Saturday, September 1, 2012

කපිලවස්තුපුර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ගොස් ජීවිත වලින් වන්දි ගෙවීම | ආශ්චර්යමත් රටක සංවිධාන ශක්තිය


කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේ මේ වන විටත් බැතුමතුන් දස දහස් ගණනකගේ වන්දනාමානයට ලක්වෙමින් සිටී.තවත් දස දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍රවීමටද නියමිතය.මුල සිටම මේ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටි නමුත් මේ ලියවෙන්නේ බලාපොරොත්තු වූ ලිපියට හාත්පසින්ම වෙනස් වූවකි.ඒ ලියන්නේ ද මහත් වූ කලකිරීමෙන් යුතුවය.මේ ලියන්නේ මාධ්‍ය වල පත්තර වල නොකියවෙන සත්‍ය ගැන ය.
                  පසුගිය දිනක කැළණිය මානෙල්වත්ත විහාරයේ පැවති ධාතූන් වහන්සේ ප්‍රදර්ශණයට දහවල් දේශනයද පසෙකදමා මිතුරන් සමඟ එක් වුනේ මහත් වූ බලාපොරොත්තුවෙන් යුතුවය.අට දෙනෙකුගෙන් යුතු පිරිස කිලෝමීටර හතරක් පමණ දිග පෝලිමට එක් වුනේ සවස දෙකට පමණය.ඒ එක් වී පැය දෙකක් යන්නට මත්තෙන් පෝලිම තවත් කිලෝමීටර ගණනකින් වැඩි වූ බව අසන්නට ලැබිණ.අගනුවර හා ඒ අවට දහස් ගණනක් ඒ වන විට සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිමට වී සිටියහ.විනාඩි දහයකට අඩි දෙකක් පමණ ඉදිරියට ඇදෙන පෝලිමට වී සිටි මිතුරන් දෙදෙනෙක් පෝලිමෙන් මිදී ඉදිරියට ගියේ පෝලිමේ දිග බලා ගෙන ඒමටය.
පැය භාගයකින් පමණ පැමිනි ඔවුන් දෙදෙනා ධාතූන් වහන්සේ වැඳීමේ අදහස පසෙක දමා ආපසු ගියේ පෝලිම ඉතා දිග බව කියමිනි.ඒ වන විටත් ධාතූන් වහන්සේ බලා මිස නොයන බවට තීරණය කරගෙන සිටි අප පිරිස ඔවුන් දෙදෙනාට සමු දී මන්දගාමීව ඉදිරියට ඇදෙන පෝලිමට වී සිටියෙමු.
           රාත්‍රී හත හමාර වන විට  එක් මෝඩ පොලිස් නිලධාරියකුගේ  ගොන් ප්‍රකාශයකින් දෙදෙනා බැඟින් ඉදිරියට ඇදෙමින් සිටි ජනතාව රොත්ත පිටින් එකිනෙකාව තල්ලු කර ගනිමින් එක පොදියකට ඉදිරියට ඇදෙන්නට විය.අප ද ඒ පිරිස සමඟ ඉදිරියට ඇදුනේ කරන්නට දෙයක් නොමැති නිසාය.ඒ මොහොතේ දැනගන්නට ලැබුනේ කලින් දිනද මේ ආකාරයට පිරිස පොරකමින් ආරක්ෂක වැටවල් පෙරලගෙන ගොස් ඇති නිසා ප්‍රදර්ශනය කිරීම අතරමඟ නවතා ඇති බවය.ඒ සමඟම කුපිත වූ අපේ පිරිසේ අයෙක් තල්ලු වෙමින් පසුපසින් පැමිණෙන එකකුට පහර දීමට ගිය එක යන්තම් මැඩපවත්වා ගත්තේ එය සාධාරණ නොවන නිසාය.පොලිස් නිලධාරීන් හෝ ආරක්ෂක අංශයේ කිසිවකුත් පෙනෙන්ට නොසිටි බැවින් තත්වය මැඩපැවැත්වීමට අප පිරිස උත්සාහයක් දැරීමට තීරණ ය කලෙමු.ඒ අනුව විනාඩි විස්සක් පමණ වන තුරුම අපට සහාය දුන්නේ අප වැනිම වන්දනාමානයට පැමිණි පිරිසක් පමණි.යටිගිරියෙන් කෑ ගසා තත්වය මඳක් සමනය කොට පොරකමින් පැමිණි පිරිස නවත්වා නැවත පෝලිම නිර්මාණය කර ගෙන යන විට කොහෙදේ සිට පැමිණි පොලිසි ලොක්කෙක් පිරිස සමඟ සැපත් විය.
                        දෙතුන් දෙනෙක් ඇරෙන්නට අනික් අය පොරකමින් පැමිණි දහස් ගණනක් මෙහෙයවූයේ නිහඬව අත් එහි මෙහා කරමිනි.ඒ වන විටත් කෑ ලසා උගුර ලේ රහ වැටී තිබු අප පිරිසේ පිනකට එස් ටීඑෆ් නිලධාරීන් පිරිසක් එතෙන්ට පැමිණයහ.කාර්ය ඔවුන්ට බාරදී අප විසින්ම නිර්මාණය කෙරූ පෝලිමට ම එකතු වී ඉදිරියට ඇදුනේ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තු නැවතත් හිතේ දල්වාගෙනය.මඳක් දුර ගිය පසු සුසුමක් හෙලමින් ආරක්ෂක වැටවල් ඇති ප්‍රදේශයට ඇතුල් උනේ පෙ වැනි තත්වයක් උදා නොවන නිසාය.මානෙල්වත්ත විහාරය ළඟට යනතුරුම එකා පිටුපස එකා බැඟින් සාමකාමීව පෝලිම ඉදිරියට ඇදුනි.විහාරය අසලටම ගිය විට දකින්නට ලැබුනේ පොලිසියේ ඉහලම නිලධාරියකු විහාර දොරටුව අසල රාජකාරි කරන අපූරුවය.තම පොලිස් සඟයින්ට බල්ලන්ට බනින ලෙස බනිමින් ප්‍රභූ වරුන්ට නිදහසේ ඇතුලට යාමට බෙන්ස් එකට ඉඩ හදා දී ඔවුන්ට සැලියුට් එක ගසා අසරණ ජනතාවට හොඳම ආකාරයෙන් අමතන හැටි බලන්නට ලස්සනය.පෝලිමේ පැමිණෙන පිරිසටත් මෙලෙස සලකන තම පොලිස් ලොක්කා දෙස බලමින් පොලිස් සොක්කෙක් කිව්වේ ලොක්කට  අද මල පැනලා කියාය.
                                    ඒත් ප්‍රශ්නයක් නැත කියා විහාරයට ඇතුල් වන්නට ඇර දුන් ගේට්ටුවෙන් ඇතුල් වුනේ නිදහසේ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අටියෙනි.ඒ ගිය විට දකින්නට ලැබුනේ මනා සංවිධානයකින් තොරව විහාරයට ඇතුල් කරනු ලැබු දහස් ගණනක් විහාර භූමියේ හිර වෙමින් පොරකමින් සිටින බවය.අර තරම් වෑයමකින් නැවතත් පෝලිම් හැදූ අපේ උත්සාහය ඇගයීමට ලක්වී ඇත.කිසිවක් සොයන්නේ නැතිව පොලිසියේ සහෝදර නිලධාරීන් විසින් භූමියට ඇතුල් කෙරුනු චෙක් කරන ස්තානයේ පොරකමින් සිටි සහස් සංඛ්‍යාත පිරිස දෙස එතන රාජකාරි කරමින් සිටි නිලධාරීන් බලා සිටියේ කරන්නට යමක් සිතාගත නොහැකිවය.එතැන කිරීමටද තිත තියමින් රැස්ව සිටි පිරිස ආරක්ෂ බැමි කඩාගෙන ඉදිරියට ඇදිනි.එසේ ගොස් යන්තම් තත්පර දෙක තුනකින් ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේ බොහොමයක් දෙනා ධාතූන් වහන්සේ සිතින් මවාගෙන.සුදු පැහැති පිරමීඩයක් තුල හතර පැත්තේ සිදුරු හතරකි.ධාතූන් වහන්සේ බැලිය යුතු ආකාරය තැන කිසි ම අවබෝදයකින්  තොරව යන පිරිසට සිටින නිලධාරීන් පවසන්නේ නොනැවතී බලාගෙනම යන ලෙස පමණි.ඒ ගැන තරමක් දුරට අවබෝධයක් තිබූ නිසා කෙසේ හෝ ධාතූන් වහන්සේ යන්තම් හෝ දැකගතිමි.එනමුත් පැමිණි පිරිසෙන් බාගයකට වඩා ධාතූන් වහන්සේ යයි සිතා වැන්සේ සුදු පසුබිමේ ඇති සිදුරට බව සීයයට සියයක් විශ්වාසය.
                                ඉන් පසුව නිවාඩුවට නිවෙස බලා එන දිනයේ දැන ගන්නට ලැබුනේ පවුලේ පිරිස එදින රාත්‍රී නවයට පමණ වාරියපොළ ශ්‍රී සුමංගල විහාරයට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පිටත් වන බවය.මහන්සි නොබලාම එදින රාත්‍රියේ නිවසට වත් නොගොස් මඟදී පිරිසට එක් වුනේ නැවතත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.ධාතූන් වහන්සේ විහාරයට වැඩමවන්නේ පසුදා උදෑසන අටට පමණය.එදින රාත්‍රිය පෝලිම් වලම ගත කිරීමේ බලාපොරොත්තුවෙන් ගිය විට දකින්නට ලැබුනේ කිලෝමීටර හතරක් පමණ දිගට පෝලිම් හැදී ඇති අයුරුය.රාත්‍රිය පුරාම වාරිය පොල ප්‍රදේශයට ඇදුනු දහස් ගනණකගේ පිරිසෙන් ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ වන විට උදෑසන එකොළහට පමණ පෝලිම කිලෝමීටර පහලොවකට පමණ ආසන්න බව අසන්නට ලැබිණි.ඒ වන විටත් නොකඩවා ජනතාව පෝලිම් වලට එකතු වෙමින් සිටියහ.
                        ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ඇරඹී නිවසින් ගෙනා උදේ ආහාරයෙන් කුස පුරවාගෙන සිටි බැතිමතුන්ට දහවල් ආහාරය ලෙස ගැනීමට දන්සලක් තියා කෑම කඩයක් පෙනෙන තෙක් මානයේ නැත.විනාඩි දහයකින් කිලෝමීටරයෙන් කිලෝමීටරයට තිබුනු බත් කඩවල බත් අවසන් වෙලාය.සිල්ලර බඩු කඩවලද බිස්කට් පැකට් එකක් හෝ නැත.ජීවිතේට අයිස්ක්‍රීම් එකක් නොකෑ වයසක ආච්චිලා සීයලා ඊයේ අයිස්ක්‍රීම් කෑවේ ආසාවට නොව ධාතූන් වහන්සේ වැඳ පුදා ගන්නා තෙක් කෑමට වෙන යමක් නොතිබූ නිසාය.සමීක්ෂණයක් කලා නම් ඊයේ දහවල් ආහාරය අයිස් ක්‍රීම් වලින් සම්පූර්ණ කරගත් ලෙස දහස් ගණනකගේ නම වාර්තා පොත් අතරට එකතු වනු ඇත.විහාරයට කිලෝමීටර තුනක් පමණ පසුපසින් සිටි අපට ගිලන් රථයක් එහා මෙහා වනු දක්නට ලැබුනේ පිටුපසින් සිටි පිරිස පොරකන බව කියාපාමිනි.මඳ වෙලාවකින් එක ගිලන් රථය තුනක් බවට පරිවර්තනය වී එක පිට එහා මෙහා ඇදෙන්නට විය.ඒ සමඟ පිටුපස සිට පාරේ පෝලිම තිබූ පැත්තට විරුද්ධ පැත්තෙන් ජනයා වැල නොකැඩී ඉදිරියට ඇදෙන්නට විය.
                               ඒ අයගෙන් දැනගන්නට ලැබුනේ පෝලිම පසුපස වන්නට ආරක්ෂක පිරිස පොරකමින් ආරක්ෂක වැටවල් වලට ඇතුල්වන්නට උත්සාහ කරන බවය.ඒ සමඟ ඉදිරියට ඇදෙමින් තිබූ පෝලිමද එතනම නතර විය.පැය භාගයකින් පමණ රාත්‍රියේ සිටම පැමින සිට පිරිසෙන් විශාල පිරිසක් ධාතූන් වහන්සේ නොබලාම ගෙවල් බලා ඇදුනේ තව දුරටත් ජීවත් වන අදහසිනි.මන්ද ඒ වන විටත් පොරකමින් සිටි පිරස අතර විශාල ගණනක් තුවාල ලබා කුඩා දරුවකුත් ගැබිණි මවකුත් තවත් වයසක අයෙකුත් ජීවිතෙන් සමුදී ඇති බවද දැනගන්නට ලැබිණි.ධාතූන් වැඳපුදා ගැනීමේ අදහස පෙරදැරිව සිටි අප නඩයද දහස් ගණනකගේ පිරිස සමඟ ආපසු පැමිණියේ අයිටීන් ප්‍රවෘත්ති වල කියවෙන තරම් පහසුකම් හා මනා සංවිධානය එතැන නොතිබි නිසාය.
තත්වය මෙසේ වන්නට හේතු කිහිපයකි.එක්කෝ තම ජිවීතේ එක් වරක් පමණක් දැක වැඳ පුදා ගැනීමට හැකි සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට එන බැතුමතුන් පිරිස වැඩිය.නැත්තම් ධාතූන් වහන්සේ පෙන්නනේ පෙන්නනං වාලේය.මනා සංවිධානයක් නැති කමය.තව දින කිහිපයක් දිවයිනේ ස්ථාන කිහිපයක කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.ඔබත් ඒවාට සහභාගි වීමට අදහස් කරගෙන සිටී නම් දෙන්නට ඇත්තේ එක් උපදෙසකි.ඒ දෙවරක්ම ගොස් හොඳහැටි අත්දැකීම් ලැබූ අයෙකු ලෙසය.හැකි පමණ කලින් ඒ ස්ථාන කරා යන්න.මන්ද මේ ආශ්චර්යමත් රටේ ඔවැනි බොහෝ වැදගත් වැඩ වල මුල්තැන දෙන්නේ ආරම්භයට පමණි.

පලි : මේ කොටස එක් කරන්නේ පෝස්ට් එක ලිවීමෙන් අනතුරුව අද උදෑසනය.ඊයේ රාත්‍රියේ ධාතූන් වහන්සේ වන්දනාවට යන්නට නැවතත් අවස්ථාව ලැබිණි.ඒ පැමිණි සෙනග අඩු යයි ලැබුණු ආරංචියකට අනුවය.එහෙත් අඩු වීමක් නම් නැත.නමුත් අලුයම වන තුරු සිට කෙසේ හෝ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමට හැකි විය.
                පසෙකින් දැක්වෙන්නේ එහි සර්වඥ ධාතූන් වහන්සේ ඩිජිටල් කැමරාවක ආධාරයෙන් රූපගත කර තිරයකට ලබා දී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයකි.

35 comments:

  1. මේ වගේ දේවල් සිද්ද වෙන එක නම් හරිම අපරාදයක් මොනවා වුනත් මේකේ වගකීම සංවිදයකයින් ගන්න ඕන කියන එක තමයි මගේ නම් මතය දෙයක් වුනාට පස්සේ බොලේ එහාට මෙහාට පාස් කරනවට වඩා ඒ දේවල් වෙන්න කලින් වලක්වන්න පුළුවන් නම් එක කොච්චර වටිනවද

    ReplyDelete
    Replies
    1. ඔය බෝල, තොප්පි සෙල්ලම් අපේ උන්දලට හොඳට පුරුදුයි

      Delete
  2. හෙට ඉඳන් මාතර දි සර්වඥ ධාතු ප්‍රදර්ශනය කරනව. දැන් ආරංචියේ හැටියට කිලෝමීටර් 3-4 ක් දිගට පෝලිම තියෙනවළු. හෙට උදේ 9 ඉඳල කිව්වට පෙරහැරක් එහෙම ගිහින් ලොකු ලොකු කස්ටිය වැඳල පුදල ඉවර වෙනකොට 11 - 12 වත් වේවි. මිනිස්සු එතකන් පෝලිමේ. මම නම් ඔන්නොහෙ අදහස අත්ඇරියා. (ඉන්දියාවෙ කෞතුකාගාරෙට ගිහින් බලන එක ඊට ලේසි වගේ. :)). මෙහෙත් ඒ පැත්තෙ ඔක්කොම කඩවල් වහන්න කියලළු, පන්සල පැත්තෙ පළාතෙම පාරවලුත් වහල. දන්සල් තියෙනව කිව්වට මිනිස්සුන්ට ඇති වෙන්න තියෙයිද මන්ද.
    ආරංචි හැටියට පාස් දීල තියෙනවළු ගමකට. මම ඒත් කල්පනාකරේ පාස් පෝලිම අනිත් පෝලිමට වඩා දික් වෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. ආය මෙහෙම අවස්තාවක් එන්නේ අවුරුදු ගානකට සැරයක්නේ.මොනව කරන්නද ඉතින් සෙනඟ වැඩි නම් .මෙන්න DDT ට දැකගන්නත් එක්ක අවතාර් හරි අමාරුවෙන් මොබයිලෙට අහුකරගත්තු උඩ දාලා තියෙන ධාතුන් වහන්සේගේ පොටෝ එක ආයෙත් [im]http://4.bp.blogspot.com/-Vms6zlP3jfo/UELsuQNlmnI/AAAAAAAAAuY/Xli3p73yW-U/s320/Image3504.jpg[/im]

      Delete
    2. ස්තූතියි අවතාර් !

      මම අද උදේ අයිටීඑන් එකේ උදේ සජීව විකාශය බැළුව. ඒකෙ හුඟක් සමීප රූප රාමු පෙන්නුව. පෝලිමෙ යන අයට එතරම් සමීපව දර්ශනය වන්නෙ නෑ, අනෙක විදුලි ආලෝකය අර වීදුරුවලින් පරාවර්තනය වෙන නිසා ලැබෙන සීමිත වෙලාවෙ කොහොමත් බලන්න අමාරු ඇති. මම හිතන්නෙ යූටියුබ්වල එහෙම දැන් ඇති ඔය වීඩියෝ. මගේ මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකෙන් වීඩියෝ ලෝඩ් කරන්න බෑ, විකිණෙනව. වෙන කනෙක්ෂන් එකක් යූස් කරල ඒ ටිකක් බාගෙන බලන්න ඕන කියල මම හිතන් ඉන්නෙ.

      Delete
  3. කල වැඩේ හොදයි මචං,එකට හොදයි කියලා අපි අනිවා කියන්න ඕනේ එත් මේ වගේ වැදගත් දෙයක් කරද්දී ටිකක් සංවිධානාත්මකව කළා නම හරි,අනික ඔයවගේ විශාල වශයෙන් සෙනග රැස් වෙන තැන වලට විශේෂ බලකාය දාන එක තමා හොද මොකෝ පොලෝසියේ ගොන් හරක්ට මිනිස්සු හසුරවා ගන්න තේරෙන්නේ නෑ,අනික මිනිස්සු උන්ව ගණන ගන්නෙත් නෑ ......

    ReplyDelete
    Replies
    1. අනිවා මචං .කල වැඩේට අපි අගය කරන්න ඕනේ නැත්තම් අපි ගුණමකුවෝ.හැබැයි වැඩේ පටන් ගත්තා වගේ ඉතිරි හරියත් කරන එක වගකීමක් ලොකු පිනක්

      Delete
    2. වැඩේ පිළිවෙලට කළා නම් පට්ට.මට නම් ධාතු වදින්න බලන්න යන්න සෙට් උනේ නෑ :(
      උඹ නම් දෙපාරක්ම ගියා නේ?

      Delete
  4. නැතිකරලා දාන්න ඕනේ අකුසල මූල වෙන අලෝභ, අදෝස වගේ ඒවා මතුවෙන්නේ මේ වගේ පෝලිම්වල තෙරෙපෙන්න ගියාම තමා :)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට සිංහල බෞද්ධයන්ගේ මුවින් පිටවෙන වචන අහන්න ඕනා :)

      Delete
  5. ඔය වගේ වෙලාවට සැදැහැවත් කියන බෞද්ධයන්ගේ අපූරු හැසිරීම් බලාගන්න පුළුවන්... ගහ මරාගෙන, බැණගෙන එහෙම තමයි ගොඩක් අය ධාතූන් වහන්සේලා වන්දනාවට සැරසෙන්නෙ...

    ReplyDelete
  6. පෝළිමක ඉඳීමෙන් හෝ නිදහසේ ගොසින් හෝ කිසියම් පුද්ගලයෙකුගේ ශරීර ශේෂයන් බලා ලැබිය හැකි කුසල් ගැන මට අවබෝධයක් නැත.කුසල් ඇතිවන්නේ සිතේනම් මෙයිට වඩා තවෙකෙකුට ප්‍රයෝජනවත් යමකින් කුසල් රැස් කිරීම නොවටිනේද?

    ධාතු වන්දනාව බුදුන් අනුමත කළා යැයි මම හිතන්නේ නැත.මුසුල්මානුවන්ගේ මක්කම වන්දනාවේත් මෙකී ධාතු වන්දනාවේත් වෙනසක් ඇතිද?

    බුදු දහම භක්තිවාදයෙන් වෙන් කරගන්නේ කෙසේද?ඔය පෝළිමේ ගොස් ගුටි බැට කෙළියකට මැදිව ඔවුන් කෙරෙහිත්, බලය ඇත්තවුන්ට හිස නවා බලය නැත්තවුන්ට බැණ වැදුණු පොලිස් නිළධාරියා කෙරෙහිත්, අසංවිධානාත්මක සංවිධායක මණ්ඩලය කෙරෙහිත් ඇතිවූ අප්‍රසන්න සිතුවිල්ලම අකුසල් සිතක් නොවේද?

    ඇති නේද බණ කිව්වා.මචං ඔය මිනිස්සු තෙරපෙන තැංවලට යන්ඩ එපා.තේරුමක් නෑ.ආසමනං රූපවාහිනියෙ පෙන්නද්දි බලාගනින්.තෙරපිලා කාලෙ නාස්ති කරගෙන ඕක බැලුවාම උඹට ලැබෙන දේ බුදු දහමෙන් විස්තර කරපන්..!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදිහට නම් අපි අනිවාර්යෙන් බැලිය යුතු දෙයක් බෞද්ධයන් විදිහට .සෑහෙන්න පිනක් තියෙන්න ඕනා මචන් ඒ වාසනාව ලැබෙන්නටත්

      Delete
  7. පොලිසිය...... ලංකාවේ පොලිසිය...........

    ReplyDelete
    Replies
    1. පොලිසිය ගැන නම් කියන්න වචන නෑ චාටර්

      Delete
  8. 11 වෙනිදට අපේ ආච්චම්මවත් කැලනි පන්සලට එක්කං යන්න කියලා කිවුවා..
    අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. කැළණියේ තිබ්බ එක ඉවරයිනේ .ආය තියෙනවද බන්

      Delete
    2. ඔව් මචං, මම දැක්ක නිව්ස් එකක් තවත් සතියක් ධාතු ප්‍රදර්ශනය දික් කරන්න ඉන්දීය රජය අවසර දීල කියල. මාතරින් පස්සෙ තිස්ස විහාරෙ දවස් තුනකි, ගංගාරාමෙ දවස් තුනකි, කැළණි පන්සලේ දවස් දෙකකි තියෙනවළු.

      Delete
  9. ලංකාවේ පොලොසියනම් අජපල්

    ReplyDelete
  10. Anonymous9/02/2012

    කවුද කියන්නෙ සෑලසුම්සහගත නෑ කියලා.
    වේගයෙන් ඈත්වෙමින්සිටින ජනයාට ආගමීක ඉන්ජෙක්ශන්ඵක දී තව ටිකකාලයක් හරි නිශ්ක්‍රීයව තබාගෑනීම තමා සෑලසුම.
    ඵ් අතින් බලපුවාම සෑලසුම 100%ක් සාර්තකයි.

    kALPA

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් නැත්තේ නෑ .උඩින් ඕක යනකොට යටින් තව සෑහෙන දේවල් වෙනවයි කියලයි ආරංචිය.ඡන්ද පත්‍රිකා පෝලිම් වල බෙදන එක වගේ

      Delete
  11. බොහෝම පින් අවතාරේ. අපි නම් රූපවාහිනියෙ බැලුවේ. තව මාස දෙකකින් ඉන්දියාවෙ යන්න ඉන්නවා එතකොට ජීවත් වෙලා හිටියොත් එහෙදී බලන්න පුලුවන් වේවි කියල හිත හදා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ යන්න ලැබේ නම් ඉතින් අනිවා බලන්න පුළුවන් නේ

      Delete
  12. අපට මෙහෙම හරි බලගන්ඩ සලස්වපු එකම ලොකු පිනක් අවතාරේ...

    ReplyDelete
    Replies
    1. Anonymous9/03/2012

      හ්ම්ම්..මටත් යන්න උනේ නැහැ.

      Delete
  13. araliya9/03/2012

    matath dathun wahanse balanna yanna bari una ayya.godak pin ayya apita mehema dathun wahanse pennapu ekata.

    ReplyDelete
    Replies
    1. මගේ උත්සාහය අගය කිරීම ගැන මධුරංගටයි ඔයාටයි තෑන්ක්ස්

      Delete
  14. මම නම් ගියේ නැහැ . හිතේ ශ්‍රද්ධාව තියනවනම් තව මොනවද ඕනි.

    ReplyDelete
  15. මමත් පුංචි කාලේ ඔය විදිහටම ජයශ්‍රී මහා බෝධිය බලන්න ගියා. ඒ දවස් වලත් පාන්දර 6 යේ ඉඳන් පැය 10ක් 15 ක් මිනිස්සු කිලෝමීටර් ගානක පෝලිම් වල. හරියට කෑමක් බීමක් නැතුව. (ගන්න කඩයක්වත් තිබුනේ නෑ හරියට). එක වේලාවකදී ඔහොම පෝලිම් කැඩිලා මිනිස්සු ටික එක පොකුරට ඇදිලා ගියා. නවතින්න බෑ. හැඩපාරකට අහුවුණා වගේ ඉස්සරහටම ඇදිලා යනවා. හොඳ වෙලාවට මමයි මල්ලියි අම්මගේ අතේ එල්ලිලා උන්නු හින්ද අපි තුන්දෙනා මගෑරෙන්නේ නැතිව බේරුනා. . එත් අපේ තාත්ත අපෙන් මගෑරුනා. එදා නම් හිතට දැනුනේ කියන්න බැරි තරම් දුකක්.පස්සේ අහම්බෙන් විනාඩි 15 ක් විතර යනකොට 1000ක් විතර සෙනග අස්සේ තාත්තාව හම්බුනා හාස්කමකින් වගේ. නැත්තම් ආපහු කිලෝමීටර් ගානක් වාහනේ තියන තැනට එන්න ඕනේ, නැත්තම් කරන්න දෙයක් හිතා ගන්න බැරුව උන්නේ. . මිනිස්සු මිනුස්සුන්ටම ගගහ පාගාගෙන, බැන බැන යන්නේ වන්දනා කරන්න. එක අතකට ඕවගේ පෝලිම් වල ඉන්න මිනිස්සුන්ගේ සමහර තිරිසන් ගති නිසා තමයි ගොඩක් මිනිස්සු අපහසුතවෙට ලක්වෙන්නේ. (සංවිධානය කිරීමේ දුර්වල කමට අමතරව)

    ReplyDelete
    Replies
    1. වන්දනාමාන කරන අය අතේ 50%ක වගකීම තියනවා

      Delete
  16. අයියෝ ධාතු! බුදුහාමුදුරුවො මේව දැනගෙන හිටිය නං ධාතු ඉතිරි නෙවෙන්නම පිරිනිවන්පානව.

    ReplyDelete
  17. Anonymous9/07/2012

    gon harak.. yana ewunta pissuda manda...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න