Thursday, October 11, 2012

අධ්‍යාපනය,ක්‍රිකට් මැදි උන මගෝඩිස්තුමාගේ නාඩගම

                         වේදිකාවේ තිරය ඇරේ.සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගත් පුදගලයෙක් යමක් කල්පනා කරන අයුරින් වේදිකාව මත ඔබ මොබ ගමන් කරයි.ශරීර හැඩයෙන් ඔහු දේශපාලඥයෙකු බව අනුමාන කල හැකි ය.එනම් ඉදිරියට නෙරා ආ මහත් වූ උදරයෙනි.මද වෙලාවකින් පසුව එවැනිම ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙක් කලබලයෙන් වේදිකාවට පැමිණේ.එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ දෙබස් වලින් ඉදිරිපත් කිරීම මැනවි යයි සිතේ.
                 


 මොකද බන් මේ උදේ පාන්දර හති දාගෙන කුකුලත් අතින් අරගෙන?
කුකුල්ලු නෙවෙයි සෑර් කීයක් හරි දෙන්ඩ වහබෝතලයක් ගන්න.දැන් බොන්න වෙලා තියෙන්නේ වහ
ඒ මොකද බන් උඹට මාත් එක්ක ඉඳලා කන කෑම් එපා වෙලාද??
විහිළු නෙවේ සර් .අරහේ ලොක්කා හතරවෙනි පාරටත් අම්බානෙක නෑවා.මෙහෙන් මට මහ රෑ ජාමේ කෝල් එනවා 
ඒකනම් ඇත්ත තමා බන් .කෝ මේ ලොක්කා අපි කියන දේවල් කනකට ගන්න එකක්යැ
ඇත්තටම සෑර් ලොක්කට බැරි උනාද ඔය කෙත්තාරාම පැත්තේ යන්නේ නැතුව අරලියා මන්දිරේට වෙලා මැච්   එක බලන්ඩ
නෑ බන් ලොක්කා කිය කිය හිටියෙම ආයෙත් නම් මැච් බලන්ඩ යන්නේ නෑ කියලා.අපේ කොල්ලෝ ටික ෆෝම් උන හැටි දැකලා මලාට පරදින්නේ නැතිවෙයි කියන අහිංසක බලාපොරොත්තුවෙන් බන් ලොක්කා කඩිමුඩියේම ඇඳගෙන දිව්වේ
සේරමත් හරි කේස් එක උනේ සෑර් අපේ ලොක්කව ටීවි එකේ පෙන්නපු එක
එහෙනම් බන් .ලොක්ක ඇතුලට යද්දිම කියලා තියනවා කැමරා අයියලට කැමරා කරොත් එහෙම කොරන වැඩේ.කොහෙද මේ කුපාඩි බුවෙක් දික් කොලානේ කැමරාව ලොක්කගේ පැත්තට
පවු අසරණයා පහුවදාම සුදු වෑන් එහෙකින් යන්න ඇති
වෙන්නැති බන් .උඹට කියන්න බන් ලොක්කා මාත් එක්ක කියනවා තිරේ මූණත්තහඩුව දැක්කට පස්සේ ලොක්කට උඩ ඉඳන් පනින්න හිතුනලු බිමට.බැරිම තැනලු සැලියුට් එකක් දැම්මේ
අපරාදේ සර් මමත් හිතාන හිටියේ මැච් එක දිනයිම කියලා .වෙලාවට අපේ ලොක්කත් එතෙන්ට ගියානේ
මොකක් බොල .එතකොට තෝ කියන්නෙත් මැච් එක පැරදුනේ ලොක්කා හින්දා කියලද??
න්නනෑ සර් මම කිව්වේ මේ එක එක උන් කියන කතා .අපේ ලොක්කා කොච්චර පින් කඳක්ද?(ඉවත බලා කට ඇද කරයි .ප්‍රේක්ෂකයන්ගෙන්න් සිනා හඬ)
ඒක නෙවේ බන් මටත් දැන් හිතෙනවා බේබි කියනවා වාගේ ඔය කෙහෙල්මල් බෝල ගැහිල්ල පැත්තක දාලා    බේබිලගේ අර රගොර්ද මොනාද කියන එක නග්ගලා ගත්තනම් හරි කියලා 
ඒ මක්කැයි සෑර් ඒ??
ඇයි බන් ඒකේ පැරදීගෙන එනවනම් එහා පිලේ එවුන්ට හිමීට දෙක තුනක්  ඇනලා හරි දිනන්ඩ පුළුවන්ලුනේ.
හ්හා ඒක ඇත්ත බේබිලා මේ ඊයේ පෙරේදත් සැට් එකකට එහෙම කොලානේ
(බියෙන් වටපිට බලා)කට කට .බිත්ති වලටත් කන් තියනවා යකෝ .උඹ හදන්නේ මාවත් ගස් අරින්නද?
ඒක නෙවේ මොකද්ද බොලා අර මහ රෑ කෝල් එන එකක් ගැන කිව්වේ .මටත් හොරා උඹ වෙන ලයින් එකක්වත් ඇල්ලුවද?
සෑර් මේ මඟුලක් කතා කරනවා.මට  එන්නේ අපේ උන්දලාගේ ගුණ කියවෙන කෝල්.සර්ගෙත් එක්කම
ඇත්තට බන් එක අතකින් බලපුහවම දැන් මේ රටේ එවුන්ට කෝල් එකක් අරන් බැනලා හරි හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?මොකෝ අපිව ගෙදර යවන්නද උන් (මහත් උද්දාමයෙන් )
ඒ මටත් බයිනවද බන් එය කතා කරන එවුන්
නැතුව සර් කොහෙ ඉලව්වේ ගියත් සෑර්ලගේ නොම්බර වෙනුවට දෙන්නේ අපේ ඒවා ඉතින් අපි පව් ගෙවනවා
හරි හරි බන් මම උඹේ බිල ගෙවනවනේ
බිල ගෙව්වට සෑර් .ඊයේ අපේ ගෑණි මට බනිනවා ඔය මලඉලව්වත් එක්ක එලියට ගිහින් කතා කරන එකෙක්ට කතා කරන්ඩ කියලා
හරි හරි දැන් බොලාට මොනවද කතා කරලා කිව්වේ ඌ
මුලින් මුලින් හරි ලස්සනට කතා කොලා තව අත යටින් වදින් තැනක්ද කියන සැකෙන් මාත් හොඳට කතා කොලා මෙන්න මේකා සුද්ද සිංහලෙන් බැන ගෙන ගියපි
හෑහ් මට????
සෑර්ට නෙවේ සෑර් අපේ ලොක්කට .මම හිතන්නේ උන්දගේ මැරුන අම්මට වලේදිම කිවිසුම් යන්නැති.ඌ කිව්වෙම කැම්පස් සන්තෑසිය ගැන සෑර්.ෂුවර් එකටම කැම්පස් එකෙක්.ළඟපාත හිටියනම් අම්මපා දෙනව මම ඕකගේ දතක් බඩට යන්න(අත මිට මොලවමින් )
උන්ට පිස්සු බන් ඔච්චර කට්ටකාලා ඔය මහ ලොකු උපාධි අරගන්නවා පවු බන්
ඒවට තැන දෙන්නේ නෑ කියලා දන්නේ අපිනේ සෑර්.බැරි වෙලා හරි උන් දැනගත්තොත් බඩුම තමා
ඔය පාරවල් ගානේ වේලෙන වෙලේ බලකාය පස්සෙන් පොඩ්ඩක් හිටියනම් ඉවරයිනේ බන්.ජොබ් එක සුවර්නේ
අම්මපා සෑර් මමනම් අපේ එකෙක්ට ඔය මලඉලව් කොරන්න යවන්නේ නෑ
හනේ බන් උඹේ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් අඩුම ගානේ සාමාන්‍ය පෙල වත් පාස් වෙන්න පුළුවන් උනාද කැම්පස් යන්න තියා
(ඉවත බලමින් සිහින් හඩින් ) නොදොකින් මුගේ කයිවාරුව .මේකා සාමාන්‍ය පෙල තියා අටපාස් එකෙක්වත්ද?
(ප්‍රෙක්ෂකයන්ගෙන් නැවතත් සිනා හඩක් )
මොකද්ද මොකද්ද බන් ඒ අටපාස් කතාව??
න්නෑ සෑර් මං මේ මටම කියා ගත්තේ සාමාන්‍යපෙල තියා අටවසරවත් පාස් වෙන්නේ මොනවටද මේ සෑර්ලා වගේ රත්තරන් කඳවල් ඉද්දි.පහේ වසර පේල් වෙලා ආවත් සෑර් අපේ එකෙක්ට උපාධි කාරයෙක්ට දෙන තැන දෙනවනේ සෑර්
ඔය ජරා කට වහගනින් යකෝ.මාළුව නහින්නේ කට හින්දා කියනව වගේ කවද හරි මමයි උඹයි දෙන්නම නහින්නේ උඹේ ඔය ජරා කට හින්දා
දැන් යමං ලොක්කගේ වැඩකට යන්න තියනවා

                     තිරය වැසේ.

පලි : පෝස්ට්ටුව කියවීමෙන් පමණක් නොව වර්තමානයේ සිදු වන දේවල් වල අනුසාරයෙන් මෙවන් පිටපතක් ඇති නාටකයකට සුදුසු නමක් ගැන  ඔබටත් අදහසක් පහල වේ නම් ඒ ගැන කමෙන්ටුවකින් සඳහන් කල මැනවි.


37 comments:

  1. අදහස් නම් ඕන තරම්, ඒත් කට වහගෙන වෙනදේ බලන් ඉන්න එක සැපයි වගේ බං.

    අර මගෝඩිස්කාරයගෙ උඩ ටික නම් කැමිලස් වගේම ඇඳල තියෙනව, පල්ලෙහා කෑල්ල ගැන තව ටිකක් සැලකිලිමත් වුනානම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. අදිසියෙන් ඇන්දේ බන් ඒකයි ඔය බලියක් වෙලා තියෙන්නේ

      Delete
    2. සිරාවට කැමිලස් අඳින්නේ ඔය විදියටම නේ. අවතාර් බොට සෑහෙන දක්ෂතා තියනවා.. ඔහොම යමන්..

      Delete
  2. බොහොම ලස්සන උපහාසාත්මක ප්‍රහසනයක්.. හොඳ අනාගතයක් තියනවා මේ ඉසව්වෙන් ඉදිරියට ගියෝත්.මගේ සුබ පැතුම්.

    ReplyDelete
  3. කතා පිටපත ජනතාව සිතන පරිදිම තේරුම් යන විදියට ලියා තිබෙනවා. කාටුනය දැක්කම හිතුනේ SF සහ කරු රජතුමාට වැඩක් දෙන්න සාකච්චා කරනවා කියල.දේශපාලනය, දේශපලකොයෝ ගැන ගැවිලා තිබෙන ලිපි කියවන්නේ ඉතා කැමැත්තෙන්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ කතා කරන්නේ ලොක්කා ගැන හික්ස්

      Delete
  4. අම්මෝ... මම නම් කැමති නෑ සුදු වෑන් වලින් ගමන් බිමන් යන්න!

    ReplyDelete
    Replies
    1. එපා කියයි සුදු වෑන් එහෙකින් මන්දිරේ පැත්තේ ගිහින් රජ මූණ බලාගන්න තිබ්බොත්

      Delete
  5. හෙහ් හෙහ්...:)
    ලෙසටම හූ ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හූ කීමෙන් පරිස්සම් වනු අඩවිය පැත්තේ සුදු වෑන් ගැවසීමට ඉඩ ඇත

      Delete
  6. පින්තුරේ අඳින්න තව ඩිංගක් මහන්සි වුනා නම් කියලා හිතෙනවා.


    මැච් එක ගැන නම් කතා කර වැඩක් නැත. සැමා නම් කියන විදිහට "ම" යනු තුනක් නිසා තමයි පරාද වෙලා තියෙනේ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පින්තූරේ නොඇඳ ඉන්න හදලා පස්සේ ඇන්දේ වැඩි උත්සාහය උනේ ලියමන
      තැන්ක්ස් ගුණ අගුණ කීමට

      Delete
  7. අවාසනාවට ....!!!! කථාව ඇත්ත ......... කරන්න දෙයක් නෑ වගේ අපි තාමත් බලන් ඉන්නේ ඇයි කියල විතරක් මං දන්නෑ ... ඒ ටික නොදැන හිටියම ඇති !

    ReplyDelete
    Replies
    1. දැනගෙනත් වැඩක් නෑනේ බන්

      Delete
  8. චිත්‍ර ඇඳිල්ලේ ටික ටික පරිණත වේගන එනවා.ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  9. සුප්පා නාට්‍ය ජවනිකාව බන් :)

    ReplyDelete
  10. සිරාවට මටනං දැං ලොක්කා පවු කියලත් හිතෙනවා බං..

    ReplyDelete
    Replies
    1. අම්මපා පවු බන් නෑමේ ඉවරයක් නෑනේ

      Delete
  11. හී හී .මටත් තරිය අබේට හිතෙන එකම හිතෙනවා .මිනිහගේත් කරුමේ ..:)

    ReplyDelete
  12. හේ හේ.... සෝයි නාට්ටිය...
    ජය වේවා..

    ReplyDelete
  13. ඒ කමරමන් ඉන්න තැනක් කියපන් සුදු වැන් එකක් යවන්න.

    ReplyDelete
    Replies
    1. දැනටමත් යන්න ඇතැයි සිතමි

      Delete
  14. පිටිපස්සෙ එකාගෙ සරම ඉස්සිලා ... ඌට පණු ගායද ?

    ReplyDelete
    Replies
    1. අර කැහැපොටද මොකද්ද ගහගන්න යනවා බන්

      Delete
  15. ලස්සනට ලියලා තියනවා.ඒත් ඉතිං වැඩිය මුකුත් කියන්න බෑනේ.සුදු වෑන්!!!!


    හි හි හි ජය!!!

    ReplyDelete
  16. Anonymous10/13/2012

    ලියවිල්ල අපූරුයි! මගේ අවංක අදහසනම් මැච් පරාද වීමට කවුරුත් පලි නැති බවයි.ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට රජම කියලා තියනවා බලන බලන මැච් ඒක පරදිනවා කියලා

      Delete
  17. අම්මපා ඇත්තය. ඒත් ජනතාවටම ගැලපෙන පාලකයාය... වැඩිදුර අදහස් දැක්වීමෙන් වලකිමි. මොකද Kandy-Navy රගර් මැච් එකෙදී අත්දැකීම් ලබපු නිසාය...

    ReplyDelete
    Replies
    1. රජ අතකින් කෑවා වත්ද?

      Delete
  18. araliya10/14/2012

    ah.....mage namath paththakin thiyenne. :D
    anith ewa gananam api danne hode............ :)

    ReplyDelete
  19. Anonymous10/14/2012

    එල එල..අවතාර් ගේ කාටුන් ඇඳිල්ල නියමයි නේ.

    ReplyDelete
  20. මම නම් මොකුත් නොකියමි. මොකද වෑන් වල යන්න මම හරි....ම අකමැතියි.. ඒත් කාටුන් එකයි නාටකෙයි නම් සුපිරියි. පිටපත් ලිවිල්ලටත් දක්ෂතා තියන හැඩයි..

    ReplyDelete
  21. මට මග ඇරිච්ච එව්වත් බලන්න ආවා...පට්ට කාලෙකින් මේ බ්ලොග් පැත්තේ ආවේ පට්ට ඈ..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න