Sunday, July 29, 2012

පිස්සුද මට මොනවත් මතක නෑ



 පලි : ඊයේ රිවිර පත්තරේ කාටූන් එක බලාගෙන අවතාර් ඇඳපු එකක් .අදහස පත්තරේ අවතාර්ගේ සිත්තරේ ඈ.ගුණ අගුණ කියලා ගියාට වරදක් නෑ

Friday, July 27, 2012

සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් )

                   අවතාර් අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.කොහොමඋනත් මේක ගැන බ්ලොග් ලෝකෙත් අතරින් පතර හඩ අවදිවෙනවා.ඒ අතරින් එක බ්ලොගක් සම්පූර්ණයෙන්ම සමරිසින් වෙනුවෙන් පෙනී හිටිනවා කිව්වොත් නිවැරදියි.හැබැයි බඹරු ගැන ලියන ඔහු හෝ ඇය ලංකාවේ සමරිසින්ගේ අයිතිය වෙනුවෙන් ලංකාවේ නැති උනාට ඇමෙරිකාවේ මෙහෙමය අහවල් රටේ මෙහෙමය කියලා උදාහරණ ගේන එකට නම් අවතාර් සම්පූර්ණෙන් විරුද්ධයි.මොකද කියනවනම් ඒ රටවල සමලිංගික කෙසේ වෙතත් විෂම ලිංගික සදාචාරේ උනත් ලංකාවට සම කරන්න පුළුවන් තැනක නෙමේ තියෙන්නේ කියලා මේ රටේ පොඩි දරුවෙක් උනත් දන්නවා.
                          අවතාර් මේ ලියන්න යන්නේ ඔය මාතෘකාව ගැනවත් ඔය දේ හරිය වැරදිය කියන දේ ගැනවත් නෙවේ.කොටින්ම අර බ්ලොග් වලට ගහන මඩකුත් නෙවේ.මේ දවස් වල කට්ටියම අරූ මට මඩක් ගහලා දෙන්නම් ඕකට රිටර්න් එක වගේ පටිරෝල් වෙලා ඉන්න හින්දා මේකත් බ්ලොගයක් අවතක්සේරු කරලා ලියපු එකක් කියලා හිතන්න පුළුවන්.ඒ හින්දා ඔන්න ආය පාරක් කිව්වා මේක එහෙම එකක් නෙවෙයි.
             මේ කියන්න යන්නේ අවතාර් හොඳින්ම දන්න සමලිංගික කතාවක්.(ආ කියන්න බැරි උනා මේක 18+ එහෙකුත් නෙවේ)ඔය කියන දේ හන්දා තරුණ කොල්ලෝ දෙන්නෙක් ගේ ජීවිත විනාස වුන එක ගැනයි මේ කියන්නේ.

Tuesday, July 24, 2012

ටියුබ්ලයිට් ලව් ඇන්ඩ් ෆන් ලයිෆ් (සතියේ ටොක්ක )


                          ඇඟට හිර වෙච්ච ඩෙනිම බොහොම අමාරුවෙන් බස්සගෙන අල්මාරිය  ඇරලා බැලුවේ ඒකට මැච් වෙන ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනට ගෝල් පේස් එකට යන්න.අරයා කොන්ක්‍රීට් බංකුවක් උඩට වෙලා  අන්නාසි පෙත්තක් හප හප මන් එනකම් මූද දිහා බලාගෙන ඇති.මම පරක්කු උනොත් එහෙම මුහුදේ පනීවිද දන්නෙත් නෑ.ඒ තරම් මට ආදරේ.ආහ් මේ තියෙන්නේ මම කැමතිම ටී එක.එයා එක්ක දවසක් අතේ එල්ලිලා  යන වෙලාවක කඩයක් ඇතුලට ගිහිල්ලා රැක් එකේ තිබ්බ මේ ටීෂර්ට් එක අත ගගා ලස්සනයි සුදූ කිව්ව විතරයි එයා ලෝභ නැතුව මට මේක අරන් දුන්නා.අන්න කොල්ලෝ.අදත් මම මේකම ඇඳන් යන්න ඕනේ සමහර විට එතකොට කොල්ලට ආසා හිතිලා තව එකක් අරන් දෙන්නත් බැරි නෑ.

Saturday, July 21, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (සිව්වන කොටස)

         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
        
“ බේබි මේ පැත්තට යමුයි කියලා ආවේ මේක බලන්නද?බේබි කොහොමද දන්නේ මෙතන මේ වගේ දෙයක් තියනව කියලා .මට සේදිරිස් වත් කිව්වේ නෑනේ “
“ අනේ මන්දා කමලා .මට මහ අමුත්තක් දැනෙනවා.කමලා හිතන්නේ මේ මොකක් කියලද?“
“ පේන විදිහට නම් පරන ගෙයක් වගේ හැබැයි සෑහෙන්න පරණයි වගේ .බිත්තිත් ගරා වැටිලා කැලේ හැදිලා මම හිතන්නේ අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු ගෙයක් වගේ.“
ඔවුන් සිටි තැනක් මඳක් පහලට වන්නට ඈතින් පෙනුනු ගරා වැටුන නිවස දෙස බලාගෙනම සෙනුරි කල්පනාවකට වැටී සිටියාය.

Wednesday, July 18, 2012

අදින්නයි දාන්නයි ඇතිවුන ආසාව

                           
                                             අවතාරුත්  කතාවක් ලියන්න පටන් ගත්තනේ ඒකේ කෑලි දෙක තුනක් එක දිගටම ගලපලා හිතුනා වෙනස් දෙයක් ලියන්න.කතාවක් ලියන එකත් සෙල්ලං නෑ නෙහ් .වැඩ්ඩා වගේ ලියන්න ගත්තට ලියාගෙන යද්දි තමා අමාරුව දැනෙන්නේ .නවකතාව සම්පූර්ණයෙන් හිතේ මවා ගෙන අවතාර් හෙන ගේමක් දෙනවා මේ දවස් වල ඕකට.කොහොමහරි වැඩේ අතාරින්නෙත් නෑ.පටන් ගත්තු විදිහටම ලස්සනට ලියන් යන්නයි අවතාර්ගේ බලාපොරොත්තුව.ඒක පැත්තකින් තියලා අද එකට බහිමු.
                                          අවතාර් ගේ A/L කාලේ ගැන ලියපු කෙමිස්ට්‍රි සර්ගේ ඇඩ් පාඩම  මතක ඇතිනේ.මේ කියන්න යන්නෙත් ඒ කාලේ සිද්දියක්ම තමා.අවතාර්ගේ පන්තියේ ඒ කාලේ ප්‍රෙඩෙක් හිටියා දිමා කියලා.ඇත්ත නම දාන්න බෑ මෑන් අවතාර්ගේ මූණූ පොතට සෙට් වෙලා ඉන්න නිසා .මේකත් ඉතින් ඇත්ත නම වගේම තමා පන්තියම කතා කලේ මිනිහට දිමා කියලා .කරන්න දෙයක් නෑ මේ නම නොදත් බෑ.අපි දිමා කියලම කියමු.මේ පොර ටිකක් පන්ඩිතයි.දෙන්නෙත් පන්ඩිත ටෝක්ස්.පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බැයිලුනේ ඒ වගේ මූත් පන්ඩිත  කම හින්දම සමහර වෙලාවට නාගත්තා.

Monday, July 16, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (3 කොටස )

         
               පළමු කොටස
             දෙවන කොටස
             
                                                           සෙනුරි දෑස් හැර බැලූ විට සම්පතුත්,කමලාත් ,පියලුත් තමා දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. ඇය සම්පත්ගේ උදව්වෙන් අපහසුවෙන් කෙලින් වී ඇඳ වියලට හේත්තු වී ඉඳ ගත්තාය.තවමත් හිස තරමක් ඇදුම් කන බව ඇයට දැනිණ.
“ මට මොකද උනේ සම්පත්“
“ ඇතුලට එද්දි බේබි කලන්තේ දාලා වැටුනා.පුංචි මහත්තයා උස්සගෙන ඇඳට අරන් ආවේ “
“ මගේ ඔලුව තාමත් රිදෙනවා කමලා “
“ ගමන් මහන්සිය වෙන්නැති බේබි .බේබි තවම උදේට මොකුත් කාලත් නෑ නේද?මහන්සියටයි බඩගින්නටයි තමා මමහිතන්නේ කලන්තේ හැදෙන්න ඇත්තේ “
   “ යමු පුංචි මහත්තයා කාලා ඉඳිමු මම කිරිබත් කැට කපලා තියෙන්නේ .පුංචි මහත්තයත් සෑහෙන දවසක් කොළඹ හිටපු නිසා කිරිබත් කන්න හමිබ වුනේ නැතිව ඇතිනේ “
     කමලා කියන දේ ඇත්තක් බව සෙනුරිට වැටහිණි.පෙර දින රාත්‍රියේ කෑවාට පසු තවම කිසිවක් බඩට වැටී නැත.ඇයට හිස කැක්කුම සමඟ තදබල කුසගින්නක්ද දැනෙන්ට විය.
“ සෙනූ අපි යමුද කෑම කන්න ඔයාට පුළුවන්ද  නැඟටින්න ?“
“ මට දැන් ප්‍රශ්නයක් නෑ සම්පත් යමු “

Friday, July 13, 2012

ලියපු ලියුම් දැන් පනහයි ආයුබොවන්


පහුගිය දෙසැම්බරයේ  සීතල රෑක
මෝඩම් කටුව දරමින් ඔහුගේ අතක
බ්ලොගයක් පටන් ගන්නට ඕනේ නවක
හිතමින් නැවතුනා ජංජාලේ  තැනක

Thursday, July 12, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (2 කොටස )


“අපි කොහෙද ඉන්නේ සම්පත් ? “
“අපි දැන් ළඟයි සෙනූ තව පැය භාගයකින් විතර අපිට වලව්වට යන්න පුළුවන් “
“පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරලා ඔයාට මහන්සි නැද්ද ? “
“ කමක් නෑ තව ටික දුරයිනේ “
“ අපි පොඩ්ඩක් මේ හරියෙන් ඉඳලා යමු සම්පත්.ඔයාගේ මහන්සි පාට මූණෙන් පේනවා “
                          ඇය කීවේ සත්‍යයකි.සම්පත්ගේ විඩාබර  බව මැනවින් මූණෙන් පෙනිණි.පැය ගානක් තිස්සේ එක දිගට රිය පැදවීම අමාරු කාර්යයක් බව ඈ දනී.ඇයට සම්පත් ගැන අනුකම්පා සිතිණි.කාරය පාරේ අයිනකට කර නැවැත්විණි.සම්පත්ට විවේකයක් දීමටත් කඳු වැටි වලින් පිරුණු අවට පරිසරය විඳ ගැනීමටත් ඇයට ඕනෑ කර තිබිණි.එහෙයින් ඇය සම්පත්ට කාරය නැවැත්වීමට යෝජනා කලාය.සෙනුරි කාරයෙන් බැස සම්පත් හා අත් පටලවාගෙනම ඉතා ආසාවෙන් වටපිට බැලුවාය.ඔවුන් සිටියේ කන්දක් මතින් දිවෙන පාරකය.අවටින් පෙනෙන්නේ නිල් පාටින් පිරුණු කඳුය.ළඟම කන්දක සුදෝ සුදුවට දිය ඇල්ලක්ද පෙනෙයි.සෙනුරිට මෙය අලුත් ම ලෝකයකි.පාසලින් වතාවක් නුවරඑලියට විනෝද ගමනක් ආවා ඇයට මතකය.එදා පටන්  ඇය මේ මනරම් පරිසරයට මහත් සේ ඇලුම් කලාය.කුඩා කල පටන්ම කලබලකාරි ලොවක ජීවත් වූ ඇයට මෙවන් නිස්කලංක බවින් පිරුණු පරිසරයක ජීවත් වීමට ඇය ප්‍රිය කලාය.දෛවය විසින් එම බලාපොරොත්තුව සපල කර ඇතැයි සෙනුරිට සිතෙයි.

Tuesday, July 10, 2012

දොස්තර හොඳ හිත ( පොඩ්ඩක් විතර + ද මන්දා )

                                                      මේ කියන්නට යන්නේ අවතාර්ලගේ පැත්තේ ඉන්නා හිත හොඳ දොස්තර  කෙනෙක් ගැනය.අවතාර් උනත් උණට ,හෙම්බිරිස්සාවට ,කැස්සට ඔය හැමදේටම දුවන්නේ මේ දොස්තර ළඟටය.ඔහු නමින් සභාරත්නය.අවුරුදු 45ක පමණ දමිල ජාතිකයෙකු වුවත්  පෙනුමෙන් සිංහල පාටය.ඇත්තෙන්ම කියනවානම් වැඩ්ඩෙකි.අවතාර්ලගේ ගම වටා ඇති ගම් හතර පහෙන් පමණක් නොව දුරින් තියෙන ගම් වලින් පවා එන්නේ සභාරත්න දොස්තරගෙන් බෙහෙත් ගැනීමටය.ඔහුගෙන් බෙහෙත් ගන්න කවුරුත් ඔහුව හඳුන්වන්නේ සභා දොස්තර කියාය.ඒ ඔහුට කරන අවමානයකට නොව සභා දොස්තරට ඇති ආදරය නිසාය.
        

Saturday, July 7, 2012

හදවත රත්තරන් මිනිසෙක් ගැන මතකය......

                          පැරණි ගී වලට ප්‍රිය කරන අවතාර්ට අද විසේස දවසක්.ඒ මොකද කියනවනම් H.R ජෝතිපාල කියන අද්විතීය ගායකයා අපෙන් වෙන් වෙලා අදට වසර 25 යි.එක් රැයෙන් සුපිරි ගායකයන් බිහි වෙන අද කාලේ සිංහල හෝඩියේ හැම අකුරෙන්ම වගේ ගායකයෝ ඉන්නකොට ජෝතිගේ තැන ගන්න කෙනෙක් තවම ඇවිල්ලා නෑ කියන එකයි අවතාර්ගේ අදහස.ජෝතිට ජෝතිගේ සිංදු වලට මිනිස්සු කොච්චර ආදරේද කියනවනම් ජෝතිට “හදවත රත්තරන් ජෝති“ කියන නම හැදුනා.කොච්චර අලුත් සිංදු හැදුනත් ඒවගෙන් කාලයක් තියෙන්නේ බොහොම ටිකයි.අද කාලේ ගොඩක් සිංදු වල තියෙන්නේ සද්දේ විතරයි.අර්තයක් නෑ මිනිස්සුන්ට ඒ සද්දේ අහලා අහලා ඇති උනහම ඒ සිංදුව අතාරිනවා.ගොඩක් අලුත් සිංදු වලට වෙන්නේ ඔය ටික.හැබැයි පැරණි ගායකයෙක් ගත්තොත් ඒ සිංදු අද තියෙන සිංදු වලට වඩා උඩින් තියෙනවා කියලා කියන්න පුළුවන්.අදට යෙදෙන ජෝතිගේ අනුස්මරණය හින්දා ජෝතිගැන නොදන්න උදවියට දැන ගන්නත් එක්ක අවතාර්ට හිතුනා ජෝති ගැන ලියන්න.

Thursday, July 5, 2012

මිලින වූ සඳ | කෙටි කතාව ( පළමු කොටස )

                            තැනින් තැන තාර ගැලවී ගිය පාරේ හෑරුණු වලවල් මඟහරිමින් විටෙක වළවල් මත වැටෙමින් රථය ඉදිරියට ඇදෙයි.පිටත රැහැයි නාදයට අමතරව සෙනුරිට ඇසුනේ කාරයේ රේඩියොවේ සිහින් ස්වරයෙන්  ධාවනය වූ ගීතයේ හඬ පමණකි.
                 
                 මගේ පුංචි රෝස මලේ
                                 මමයි නුඹේ වියපත් බඹරා...............
                 නුඹ හීනෙන්වතත්
                                 නොදකින කුමරා............
                                                          
                                               ඒ ඇයගේ ප්‍රියතම ගීතයයි.සාප්පු සංකීර්ණයේ දී අමරසිරි පීරිස් මහතාගේ ගී තැටියක් මීලදී ගත් හැටි ඇයට සිහි විය.සවස 4 ට පමණ ගමන් ඇරඹූ රථය මේ වන තුරුම නැවතුනේ තැන් දෙකක දී පමණි.ඒ  රාත්‍රී ආහාරය ගැනීමටත් ඇයට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටත්ය.මේ වන විට දැඩි නිදිමතනුත් තෙහෙට්ටුවකුත් ඇයට දැනෙන්ට වූයේ මෙතරම් දීර්ඝ ගමනක් ඇගේ ජීවිතයේ කෙදිනකවත් නොගොස් සිටි බැවිණි.නිදිබර දෑසින්ම ඇය රේඩියෝව දෙස බැලුවාය.වෙලාව රාත්‍රී 9.15 බව රේඩියෝ තිරයේ සඳහන් වී ඇත.
                           

Monday, July 2, 2012

කෙමිස්ට්‍රි සර්ගේ ඇඩ් පාඩම ( A/L රස කතා 1 )

                                                  ඔලුවේ තිබ්බ ලොකු බරකුත් එක්ක විභාගයකුත් ඉවර උනා.සෑහෙන දවසකින් බ්ලොගි පැත්තේ එන්න බැරි උනා.බ්ලොග් රෝලේ බ්ලොග් වලටවත් ගොඩ වෙන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒ ගැන සියල්ලන්ගෙන්ම අවතාර් සමාව භජනය කරනවා කොමෙන්ට් එකක්වත් දාන්න එන්න බැරි වීම ගැන.
                                පහු ගිය කාලෙට ඇගට දැනෙන විභාගයක් විදිහට ලිව්වේ  ඒලෙවල් විභාගෙනේ.කෙනෙක්ගේ අධ්‍යාපනය ලබන කාලෙදි හොඳම කාලේ උසස් පෙළ කියලා කතාවක් තියෙනවා.තමන්ගේ ළඟින්ම ඉන්න හොඳම යාලුවෝ ටික මුණගැහෙන්නේ ඒ කාලෙදි ලු.හැබැයි මට හිතෙන විදිහට නම් එහෙම පිරිසක් ඒ කියන්නේ තමන් වෙනුවෙන් ඉන්න සීමිත පිරිසක් හැදෙන්නේ කැම්පස් කාලෙදි කියලයි.එකට රැග් කාලා දවස පුරා එකට ජීවත් වෙලා ඊට පස්සේ බෝඩිමේ දී උන් එක්ක එකට ඉඳලා හැදෙන ෆිට් එක විභාගයක් ගොඩදාගන්න අවුරුදු දෙකක් ඔට්ටු වෙන සෙට් එකක් එක්ක ඇති වෙන ෆිට් එකට වඩා හයියයි කියලයි මගේ අදහස.