Saturday, June 23, 2012

ආලේ කලේ කට හඬට ද මා ඔබගේ (නොදුටු රුව දුටු පසු ????)

                                       ස්ථානය කුරුණෑගල බස් නැවතුම්පලයි.
                         ඔහු තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය.
“9.50 යි තව විනාඩි 10 කින් විතර එයා එන්න ඕනාඔහු තමාටම කියා ගත්තේය.හරිනම් දෙදෙනාම එකම වෙලාවට පැමිණිය යුතුව තිබිනි.තමා වෙලාවට ඔනෑවටත් වඩා කලින් බවද ඔහු දනී.නමුත් එය ප්‍රමාදයකින් හෝ අතපසු වීමකින් හෝ සිදු වූවක් නොවේ.ඒ සියල්ලම ඔහු කලින් කල සැලසුම් වලට අනුව සිදු වූවකි.
                                   

Wednesday, June 20, 2012

මෝඩයෙක් වෙන්න කලින් දෙපාරක් හිතමුද? (Facebook අයට විශේෂයි)

                                      පේස් බුක්.මම කතාකරන්න ටිකක් අකමැති මාතෘකාවක්.ඒ කාලේ ඒ කියන්නේ පේස් බුක් යන්න පටන් ගත්තු කාලෙම පිස්සු හැදිලා වගේ ප්‍රෙන්ඩ් ලා ඇඩ් කොරාට මොකද ඒ වගේ ආනිසංස දැන් තමා ලැබෙන්නේ.කවුරු හරි කෙනෙක් එක්ක අදහසක් හුවමාරු කරගන්න පේස් බුක් ගිහාම මෙන්න එනවා කට්ටිය හායි බායි කියාගෙන.බුකියේ ඉන්න කෙනෙක්ව අඳුර ගන්නවනේ කියලා අරයගේ චැටට පොඩි වේට් පාරක් දීලා හායි කියලා යවපු ගමන් මෙන්න අර හිත හොඳ යාලුවා එහා පැත්තෙන් එවනවා අනේ මචං මේක මගේ පේජ් එක මේකට ලයික් එකක් දාපං / මෙන්න සුපිරි පිල්ම් තියෙන සුපිරි පේජ් එකක් / මේකට ලයික් එකක් දීලා උදව්වක් කරන්න .      
                                   මල පනිනවානේ.ටිකක් චැට් කරලා එහෙම එහෙම ඉල්ලුවනම් හිත හදා ගත්තැහැකි.ඒ කරලා හා කියලා චැට් එකෙන් ඇවිල්ලා කරගන්න තියෙන වැඩේ කරද්දි ආය එනව.

Sunday, June 17, 2012

මම හොල්මනක් නොවෙමි (Who Am I ?)

                     මේ දවස් වල හොල්මන් සයිබරේ ආක්‍රමනය කරලා.දවසට කොහේ හරි ගොඩවෙන බ්ලොග් එකක අනිවා හොල්මනක් ඉන්න නිසා අවතාරුත් හිතුවා හොල්මන් එකක් ලියන්න.හැබැයි මේකට බය වෙන්නේ  නෑ.මේ යක්කු ගස් යන වෙලාවේ හොල්මන් ගැන වැඩි විස්තර කරන්න ගියොත් මාවත් හොල්මන් වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන වැඩි විස්තර ඕනේ නෑ.
                           මම කවුද? ඒ කියන්නේ නොනිමි අහස ලියන මම කවුද? ඒක තමා අද ලියමනේ ප්‍රධාන මෙව්ව එක.මම ත් එසේ මෙසේ වැඩ්ඩෙක් නොවන විත්තිය මේක කියවලා ඉවර වෙද්දි තේරෙයි ඕං ඈ.හිකිස්..තව මෙව්ව එකක් තමා ගොඩක් දෙනා නොදන්න දෙයක් කියා දීම සහ රසවත් දෙයක් බලන්නට දීම.

Thursday, June 14, 2012

ආතල් එකක් ගන්නට කි.මී 20 ක් පයින් ඇවිද්දෙමු

                                                   
                               අවතාර් ඇතුළු පිරිස රජ මාලිගාවෙන් බත් එකක් කන්න ගිහින් කර ගත්තු වින්නැහිය කස්ටිය දන්නවනේ.විස්තරේ දන්නේ නැති උදවිය මෙතනින් ගිහින් බලලා එන්න.මේ කියන්න යන්නේ එදා එකේ ඉතුරු ටිකය.
                                            එදා ලැබුනු සහනාධාර ඝණයේ ආහාර වේලත් අතේ තියාගෙන කල්පනා කලේ මොකද කරන්නේ කියලා.

Monday, June 11, 2012

මීළඟ ඇරිල්ල කනේ පාරක් වෙයිද?

                                        මේ ළඟකදී ඉඳන් රාජ සභාවෙන් අරින ඇරිල්ලේ ඉවරයක් නැත.දැන් නම් ඇරපු උන්ටත් කාපු අපිටත් හොඳටම රිදිලාය.ඒත් ඇරිල්ල නවතින පාටක් පේන්න නැත.අවුරුදු 3 කට කලින් රටේ දහස් ගනන් අම්මලා කඳුළු බීපු දහස් ගනන් කොල්ලො කෙල්ලෝ ජීවිත දීපු විනාසකාරී යුද්දයක් අවසන් කරාගෙන් පසුව රාජ සභාවෙන් සංවර්ධනයේ ස්ටේසමක් අපිට පෙන්නා කෝච්චි පාරද පෙන්නුවේය.කලින් කියූ ස්ටේෂමට යන කෝච්චිය එක්කෝ පීලි පැනලාය එක්කෝ මඟ නතර වෙලාය නැත්තම් ගමන අත්හිටුවලාය.උසස් තත්වයේ එන්ජින් වලට බිල් හදා බාල තත්වයේ එන්ජින් ගෙනවන හින්දා සමහර විට පීලි පැනිය හැක.මේ ළඟකදී ඉඳන් කෝච්චි ඩ්‍රයිවර්ලාට ඇති ප්‍රශ්න නිසා කෝච්චිය මඟින් නතර කර යයි.ඒ හිනදා දෙවන එක වීමටද ඉඩ ඇත.සමහර විට මේ ගමන තම තමන්ගේ මල්ල තර නොකරන ගමනක් බව එක්කෝ නිලධාරීන්ට හිතෙන්නට ඇත.එහෙනම් ගමන අත් හිටුවලාය.මොන විදියකින් ඇරියත් අපිට කරන්නට දෙයක් නැත.අපි තාමත් අර කියූ ස්ටේසම මනසින් හදාගෙන කෝච්චිය එනතුරු කට බලියාගෙන ඉන්නෙමු.නමුත් එන පාටක් පේන්න නැත.
                                     

Monday, June 4, 2012

තව ටිකෙන් අරලියගහ මන්දිරෙන් හොඳටම කනවාය (රජ මැදුරේ චාටර් වැඩ)

                                                  පහුගිය  වෙසක් පෝය ගෙදර ඉඳලා ආපහු කොළඹ ගියාට පස්සේ අවතාර් ගේ කාමර තුනේ බෝඩිමේ සෙට් එක තීරණය කලා වෙසක් බලන්න යන්න.උදේ ලෙක්චර්ස් වලට කලින් බෝඩිමේ දි හම්බ වුනහම කට්ටිය කතා උනේ ලෙක්චර්ස් ඉවර උනාට පස්සේ 5ට යන්න.හවස ලෙක ඉවර උනාට පස්සේ කතා කරගත්ත විදිහටම 6.30 ත් පහු වෙලා බස් ගත වෙනවා.(දෙන්නෙක් ඇර. උන් දෙන්නාම මල් හීය වැදුනු උන් අපි එනකොටත් එකෙක් බොහොම ශ්‍රද්ධාවෙන් මල් නෙලනවා.උන් දෙන්නගෙන් අහපු ගමන් කිව්වේ මට බෑ උඹලා යමල්ලා කියලා).තෝර ගත්තේ ගංගාරාම වෙසක් කලාපය.(එතන දන්සල් වැඩී කියලයි හොඳ බවට තීරණය උනේ)කොහොමහරි අදාල ස්තානෙට පය තියද්දි රෑ අටට කිට්ටුයි.බේරේ වැවත් එක්ක මුළු පැත්තම ආලෝකවත් කරලා තිබුනා.මට මතක විදිහට එදා අවසාන දවස උනත් සැහෙන පිරිසක් වෙසක් කලාපයේ දකින්න හිටියා.එදා බේරේ වැවේ තිබ්බ ගතිය ඇඟට වැදුන හින්දම ටක් ගාලා ජංගම දුකා එලියට අරගෙන පොටෝ ටිකක් වද්ද ගත්තා.ඒ කෙන් ටිකක් වත් නොදා කතාව කිව්වොත් අඩුයි වගේ හින්දා පොටෝ කීපයක්  දාන්නම්

Saturday, June 2, 2012

ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (ටයිටැනික් නැවේ සැඟවුණු අභිරහස)

                                             ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්රපටිය.දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා.හැබැයි අවතාර් මේ යුනිකෝඩ් කරන්න ලක ලෑස්ති වෙන්නේ ටයිටැනික් චිත්රපටිය ගැන නෙමේ.1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ  ගැන ගවේෂණයක ප්‍රතිඵල  ටික දිගඅරින්නයි බලාපොරොත්තු වෙන්නේ.මෙතන ඉඳල පෝස්ට්ටුව යුනිකෝඩ් වෙන්නේ වෙනදා ශෛලියට නොවෙන්න පුළුවන්.ඒක කොයිතරම් දුරට කියවන ඔයගොල්ලන්ට ගැලපේවිද කියන එක මම දන්නේ නෑ.සම්පූර්ණ පෝස්ට්ටුව අනවශ්‍ය ලෙස දික් වුනොත් කොටස් 2කට දාන්නයි බලාපොරොත්තුව.ඒක බලන්න යුනිකෝඩ් කරන්නම එපැයි.