Wednesday, November 20, 2013

කාමරේ සිරා කූඩැල්ලා හොයයි | බ්ලොග් කාටුන්

         


                   ඔන්න අපේ කාමරේ සිරා කොලුවා මී මුරේ ගොහින් කූඩැල්ලෙක් රිංගලා ඇඳුම් අස්සට.බැරිම තැන පොඩි ගලකට මුවාවෙලා ලැජ්ජ බය එලියේ දාගෙන කූඩැල්ලා හොයනවලු ඔය.

පලි :කාලෙකින් කියවපු ලස්සන කතාවක්.සෑහෙන වෙලාවක් වැය කරලා සිරාගේ සිරා ගමනක් අපිත් එක්ක බෙදා ගෙන.ඒකට මඩක්ලු මේ ඈ

Wednesday, November 13, 2013

Tuesday, November 12, 2013

ඔන්න ඇවිදින් චෝගම් නිවාඩු | කාටූන් ටොක්ක

විශ්ව විද්‍යාල නිවාඩු දුන්නේ අගනගරයේ තදබදය අඩුකිරීමටයි - ඇමතිවරයෙක්

                   බලන්න හසන්ත ඒකෙත් හැටි.අපේ රටේ කැම්පස් කොල්ලෝ කැම්පස් එන්නේ කාර් බයික් වලින්.උන් හරි පෝසත්...............

Sunday, November 10, 2013

චුයින්ගම් වෙයිද චෝගම්???? කාටුන් ටොක්ක

                       

                    එක අතකට බලන විට චුයින්ගම් කියන්නේ ද අමුතුම කෑමකි.කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැත.ඒ උනත් කම්මැලි වෙලාවට බඩගිනි වෙලාවට ඔහේ හප හපා ඉන්නට නියම කෑමක්ය.චුයින්ගම් එකේ රස ඇති තුරු තලු මර මර හපන්නේය.ටික වෙලාවක් යන්නට මතෙන් රස නැති වී මෙලෝ රහක් නැති කොහොල්ලෑ ගුලියක් බවට පත් වෙන්නේය.ඊට පසු කරන්නේ ඒ කොහොල්ලෑ ගුලිය කොහේ හරි අලවන එකය.අවසානෙට බලන විට ඒ චුයින්ගම් එකෙන් කාපු එකාට පලක් නැත.ඒ අලවපු කොහොල්ලෑ ගුලිය කාගේ හරි ඇඟේ ඇලුනොත් ඌටද කරදරයකි.

Saturday, November 9, 2013

කුඹුර,ගොවිතැන සමඟ බැඳුනු මිහිරි අතීතය.....

                                 මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුය යන කියමන එදාට වඩා අදට මැනවින් ගැලපෙන්නේය.මන්ද අද තරුන පරපුරට වෙලකට බහින්නට කිව්වොත් ප්‍රතික්ෂේප නොකරන්නේ සීමිත පිරිසක් බැවිනි. ගම්බද පරිසරයක හැදීවැඩුනු අයෙකු ලෙසින් මා හට නම් ඇත්තේ කුඹුර,ගොයම,ගොවිතැන සමඟ බද්ධ වූ ළමා කාලයකි.කුඹුර සහ ගොවිතැන කුඩා කලදී අරුමයක් නොවන්නේ පියා ගොවිතැනේ නිරත වීමත් විශාල වෙල් යායකින් සමන්විත වුනු ගමක හැදී වැඩීමත් නිසාවෙනි.දැනට වසර ගණනකින් කුඹුරකට නොබැස්ස නමුත් ගොයම් කැපීම,පැල සිටවීම ආදී බොහෝ දේ එදා මෙන්ම අදටත් කල හැකි යැයි සිතෙන්නේ එදා ලැබූ පලපුරුද්ද නිසා යැයි වරෙක සිතේ.
           අප කුඩා කලදී වැඩිහිටියන් සැලකුවේ ගොවිතැනේ යම් තැන් ඉගෙනීම මහා භාරදූර වැඩක් අයුරිනි.මනා පුහුණුවක් නැත්තවුන් ලෙස බොහෝ තැන් වලදී බොහෝ කාර්යයන් වලදී වැඩිහිටියන්ගේ දෝෂාරෝපනයට ලක්වීම එකල සුලබ කරුණකි.කුමන වැරැද්දක් කලද කරන ක්‍රියාව නවතා තමා කුඹුරෙන් ගොඩට ඒමද කල නොහැක්කකි.ඒ නිසා දෝෂාරෝපන උපහාස මැද්දේ කේසේ හෝ ඒ ක්‍රියාවේ පලපුරුදු කාරයෙකු වීමට අපට සිදු විය.ඒ කාලයේ ඇතැම් සිද්ධි මතක් කරන විටදී මුවඟට සිනාවක් නැගෙන්නේ ආයාසයකින් තොරවය.වී ගොවිතැනේ මුලික කරුණක් ලෙස බීජ වැපිරීමේදී කුඩා අප එකල බලාසිටින්නේ උදැල්ලක් අතට ගැනීමට අවසර ලැබෙන කාලය උදාවන තුරුය.එනම් බීජ වැපිරීමට කුඹුර සකස් කිරීමේදී ඇල කැපීමට නම් මනා පලපුරුද්දක් තිබිය යුතුය.වැඩිහිටියන් ඇලවල් කපද්දී,පෝරු ගාද්දි කුඩා අපට ලැබෙන්නේ ඉන්නකි.වර්තමානයේ නොව අප කුඩා කාලයේදී කුඹුර බීජ වැපිරීමට සකස් කල පසු සකස් කල බිම මත එකදු වතුර රඳන වලක් නොතිබිය යුතුය.එමෙන්ම උඩට මතුවු පස් කඳු නොමැතිව සම මට්ටමේ බිමක් තිබිය යුතුය.කාලයෙන් කාලයට ගොවිතැන නවීකරණය වී එවන් දේ අද වන විට ශේෂ වී ඇත.නියමිත් ආකාරයට කුඹුර සකස් කල පසු එකදු තණකොල ගසක්වත් මඩෙන් මතුවී නොපෙනේ.ඒ කුඩා අපගේ ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයන්ය.මන්ද අතට ඉන්නක් හෝ කෝටුවක් ලබා දී අප වෙත පැවරෙන වගකීම නම් මඩෙන් උඩට මතුවී තිබෙන තණකොල ගස් පෑගීමයි.දවස පුරාම මේ කාර්යයේ යෙදී රාත්‍රිය වන විට නින්ද ලබන්නේ දෙපා වල මහත් වූ වේදනාවක් සමඟය.                
කුඹුරු වැඩ කිරීම අද කුලීකාරයින් ලවා කරවා ගත්තද එකල එය සිදු උනේ අත්උදව් ක්‍රමයටය.එනම් වෙල් යායේ සියලු දෙනා අදාල ගොවියාගේ කුඹුරු වැඩට සහය දේ.ඒ වෙනුවට ඔහුද අන් සියලු දෙනාගේ කුඹුරු වැඩට සහය දිය යුතු වේ.එනම් අද මෙන් කුඹුරක වැපිරීමකදී,ගොයම් කැපීමකදී දැකිය හැක්කේ පස් හය දෙනෙකුන් යුත් පිරිසක් නොව විසි දෙනෙකුට නොඅඩු පිරිසකි.උදේ දිවා දෙකටම ඇඹුල හැදෙන එදින කුඹුරේ හිමිකරුට විශේෂ දිනයකි.               
 කුඹුරු වැඩ සම්බන්ධව කුඩා කලදීම මා ලැබූ තවත් විශේෂ අත්දැකීම නම් අත් ට්‍රැක්ටරයෙන් සී සෑමට ලැබීමයි.ගමට ඇති එකම අත්ට්‍රැක්ටරයේ හිමිකරු පියාගේ වැඩිමල් සහෝදරයෙක් වූ හෙයින් අවුරුදු දහය පමණ වියේදී අත්ට්‍රැක්ටරයෙන් සීසෑම පටන් ගන්නට හැකි විය.එම අවස්ථාව ලබාගත් අයුරුද එතරම් මිහිරි නැත.මුල් කාලයේදී සිදු වුනේ කුඹුර පුරා හැතැප්ම ගණනක් ගමන් කරන අත්ට්‍රැක්ටරය පිටිපස්සෙන් ඇවිදීමය.අඩි තුන හමාරක් පමණ උසකින් සිටි මා අත් ට්‍රැක්ටරයෙන් සීසෑමෙ එදින අභ්‍යාසය නිමා වන විට හඳුනා ගත නොහැකි තරමට මඩෙන් නැවී ගොස්ය.මේ අකාරායේ ඉගැන්වීමේ දවස් කීපයකින් පසු අත්ට්‍රැක්ටරය මුල්ම වතාවට සීසෑම සඳහා ලබා දුන් මුල් දවස අද දින මෙන් මතකය.අත් ට්‍රැක්ටරයේ හැඬලය මත අත් තබාගෙන ගමන් කලේ මහත් වූ තැති ගැන්මෙන් යුතුවය.මුල්ම දින එලෙස මා අත්ට්‍රැක්ටරය සමඟ ගමන් කලේ රවුම් දෙකක් පමණි.