Tuesday, September 11, 2012

මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා )


                                අවතාර්  ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත්     කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ දවස් වල මුන් දෙන්නගේ දින චරියාව.කොහොමහරි ඔය එළුවෝ දාලා එන හරියට වෙන්න පීතර කියලා වයසක මනුස්සයෙක් එළවළු වගා කරලා තියෙනවා.දවසක් අනුරලගේ එළුවෝ පීතර උන්දගේ කොටුවට පැනලා මිරිස් පැල වගයක් කාලා.පස්සේ පීතර උන්දා කොටුවට පැනපු එළුවෝ ටික එළවළු කොටුවෙම ගැට ගහලා තියාගෙන අයිතිකාරයා එන්නැතැයි කියලා.

                 හැන්දෑවේ එළුවෝ ගෙනියන්න ආපු අයියා මලෝ දෙන්නට තරු පෙනිලා .පට්ටියෙන් එළුවෝ තුන් හතර දෙනෙක් අඩුයිලු.කළුවර වැටෙනකන් හැමතැනම එළුවෝ හොයලා අහම්බෙන් පීතර උන්දගේ එළවළු කොටුව පැත්තේ යද්දි නැතිවෙච්ච එළුවෝ ටික ඉන්නවලු බැඳලා දාලා .මුන් දෙන්නට මල පැනලා සද්දයක් දාද්දි පීතර උන්දත් නිකන් ඉඳලා නෑ .අයියා මලෝටයි එළුවන්ටයි හොඳට දෙසලා ඊළඟ පාර එහෙම එළවළු කාලා තිබුනොත් එළුවෝ පනපිටින් ඉතුරු කරන්නේ නෑ කියලා තර්ජනයකුත් කරලා.ගමේ අය කියන විදිහට නම් පීතර උන්දා හෙන අහින්සකයිලු අරහෙම කියලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච ආවේගෙට ලු.

              ඊට පස්සේ අනුරයයි විජෙයි කරබාගෙන එළුවෝ ටිකත් අරන් ගියාලු ගෙදර.පීතර උන්දාත් එවෙලේ හිතන්න ඇති කාටවත් මට්ටු නොවුන මුන් දෙන්නා මෙදා පාර මට්ටු උනේ මේ පීතරයට කියලා නෙහ්.පහුවදා එලියවැටුන ගමන් පීතර උන්දා එනවලු අනුරයලගේ තාත්තව හම්බ වෙන්න.ඒ වෙද්දි ඩබල ඉඳලා නෑ ඉස්කෝලේ ගිහින්.ඉස්කෝලේ කිව්වට ඒ කාලේ උගන්වලා තියෙන්නේ පන්සලේ .පස්සේ කාලෙක ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ මුල් වෙලා තමා ගමටම කියලා ඉස්කෝලයක් හදා ගත්තේ.ඉතින් අර පීතර උන්දා අනුරලගේ තාත්තට දුක දුක කිය කිය පොලවේ පස් කනවාලු.අනුරයාගේ තාත්තටත් වෙලා තියෙන දේ මොකද්ද කියලා හිතාගන්න බැරිව ඒ ගැන අහද්දි “උඹම වරෙන්කෝ ඇවිල්ලා බලපන් මගේ වගාවට කරල තියෙන අපරාදේ“ කියලා තාත්තවත් එක්කගෙන එළවළු කොටුවට ගියාලු.
               අනුරගේ තාත්තා පීතර උන්දත් එක්ක එලවළු කොටුවට ගිහින් බැලින්නම් මිරිස් පැල සීයකට වඩා තිබුන මිරිස් පාත්තියේ මිරිස් පැල එකක් නෑර උඩු යටිකුරු වෙලාලු.මුල් උඩ කොල පස්වලට යටකරලා.ඒ කියන්නේ මුල් උඩට හිටින්න මිරිස් පැල ගලවලා ආපහු හිටවලලු.
“ කවුද බං මේ කඩප්පුලි වැඩේ කරලා තියෙන්නේ “ කියලා අහන්නත්
“ වෙන කවුද උඹේ පුතන්ඩියලා “ කියලා පීතර උන්දා අඬ අඬ විස්තරේ කිව්වලු.තාත්තටත් දුකේ බැයිලු සරුවට හැදිලා තිබුන මිරිස් පැල ටිකට කරලා තියෙන අපරාදේ දැක්කහම.හවස පන්සලේ ඉඳලා ගෙදර ආවාට පස්සේ අයිය මලෝට හම්බ වෙලා වේවැල් සංග්‍රහය.ලැබුන පාරවල් වල බරපතල කම හමුවේ උන් දෙන්න වැරැද්ද බාර අරන්.කොහොමහරි පීතර උන්දගේ ගලවපු මිරිස් පාත්ති සේරගෙම ආපහු මිරිස් පැල හිටවලා ඒව බලාගන්න උනාලු අර සයිස් එකට ලොකු වෙනකන් ඩබලට.

                  මේ කතාව කිව්වේ අනුරයගේ නඩේ හිටපු පොරක්.දවසක් අනුරයා ගියාලු සෙට් එකක් එක්ක ඔයට මාලු අල්ලන්න.ඒ දවස්වල ඔයේ වතුර එච්චර නැති හින්දා ඔයෙන් එගොඩ වෙලාලු එහාපැත්තට යන්නේ .සෙට් එක ගිහිල්ලා මාලු අල්ල අල්ල ඉද්දි හැන්දෑ වෙලා.දැන් කාලේ සෙට් එකක් එහෙම ගියොත් ගල් ඇපල් අඹ තනියට යනවා  වගේ එදත් රා බෝතලයක් මුන්ගේ තනියට අරන් ගිහිල්ලා.කොහොමින් කොහොමහරි හැන්දෑ වෙන්න ඔන්න මෙන්න රා බෝතලේ කට ළඟට අරගෙන මොකද්ද පරණ සීන් එකක් එලියට ඇදිලා ඇවිත් අනුර ගිය කට්ටියම එක්ක කොක්ක දා ගත්තලු.ඊට පස්සේ සේරගෙන්ම විරෝධය නැඟුනුට පස්සේ මිනිහා ගෙදර එන්න ආවාලු.දැන් අනිත් උනුත් ටිකක් කලුවර වැටුනට  පස්සේ ගෙවල් වලට යන්න ඔය එගොඩ වෙන්න ආවලු.ඔය එගොඩ වෙන්න තියෙන තැන තිබිලා තියෙනවා කැඩුන පරන පාලමක් ඔය එගොඩ වෙනවනන් වතුරේ බැහැගෙන ඇවිල්ලා පාලමේ බැම්මට අත තියලා එතනින් තමයි ගොඩ වෙන්න ඕනේ.පළවෙනි එකා බැම්මට අත තියද්දිම “ චිරිස් “ ගාලා මොනවද අතේ ගෑවුනාලු .ඌ ගොඩට ඇවිල්ලා සද්ද නැතුව හිටියලු .ඔහොම හැම එකාම ගොඩට ඇවිල්ලා බැලින්නම් අත්වල බොගලු.පස්සේ බැලින්නම් අනුරයා අරුන් එක්ක ඇතිවෙච්ච තරහට පාලමේ බැම්ම උඩ බොග දාලලු හැම එකාගෙම ගෑවෙන්න.

ලි :ඈක්කා හිතෙන්නැතිවෙන්න  බොහොම අමාරුවෙන් ගලපලා ලිව්වේ ඈ.එහෙම කට්ටිය                                            මේක ගැන කල්පනා කරන්න එපා.පළවෙනි එක ගැන විතරක් හිතුවට කමන් නෑඔය උඩින් තියෙන්නේ අවතාර්ගේ සිත්තරයක් අවතාර්ගේ අවතාර දැකලා රෑට හීනෙන් බය වෙනවා එහෙම නෙවෙයි.

35 comments:

  1. මිරිස් චිරිස් ඊයා

    ReplyDelete
  2. හැපූයි බත් කකා බං බැලුවෙ මේක....

    ReplyDelete
  3. මෙන්න මෙයත් කක්කි කතාවක් ලියලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. අවුලක් නෑ පිකාසොගේ ච්ත්‍රත් ඉතින් ඔය වගේනේ. බොග ඇතුලෙ බොගක් දාලා.. ගාලක් ලෑ...

    ReplyDelete
    Replies
    1. avatharaya andapu palaweni siththare draft karala tibune

      Delete
  5. අනුරයා තමයි අනුරයා...ඌත් දෙන්නේ මාර රිටන් තමයි.

    ReplyDelete
  6. ඔය ඇදලා තියෙන්නේ හොදට... හි හි....

    ReplyDelete
    Replies
    1. andapu palaweni eka draft karala thibbe modify karanna welawak nathi hinda ehemma damma.lassanai neh?

      Delete
  7. අපරාදෙ මිරිස්. අයියෝ ෂල්ලි.

    ReplyDelete
  8. ඔහොමනං පළි අරං මදි මම කියන්නේ.

    ReplyDelete
  9. පමා වුනා. කක්කි කතාවක් නිසා පමා වුනත් අවුලක් නැහැ :)

    ජය !

    ReplyDelete
  10. Anonymous9/12/2012

    හී හී...:) :)

    ReplyDelete
  11. අන්තිම කතාව නම් පට්ට...

    ReplyDelete
  12. අනාගතේ හොඳ සිත්තරෙකුත් බිහිවේවා

    ReplyDelete
  13. ඈක්කා............ හිනහ යන කතාව

    ReplyDelete
  14. ඊයා මෙයා කියන කථා.... ඔය අනුර කියලා නම තියෙන ඔක්කොම උන් එක වගේද මන්දා... මම දන්න එකෙකුත් ඉන්නවා... ඌත් හෙන ගල් ආදා

    ළගකදි අපේ පැත්තෙ ආවෙත් නෑ නේද බන්....

    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
    Replies
    1. me dawas wala tikak wada bn me awilla rply karanneth singilish walin

      Delete
  15. හැක හැක හැක අයියා මලෝ ඩබල නම් සිරා
    :)

    ReplyDelete
  16. අන්තිම ටිකේ තේරුම දන්නේ නැති උනත් පනුච්චිට තෙරුනාලු ඉතින් ;) හී හී

    ReplyDelete
    Replies
    1. ehenam wadiya anthima tika gane hithanna epa :)

      Delete
  17. Anonymous9/13/2012

    anurayath niyama buwekne yako.oya wage un thamath innawa ban

    ReplyDelete
  18. අයියෝ..................................!
    පට්ට ඩයල් දෙකක් නේ උන්.තාත්ත උන්ට දුන්න දඩුවම නම් හොදයි
    යාළුවොන්ටත් හොද පෝරියල් එකක් සෙට් කරලා තියෙන්නේ :)

    ReplyDelete
  19. චිත්‍ර වැඩේ නැගල යනවා නේද?? එල එල.. ඔය තියෙන්නේ දැන් අවතාර්ගේ සිග්නේචර් ලයින් එක..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න