Monday, July 2, 2012

කෙමිස්ට්‍රි සර්ගේ ඇඩ් පාඩම ( A/L රස කතා 1 )

                                                  ඔලුවේ තිබ්බ ලොකු බරකුත් එක්ක විභාගයකුත් ඉවර උනා.සෑහෙන දවසකින් බ්ලොගි පැත්තේ එන්න බැරි උනා.බ්ලොග් රෝලේ බ්ලොග් වලටවත් ගොඩ වෙන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒ ගැන සියල්ලන්ගෙන්ම අවතාර් සමාව භජනය කරනවා කොමෙන්ට් එකක්වත් දාන්න එන්න බැරි වීම ගැන.
                                පහු ගිය කාලෙට ඇගට දැනෙන විභාගයක් විදිහට ලිව්වේ  ඒලෙවල් විභාගෙනේ.කෙනෙක්ගේ අධ්‍යාපනය ලබන කාලෙදි හොඳම කාලේ උසස් පෙළ කියලා කතාවක් තියෙනවා.තමන්ගේ ළඟින්ම ඉන්න හොඳම යාලුවෝ ටික මුණගැහෙන්නේ ඒ කාලෙදි ලු.හැබැයි මට හිතෙන විදිහට නම් එහෙම පිරිසක් ඒ කියන්නේ තමන් වෙනුවෙන් ඉන්න සීමිත පිරිසක් හැදෙන්නේ කැම්පස් කාලෙදි කියලයි.එකට රැග් කාලා දවස පුරා එකට ජීවත් වෙලා ඊට පස්සේ බෝඩිමේ දී උන් එක්ක එකට ඉඳලා හැදෙන ෆිට් එක විභාගයක් ගොඩදාගන්න අවුරුදු දෙකක් ඔට්ටු වෙන සෙට් එකක් එක්ක ඇති වෙන ෆිට් එකට වඩා හයියයි කියලයි මගේ අදහස.

                                                  මගේ A/L ජීවිතේ මැදින් තියෙන  ඒ කියන්නේ ඉතා සුන්දරත් නැති එහෙම වරදකුත් නැති කාලයක්.මංතුමා A/L කරන්න තෝරගත්තේ විද්‍යා විෂය ධාරාව.(මැත්ස් කොලේ කියලා කියමුකෝ) ඉංජෙක් වෙන්න හිතේ තිබුන් ආසාවෙන් තමා ඔය පැත්ත තොරගත්තේ.ඔය ධාරාවට කෙමිස්ට්‍රි කියලා විෂයක් තියෙන වග ඉස්කෝලේ ගියපු අය දන්නවනේ.ඒ විෂය උගන්වන සර් ඒ කියන්නේ කෙමිස්ට්‍රි සර් තමා අද කතාවේ ප්‍රධාන චරිතය. මේ සර් ගැන කියනවනම් සර්ගේ ප්‍රධාන විනෝදාංශය තමා අපිව අමාරුවේ දාන එක.මොනා හරි ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දීගන්න බැරි උනහම ළමයින්ව නෝන්ඩි කරන්න තමා ට්‍රයි කරන්නේ.ඒ වෙලාවට
 “කැම්පස් යන්න හිතන් ඉන්න.ඔය දන්න ටික තමා දැම්මම මැත්ස් අතෑරලා දාලා ආර්ට් කරන්න ගන්නවලා නිකන් ෆේල් වෙන්නේ නැතුව“අනිවාර්යෙන්ම කියන වචන සෙට් එක.ඔය ටික පන්තියේ හැම එකාම අහලා ඇති එක පාරකට වැඩිය.කොහොමද කොහොම හරි පාස් වෙනවා කියලා ඉන්න අපේ මොරාල් අප් වෙනවා නේද සර්ගේ අනාගත වාක්‍යෙයන්.මේ හින්දාම පන්තියේ කොයි කාගෙත් මූණූ ඇඹුල් වෙනවා කෙමිස්ට්‍රි පීරඩ් එක ආපු ගමන්.මට මතක විදිහට ඒ වගේ වෙන එක ගුරුවරයෙක් වත් හිටියේ නෑ අපිට A/L උගන්වන්න.
                                    මේ සරුත් ඉස්කෝලේ උගන්වනවට අමතරව ටියුෂන් පන්තිත් කරා.හැබැයි අපේ ඉස්කෝලේ උන් ටික රොත්ත පිටින්ම ටියුෂන් ගියේ කුරුණෑගල.මේකට සර්ට ටිකක් මල පැනලා හිටියේ.ඒත් ඉතින් මොනව කරන්න ද කටින් කියන්න ද එන්න කියලා.ඕකට නියම  ක්‍රමයක් සර් ක්‍රියාත්මක කෙරුවා.ඒ කාලේ දි ඉස්කොලේ උගන්වන තරම් ස්පීඩ් එකට ටියුෂන් රන් වෙන්නේ නෑ.ඒ හින්දා ඉස්කෝලේ උගන්වද්දි උඩ බලාගෙන තමා ඉන්නේ.ඇයි ඉතින් තේරෙනව කියලද?බෝඩ් එකේ ලියපු සමීකරණේ පොතේ ලියාගෙන ඉතුරු කෑල්ල ඒ කියන්නේ ප්‍රතිපල පැත්ත ලියාගන්න බෝඩ් එක දිහා බලද්දි ඒ ටික නෑ.සර් ඉන්නවා පුටුවේ වාඩි වෙලා ඇස් දෙකත් ලොකු කරගෙන.ටිකක් පරික්ෂාකාරීව බෝඩ් එක දිහා බලපුහාම යටම කෙලවරේ ඉඩ තියෙන තැනක ඒ ටික තියෙනවා.
        සර් හැමදාම පන්තියට ඇවිල්ලා පාඩම උගන්වන්න කලින් ඇඩ් එකක් දානවා.කිසිම වියදමක් නැති free ad එකක්.පන්තියට ආපු ගමන් අහනවා ඉගෙන ගෙන තියා අහලවත් නැති තැනකින් ප්‍රශ්නයක්.පන්තියේ ඉස්සරහ කෙලවරක ඉඳන් පටන් ගන්නවා නැගිටින්න.ඒ පටන් ගන්න පාර එකා බැගින් පිළිවෙලට මුලු පන්තියම හිටගන්නවා.
“මොනවද ළමයි තමුසෙල දන්නේ ?මේවගේ එකකට වත් උත්තර දීගන්න බෑ.ඒ උනාට ටියුෂනුත් යනවා “
                                පස්සේ බැරිම තැන පන්තියේ පස් හය දෙනෙක් සර්ගේ පන්තියට ගියා කුරුණෑගලත් යන ගමන්.ඊට පස්සේ ඇඩ් එකේ ප්‍රතිඵලෙන් සංතෘප්ත වෙලාද කොහෙද සර් වැඩේ අතෑරලා දැම්මා.
                     අවතාර් ට දවසක් ඔය ඇඩ් එක අතරතුර නියම වැඩක් සෙට් උනා.දැන් ටිකක් සද්දේ දාගෙන හිටියට මංතුමා ඒ දවස් වල සයිලන්ට් මොඩ්.පමනට කතාව කතාවට ක්‍රියාව.දවසක් ඇඩ් එක යද්දි පිළිවෙලට නැඟිටලා මට එහා පැත්තේ හිටපු  චමා කිසිම කතාබහකින් තොරව හිටගත්තා.කොටින්ම කිව්වොත් කතා කරන්න දෙයක් නෑ.සර් කියන එක ඇහුවෙත් එදාමයි.ඊළඟට මංතුමා ගේ වාරය.සර් පන්තියට ආපු ගමන්ම කමිසේ  හරියට යටකරගෙන පුටුව හදාගෙන නැඟිටින්න ලෑස්ති වෙලා හිටපු හින්දා  ක්ෂණිකව නැඟිට්ටා.
 සර් : “හ්ම් කියමු බලන්ඩ උත්තරේ “
අවතාර් : ...................................
සර්  : “කෝ කට නැද්ද කතා කරන්න “
                      මඟුලක් කතා කරනවා දැන් කටට එන ඒවා සර්ගේ මූණ බලාගෙන කියන්න පුළුවන් ද
සර් : “හ්ම් නම මොකද්ද තමුසෙගේ ?“
අවතාර් : “@$#%%##   සර් “
සර් : “තාත්තගේ නම මොකද්ද ?“
                     සර් තුමාටත් ඔන්නැති දෙයක් නෑ
අවතාර් : “$%#$#$%   සර් “
සර් : “තාත්තා ප්‍රාදේශිය සභාවේ සභාපති නේද?“
අවතාර් : ?????????????????????????????????????????
                    හුටා තාත්තා මට හොරෙන් චන්දෙ ඉල්ලලා වත්ද?
අවතාර් ට දකුණු පසින් හිටගෙන ඉන්න චමා හීන් හඬින්
          “ඔව් කියපන් අනිවා ඉඳගන්න කියනවා“
මොනව කියන්නද කියලා හිතාගන්න බැරුව අවසානෙදි
අවතාර් : “න්නෑ  සර්ර්ර්“
සර් : “හා එහෙනම් කියනවා උත්තරේ “
                 පලවෙනි සයි එකෙන්ම මොරටු ගියපු වෙන්ඩ හිටපු ඉංජා ,පන්තියේ ඉන්න බ්‍රයිටත් හිටගෙන ඉද්දි අපි ගැන කවර කතාද
අවතාර් : “ද්දන්නෑ සර් “
සර් : “ඊළඟ “
                          කොහොමහරි එදත් මුලු පන්තියම හිටගත්තා.
                                                පස්සේ දැන ගත්ත විදිහට ප්‍රාදේශීය සභාවේ සභාපතිට අවතාර්ගේ සයිස් පුතෙක් ඉන්නවලු.ඉස්කෝලෙදි අවතාර්ට කතා කරන්නේ වාසගමින් හින්දා සර්ට නම කියපු වෙලා වේ හිතලා තියෙන්නේ මමයි සභාපති පුතා කියලා.
        මේ සර්ම ඉස්කෝලේ අවසාන දවසේ A/L විභාගෙට නිවාඩු දෙන දවසේ පන්තියේ සේරම වඳින්න ගියපු වෙලාවේ “ඔය කට්ටිය සෙකන්ඩ් ෂයි නේද?“ කියලා ඇහුවා. කලින් දවසෙත් පන්තියට ඇවිල්ලා උගන්නලා ගියපු සර්ගේ මතකය.අහෝ දුකකි ඉරකි තිතකි කියලා හිත හදා ගෙන අපි වැඳලා ආවා.

32 comments:

  1. මාර වැඩේ තමා...අප්පා....කොහොමහරි දැන් නම් ඉන්ජෙක් වෙයි නේ??

    ReplyDelete
    Replies
    1. අනිවා...... ඔය ෙද්වල් වලින් පුළුවන්ද අපිව වට්ටන්න

      Delete
  2. පිස්සු පීකුදු ගුරාලා බං

    ReplyDelete
  3. හාපෝ,,,
    හැබැයි මලය ගොඩක් කොළඹ ඉස්කෝල(පිළිගත්) වල ගුරුවරු ඔහොම නෑ. එව්වල රිසාල්ට් වැඩි වෙන්න ඒකත් බලපානවා ඇති. අපේ මිසුත් තමන්ගේ ඉස්කෝලේ පන්තියෙ ළමයින්ගෙන් සල්ලි ගත්තෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟයි .A/L වල ඉස්කෝලෙන් අධ්‍යාපනය ලැබෙන්නේ නෑ කිව්වට ටියුෂන් වලට වඩා හොඳට උගන්වන පාසල් ගුරුවරු ඕන තරම් ඉන්නවා.අපේ ඇප්ලයිඩ් සර් උනත් එහෙම කෙනෙක්

      Delete
  4. මරු ඈ.... කට්ටිය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා ෂෝට් ඇන්ඩ් ස්වීට්

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  5. ඔහොම ගුරුවරුත් ඉන්නව තමා. අපේ කෙමිස්ට්‍රි මිස් නම් ඒ අතින් හරි හොඳයි. ඒකටත් එක්ක අපි ටියුෂන් ක්ලාස් ගිය සර්. එයා ඒ දවස්වල රූපවාහිනියෙ ගියපු කෙමිස්ට්‍රි පාඩම් මාලාවටත් ආව, දැකලත් ඇති. අපි මිනිහගෙ පන්තියට යන්නෙ බිත්තර තම්බ තම්බ. අද මොන හෙනපතයක් පාත් වෙයිද දන්නෙ නෑ කියල හිත හිත. එයා නම් උගන්වපු ඒවයින් තමා ප්‍රශ්න ඇහුවෙ, බැරි වුනොත් ඉතිං මුළු පන්තිය ඉස්සරහම හොඳට අහගන්න වෙනව. ඒ මදිවට පොඩි සද්දයක් දැම්මත් ඇති ළඟට ඇවිත් නෙලල යන්නෙ. ඒ වුනාට සර්ගෙ ඉගැන්වීම නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. අවතාර් කෙමිස්ට්‍රි ටියුෂන් ගිෙයත් DDT වගේ තමා කුරුණෑගල RS

      Delete
  6. ගණන් ගන්න එපා බං!උඹ ඉන්ජෙක් වෙලා දවසක ගිහිං Mr. ගුරාට පොඩ්ඩක් අතීතේ මතක කරලා වරෙන්..මමත් එහෙම දෙන්නෙක් තුන් දෙනෙක්ම note කරන් ඉන්නේ..අතීතේ විතරක් නෙවෙයි..අනිත් ඒවත් මතක කරන්න..

    ReplyDelete
    Replies
    1. ගුරුවරයා තමන්ට ගැලපෙන දේ විතරක් කරානම් මේ කිසිම දෙයක් නෑනේ

      Delete
  7. හරිම කණගා‍ටුදායකයි අවතාර්! මට නම් ඇතිවුනේ කේන්තියක්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සර්ගෙන් ඉගෙන ගත්ත ගොඩක් අය සර්ට වැඩි කැමැත්තක් තිබ්බේ නෑ

      Delete
  8. පව් බන් අසරණ සර්.. නැති බැරි කමටනෙ ටියුශන් පාරක් දාලා කීයක් හරි හම්බු කරගන්න හදන්නේ.. උබලට කියන්න තිබ්බෙ සර් පන්ති එන්න වෙලාවක් නෑ.. ඒ උනාට අපි හැම මාසෙම කාඩ් එක ගන්නම් කියලා

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා කියන විදිහට කරන්න තිබ්බා ඒ කාලේ ජොබක් වත් සෙට් වෙලා තිබ්බා නම්.

      Delete
  9. මාර ගුරෙක් තමා.....!
    //නිවාඩු දෙන දවසේ පන්තියේ සේරම වඳින්න ගියපු වෙලාවේ “ඔය කට්ටිය සෙකන්ඩ් ෂයි නේද?“ කියලා ඇහුවා// හෆොයි, දෙයියනේ...

    ReplyDelete
    Replies
    1. නිකන් නෙවෙයි නෝන්ඩි හිනාවකුත් දාලා.මට නම් ආපහු හැරිලා එන්නත් හිතුනා ඒ උනාට ඉතින් අකුරක් හරි උගන්නපු ගුරානේ

      Delete
  10. දූපත් වැසියාගේ කතාවට මාත් එකඟයි. අපිට ඉස්කෝලේ පිසික්ස් උගන්නපු සර් එහෙම හොඳ කෙනෙක්. අපේ රිසල්ට් ඇවිත් මම ඒ සර්ට රිසල්ට් කියන්න ගියපු වෙලාවේ සර් කිව්වා "ආ..ඔය ළමයා කොහොමත් මොරටු යන බව මම දැනගෙන හිටියේ කියලා". ගණන් ගත්තේවත් නෑ රිසල්ට් එක :( :) ඒත් කෙමෙස්ට්‍රි සර් ගේ නම් ඇස් දෙක උඩ ගියා මගේ රිසල්ට් එක ඇහුවම. සර් හිතුවෙත් මම සෙකන්ඩ් ෂයි කරන්න හදනවා, ඒක කියන්න ඇවිත් කියලා.

    එකම ළමයා ගැන ගුරුවරු දෙන්නෙක් තේරුම් ගත්ත විදිහේ වෙනස....

    ReplyDelete
    Replies
    1. ආ කියන්න අමතක උනා...වෙන්ඩ ඉංජිනේරුවාට සුබ පැතුම්....

      Delete
    2. තැන්කූ තැන්කූ මම පොරට චැටකින් වත් කියන්නම් අක්කා සුභ පැතුවය කියලා

      Delete
    3. අහ්හ් මම වෙන්ඩ ඉංජිනේරුවා කිව්වේ ඔයාට :පී

      Delete
    4. ආනේ තෑන්ක්ස් අලොට් ඈ

      Delete
    5. මේක ඇහුවම මටත් මතක් වුනා අපට O/L ගණන් උගන්නපු සර්ට ප්‍රථිපල කියන්න ගිය දවස. ඔන්න සර් පන්තියක උගන්නමින් හිටියේ. අපි ටිකක් වෙලා හිටියා දොර ගාව.
      "ඕගොල්ලො මොකද මෙහේ? කීවැනි පීරියඩ් එකද මට තියෙන්නෙ"
      "ප්‍රථිපල කියන්න ආවෙ සර්"
      "ඉතින් කියන්න" සර් කිව්වා.
      "දෙන්නටම D10"
      "හ්ම්ම්. එහෙනම් ගිහිල්ල එන්න"
      අපි දෙන්නා එන ගමන් කතා වුනේ මොන එහෙකට අපි ප්‍රථිපලේ කියන්න ගියාද කියලා

      Delete
    6. අයියෝ ප්‍රතිඵල කිව්වලු. ඇඩෙනවනේ

      Delete
  11. Anonymous7/03/2012

    අපරාදේ අප්පා එක්කො සභාපතිගේ පුතා තමා කියන්න තිබ්බා ...:)

    ReplyDelete
    Replies
    1. ඕක එදා පන්තියේ අයත් කිව්වා .මම එහෙම කිව්වනං මගෙන් පස්සේ හිටපු උන්ට හිටගන්න වෙන්නේ නෑලු

      Delete
  12. araliya7/04/2012

    ohoma tamai ayya hari amutu teachesla tamai dan kale inne.

    ReplyDelete
    Replies
    1. eka thama kiyanne araliya .habei oya athara honda ayath nathuwama newei.

      Delete
  13. අයියෝ ඔව් කියන්න එපයි ;)

    ReplyDelete
  14. ඔව්ව මොනවද? අපේ පන්තිභාර මිස්වත් දන්නෙ නෑ මම එයාගෙ පන්තියෙ ළමයෙක් කියලා...
    හැබැයි 'ඔව්' කියල කියන්නයි තිබ්බෙ! :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න