නට දන්නේ නැත මක් නිසාද යත් කොතරම් ට්‍රයි කොලත් එය මගේ ඉනේ නොරඳනා බැවිනි.
ReplyDeleteකෝරලේ වලව්ව
ඕක තමා ගොඩක් අයට කේස් එක
Deleteමුලින්ම බෙල්ට් එකකින් පටන් ගත්තට පස්සේ ඕක ගානක් නෑ බං
මං නම් සරමට අන්ලයික්. ෂෝට එළ
ReplyDeleteනිදාගන්න ගියහම සරම සැපයි බං
Deleteමටත් ඔය සරමනම් පුරුදු නෑ බං. ඉස්කෝලේ කාලේ සිල් ගන්න ඕකි ඇදලා. බත් එකයි වතුර එකයි අත් දෙකේ තියාගෙන කෙල්ලො ටිකක් ගාවින් යද්දි ඕක කඩන් වැටිලා මට වෙච්ච අමාරුව මතක් වෙනවා. බත් එක අත අරින්නත් බෑ සරම අල්ලන්නත් බෑ. එහෙම්මම බිමට පාත් වෙලා කෑම එක පැත්තකින් තියලා බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහ ගත්තේ. එදයින් පස්සේ ඇන්දෙම නැද්ද කොහෙද මම ඕක...
ReplyDeleteඅප්පට සිරි.මට මැවිලා පේනවා බං සීන් එක
Deleteලොක්ක අදින්නෙ සරම නෙවෙයි වේට්ටය නේද බං ??
ReplyDeleteජාතික ඇඳුම අඳිනවට කටවහරෙ කියන්නෙත් රෙද්ද බැනියම අඳිනව කියල නේ. මම හිතන්නෙත් ඒ අඳින්නෙ සාරියක් වගේ දිග රෙද්දක්, වේට්ටිය කියන්නෙත් ඒක වෙන්න ඕන. ඒක දෙමළ වචනයක්ද මන්ද. අපේ ගෙදරට අල්ලපු ගෙදර අන්කල් (ඉස්කෝලෙ මහත්තෙක්) අඳින්නෙත් ඔය වගේ දිග රෙද්දක්.
Deleteකොහොම උනත් මුල් කාලෙ මොනව ඇන්දත් අපේ හිටපු ජනාධිපතිවරු සියළු දෙනාම (විධායක ජනාධිපති නොවුනත් ගොපල්ලව මහත්තයත් එක්ක) ධූරය දරද්දි වැඩිපුරම ඇන්දෙ රෙද්ද බැනියම තමා. කාටද ආඩම්බර.
ඉන්දියාවේ දෙමළ අය අඳින්නෙත් ඕක නේද යටට ෂෝටක් ගහලා
Deleteහරි හරි ඉතිං. සරොං අඳින උන් ඇඳපල්ලා. අපි නම් ෂෝටට. ෂෝට අපිට!
ReplyDeleteමට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි, ගුරුත්වාකර්ෂණය ඝර්ෂනයට පැරදිලා සරම ඇඟේ තියෙන්නෙ කොහොමද කියන එක.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මමත් කැමතිම ඇඳුම සරම. ඒ තරම් පහසු ඇඳුමක් තවත් කොහේද. ගෙදරට විතරක් නෙවෙයි, මට ඕක ඇඳන් ලෝකෙ වටේ ගිහින් එන්නත් පුළුවන්, කිසි අවුලක් නෑ. පොඩිම කාලෙදි ඔය පොඩි පොඩි අවුල් තිබුණ හදිසියෙ ඕක කඩන් වැටෙයි කියල. දැන් නම් ඒ බය ගිහින්.
ReplyDeleteඇත්ත බං ගොඩක්ම ෂුවර් බතික් සරම ඇද්දත් කැඩෙන්නේ නෑ
Deleteසිල්ක් වගේ ජාතියක් තියනවා කැඩෙන සම්භාවිතාව වැඩියි
අපේ කොල්ලො තුන් දෙනා අදටත් සරම අඳින්නේ නැතිය. දහම් පාසැල් යත්දි යටට කලිසම ඇඳ සරම ඇන්දා. එයාල ආසම නෑ. වදකරන්නටත් බැරිය.
ReplyDeleteඅපෝ අපෝ බලෙන් අන්දවන්න එපා චන්දි අක්කේ
Deleteබොහෝම ඉස්සර මමත් සරම ගැන ලිව්වා.සරමෙන් තොර ලොවෙන් පලක් නැත.
ReplyDeleteඅපි නිදහස් ද??
කියවලා තියනවා එල!!
Deleteකෝ බං අවතාර් අර දිලිසි දිලිසි තිබ්බ මගේ කමෙන්ට් එක? ඒක ස්පෑම් වෙලා ඇති. මට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි අවතාර්ගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව නම් මරු කියන එක. දිගටම ඇඳපියෝ.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .
හප්පට සිරි ඩියුඩ් අයියේ ස්පෑම් වෙලා නෙන්නම්
Deleteඔන්න යතා තත්වයට පත් කොලා
සරමට ජය වේවා !!!!
ReplyDeleteඑකෙන්ම
Deleteසරමට මගේද මනාපය පළ කරමි :D
ReplyDelete+++++
Deleteමම දැන් අඳින්නේ ෂෝර්ට් එකක්. පුරුදු වුනාට පස්සේ ගානක් නෑ.
ReplyDeleteෂෝට පිටින් නිදාගද්දි අවතාර්ට ඒසී මදි
Deleteජොකා නැතුව සරම පිටින් ඉන්න තරම් සොමියක් තවත් කොහෙද බන්... මට නම් සරම නැතුව රාත්තිරියට නින්ද යන්නෙත් නෑ.... වෙන කොයි ඇදුමෙන්ද කියහන් සරමෙන් තරම් ප්‍රයෝජන ගන්න පුලුවන්... සරමට ජය වේවා !
ReplyDeleteනැතුව, වෙලාවකට ඔලුවේ ඉඳලම පොරව ගන්න එක එහෙම
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතනි කකුලෙන් ජීවත් වුනත් සරමේ තියෙන සනීපෙනං අඩුවක් නැතුව දැනෙනවා.... කොටින්ම කිව්වොත් මං ඕන තැනකට අඳන්නේ සරම...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් සරමට ගොඩක් කැමතිය.. මට සරම් ඇන්දම හැඟීම් එනවා . මටත් සරම නැතුව නින්ද යන්නේ නැත.
ReplyDelete