Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Saturday, December 15, 2012

අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද???

                          අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන  නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය.
                     කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී  පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර්  එවෙලේ පටන්ම ජංගම දුරකථනයට හෙඩ්සෙට් එක සම්බන්ධ කර කනේ රුවාගෙන සිටියේය.ධාවනය වන ගීතයේ තාලයට මෙන් විටක තම කලවා වලට තට්ටු කර ගනිමින් බසයේ ගමන ආරම්භයේ දී මහත් ප්‍රබෝධයෙන් සිටි ඔහු මඳ දුරක් යනවිට  නිදිබර ගතියෙන් යුතුව ජනේලයෙන් එපිට බලමින් බස් රියේ මන්දගාමී ගමනට  අනුගත වූවාක් මෙන් ගමන් කරන්නට විය.බස් රථය මීගමුව පොලිස් ස්ථානය පසු කරමින් ගමන් කරමින් තිබුනි.පැය දෙකක් පමණ මෙතෙක් පටන් ගමනේදී මඟීන් කීප දෙනෙක් පිටුපස අසුනේ වාඩි වෙමින් නැවතත් තම ගමනාන්ත වලින් බසිමින් යන ගමනේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අවතාර් මඳක් හිස හරවා බැලුවේ පිටුපස  අසුනේ සිටි මඟීන් දෙසය.

Sunday, September 23, 2012

කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                         
   පස්වනකොටස          හයවන කොටස               හත්වන කොටස               හත්වන කොටස      

     කාරය මිදුලේ නතර කරද්දීම නෙත්මි මුව පුරා සිනා සීගෙන මිදුලට පිවිසියාය.
“ නෙත්මි පහු ගිය ටිකේ අවේ නැත්තේ මොකද කියලා බලන්නයි අපි ආවේ “ සෙනුරි නෙත්මි හා අත් පටලාගෙන ගෙගුලට පියමනිමින් කීය.
“ කිව්වට වැඩක් නෑ නෝනා එපා කියද්දිත් ගොම්මන් වෙලාවේ නාලා උණ හදා ගත්තා.මම මහත්තයලට බොන්න මොනව හරි අරගෙන එන්නම්  “
“ නෙත්මි ලගේ සීයා ඉන්නේ ගොඩක් දුරින්ද නෙත්මි ? “
“ එච්චර දුර නෑ මහත්තයා .කාර් එකේ යනවනම් පැය බාගෙක විතර දුරක් “

Friday, September 14, 2012

සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස

                             
 තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          
                      
                                      සෙනුරි බැල්කනියට වී ඈතින් පෙනෙන ඉමක් කොනක් නැති කඳු පන්ති දෙස බලා සිටියාය.නිල්වන් කඳු මුදුන් වල සීමාවන් සෙවූ ඇගේ මනස කල්පනා ලොවින් මිදුනේ වාහනයක හඬ ඇසීමෙනි.
“ සම්පත්ගේ කාර් එක“ යයි තමන්ට මුමුණා ගනිමින් ඇය කකුලේ වේදනාව දරා ගෙන වේගයෙන් තරප්පු පෙල දිගේ පහලට බසින්නට විය.
ඇය සාලයට පිවිසෙන විට සම්පත්ගේ රථය පෝටිකෝව යට නතර කෙරිණි.
“ ඔයා එන්න තව කල් යනවා කිව්වනේ “ ඇය පාදයෙන් නැඟුනු වේදනාව මැඩගෙන ඇසීය.
“ ඊට කලින් කියන්න සෙනූ දැන් ඔයාගේ කකුල හොඳද කියලා “
     සියල්ල කමලා විසින් සම්පත්ට කියා ඇතැයි සෙනුරිට සිතිණි.සම්පත්ව අනවශ්‍ය ලෙස කලබල කර ඇතැයි සිතෙන විට ඇගේ සිතේ කමලා කෙරෙහි කෝපයක් ඇති විය.

Wednesday, August 29, 2012

රාත්‍රියේ ඇසුන කෙඳිරිලි හඬ | මිලින වූ සඳ (7 කොටස)

                                   තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          

                       මහ රාත්‍රියේ ඇය කිසිවකුගේ ආමන්ත්‍රණයකින් හදිසියේ අවදි විය.කටහඬ පැහැදිලි නැති නමුත් එය පිරිමි කටහඬක් බැව් සෙනුරිට වටහා ගත හැකි විය. පහත මාලයේ සිටින කමලා හා පියල් අවදි කරවන්නට ඇයට සිතුනද ඔවුන්ව අවදි නොකරම කටහඬ පිළිබඳ විපරම් කිරීමට ඇය සිතා ගත්තායඇය කටහඬ ඇසෙන දෙසට පියමැන්නාය.කටහඬ ඇසෙන්නේ ඉහල මාලයේ කෙලවරින් බව ඇයට තේරිනි.ඒ දෙසට තව තවත් ළං වන විට ඇයට ඒ හඩ පැහැදිලිවම ඇසෙන්නට විය.
      “ සුදු මැණිකේ ...............සුදු මැණිකේ ...................“
                  විටෙක ආදරයෙන් කතා කරන්නාක් මෙන්ද විටෙක කෙඳිරිල්ලක් මෙන්ද ඇසෙන හඬට සවන් යොමාගෙනම ඇය ඒ දෙසට ගමන් කලාය.තම හිතට කිසිම බයක් නොදැනීම ගැන ඇය පුදුම වූවාය.හඬ ඔස්සේ පැමිණි ඇය තවදුරටත් ගමන් කල නොහැකිව නැවතී පුදුමයෙන් බලා සිටියාය.හඬ ඇසෙන්නේ අගුලු දමා ඇති කාමරය තුලිනි.එකවරම වේදනාවෙන් කෑ ගහන ගැහැණු කටහඬක් හීන් ස්වරයෙන් ඇසිණ.සෙනුරි ඒ ශබ්දයෙන් තිගැස්සී පිටුපසට වනවාත් සමඟම ඒ අසල ටීපෝවක් මත තබා තිබුනු වීදුරු මල් බඳුන ඇගේ ගතේ වැදී බිම වැටී මහ හඩක් නඟමින් බිඳී ගියේය.
                       ඒ සමඟම කාමරය තුලින් නික්මුනු හඬද අවසන් විය.ඇය කිසිවක් සිතා ගත නොහැකිව තුෂ්ණිභූතව බලා සිටින අතරේ විදුලි පහන් දැල්විණි.
“ බේබි මම සද්දේ ඇහිලා ආවේ මොකද උනේ ? “
 “ න්නෑ කමලා මට සද්දයක් ආවා මම ඒක බලන්න ආවේ “
“ හත් දෙයියනේ බේබි කකුලෙන් ලේ එනවා නේද ? “

Friday, August 10, 2012

වලව්වට පැමිණි අමුත්තා | මිලින වූ සඳ (6 කොටස)

                                         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.

                         සිහිනයේ දුටු පෙම්වතුන් යුවල මුල මත හිඳගෙන එකිනෙකාට තුරුළු වී සිටින අයුරු සෙනුරිට මැවී පෙනෙන්ට විය.තවදුරටත් මෙහි සිටීමට ඇගේ ප්‍රියතාවයක් නොවීය.එහෙයින් ඇය ආපසු යන්නට සම්පත්ට යෝජනා කලාය.ආපසු යන මොහෝතේදී වත් ඇය දිය ඇල්ල දෙස නොබැලීය.මේ තරම් සුන්දර දිය ඇල්ලක බියකරු බවක් පෙනෙන්නේ ඇයි දැයි සෙනුරිට තේරුම් ගැනීම අපහසු විය.තමා පෙරදා සිහිනෙන් දුටුවේ සත්‍ය සිදුවීමක්ම බව සෙනුරිට වැටහිණි.කාරය සේදිරිස්ලාගේ නිවසට යන තුරුම සෙනුරි වචනයක් වත් කතා නොකලාය.සම්පත්ටද ඇගේ යම් වෙනසක් දැනුණ නමුත් ඇය අවට පරිසරය විඳිනවා යයි සිතා ඔහු ඇයට බාධා නොකලේය.

                      කාරය සේදිරිස්ලාගේ මිදුලට ඇතුල්වත්ම පියකරු ගැහැණු ලමයෙක් නිවසින් එලියට පැමිණියාය.ඉන් පසුව කාන්තාවක්ද නිවසින් එලියට ආවාය.ඒ ඇගේ මව වන්නට  ඇතැයි සෙනුරිට සිතුණි. සේදිරිස්ගේ නිවසේ සිට වලව්වට ඇත්තේ සුළු දුරක් යයි සෙනුරිට සිතිණි.
“ අපේ එක්කෙනා කිව්වා මහත්තයලා ඊයේ ආවා කියලා.යමු මහත්තයෝ ගෙට “
“ ඔව් පියවතී අපි ඊයේ උදේ ආවේ .මේ ඉන්නේ මම බැඳලා ඉන්න නෝනා “

Friday, August 3, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (පස්වන කොටස)

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
                      
                            සෙනුරි තිගැස්සී අවදි වූවාය.තමා දුටුවේ සිහිනයක් බව ඇයට වැටහිණි.ඇගේ මුලු ගතම දහඩියෙන් තෙත්ව තිබිණි.සම්පත් ඒ වන විට ඇඳේ නොසිටියේය.සම්පත් එවෙලේ නොසිටීම ගැන ඇය සතුටු වූවාය.සමහර විට ඔහු සිටියානම් ඇගේ අවදි වීම පිළිබඳව බිය  වනු ඇතැයි ඇයට සිතිණි.ඇය ඇඳ අසල ස්ටූලය මත තිබූ වතුර වීදුරුව පානය කර බැල්කනිය වෙත පිවිසියාය.සම්පත් මිදුලේ කොනක ව්‍යායාම කරනු පෙනෙයි.තමා බොහෝ වේලාවක් නිදා සිට ඇති බව ඇයට වැටහිණි.ඇය කඩිනමින් ලෑස්ති වී පහලට ගියාය.

Saturday, July 21, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (සිව්වන කොටස)

         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
        
“ බේබි මේ පැත්තට යමුයි කියලා ආවේ මේක බලන්නද?බේබි කොහොමද දන්නේ මෙතන මේ වගේ දෙයක් තියනව කියලා .මට සේදිරිස් වත් කිව්වේ නෑනේ “
“ අනේ මන්දා කමලා .මට මහ අමුත්තක් දැනෙනවා.කමලා හිතන්නේ මේ මොකක් කියලද?“
“ පේන විදිහට නම් පරන ගෙයක් වගේ හැබැයි සෑහෙන්න පරණයි වගේ .බිත්තිත් ගරා වැටිලා කැලේ හැදිලා මම හිතන්නේ අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු ගෙයක් වගේ.“
ඔවුන් සිටි තැනක් මඳක් පහලට වන්නට ඈතින් පෙනුනු ගරා වැටුන නිවස දෙස බලාගෙනම සෙනුරි කල්පනාවකට වැටී සිටියාය.

Monday, July 16, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (3 කොටස )

         
               පළමු කොටස
             දෙවන කොටස
             
                                                           සෙනුරි දෑස් හැර බැලූ විට සම්පතුත්,කමලාත් ,පියලුත් තමා දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. ඇය සම්පත්ගේ උදව්වෙන් අපහසුවෙන් කෙලින් වී ඇඳ වියලට හේත්තු වී ඉඳ ගත්තාය.තවමත් හිස තරමක් ඇදුම් කන බව ඇයට දැනිණ.
“ මට මොකද උනේ සම්පත්“
“ ඇතුලට එද්දි බේබි කලන්තේ දාලා වැටුනා.පුංචි මහත්තයා උස්සගෙන ඇඳට අරන් ආවේ “
“ මගේ ඔලුව තාමත් රිදෙනවා කමලා “
“ ගමන් මහන්සිය වෙන්නැති බේබි .බේබි තවම උදේට මොකුත් කාලත් නෑ නේද?මහන්සියටයි බඩගින්නටයි තමා මමහිතන්නේ කලන්තේ හැදෙන්න ඇත්තේ “
   “ යමු පුංචි මහත්තයා කාලා ඉඳිමු මම කිරිබත් කැට කපලා තියෙන්නේ .පුංචි මහත්තයත් සෑහෙන දවසක් කොළඹ හිටපු නිසා කිරිබත් කන්න හමිබ වුනේ නැතිව ඇතිනේ “
     කමලා කියන දේ ඇත්තක් බව සෙනුරිට වැටහිණි.පෙර දින රාත්‍රියේ කෑවාට පසු තවම කිසිවක් බඩට වැටී නැත.ඇයට හිස කැක්කුම සමඟ තදබල කුසගින්නක්ද දැනෙන්ට විය.
“ සෙනූ අපි යමුද කෑම කන්න ඔයාට පුළුවන්ද  නැඟටින්න ?“
“ මට දැන් ප්‍රශ්නයක් නෑ සම්පත් යමු “

Thursday, July 12, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (2 කොටස )


“අපි කොහෙද ඉන්නේ සම්පත් ? “
“අපි දැන් ළඟයි සෙනූ තව පැය භාගයකින් විතර අපිට වලව්වට යන්න පුළුවන් “
“පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරලා ඔයාට මහන්සි නැද්ද ? “
“ කමක් නෑ තව ටික දුරයිනේ “
“ අපි පොඩ්ඩක් මේ හරියෙන් ඉඳලා යමු සම්පත්.ඔයාගේ මහන්සි පාට මූණෙන් පේනවා “
                          ඇය කීවේ සත්‍යයකි.සම්පත්ගේ විඩාබර  බව මැනවින් මූණෙන් පෙනිණි.පැය ගානක් තිස්සේ එක දිගට රිය පැදවීම අමාරු කාර්යයක් බව ඈ දනී.ඇයට සම්පත් ගැන අනුකම්පා සිතිණි.කාරය පාරේ අයිනකට කර නැවැත්විණි.සම්පත්ට විවේකයක් දීමටත් කඳු වැටි වලින් පිරුණු අවට පරිසරය විඳ ගැනීමටත් ඇයට ඕනෑ කර තිබිණි.එහෙයින් ඇය සම්පත්ට කාරය නැවැත්වීමට යෝජනා කලාය.සෙනුරි කාරයෙන් බැස සම්පත් හා අත් පටලවාගෙනම ඉතා ආසාවෙන් වටපිට බැලුවාය.ඔවුන් සිටියේ කන්දක් මතින් දිවෙන පාරකය.අවටින් පෙනෙන්නේ නිල් පාටින් පිරුණු කඳුය.ළඟම කන්දක සුදෝ සුදුවට දිය ඇල්ලක්ද පෙනෙයි.සෙනුරිට මෙය අලුත් ම ලෝකයකි.පාසලින් වතාවක් නුවරඑලියට විනෝද ගමනක් ආවා ඇයට මතකය.එදා පටන්  ඇය මේ මනරම් පරිසරයට මහත් සේ ඇලුම් කලාය.කුඩා කල පටන්ම කලබලකාරි ලොවක ජීවත් වූ ඇයට මෙවන් නිස්කලංක බවින් පිරුණු පරිසරයක ජීවත් වීමට ඇය ප්‍රිය කලාය.දෛවය විසින් එම බලාපොරොත්තුව සපල කර ඇතැයි සෙනුරිට සිතෙයි.

Thursday, July 5, 2012

මිලින වූ සඳ | කෙටි කතාව ( පළමු කොටස )

                            තැනින් තැන තාර ගැලවී ගිය පාරේ හෑරුණු වලවල් මඟහරිමින් විටෙක වළවල් මත වැටෙමින් රථය ඉදිරියට ඇදෙයි.පිටත රැහැයි නාදයට අමතරව සෙනුරිට ඇසුනේ කාරයේ රේඩියොවේ සිහින් ස්වරයෙන්  ධාවනය වූ ගීතයේ හඬ පමණකි.
                 
                 මගේ පුංචි රෝස මලේ
                                 මමයි නුඹේ වියපත් බඹරා...............
                 නුඹ හීනෙන්වතත්
                                 නොදකින කුමරා............
                                                          
                                               ඒ ඇයගේ ප්‍රියතම ගීතයයි.සාප්පු සංකීර්ණයේ දී අමරසිරි පීරිස් මහතාගේ ගී තැටියක් මීලදී ගත් හැටි ඇයට සිහි විය.සවස 4 ට පමණ ගමන් ඇරඹූ රථය මේ වන තුරුම නැවතුනේ තැන් දෙකක දී පමණි.ඒ  රාත්‍රී ආහාරය ගැනීමටත් ඇයට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටත්ය.මේ වන විට දැඩි නිදිමතනුත් තෙහෙට්ටුවකුත් ඇයට දැනෙන්ට වූයේ මෙතරම් දීර්ඝ ගමනක් ඇගේ ජීවිතයේ කෙදිනකවත් නොගොස් සිටි බැවිණි.නිදිබර දෑසින්ම ඇය රේඩියෝව දෙස බැලුවාය.වෙලාව රාත්‍රී 9.15 බව රේඩියෝ තිරයේ සඳහන් වී ඇත.
                           

Saturday, June 23, 2012

ආලේ කලේ කට හඬට ද මා ඔබගේ (නොදුටු රුව දුටු පසු ????)

                                       ස්ථානය කුරුණෑගල බස් නැවතුම්පලයි.
                         ඔහු තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය.
“9.50 යි තව විනාඩි 10 කින් විතර එයා එන්න ඕනාඔහු තමාටම කියා ගත්තේය.හරිනම් දෙදෙනාම එකම වෙලාවට පැමිණිය යුතුව තිබිනි.තමා වෙලාවට ඔනෑවටත් වඩා කලින් බවද ඔහු දනී.නමුත් එය ප්‍රමාදයකින් හෝ අතපසු වීමකින් හෝ සිදු වූවක් නොවේ.ඒ සියල්ලම ඔහු කලින් කල සැලසුම් වලට අනුව සිදු වූවකි.