Friday, September 28, 2012

අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා )

                                    අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැල්ලු.
               මිනිහා දවසක් ගිහිල්ලා බණ ගෙදරක.ඒ කාලේ දැන් වගේ විදුලි බලය එහෙම නැහැල්ලු.පෙට්‍රල් මැක්ස් වලින් එලිය අරන් තියෙන්නේ .ඕකට සැරින් සැරේ හුළං ගහන්න ඕනේ කියලා දන්නවනේ.ඉතින් අපේ සිරිපාල ගියපු ගමන් පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහන වැඩේ බාරගත්තලු.මිනිහා දෙතුන් පාරක්ම මේසේ උඩට නැඟලා උජාරුවෙන් හුලං ගැහුවලු පෙට්‍රල් මැක්ස් එකට.ඔහොම ටික වෙලාවක් යද්දි එකපාරටම මැක්ස් එකේ එලිය අඩු උනාලු.එතන හිටපු කොල්ලෙක් සිරිපාල මාමාට දැන් අමාරුත් ඇතිනේ හුලං ගහලම කියලා හුලං ටිකක් ගහන්න නැගිට්ටලු.ඒ එක්කම හිටපං හිටපං මම ගහන්නං කියලා දඩි බිඩි ගාලා මේසෙට ගොඩ උන සිරිපාල හුලං ගහන්න ගත්තලු.මේසෙට නඟිද්දි මිනිහගේ සරම බුරුල් වෙලා තිබිලා තියෙන්නේ.පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහද්දි සිරිපාල දන්නෙම නැතුව සරම බිමලු.හුලං ගහන එකට තිබ්බ ආසාවට මිනිහට සරම අල්ලගන්නවත් මතකයක් නෑලු එවෙලේ.

Wednesday, September 26, 2012

සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන්

                                     එක එක විදිහේ පිස්සු කෙලින අතරේ අවතාර්ට හිතුනා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න.ඇඳීමේ හැකියාව වැඩ දියුණු කරගන්න කාටූන් අඳින අතරේ සිංහල බ්ලොග් ලෝකේ අයටත් කාටුන් අඳින්ඩ හිතුනා.අඳිනව කියලත් මේ වෙන කොට දැන ඇඳින ගෙන ඉන්න පිරිස පොඩි ප්‍රමාණයක් යැ බ්ලොග් ලෝකේ.ඒකට විසඳුම විදිහට නොනිමි අහසේ නිතර ගැවසෙන චරිත හයකින් වැඩේ පටන් ගත්තා.

Sunday, September 23, 2012

කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                         
   පස්වනකොටස          හයවන කොටස               හත්වන කොටස               හත්වන කොටස      

     කාරය මිදුලේ නතර කරද්දීම නෙත්මි මුව පුරා සිනා සීගෙන මිදුලට පිවිසියාය.
“ නෙත්මි පහු ගිය ටිකේ අවේ නැත්තේ මොකද කියලා බලන්නයි අපි ආවේ “ සෙනුරි නෙත්මි හා අත් පටලාගෙන ගෙගුලට පියමනිමින් කීය.
“ කිව්වට වැඩක් නෑ නෝනා එපා කියද්දිත් ගොම්මන් වෙලාවේ නාලා උණ හදා ගත්තා.මම මහත්තයලට බොන්න මොනව හරි අරගෙන එන්නම්  “
“ නෙත්මි ලගේ සීයා ඉන්නේ ගොඩක් දුරින්ද නෙත්මි ? “
“ එච්චර දුර නෑ මහත්තයා .කාර් එකේ යනවනම් පැය බාගෙක විතර දුරක් “

Tuesday, September 18, 2012

මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය)


මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම
මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද
අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ
මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ

Sunday, September 16, 2012

පුතු මා වගේ | කාටූන් ටොක්ක



පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට

Friday, September 14, 2012

සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස

                             
 තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          
                      
                                      සෙනුරි බැල්කනියට වී ඈතින් පෙනෙන ඉමක් කොනක් නැති කඳු පන්ති දෙස බලා සිටියාය.නිල්වන් කඳු මුදුන් වල සීමාවන් සෙවූ ඇගේ මනස කල්පනා ලොවින් මිදුනේ වාහනයක හඬ ඇසීමෙනි.
“ සම්පත්ගේ කාර් එක“ යයි තමන්ට මුමුණා ගනිමින් ඇය කකුලේ වේදනාව දරා ගෙන වේගයෙන් තරප්පු පෙල දිගේ පහලට බසින්නට විය.
ඇය සාලයට පිවිසෙන විට සම්පත්ගේ රථය පෝටිකෝව යට නතර කෙරිණි.
“ ඔයා එන්න තව කල් යනවා කිව්වනේ “ ඇය පාදයෙන් නැඟුනු වේදනාව මැඩගෙන ඇසීය.
“ ඊට කලින් කියන්න සෙනූ දැන් ඔයාගේ කකුල හොඳද කියලා “
     සියල්ල කමලා විසින් සම්පත්ට කියා ඇතැයි සෙනුරිට සිතිණි.සම්පත්ව අනවශ්‍ය ලෙස කලබල කර ඇතැයි සිතෙන විට ඇගේ සිතේ කමලා කෙරෙහි කෝපයක් ඇති විය.

Tuesday, September 11, 2012

මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා )


                                අවතාර්  ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත්     කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ දවස් වල මුන් දෙන්නගේ දින චරියාව.කොහොමහරි ඔය එළුවෝ දාලා එන හරියට වෙන්න පීතර කියලා වයසක මනුස්සයෙක් එළවළු වගා කරලා තියෙනවා.දවසක් අනුරලගේ එළුවෝ පීතර උන්දගේ කොටුවට පැනලා මිරිස් පැල වගයක් කාලා.පස්සේ පීතර උන්දා කොටුවට පැනපු එළුවෝ ටික එළවළු කොටුවෙම ගැට ගහලා තියාගෙන අයිතිකාරයා එන්නැතැයි කියලා.

                 හැන්දෑවේ එළුවෝ ගෙනියන්න ආපු අයියා මලෝ දෙන්නට තරු පෙනිලා .පට්ටියෙන් එළුවෝ තුන් හතර දෙනෙක් අඩුයිලු.කළුවර වැටෙනකන් හැමතැනම එළුවෝ හොයලා අහම්බෙන් පීතර උන්දගේ එළවළු කොටුව පැත්තේ යද්දි නැතිවෙච්ච එළුවෝ ටික ඉන්නවලු බැඳලා දාලා .මුන් දෙන්නට මල පැනලා සද්දයක් දාද්දි පීතර උන්දත් නිකන් ඉඳලා නෑ .අයියා මලෝටයි එළුවන්ටයි හොඳට දෙසලා ඊළඟ පාර එහෙම එළවළු කාලා තිබුනොත් එළුවෝ පනපිටින් ඉතුරු කරන්නේ නෑ කියලා තර්ජනයකුත් කරලා.ගමේ අය කියන විදිහට නම් පීතර උන්දා හෙන අහින්සකයිලු අරහෙම කියලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච ආවේගෙට ලු.

Saturday, September 8, 2012

නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක

                        මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක.

කලින් ඇඳපු කාටූන්

Thursday, September 6, 2012

අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම)

                                             
                               අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් .අර දාන අදින එකේ  දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා  දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන අය ලව්වා ඌව නෝන්ඩි කරවලා කොමෙන්ට් දාගෙන මිනිහා නිවාඩුවට සැපත් වෙන වෙලාවට ගේන ඉතාලි ටොෆිය චොකලට් එක අවතාර්ට නැති කරගන්නේ අහවල් එකකටද?ඒ හින්දා අපි මේ බුවා ට එන් කියලා කියමුකෝ.
                              මේ වෙන කොට එන් තරුණ කොල්ලෙක් ලු.ඉගෙන ගන්න එහෙම ටිකක් දස්සයිලු ඈ.එන් ට මොලේ තිබුනත් හිතන්න බෑ කියලා තමා ගොඩක් අය කිව්වේ.මේ පළවෙනි කතාව අවතාර් දැනගත්තේ එන් ගේ මාමා කෙනෙක් වෙච්ච ආර් නෑ එක්කෝ රංජි කියලම කියමු (රංජි මාමා බුකියේ නෑ කියලා අවතාර්ට සුවර්) රංජි මාමාගෙන්.ඒ දවසක් බණ ගෙදරකදී අයියලා මාමලා එකට එක්කහු වෙලා ගහන කයියකට හොරෙන් කන දාගෙන ඉඳලා

Monday, September 3, 2012

බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ )

                                             අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති සර්ගේ ළඟම යාළුවා                           .ඔයිට වැඩිය නම් අහන්න එපා කු‘ගල ගිහිල්ලත් තවම ටියුබ් ලයිට් නම් සර් ගැන හිතන එක අතෑරලා ඉතුරු ටික කියවන එකයි ඇත්තේ.ඔය කියන සර්ගේ කට ටිකක් නෙමේ ගොඩක් හොඳ නෑ.

Saturday, September 1, 2012

කපිලවස්තුපුර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ගොස් ජීවිත වලින් වන්දි ගෙවීම | ආශ්චර්යමත් රටක සංවිධාන ශක්තිය


කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේ මේ වන විටත් බැතුමතුන් දස දහස් ගණනකගේ වන්දනාමානයට ලක්වෙමින් සිටී.තවත් දස දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍රවීමටද නියමිතය.මුල සිටම මේ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටි නමුත් මේ ලියවෙන්නේ බලාපොරොත්තු වූ ලිපියට හාත්පසින්ම වෙනස් වූවකි.ඒ ලියන්නේ ද මහත් වූ කලකිරීමෙන් යුතුවය.මේ ලියන්නේ මාධ්‍ය වල පත්තර වල නොකියවෙන සත්‍ය ගැන ය.
                  පසුගිය දිනක කැළණිය මානෙල්වත්ත විහාරයේ පැවති ධාතූන් වහන්සේ ප්‍රදර්ශණයට දහවල් දේශනයද පසෙකදමා මිතුරන් සමඟ එක් වුනේ මහත් වූ බලාපොරොත්තුවෙන් යුතුවය.අට දෙනෙකුගෙන් යුතු පිරිස කිලෝමීටර හතරක් පමණ දිග පෝලිමට එක් වුනේ සවස දෙකට පමණය.ඒ එක් වී පැය දෙකක් යන්නට මත්තෙන් පෝලිම තවත් කිලෝමීටර ගණනකින් වැඩි වූ බව අසන්නට ලැබිණ.අගනුවර හා ඒ අවට දහස් ගණනක් ඒ වන විට සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිමට වී සිටියහ.විනාඩි දහයකට අඩි දෙකක් පමණ ඉදිරියට ඇදෙන පෝලිමට වී සිටි මිතුරන් දෙදෙනෙක් පෝලිමෙන් මිදී ඉදිරියට ගියේ පෝලිමේ දිග බලා ගෙන ඒමටය.