Tuesday, September 18, 2012
මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය)
මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම
මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද
අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ
මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ
ලේබලය
අප්සට් සිංදු
Sunday, September 16, 2012
පුතු මා වගේ | කාටූන් ටොක්ක
පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට
ලේබලය
කාටුන් අදහස්,
සතියේ ටොක්ක
Friday, September 14, 2012
සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස
තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.
සෙනුරි බැල්කනියට වී ඈතින් පෙනෙන ඉමක් කොනක් නැති කඳු පන්ති දෙස බලා සිටියාය.නිල්වන් කඳු මුදුන් වල සීමාවන් සෙවූ ඇගේ මනස කල්පනා ලොවින් මිදුනේ වාහනයක හඬ ඇසීමෙනි.
“ සම්පත්ගේ කාර් එක“ යයි තමන්ට මුමුණා ගනිමින් ඇය කකුලේ වේදනාව දරා ගෙන වේගයෙන් තරප්පු පෙල දිගේ පහලට බසින්නට විය.
ඇය සාලයට පිවිසෙන විට සම්පත්ගේ රථය පෝටිකෝව යට නතර කෙරිණි.
“ ඔයා එන්න තව කල් යනවා කිව්වනේ “ ඇය පාදයෙන් නැඟුනු වේදනාව මැඩගෙන ඇසීය.
“ ඊට කලින් කියන්න සෙනූ දැන් ඔයාගේ කකුල හොඳද කියලා “
සියල්ල කමලා විසින් සම්පත්ට කියා ඇතැයි සෙනුරිට සිතිණි.සම්පත්ව අනවශ්‍ය ලෙස කලබල කර ඇතැයි සිතෙන විට ඇගේ සිතේ කමලා කෙරෙහි කෝපයක් ඇති විය.
ලේබලය
කෙටි කතා
Tuesday, September 11, 2012
මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා )
අවතාර් ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත් කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ දවස් වල මුන් දෙන්නගේ දින චරියාව.කොහොමහරි ඔය එළුවෝ දාලා එන හරියට වෙන්න පීතර කියලා වයසක මනුස්සයෙක් එළවළු වගා කරලා තියෙනවා.දවසක් අනුරලගේ එළුවෝ පීතර උන්දගේ කොටුවට පැනලා මිරිස් පැල වගයක් කාලා.පස්සේ පීතර උන්දා කොටුවට පැනපු එළුවෝ ටික එළවළු කොටුවෙම ගැට ගහලා තියාගෙන අයිතිකාරයා එන්නැතැයි කියලා.
හැන්දෑවේ එළුවෝ ගෙනියන්න ආපු අයියා මලෝ දෙන්නට තරු පෙනිලා .පට්ටියෙන් එළුවෝ තුන් හතර දෙනෙක් අඩුයිලු.කළුවර වැටෙනකන් හැමතැනම එළුවෝ හොයලා අහම්බෙන් පීතර උන්දගේ එළවළු කොටුව පැත්තේ යද්දි නැතිවෙච්ච එළුවෝ ටික ඉන්නවලු බැඳලා දාලා .මුන් දෙන්නට මල පැනලා සද්දයක් දාද්දි පීතර උන්දත් නිකන් ඉඳලා නෑ .අයියා මලෝටයි එළුවන්ටයි හොඳට දෙසලා ඊළඟ පාර එහෙම එළවළු කාලා තිබුනොත් එළුවෝ පනපිටින් ඉතුරු කරන්නේ නෑ කියලා තර්ජනයකුත් කරලා.ගමේ අය කියන විදිහට නම් පීතර උන්දා හෙන අහින්සකයිලු අරහෙම කියලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච ආවේගෙට ලු.
ලේබලය
ගමේ කතා
Saturday, September 8, 2012
නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක
මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක.
කලින් ඇඳපු කාටූන්
ලේබලය
කාටුන් අදහස්,
සතියේ ටොක්ක
Thursday, September 6, 2012
අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම)
අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් ඈ.අර දාන අදින එකේ දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන අය ලව්වා ඌව නෝන්ඩි කරවලා කොමෙන්ට් දාගෙන මිනිහා නිවාඩුවට සැපත් වෙන වෙලාවට ගේන ඉතාලි ටොෆිය චොකලට් එක අවතාර්ට නැති කරගන්නේ අහවල් එකකටද?ඒ හින්දා අපි මේ බුවා ට එන් කියලා කියමුකෝ.
මේ වෙන කොට එන් තරුණ කොල්ලෙක් ලු.ඉගෙන ගන්න එහෙම ටිකක් දස්සයිලු ඈ.එන් ට මොලේ තිබුනත් හිතන්න බෑ කියලා තමා ගොඩක් අය කිව්වේ.මේ පළවෙනි කතාව අවතාර් දැනගත්තේ එන් ගේ මාමා කෙනෙක් වෙච්ච ආර් නෑ එක්කෝ රංජි කියලම කියමු (රංජි මාමා බුකියේ නෑ කියලා අවතාර්ට සුවර්) රංජි මාමාගෙන්.ඒ දවසක් බණ ගෙදරකදී අයියලා මාමලා එකට එක්කහු වෙලා ගහන කයියකට හොරෙන් කන දාගෙන ඉඳලා
ලේබලය
ගමේ කතා
Monday, September 3, 2012
බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ )
අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති සර්ගේ ළඟම යාළුවා .ඔයිට වැඩිය නම් අහන්න එපා කු‘ගල ගිහිල්ලත් තවම ටියුබ් ලයිට් නම් සර් ගැන හිතන එක අතෑරලා ඉතුරු ටික කියවන එකයි ඇත්තේ.ඔය කියන සර්ගේ කට ටිකක් නෙමේ ගොඩක් හොඳ නෑ.
ලේබලය
මතක විත්ති
Saturday, September 1, 2012
කපිලවස්තුපුර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ගොස් ජීවිත වලින් වන්දි ගෙවීම | ආශ්චර්යමත් රටක සංවිධාන ශක්තිය
කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේ මේ වන විටත් බැතුමතුන් දස දහස් ගණනකගේ වන්දනාමානයට ලක්වෙමින් සිටී.තවත් දස දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍රවීමටද නියමිතය.මුල සිටම මේ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටි නමුත් මේ ලියවෙන්නේ බලාපොරොත්තු වූ ලිපියට හාත්පසින්ම වෙනස් වූවකි.ඒ ලියන්නේ ද මහත් වූ කලකිරීමෙන් යුතුවය.මේ ලියන්නේ මාධ්‍ය වල පත්තර වල නොකියවෙන සත්‍ය ගැන ය.
පසුගිය දිනක කැළණිය මානෙල්වත්ත විහාරයේ පැවති ධාතූන් වහන්සේ ප්‍රදර්ශණයට දහවල් දේශනයද පසෙකදමා මිතුරන් සමඟ එක් වුනේ මහත් වූ බලාපොරොත්තුවෙන් යුතුවය.අට දෙනෙකුගෙන් යුතු පිරිස කිලෝමීටර හතරක් පමණ දිග පෝලිමට එක් වුනේ සවස දෙකට පමණය.ඒ එක් වී පැය දෙකක් යන්නට මත්තෙන් පෝලිම තවත් කිලෝමීටර ගණනකින් වැඩි වූ බව අසන්නට ලැබිණ.අගනුවර හා ඒ අවට දහස් ගණනක් ඒ වන විට සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිමට වී සිටියහ.විනාඩි දහයකට අඩි දෙකක් පමණ ඉදිරියට ඇදෙන පෝලිමට වී සිටි මිතුරන් දෙදෙනෙක් පෝලිමෙන් මිදී ඉදිරියට ගියේ පෝලිමේ දිග බලා ගෙන ඒමටය.
ලේබලය
මට හිතෙන හැටි,
ලේබල් නැති ඒවා
Wednesday, August 29, 2012
රාත්‍රියේ ඇසුන කෙඳිරිලි හඬ | මිලින වූ සඳ (7 කොටස)
තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
මහ රාත්‍රියේ ඇය කිසිවකුගේ ආමන්ත්‍රණයකින් හදිසියේ අවදි විය.කටහඬ පැහැදිලි නැති නමුත් එය පිරිමි කටහඬක් බැව් සෙනුරිට වටහා ගත හැකි විය. පහත මාලයේ සිටින කමලා හා පියල් අවදි කරවන්නට ඇයට සිතුනද ඔවුන්ව අවදි නොකරම කටහඬ පිළිබඳ විපරම් කිරීමට ඇය සිතා ගත්තායඇය කටහඬ ඇසෙන දෙසට පියමැන්නාය.කටහඬ ඇසෙන්නේ ඉහල මාලයේ කෙලවරින් බව ඇයට තේරිනි.ඒ දෙසට තව තවත් ළං වන විට ඇයට ඒ හඩ පැහැදිලිවම ඇසෙන්නට විය.
“ සුදු මැණිකේ ...............සුදු මැණිකේ ...................“
විටෙක ආදරයෙන් කතා කරන්නාක් මෙන්ද විටෙක කෙඳිරිල්ලක් මෙන්ද ඇසෙන හඬට සවන් යොමාගෙනම ඇය ඒ දෙසට ගමන් කලාය.තම හිතට කිසිම බයක් නොදැනීම ගැන ඇය පුදුම වූවාය.හඬ ඔස්සේ පැමිණි ඇය තවදුරටත් ගමන් කල නොහැකිව නැවතී පුදුමයෙන් බලා සිටියාය.හඬ ඇසෙන්නේ අගුලු දමා ඇති කාමරය තුලිනි.එකවරම වේදනාවෙන් කෑ ගහන ගැහැණු කටහඬක් හීන් ස්වරයෙන් ඇසිණ.සෙනුරි ඒ ශබ්දයෙන් තිගැස්සී පිටුපසට වනවාත් සමඟම ඒ අසල ටීපෝවක් මත තබා තිබුනු වීදුරු මල් බඳුන ඇගේ ගතේ වැදී බිම වැටී මහ හඩක් නඟමින් බිඳී ගියේය. ඒ සමඟම කාමරය තුලින් නික්මුනු හඬද අවසන් විය.ඇය කිසිවක් සිතා ගත නොහැකිව තුෂ්ණිභූතව බලා සිටින අතරේ විදුලි පහන් දැල්විණි.
“ බේබි මම සද්දේ ඇහිලා ආවේ මොකද උනේ ? “
“ න්නෑ කමලා මට සද්දයක් ආවා මම ඒක බලන්න ආවේ “
“ හත් දෙයියනේ බේබි කකුලෙන් ලේ එනවා නේද ? “
ලේබලය
කෙටි කතා
Saturday, August 25, 2012
බුදුන් වැඩිය පින් බිමක මෙහෙව් දනන් සිටී තව
ඉවර උනා අන්තිම ලෙක
එපා උනා ඒ පැය දෙක
දවසේ ඉතුරු ටික ඉන්නට
නැඟුවා පිය බෝඩිම වෙත
රෑට උයන්නට බඩු නෑ
තව සතියකටත් ඕනෑ
අවතාරයි අද ඉන්නේ
උයන එවුන් පවසන්නේ
ලේබලය
කවිද මන්දා,
මතක විත්ති
Wednesday, August 22, 2012
මරු විකල්ලෙන් නටන හුක්කඩි නැටිල්ල (ගමේ කතා )
ඉස්සර අවතාර්ලා සූටි කාලේ ගමේ හිටපු වැඩිහිටි අය ඉන්න තැන් වලට ඒ කියන්නේ අවතාර්ලගේ වෙලක වැඩකට ඒ අය ආපුහම ගමේ පොදු වැඩක් කරන්න කස්ටිය සෙට් උනහම උන්දලා කතා කරන මාතෘකා ටිකක් තිබුනා.අවතාර් මේවයෙන් වැඩියෙන්ම ආස කලේ ඒ කාලේ ගමේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ කරපු කුපාඩි වැඩ ගැන අහන්න.ඒ කාලේ ගමේ හිටපු නසනාරි දෙන්න අයිය මලෝ දෙන්නෙක්.මුන් දෙන්න එකට හිටියොත් හිරේ යනවා කියලා පස්සේ කාලෙක උන්ගේ අම්මා අයියව ඒ කියන්නේ අනුරව හමුදාවට යවලා.දැන් මිනිහා හමුදාවේ ඉහල නිලයක්.
ඒ කාලේ ගමේ නහර තියෙන කොල්ලෝ ඉඳලා තියෙන්නේ අනුරලගේ කාණ්ඩේ.ඒ කලේ ඉතින් බ්ලොග් ලියන්න කොම්පියුටර් ඇවිල්ලා තිබුනයැ.කොම්පියුටර් තියා ජංගම දුකෙක් වත් උන්ගේ කාලේ දැකලා තියෙන්න නැතුව ඇති.ඉතින් මුන්ගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකල් ගම වටේ ඇවිදින එකලු.
ඒ කාලේ ගමේ පන්සලේ තියෙන දේවාලේ අවුරුද්දකට සැරයක් මංගල්ලේ තිබිලා තියෙනවා.(තාම තියෙනවා)මෙතනට ගමේ ලොකු කුඩා මහත කෙට්ටු කලු සුදු සේරම එකතු වෙනවා.මේ කියන මංගල්ලේ දවසේ දේවාලේ ආවතේව වැඩ වලට පිට ගමකින් කපුවෝ දෙන්නෙක් ගේන්න තීරණය කලාලු දේවාල කමිටුවෙන් .ගමේ කොල්ලෝ ඒ කියන්නේ අනුරලා ඕකට කොච්චර විරුද්ධ උනත් වැඩිහිටි අය මුන්ගේ විරුද්ධතාවය තඹ සතේකට වත් මායිම් කලේ නැහැල්ලු.
ලේබලය
ගමේ කතා
Sunday, August 19, 2012
බ්ලොග් එකේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත්
සමා වෙලා පහල ලින්ක් එකෙන් යන්න.මගේ පබ්ලිෂින් වල මොකක් හරි අවුලක් වගේ.ඒ ගැන දන්න අය හේතුව මොකද්ද කියලා යනවනම් ලොකු දෙයක්.
http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html
http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html
බ්ලොගේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත්
අවතාර් අද ටිකක් වෙනස් දෙයක් ලියන්න කල්පනා කරා.බ්ලොග පටන් ගත්තට පස්සේ මුල් කාලේ මේ වගේ ලිපි කීපයක් ලිව්වා මතකයි .සෑහෙන කාලෙකට පස්සේ අද තමා මෙහෙම එකක් ලියන්නේ.මේ පෝස්ට් එකට හේතුව අවතාර්ට බ්ලොග් ලිවිල්ලෙදි ඇතිවුන ප්‍රස්න දෙකකට විසඳුම් අවතාර්ම හොයා ගැනීම
1. සමහරු බ්ලොගේ කමෙන්ට් වල පින්තූර දානවා ඇයි අපිට බැරිද?
2.තව අය කමෙන්ට් කරද්දි ඩිරෙක්ට් ලින්ක් කමෙන්ට් කරනවා ඇයි අපිට බැරිද?
ඔය පලවෙනි ගැටළුව ඇති උනේ අවතාර්ගේ කෝටි 20 ක තෑග්ග ගැන ලියපු එකේ araliya ට තෑග්ගක් දෙන්න යනකොට.පස්සේ විසඳුම හොයාගෙන හිත හැදෙන විදිහට තෑග්ගක් දුන්නා ඈ
1. සමහරු බ්ලොගේ කමෙන්ට් වල පින්තූර දානවා ඇයි අපිට බැරිද?
2.තව අය කමෙන්ට් කරද්දි ඩිරෙක්ට් ලින්ක් කමෙන්ට් කරනවා ඇයි අපිට බැරිද?
මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.
ලේබලය
ලේබල් නැති ඒවා
Friday, August 17, 2012
අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!!
අවතාර්ට දෙහි කපන්නේ නැතුව සමා වෙලා පහල ලින්කුවෙන් යන්න.මේ සුද්දගේ ගූගල් පිස්සු නටනවනේ.ඊයේ පෝස්ට් එක අප්ඩේට් නොවුන බව කියපු DDT ට තෑන්ක්ස්
මෙන්න ලින්ක් එක
http://nonimiahasa.blogspot.com/2012/08/20.html
මෙන්න ලින්ක් එක
http://nonimiahasa.blogspot.com/2012/08/20.html
ලේබලය
ලේබල් නැති ඒවා
Thursday, August 16, 2012
අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!!
උදේ කොමා ඉස්සරහ වාඩි උනේ ගෙදර ඉන්න දවසේ පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන්න හිතාගෙනය.අවතාර් ගූගල් මේල් පෙන්නන පොඩි ගැජට් එකක් නෙට් යන ක්‍රෝමේ දාගෙන ඇත්තේය .ක්‍රෝම් ඕපන් කරපු විගසින් නව ඊයක සළකුණු පෙනිණි.තර්ජනයක් ද මඩක්ද මලක්ද ගලක්දැයි බැලීමට මේල් වෙත ගියේය.
ලේබලය
ලේබල් නැති ඒවා
Monday, August 13, 2012
ඒ පාර ඒකත් බාලද ??? | කාටූන් ටොක්ක
ලේබලය
කාටුන් අදහස්,
සතියේ ටොක්ක
Subscribe to:
Posts (Atom)


