Sunday, October 28, 2012

බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල්



කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට
හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට
කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට
හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට

Thursday, October 25, 2012

අඩු ගානට එළිය දෙන බල්බ් මාරයා ( CFL දාන්න කලින් දෙපාරක් හිතමු)


                    කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම මේ අසරණයාගේ පාදාය් ඇතිවූ තිබූ තුවාලයෙන් මස් කුණු වී ,දියවී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තුරුම ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
                         බලශක්තිය සංරක්ෂණය කර ගැනිමේ ,විදුලි බලය ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර .ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතය තහනම් කරමින් , CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.

Tuesday, October 23, 2012

සූටි කාලේ කතරගම මතකය


                         කරන්න දෙයක් නැතුව මනෝ පාරක් දාගෙන ඉන්න වෙලාවක හිත ඉබේටම පොඩි කාලෙට ගියා.පෙර පිනකටද කොහෙද මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලමා කාලයක් අපිටත් තිබුනා.දැන් ඉන්න ළමයි වගේ කීබෝඩ් එක හපා ගෙන කම්පියුටර් ගේම් ගහන කාලයක් අපිට තිබුනේ නෑ.ඒ දවස් වල ඒවා හීන තමයි.දැන් ඉන්න පොඩි උන්ගෙයි අපේ පොඩි කාලේයි ගැන ලියන්න ගියොත් ඒකට පෝස්ට් එකකුත් මදි.ඒ හින්දා ඒක පැත්තකට දාලා අද ලියන්න ආපු දේට බහිමු.

Sunday, October 21, 2012

හීනෙන්වත් එන්න අම්මේ

උදේ හවා තනිව හඬන
                               පුංචි මල්ලි දුටුවම
හඬන ගමන්  අම්මේ කියා
                          කියන වදන් ඇහුනම

Sunday, October 14, 2012

අවතාර්ගේ කුජීත කාටූන් ඇහෙන් දකින මීළඟ බ්ලොග් හතර

                     තහනම් අඩවියේ රජා ඇතුලු පිරිස අමුතු සයිට් විසිට් එක ගිය වෙලේ අඩවි රජා රාජ තේජසින් කක්කා කරද්දී කොලොප්පම් කල එවුන්ට රාජකීය පොල්ල දිගු කිරීම.(රජාගේ සහජ ඉන්ජිනේරු මොලය පාවිච්චි කර හබරල කොලයකින් රාජකීය අහවල් තැන වසාගෙන සිටී)

Thursday, October 11, 2012

අධ්‍යාපනය,ක්‍රිකට් මැදි උන මගෝඩිස්තුමාගේ නාඩගම

                         වේදිකාවේ තිරය ඇරේ.සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගත් පුදගලයෙක් යමක් කල්පනා කරන අයුරින් වේදිකාව මත ඔබ මොබ ගමන් කරයි.ශරීර හැඩයෙන් ඔහු දේශපාලඥයෙකු බව අනුමාන කල හැකි ය.එනම් ඉදිරියට නෙරා ආ මහත් වූ උදරයෙනි.මද වෙලාවකින් පසුව එවැනිම ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙක් කලබලයෙන් වේදිකාවට පැමිණේ.එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ දෙබස් වලින් ඉදිරිපත් කිරීම මැනවි යයි සිතේ.
                 

Monday, October 8, 2012

අයියලා ඉන්න නංඟිලා ආදරේ කරනකොට පරිස්සමින්.....

නොදන්න number එකකින් ගෑණු ලමයෙක්ට call එකක් ආවා.කෙල්ල call එකට answer කළා.එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්.

 අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?

ගෑණු ළමයා (මදක් සැරෙන් )  :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද?

අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්..

          ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ආයෙත් අපැහැදිලි පිරිමි කටහඬක්.

Monday, October 1, 2012

මහපාරේ ඇඳුම් ගැලවුන හැටි

                       අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා අවදි උනේ පැය භාගයක් පමණ ප්‍රමාද වෙලාය.නිදි මරගාතේම යන්තම් දත කට මැද ගෙන ගෙට ගොඩවද්දීම ආයෙත් ජංගමයා කෑ ගැසීය.මෙදා පාරත් එලාම් වැරදි වෙලාවට වැදුනයි සිතා අතට ගත් විට ජ්‍යේෂඨයාගෙන් ඇමතුමකි.
 කොහෙද බන් ඉන්නේ .මම ඉන්නේ *******.තව විනාඩි විස්සෙන් මම ඔතන
            මේ වන විට වරක් වැසිකිලි ගොස් සිටියත් නැවතත්  යාමට අවශ්‍යතාවක් ඇතිවනවා සේ දැනිණි.අදාල ටවුමට යාමට බස් එකට නැඟීමට පාරට යාමටම අවතාර්ට විනාඩි 15ක් ගතවේ.පාසලේ ගණන් ඉගැන්වූ ගුරුතුමාට පින්දෙමින් වෙලාව අනුව තැන ගලපා තඩි පචයක් ඇද බෑවේය.
හරි මම බස් එකේ ඉන්නේ **** අයියේ මම තව විනාඩි 15කින් විතර බහිනවා

Friday, September 28, 2012

අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා )

                                    අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැල්ලු.
               මිනිහා දවසක් ගිහිල්ලා බණ ගෙදරක.ඒ කාලේ දැන් වගේ විදුලි බලය එහෙම නැහැල්ලු.පෙට්‍රල් මැක්ස් වලින් එලිය අරන් තියෙන්නේ .ඕකට සැරින් සැරේ හුළං ගහන්න ඕනේ කියලා දන්නවනේ.ඉතින් අපේ සිරිපාල ගියපු ගමන් පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහන වැඩේ බාරගත්තලු.මිනිහා දෙතුන් පාරක්ම මේසේ උඩට නැඟලා උජාරුවෙන් හුලං ගැහුවලු පෙට්‍රල් මැක්ස් එකට.ඔහොම ටික වෙලාවක් යද්දි එකපාරටම මැක්ස් එකේ එලිය අඩු උනාලු.එතන හිටපු කොල්ලෙක් සිරිපාල මාමාට දැන් අමාරුත් ඇතිනේ හුලං ගහලම කියලා හුලං ටිකක් ගහන්න නැගිට්ටලු.ඒ එක්කම හිටපං හිටපං මම ගහන්නං කියලා දඩි බිඩි ගාලා මේසෙට ගොඩ උන සිරිපාල හුලං ගහන්න ගත්තලු.මේසෙට නඟිද්දි මිනිහගේ සරම බුරුල් වෙලා තිබිලා තියෙන්නේ.පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහද්දි සිරිපාල දන්නෙම නැතුව සරම බිමලු.හුලං ගහන එකට තිබ්බ ආසාවට මිනිහට සරම අල්ලගන්නවත් මතකයක් නෑලු එවෙලේ.

Wednesday, September 26, 2012

සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන්

                                     එක එක විදිහේ පිස්සු කෙලින අතරේ අවතාර්ට හිතුනා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න.ඇඳීමේ හැකියාව වැඩ දියුණු කරගන්න කාටූන් අඳින අතරේ සිංහල බ්ලොග් ලෝකේ අයටත් කාටුන් අඳින්ඩ හිතුනා.අඳිනව කියලත් මේ වෙන කොට දැන ඇඳින ගෙන ඉන්න පිරිස පොඩි ප්‍රමාණයක් යැ බ්ලොග් ලෝකේ.ඒකට විසඳුම විදිහට නොනිමි අහසේ නිතර ගැවසෙන චරිත හයකින් වැඩේ පටන් ගත්තා.

Sunday, September 23, 2012

කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                         
   පස්වනකොටස          හයවන කොටස               හත්වන කොටස               හත්වන කොටස      

     කාරය මිදුලේ නතර කරද්දීම නෙත්මි මුව පුරා සිනා සීගෙන මිදුලට පිවිසියාය.
“ නෙත්මි පහු ගිය ටිකේ අවේ නැත්තේ මොකද කියලා බලන්නයි අපි ආවේ “ සෙනුරි නෙත්මි හා අත් පටලාගෙන ගෙගුලට පියමනිමින් කීය.
“ කිව්වට වැඩක් නෑ නෝනා එපා කියද්දිත් ගොම්මන් වෙලාවේ නාලා උණ හදා ගත්තා.මම මහත්තයලට බොන්න මොනව හරි අරගෙන එන්නම්  “
“ නෙත්මි ලගේ සීයා ඉන්නේ ගොඩක් දුරින්ද නෙත්මි ? “
“ එච්චර දුර නෑ මහත්තයා .කාර් එකේ යනවනම් පැය බාගෙක විතර දුරක් “

Tuesday, September 18, 2012

මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය)


මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම
මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද
අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ
මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ

Sunday, September 16, 2012

පුතු මා වගේ | කාටූන් ටොක්ක



පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට

Friday, September 14, 2012

සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස

                             
 තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                          
                      
                                      සෙනුරි බැල්කනියට වී ඈතින් පෙනෙන ඉමක් කොනක් නැති කඳු පන්ති දෙස බලා සිටියාය.නිල්වන් කඳු මුදුන් වල සීමාවන් සෙවූ ඇගේ මනස කල්පනා ලොවින් මිදුනේ වාහනයක හඬ ඇසීමෙනි.
“ සම්පත්ගේ කාර් එක“ යයි තමන්ට මුමුණා ගනිමින් ඇය කකුලේ වේදනාව දරා ගෙන වේගයෙන් තරප්පු පෙල දිගේ පහලට බසින්නට විය.
ඇය සාලයට පිවිසෙන විට සම්පත්ගේ රථය පෝටිකෝව යට නතර කෙරිණි.
“ ඔයා එන්න තව කල් යනවා කිව්වනේ “ ඇය පාදයෙන් නැඟුනු වේදනාව මැඩගෙන ඇසීය.
“ ඊට කලින් කියන්න සෙනූ දැන් ඔයාගේ කකුල හොඳද කියලා “
     සියල්ල කමලා විසින් සම්පත්ට කියා ඇතැයි සෙනුරිට සිතිණි.සම්පත්ව අනවශ්‍ය ලෙස කලබල කර ඇතැයි සිතෙන විට ඇගේ සිතේ කමලා කෙරෙහි කෝපයක් ඇති විය.

Tuesday, September 11, 2012

මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා )


                                අවතාර්  ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත්     කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ දවස් වල මුන් දෙන්නගේ දින චරියාව.කොහොමහරි ඔය එළුවෝ දාලා එන හරියට වෙන්න පීතර කියලා වයසක මනුස්සයෙක් එළවළු වගා කරලා තියෙනවා.දවසක් අනුරලගේ එළුවෝ පීතර උන්දගේ කොටුවට පැනලා මිරිස් පැල වගයක් කාලා.පස්සේ පීතර උන්දා කොටුවට පැනපු එළුවෝ ටික එළවළු කොටුවෙම ගැට ගහලා තියාගෙන අයිතිකාරයා එන්නැතැයි කියලා.

                 හැන්දෑවේ එළුවෝ ගෙනියන්න ආපු අයියා මලෝ දෙන්නට තරු පෙනිලා .පට්ටියෙන් එළුවෝ තුන් හතර දෙනෙක් අඩුයිලු.කළුවර වැටෙනකන් හැමතැනම එළුවෝ හොයලා අහම්බෙන් පීතර උන්දගේ එළවළු කොටුව පැත්තේ යද්දි නැතිවෙච්ච එළුවෝ ටික ඉන්නවලු බැඳලා දාලා .මුන් දෙන්නට මල පැනලා සද්දයක් දාද්දි පීතර උන්දත් නිකන් ඉඳලා නෑ .අයියා මලෝටයි එළුවන්ටයි හොඳට දෙසලා ඊළඟ පාර එහෙම එළවළු කාලා තිබුනොත් එළුවෝ පනපිටින් ඉතුරු කරන්නේ නෑ කියලා තර්ජනයකුත් කරලා.ගමේ අය කියන විදිහට නම් පීතර උන්දා හෙන අහින්සකයිලු අරහෙම කියලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච ආවේගෙට ලු.

Saturday, September 8, 2012

නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක

                        මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක.

කලින් ඇඳපු කාටූන්