Friday, September 28, 2012

අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා )

                                    අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැල්ලු.
               මිනිහා දවසක් ගිහිල්ලා බණ ගෙදරක.ඒ කාලේ දැන් වගේ විදුලි බලය එහෙම නැහැල්ලු.පෙට්‍රල් මැක්ස් වලින් එලිය අරන් තියෙන්නේ .ඕකට සැරින් සැරේ හුළං ගහන්න ඕනේ කියලා දන්නවනේ.ඉතින් අපේ සිරිපාල ගියපු ගමන් පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහන වැඩේ බාරගත්තලු.මිනිහා දෙතුන් පාරක්ම මේසේ උඩට නැඟලා උජාරුවෙන් හුලං ගැහුවලු පෙට්‍රල් මැක්ස් එකට.ඔහොම ටික වෙලාවක් යද්දි එකපාරටම මැක්ස් එකේ එලිය අඩු උනාලු.එතන හිටපු කොල්ලෙක් සිරිපාල මාමාට දැන් අමාරුත් ඇතිනේ හුලං ගහලම කියලා හුලං ටිකක් ගහන්න නැගිට්ටලු.ඒ එක්කම හිටපං හිටපං මම ගහන්නං කියලා දඩි බිඩි ගාලා මේසෙට ගොඩ උන සිරිපාල හුලං ගහන්න ගත්තලු.මේසෙට නඟිද්දි මිනිහගේ සරම බුරුල් වෙලා තිබිලා තියෙන්නේ.පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහද්දි සිරිපාල දන්නෙම නැතුව සරම බිමලු.හුලං ගහන එකට තිබ්බ ආසාවට මිනිහට සරම අල්ලගන්නවත් මතකයක් නෑලු එවෙලේ.



                
                       බණ ගෙදර උනත් හීන් සද්දෙන් කොල්ලෝ කුරුට්ටන්ගෙන් හූ සද්දෙලු.හුලං ගගහා හිටපු සිරිපාල එක පාරටම අතුරුදහන් වෙලා.ඊට පස්සේ මඟ තොට සිරිපාලව දැකලා කොල්ලෝ “ මාමේ හුලං ගහමුද “ කියල අහනකොට “ තොපෙ $@%%^%^#ට කියවෙනවලු මිනිහට.සරම කඩන් වැටෙද්දි යටට අමුඩෙවත් ඇඳලා හිටියද කියලා නම් අහන්න එපා ඒක පත්තරේ තිබ්බෙත් නෑ.ඔය සිත්තරෙන් ඇඳලා තියෙන්නේ ඕක ඈ.සේරම කියෙව්වට පස්සේ තේරෙනවා ඇතිනේ 
                               දැන් ගමේ කතාවට බහිමු.අවතාර්ලගේ පැත්තෙත් ඉන්නවා මේ සිරිපාල වගේ පොරක්.හැම වැඩේටම පැනගෙන යන්නේ දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ.මිනිහාගේ ඇත්ත නම නොවුනට අපි මිනිහට සිරා කියමු කියන්නයි ලියන්නයි බලන්නයි  ලේසි හින්දා.   මේ කාමරේ සිරා එහෙම නෙවේ ඈ.සිරා දවසක් සෙට් වෙලා ගමේ කෙනෙකුගේ ලිඳක් කපන්න.ළිඳ හාරගෙන හාරගෙන යටට යද්දි ගල හම්බවෙලා.දැන් හිටපු අය උදලු අලවංගු යවුල් තියෙන සේරම අරගෙන ළිඳට බැහැලා දන්න දන්න ශිල්ප සේරම දැම්මත් එතනින් එහාට හාරන්න පුළුවන් වෙලා  නෑ.ඉන්පස්සේ හිටපු සේරම ඒකමතිකව තීරණය කරලා ගල් බෝරයක් දාලා ගල කඩන්න.තීරණේ සභා සම්මත වෙද්දිම සිරා කිව්වලු “හැබැයි ගල් බෝරේ පත්තු කරන්න මම“ කියලා.
                   ඉන් පස්සේ එතන හිටපු කොල්ලෙක් සිරාට නක්කලේටත් එක්ක
“ හැබැයි සිරා මාමේ බෝරේ පත්තු කරන එක ලේසි නෑ කියනව වගේ .පොඩ්ඩ එහා මෙහා උනොත් සදා අනාතයි .“
 “ අනේ පලයන් කොලුවෝ යන්න මම ඕවා කරලා ඇති මගේ ඉහේ කෙස් ගානට.එහෙම මොනව හරි උනොත් ළිඳෙන් ගොඩ එන එක මට කජ්ජක්ද “ කියලා දීලා පන්ඩිත වදන් ටිකක්.සිරාගේ හැටි දන්න හින්දා පාඩමක් උගන්නන්නත් හිතාගෙන සිරා පොඩ්ඩක් එහා මෙහාට වෙනකන් ඉඳලා හිටපු ලොකු කුඩා සේරම විහිළුවක් කරන්න හිතුවලු.දවල්ට කාලා එහෙම ගල් බෝරේ දාන්න අදාල පුද්ගලයවත් එක්ක ගෙන ආවලු.මෑන්ව හිමින්ම පැත්තකට අරන් ගිහින් කිව්වලු වෙඩිබේත් දාන්නේ නැතුව බෝරේ නූල විතරක් තියෙන්න පුස් ගල් බෝරයක් හදලා ගොඩවෙන්න කියලා.
                 ඒ ඩයල් එකත් කියපු විදිහටම පත්තු කරන නූල විතරක් තියලා ඇත්තම ගල් බෝරේ හැදුවා වගේ ගොඩ උනාලු ළිඳෙන්.දැන් සිරා සරම එහෙම කැහැපොට කවාගෙන වැඩ්ඩා වගේ ළිඳට බහින්නලු ලෑස්තිය.“ මම කියන කොට මාව ගොඩට ගනිල්ලා “ කියලා දබරේ ඉන්න දෙන්නටත් කියලා (දබරේ කියන්නේ ලිං කපද්දි පුවක් ගහක් වටේට කඹයක් ඔතලා ලිඳේ පස් ගන්න හදන කරකවන්න පුළුවන් එකක්.තේරුනේ නැති අය ගූගල් කරන්න මරා ගන්න සීන් එකක් එයි J )කඹේ දිගේ ම බැස්සලු ළිඳට.මිනිහා බෝරේ පත්තු කරන අතරේ උඩ හිටපු අය කඹේ ගත්තලු උඩට.
                දැන් සිරා ගල් බෝරේ පත්තු කරලා උඩට එන්න කඹේ බැලින්නම් කඹේ නැහැල්ලු.සිරා අඬා වැලපෙනවලු ළිඳ ඇතුලේ
“ අනේ රත්තරන් මලේ ඕක  ඇතුලට දාපන් “
            ළිඳ ඇතුලේ වටේටම දුවනවලු මර ලතෝනි දිදී.උඩ ඉන්න එවුන්ට කිව්වට වැඩක් නෑ කියලා හිතිලද කොහෙද ළිඳේ බිත්තිය දිගේ බඩගානවලු.ඒ අස්සේ සුද්ද සිංහල වචන ටිකකුත් ඇහෙනවාලු ළිඳ ඇතුලෙන්.උඩ ඉන්න අයට පැලෙන්න හිනාලු.උන් ටික බඩවල් අල්ලගෙන හිනා වෙනවලු ළිඳ ඇතුල බල බල.සිරා මෙහෙම මර ලතෝනි දිදී ළිඳ ඇතුලේ දඟලන අතරේ ගල් බෝරේ නූලත් පත්තු වෙලා ඉවර උනාලු.ඒ උනාට පිපිරුනේ නැහැල්ලු.උඩ එවුන් හිනා වෙනවායි ගල් බෝරේ පුස් හින්දයි සිරාට තෙරෙන්න ඇති කාගේ හරි කුපාඩි වැඩක් කියලා.ඊට පස්සේ සිරාට උඩට එන්න කඹේ වැටුනලු ළිඳ ඇතුලට.කඹේ දිගේ ගොඩට ආපු සිරා කෙලින්ම ගෙදර  ගියාලු කාගෙවත් දිහා නොබලා.එතන හිටපු සමහර අය නම් කිව්වේ උඩට එද්දි සිරාගේ සරමත් තෙත් වෙලා ලු තිබුනේ (දාපු හීන්දාඩියට වෙන්නැති J )

36 comments:

  1. පව් දෙයියනේ.මොකෝ කාටවත් කරදරයක් කරලත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ චාටර් වලට අහුවෙන්නේ පණ්ඩිත හින්දනේ බන්

      Delete
  2. අයියෝ .. සිරා.

    අර චිත්තරේ ඉස්සරහ පැත්තෙ පොට්ටනියක් වගේ තියෙන්නෙ මොකක්ද බං.

    ReplyDelete
    Replies
    1. හා හා ඒ සරමේ ගැටේ බොල

      Delete
    2. බොරු කියන්නෙපා .... ගැටේ ලිහිලනේ සරම බිම වැටෙන්නෙ, ඇත්ත කියපන්, උඹ වෙන මොකක්දනේ ඇන්දෙ. :)

      Delete
    3. මුන්දලා එක්ක බෑනේ එක ඉරක්වත් එහෙ මෙහෙ වෙන්න :)

      Delete
    4. ඩීඩීටී +++++++++++

      Delete
  3. පෝස්ට් එකට වඩා හිනා යන්නේ DDT අයියගෙයි, අවතාර් අයියගෙයි කමෙන්ට් සංවාදෙට... බඩත් රිදෙනවා දැන් නම්. වෙන එකක් තියා බෝඩිමේ ඇන්ටිත් ආව පාඩම් කොරන ගමන් හිනා වෙන්න මට පිස්සුද කියල බලන්න... :D

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ පාඩම් කරන්නේ ලැප දිහා බලන්ද?

      Delete
  4. හි හි......... මරැ කතාව :)

    ReplyDelete
  5. ඒ තෙත් වෙලා විතරද බං තිබ්බේ??????????

    ReplyDelete
    Replies
    1. එච්චරයි එච්චරයි බං මටත් අහන්න ලැබුනේ

      Delete
  6. සිරාට සිරා වැඩේ කරලා තියෙන්නේ
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  7. Anonymous9/29/2012

    ada idala "nonimi ahasata" mamat enawa.........ela.........
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා යාලුවා

      Delete
  8. අය්ය්යෝ හිනා කාල මැරෙනවා ..පව් බං...

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් යකෝ මට හිරේ යන්න වෙයි අනිත් ගමන
      :)

      Delete
  9. පරණ ඉංග්‍රීසි හොල්මන් ෆිල්ම් එකක් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. joke තියන එකක් වෙන්නැති

      Delete
  10. ලිඳ හෝදන්න වුණා වෙන්න ඇති බන් අරුන්ට :D

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ජීවිතේ ගැන බය හිතුනම එක එක විප්ලව ඇඟේ වෙනවනේ

      Delete
  11. කොහොම වුනත් පව් අප්පා සිරිපාල..

    ReplyDelete
    Replies
    1. අයියෝ සිරිපාල නේ

      Delete
  12. මේක නම් අවතාර් ට උන එකක්ද කොහෙද. හහ් හහ්. හැබෑටම උද තියෙන පින්තුරේ මොකක් හරි අව්ලක් තියෙනවා වගේ. මොකෙන්ද සරම වැටෙන්නේ නැතුව උඩ එල්ලිලා තියෙන්නෙ බොලන්???? :D

    ReplyDelete
    Replies
    1. අවතාර් තවම නාඹර කොල්ලා බොල
      ඔය සරම වැටෙනකොටම සීන් එක කියලා හිතා ගනින්

      Delete
  13. සරම තෙත් වෙලා තිබුණු එක මදැයි තව පොඩ්ඩෙන් සිරාට හාට් ඇටෑක් එකක් වුණත් එන්න තිබුණා :P

    ReplyDelete
  14. සිරාවටම මු හින්දා ලිඳ ඉහින්න වෙන්න ඇති දෙපාරක්.

    ReplyDelete
  15. Anonymous9/30/2012

    හච්චෝ................:)

    ReplyDelete
  16. සිරා කිව්වම මමත් පොඩ්ඩක් ගැස්සුනා..

    සරමට යටින් මල් මල් ෂෝටක් නේද සිත්තරේට අන්දලා තියෙන්නෙ.... කථාව නම් පස්ටයි.. පපුවෙ අමාරුව හැදෙන එකෙක් නම් ළිද ඇතුලෙම යටියන්තොට යනවා ඒක ෂුවර්...

    ReplyDelete
    Replies
    1. // සරමට යටින් මල් මල් ෂෝටක් නේද සිත්තරේට අන්දලා තියෙන්නෙ. //

      එස් බී ව ඇඳපු කාටුන් කාරයො කීප දෙනෙක්ම මිනිහගෙ පස්සා පැත්තටත් ඔය මල් මල් ෂෝට අන්දවල තියෙනව මම දැකල තියෙනව. :D

      Delete
  17. ඇත්තට මිනිහ මැරෙන්නත් පුළුවන් ඔය වැඩ වලින් heh he

    ReplyDelete
  18. pau ban siraa
    theth vela navathunaa athi
    utath marana baya danenna athi mul hariyedi

    ReplyDelete
  19. සුපිරි බං.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න