Friday, July 27, 2012

සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් )

                   අවතාර් අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.කොහොමඋනත් මේක ගැන බ්ලොග් ලෝකෙත් අතරින් පතර හඩ අවදිවෙනවා.ඒ අතරින් එක බ්ලොගක් සම්පූර්ණයෙන්ම සමරිසින් වෙනුවෙන් පෙනී හිටිනවා කිව්වොත් නිවැරදියි.හැබැයි බඹරු ගැන ලියන ඔහු හෝ ඇය ලංකාවේ සමරිසින්ගේ අයිතිය වෙනුවෙන් ලංකාවේ නැති උනාට ඇමෙරිකාවේ මෙහෙමය අහවල් රටේ මෙහෙමය කියලා උදාහරණ ගේන එකට නම් අවතාර් සම්පූර්ණෙන් විරුද්ධයි.මොකද කියනවනම් ඒ රටවල සමලිංගික කෙසේ වෙතත් විෂම ලිංගික සදාචාරේ උනත් ලංකාවට සම කරන්න පුළුවන් තැනක නෙමේ තියෙන්නේ කියලා මේ රටේ පොඩි දරුවෙක් උනත් දන්නවා.
                          අවතාර් මේ ලියන්න යන්නේ ඔය මාතෘකාව ගැනවත් ඔය දේ හරිය වැරදිය කියන දේ ගැනවත් නෙවේ.කොටින්ම අර බ්ලොග් වලට ගහන මඩකුත් නෙවේ.මේ දවස් වල කට්ටියම අරූ මට මඩක් ගහලා දෙන්නම් ඕකට රිටර්න් එක වගේ පටිරෝල් වෙලා ඉන්න හින්දා මේකත් බ්ලොගයක් අවතක්සේරු කරලා ලියපු එකක් කියලා හිතන්න පුළුවන්.ඒ හින්දා ඔන්න ආය පාරක් කිව්වා මේක එහෙම එකක් නෙවෙයි.
             මේ කියන්න යන්නේ අවතාර් හොඳින්ම දන්න සමලිංගික කතාවක්.(ආ කියන්න බැරි උනා මේක 18+ එහෙකුත් නෙවේ)ඔය කියන දේ හන්දා තරුණ කොල්ලෝ දෙන්නෙක් ගේ ජීවිත විනාස වුන එක ගැනයි මේ කියන්නේ.

                 දෙන්නා ගේ නම් තමයි කැළුම් යි ආනන්ද යි.ඇත්ත නම් දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද කැළුම් දැනටමත් ජීවිතේට සමු දීලා ඉවරයි ආනන්ද මිනිහෙක් මරපු වැරැද්දට ජීවිතාන්තය දක්වා හිරේ ගිහින්.කැළුම් හිටියේ අවතාර්ගේ අල්ලපු ගමේ.අවතාර්ට වඩා ටිකක් වයසින් වැඩිමල්.ඉස්කෝලේ දී උනත් ගමේ වැඩ කටයුතු වලදී උනත් කැපී පෙනෙන චරිතයක්.ක්‍රීඩාව පැත්තෙන් බොහොම දුර ගමනක් ගියපු කෙනෙක්.එතකොට ආනන්ද ඒ ගමේම එක කෙළවරක හිටපු කැළුම්ගේ සම වයසේ නිහඬ චරිතයක්.හැබැයි අවුරුදු උත්සවයක් වගේ උත්සවයක් තියේ නම් මිනිහා එතන මොකද මිනිහා නිවේදන කටයුතු වලට දක්ෂ පුද්ගලයෙක්.
                     කාලය ගතවෙද්දි මේ දෙන්නා හොඳ යාළුවෝ වෙනවා.ගමේ ටිකක් මුළු ගැන්වෙලා හිටපු ආනන්ද කැළුම් එක්ක ටික ටික සමාජගත වෙනවා.තරුණ සමිති ,ක්‍රීඩා තරඟ වගේ දේවල් වලට මේ දෙන්නා යන්නේ එන්නේ එකට.ඒ තරම් හොඳ යාළුවෝ කියලා බැලූ බැල්මට ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.මෙහෙම කාලේ ගෙවෙද්දි හදිසියේම කැළුම් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කියලා ආරංචියක් ගමේ පැතිරෙනවා.රෝහල් ගත වෙලා තියෙන්නේ තදටම ගින්නෙන් පිච්චිලා කියලයි දැනගන්න හම්බවෙන්නේ.ඒත් අනතුර වෙලා තියෙන්නේ කොහොමද කියන එක හැමෝටම ප්‍රශ්නයක්.ඇත්ත වැඩිකාලයක් වසන් වෙලා තියෙන්නේ නෑ කියලා කවුරුත් දන්නවනේ.ඇත්ත දැනගත්තම ඒක බට කැලේට ඇවිලුනු ගින්න වගේ ගමේත් අහල පහල ගම්වලත් පැතිරෙනවා.
                    කැළුම් ගෙයි ආනන්ද ගෙයි යාළුකමින් පටන් ගන්න බැඳීම යාළුකමට එහා ගිය එකක් බවට පත් වෙනවා.ඒ කියන්නේ කැළුම්ටයි ආනන්දටයි දෙන්නට දෙන්නා නැතිව බැරි තත්වයකට පත් වෙනවා.අවතාර්ට හිතෙන විදිහට ඒකට ඒ අයගේ චරිත ලක්ෂණ බලපාන්න ඇති.කැළුම් සමාජශීලී චරිතයක් වීමත් ආනන්ද නිහඬ චරිතයක් වීමත්.මේ දෙන්නා හොඳ යාළුවො වගේ ගමේ අයට පෙනුනට ඒ දෙන්නා එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා.සමලිංගික ප්‍රේමයක්.මේ දෙන්නා අතර අසම්මත ලිංගික ක්‍රියා පවා සිදු වෙනවා.
               මේ විදහට කාලයක් යනකොට කඩවසම් කොල්ලෙක් උන  කැළුම්ට කෙල්ලෙකුගේ ආදරේ හම්බෙනවා.මිනිහා ආනන්දට හොරෙන් මේ ආදරේ ටික ටික සපල කරගන්නවා.ඒත් කැළුම් වෙනුවෙන් පන දෙන්න හිටපු ආනන්දට කැළුම් ගේ සම්බන්ධය ආරංචි වෙලා ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නවා.එක පාරටම කැළුම් තමන්ගේ ආදරවන්තියත් එක්ක රට යන්න තීරනය කරනවා.සමහර විට ආනන්දගෙන් මිදෙන්න ඒක හොඳම ක්‍රමේ කියලා කැළුම් හිතන්න ඇති.මේක ආරංචි උනාම ආන්නද උමතු වෙනවා.තමන්ගේ ආදරවන්තයා තමන්ව දාලා යනවා කියලා දැනගත්තහම ආනන්ද තීරණයක් ගන්නවා.
                         ආනන්ද එක රෑක කවුරුත් නැති තමන්ගේ ගෙදරට කැළුම්ට එන්න කියනවා.කැළුම්ටත් මේකේ වැඩි විශේෂත්වයක් නැති නිසා ආන්නදගේ ගෙදරට යනවා.ආනන්දයි කැළුමුයි  ගෙනල්ලා තිබුන මත්පැන් බෝතලේ ටික ටික හිස් කරනවා.කැළුම් මේ වෙලාවේ දන්නේ නෑ තමන් මේ බොන්නේ ජීවිතේ අවසන් වතාවට කියලා.බොනවා වගේ  රඟපාන  ආනන්ද කැළුම්ට හිටගෙන ඉන්න බැරි ගානට එනකම් පොවනවා.කැළුම්ට තමන්ව වත්තන් කරගන්න බැරි තරමට වෙරි බව දැනගත්තු ආනන්ද කලින් දවසේ ගෙනල්ලා හංඟපු පෙට්‍රල් කෑන් එක එලියට ගන්නවා.කැළුම්ගේ ඔලුවේ ඉඳන් දෙපතුල් යනකම්ම පෙට්‍රල් වලින් නාවපු ආනන්ද තමන්ගේ ආදරවන්තයාගේ මූණ දිහා තව පාරක් බලලා තමන්ගේ ආදරය තව කාටවත් දෙන්නේ නෑ කියන චේතනාවෙන් ගිනි කූර කැළුම්ට ළං කරනවා.
               ගිනි ජාලාවක් මැද්දේ පිච්චෙන කැළුම් තමන්ගේ ජීවිතේ රැකගන්න ගින්දර පිටින්ම දුවනවා.මේ කියන හරිය කළුගල් කඩන ගල්වලවල් තියෙන  ප්‍රදේශයක්.වතුර පිරිලා තිබුන ඒ ගල් වලකට පැනපු කැළුම් කෑ ගහලා උදව් ඉල්ලනවා.ගමේ කට්ටිය ඇවිල්ලා කැළුම්ව රෝහලට ඇතුලත් කරද්දි කැළුම්ගේ ශරීර අවයව බරපතල විදිහට ගිනි රස්නෙන් තැමිබිලා ඉවරයි.ඩොක්ටර්ස්ලනම් කියලා තිබ්බේ ගින්දර පිටින් වතුරට පැනපු හින්දා තත්වේ තවත් දරුණු උනා කියලා.දැඩි සත්කාරේ දවස් දෙක තුනක් හිටපු කැළුම් අවසන් ගමන් යනවා.
                          කැළුම්ගේ මලගම දවසේ මුළු ගමම අඬනවා.විලංගු දාගෙන පොලිස් නිලධාරීන් එක්ක ආනන්දත් කැළුම්ගේ මෘත දේහය බලන්න එනවා.එවෙලේ ආනන්දගේ අඬපු හැටි දැකක්හම කනින් කොනින් ඇහුන ආරංචිය ඇත්තක් කියලා ගමේ අයට තේරුම් යනවා.
                 හැබෑ කරගන්න බැරි හීනයක් පස්සේ ගිහිල්ලා අද වෙනකොට කැළුම් ජීවතුන් අතර නෑ.ආනන්ද කැළුම් ගැන හිත හිත දවසේ ගානේ මැරි මැරී වැලිකඩ බන්ධනාගාරේ හිර කූඩුවක් ඇතුලේ.

116 comments:

  1. අනේ මන්දා මේකට මොනා කියන්නද කියලා මම ඉන්න රටේ නම් ප්‍රසිද්ධියේම එහෙම අය ජිවත් වෙනවා...විවාහ වෙනවා..ඒත් ලංකාවේ එහෙම ඉන්න බෑ..ඒක හරිම ලැජ්ජාසහගත දෙයක්..මන් දන්න කෙනෙක් ඉන්නවා ඔය තත්ත්වෙට පත් වෙච්ච..එයාට එහෙම වෙලා තියෙන්නෙ එයාගෙ දෙමාපියන්ගෙ වරදින්...

    ReplyDelete
    Replies
    1. Anonymous7/27/2012

      දැන් එතකොට මේ වගේ සිදුවීම් සිද්දවෙන්නෙ සමලිංගිකයන් අතරෙ විතරද? විෂම ලිංගිකයො ආදරේ කැඩුණහම පෙම්වතිය පුච්චන්නෙ මරන්නෙ නැද්ද?

      Delete
    2. ඔව් සමහර රටවල් වල නම් මේ දේ එච්චර ලොකු දෙයක් නෙවේ .හැබැයි මේක අපේ රටට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්

      Delete
    3. Anonymous7/28/2012

      මේක නෙවෙයිනෙ ඔයාගෙන් අහපු ප්‍රශ්නෙ. සිංහල තේරෙනවද? විෂම ලිංගිකයො තමන්ගෙ පෙම්වතිය මරපු අවස්ථාවල ඔයා ඒක විෂම ලිංගික ප්‍රේමයේ වැරද්දක් ලෙස නොදකින්නේ ඇයි?

      Delete
    4. මොකද මේ ඇනෝ කුලප්පු වෙලා. මම රිප්ලයි කරලා තියෙන්නේ නිෂ්ට.මගෙ රිප්ලයි එක ඇනෝගේ කමෙන්ට් එකට උඩින් වැටෙන්නේ නැති එක මගේ වැරැද්දක් නෙවේ.ඇනෝ මේ දේ ගැන අතිශෝක්තියෙන් කතා කරන තෙනෙක් වෙන්න පුළුවන් .කමෙන්ට් කරන විදිහෙන් ඒක පේනවා.හැබැයි මේ ඇනොත් මට තව ඇනෝ කෙනෙක් විතරයි.
      ආපු එකේ ඇනෝගේ ප්‍රශ්නෙටත් උත්තර දීලා යන්නම්කෝ.විෂම ලිංගිකත්වය යි සම ලිංගිකත්වයයි සම කරන්න බෑ කියන එක දුකින් උනත් පිළිගන්න වෙනවා.ඒක එහෙම වෙද්දි පෙම්වතියක් පෙම්වතෙක් ආදරේ කරලා ඒකෙන් කෙනෙක් මියයන එකයි සමලිංගික ආදරේකින් කෙනෙක් මිය යන එකයි දෙකම එක වගේද ?හැබැයි මම සමලිංගිකත්වය නීති ගත කරලා තියෙන රටක හිටියනම් මට ඇනෝට එකඟ වෙන්න වෙනවා.ඒ කියන රටවලයි අපේ රටවලුයි අතරේ සංස්කෘතියේ සදාචාරේ වෙනසක් තියනවනම් ඒ රටවල් වල වෙන හැමදේම මේරටේ වෙන්න දෙන්න බෑ

      Delete
    5. Anonymous7/29/2012

      ඔව් දෙකම එක වගේ තමයි. ඔයාගෙ තියෙන මැටි මොළේට ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් නෑ. ඉතින් ඔයා මේ සිංහල බෞද්ධ තලේබාන් සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙක් වාගේ බහුබූත කියමින් යනවා. අඩු ගානෙ තමන්ට වැරදුනේ කොතැනද කියලා වත් තේරුම් ගන්න ඔයාට බෑ. මේක වෙන කාගෙවත් නෙවෙයි ඔයාගෙ බුද්ධි හීනතාවය පිළිබඳ ගැටළුවක්. මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා බලන්න. ඕක සුවකර ගන්නම බැරි ලෙඩක් නෙවෙයි.

      Delete
    6. ඇනෝ මෙච්චර තරහ ගන්න එපා .ඔය කතා කරන්නේ මෙතන කමෙන්ට් දැක්කහම හිතට එන තරහ.මේ පොස්ට් එක දැම්ම කියලා ඔය ගොල්ලන්ට ප්‍රශ්නයක්වත් ඔය ගොල්ලන්ට විරුද්ධව මතයක් වත් ඇති කරන්න මට බෑ.එහෙම කරන්න ඕනෙත් නෑ.මම දැම්මේ මම අහපු දැකපු ඇත්ත දෙයක් .ඒගැන එක එක අය එක එක විදිහට කමෙන්ට් කරලා තියනවා.හැමෝම හිතන්නේ හැමෝටම දැනෙන්නේ එක විදිහට නෙවයිනේ .

      Delete
    7. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
    8. @ Anonymous7/29/2012
      ඇනෝ , කරුණාකරලා බුද්ධාගම මේ ගූ හුචක්කු වලට ගාව ගන්න එපා. ලංකාවේ භාවිතා වෙන පිරිසිදු බුද්ධාගමක් නැහැ. බුද්ධාගමේ කෙනෙක් අනිත් කෙනෙකුගේ කැමැත්ත විවේචනය කරන්න , විමසලා බලන්න , චික් කැතයි , හරි හොඳයි කියන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ලිංගිකත්වය.

      ගෞතම බුදුන් කිසි තැනක ගිහි ලිංගිකත්වය සම හෝ විෂම ලිංගික වේවා විවේචනය කරන්න , නීති පනවන්න ගිහිල්ල නැහැ. ඒ අතින් බැලුවහම ලිංගිකත්වය ට වැඩිම නිදහසක් දීල තිබෙන ආගම බුද්ධාගම විය යුතුයි.

      ඒ බව හොඳට පේනවා තායිලන්තය වගේ තවමත් පිරිසිදු බෞධයන් වැඩි පිරිසක් සිටින , බටහිර යල්පැනගිය වික්ටෝරියානු සභ්‍යත්වය ගෙඩි පිටින් වැළඳ නොගත්ත රට වල සමාජයේ තිබෙන ලිංගික නිදහස දෙස බැලුවහම.

      කරුණා කරලා ප්‍රශ්නෙක හරි කොනෙන් අල්ල ගන්න.

      Delete
  2. අනේ මන්ද අතිතයේ ඉදනුත් තිබ්බාය කියනව, ලෝකේ වෙනත් රටවල නිත්‍යානුකූල දෙයක්ය කියලත් කියනවා. කව්රු මොනව කිව්වත් මට හිතෙන හැටියට නම් මේ දේ එක්තරා අසාමාන්‍ය (විකෘති කිව්වහම අපහාස කලා කියයිද දන්නැහැනෙ) මානසික තත්වයක්. ස්භාවධර්මයෙ සාමාන්‍ය සැකැස්මෙන් පිට පැනපු දෙයක්. ඉතිං නීතිගත කරල අනුබල දෙනවට වඩා නිවරැදි සම්මතේට එන්න මඟ පෙන්වීමක් කරනව නම් වඩාත් ඵලදායී වේවි.

    ReplyDelete
    Replies
    1. Anonymous7/27/2012

      දැන් එතකොට මේ වගේ සිදුවීම් සිද්දවෙන්නෙ සමලිංගිකයන් අතරෙ විතරද? විෂම ලිංගිකයො ආදරේ කැඩුණහම පෙම්වතිය පුච්චන්නෙ මරන්නෙ නැද්ද?

      Delete
    2. ඇනෝ කෙනෙක් ඇවිල්ලා ආවේගයෙන් කමෙන්ට් කරලා තියෙනවා.ඇත්තටම සමහරු මේක තේරුම් අරන් තියෙන්නේ වැරදියට.

      Delete
    3. Anonymous7/28/2012

      ඉස්සෙල්ල අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.

      Delete
    4. ඔන්න අහලා තියෙන ප්‍රශ්නෙට උඩින් උත්තර දීලා තියෙනවා.හැම තැනම එකම කමෙන්ට් එක දාලා එකම ප්‍රශ්නේ අහලා තියෙද්දි ඒ හැම එකකටම උත්තර දිදී ඉන්න තරම් වෙලාවක් අන්තර්ජාලේ ගත කරන්නේ නෑ.
      අවතාර් විරුද්ධ සමලිංගිකයින්ටවත් සමලිංගිකත්වයටවත් නෙවේ.ඒදේ අසම්මත වෙලා තියන කොට ඒ අය කාටවත් කරදරයක් නොවී අනිත් මිනිස්සු වගේම ජීවත් වෙලා ඉද්දි (සුළු පිරිසක් විදියට )ඒ දෙයින් ප්‍රශ්නයක් නොවේ කියලා මිනිස්සුන්ට කාවද්දලා අර පිරිස වැඩි වෙන්න රුකුලක් වෙන එකටයි විරුද්ධ(එහෙම උනාම ප්‍රශ්න ඇති වෙන නිසා).ඒ දේ ලිපියේ කියලා තියනවා.ඕක තේරුම් අරගෙන නැති හින්දා තමා අර විදිහේ රිප්ලයි එකක් දිලා තියෙන්නේ

      Delete
    5. Anonymous7/29/2012

      මේක ඔයාගෙ බුද්ධි හීනතාවය පිළිබඳ ගැටළුවක්. ඒකට මුලින්ම ප්‍රතිකාර කරල ඉඳිමු.

      Delete
    6. Anonymous8/02/2012

      AnonymousSaturday, July 28, 2012 2:30:00 PM PDT
      I can give a good treatment for you... 16" M 29.. please contact me...
      k.ganpasan@yahoo.com

      Delete
    7. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
  3. අනේ මන්දා අවතාර් මේවා ගැන හරි උනන්දුයිනෙ.

    ReplyDelete
    Replies
    1. හෑහ් මොකද්ද ඒ කතාව :)
      ඇත්තටම මට ඕනා කරේ ඔය සමහරු කියන සුන්දරත්වය අස්සේ මේ වගේ දේවලුත් තියනවා කියලා කියන්න

      Delete
  4. ඕක ඉතින් සමලිංගික විශම ලිංගික කියලා නෑ.ඕවා වෙන්නේ ඉතිං අහිමි වීමක් දරාගන්න බැරි මිනිස්සු අතින්.

    සමලිංගිකත්වයට මගේ තියෙන්නෙත් විරෝධී ආකල්පයක්.ඒත් ඉතිං දැං අපි අපේ සියළුම සංස්කෘතික සීමා පනවන්න යොදාගන්නේ බටහිර ක්‍රමවේදයනේ.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න බටහිර සංස්කෘතිය හැම දේකටම මේ රටවල් වල උදාහරණ ඇදලා ගන්න මිනිස්සු අපේ රටේ තවමත් ඉන්නවා.ඒ කරලා ලංකාවේ සංස්කෘතිය පිරිහිලා අපරාධ වැඩියි කියලා කෑ ගහනවා

      Delete
    2. ඒත් සහෝ, අපේ අපේ කියල කියන සංස්කෘතිය ඇත්තටම අපේ කියල මම හිතන්නේ නැහැ. ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. අනික සහෝ සංස්කෘතිය කියන දේ වෙනස් විය යුතුයි. එහෙම නැත්නම් ඒක පවත්වාගන්න වෙන්නේ නීති වලින්. නීති වලින් රකින සංස්කෘතිය අනිවාර්යෙන්ම නීතියට පිටින් බිදෙනවා. අනික මිත්‍රයා බටහිර පෙරදිග කියන බෙදීම තුල මේ දේවල් කතා කරන කොට තමයි යම් ප්‍රශ්නයක් විග්‍රහ කරන්න මේ වගේ සංස්කෘතය යන වචනය යොදා ගන්නේ. සමලිංගිකත්වය කියන දේට එහෙම බටහිර පෙරදිග බෙදීමක් නැහැ. අනික සමලිංගිකත්වය කියන්නේ ගොඩක් මානුශික කාරණාවක් කියල තමයි මම හිතන්නේ.

      Delete
  5. Anonymous7/27/2012

    lankawa inna ponnayo occoma maranna ona.wadagath minihakta wadagath widihata jewath wanna danna nati sakkili ballo

    ReplyDelete
    Replies
    1. Anonymous7/27/2012

      අන්න හොඳ වැඩක්. ඔක්කොම මරමු. නිකං නෙවෙයි ගල් ගහලා මරමු අරාබියෙ වගේ. එතකොට ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. සාදු සාදු සාදු. සිංහල බෞද්ධ රාජ්‍යය දිනේවා.

      Delete
    2. @ AnonymousFriday, July 27, 2012 5:44:00 AM PDT
      අන්න එතන නම් පොඩි ගැටළුවක් තියනවා.මොකද ඒ ඉන්නෙත් අපි වගේම මිනිස්සුනේ

      Delete
    3. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
  6. Anonymous7/27/2012

    This is true story and i know incident.i also do not accept these type of affairs but being gay or lesbian their decision we can not control them according to our thoughts. if they enjoy their life in that way we should not worry about it.

    ReplyDelete
    Replies
    1. I agreed to you 100% .I think you are live in near my village.

      Delete
    2. Anonymous9/07/2012

      correct form of English is, I agree with you 100%. I think you are living near to my village.

      Delete
  7. සම ලිංගික ඇසුර නිසා ඔයවගේ හානි විතරක් නෙවෙයි තවත් අපට පේන්නෙ නැති ලොකු හානියක් සිද්දවෙනවා .මොකද අපේ අනාගත පරපුර එන්න එන්නම අඩුවෙනවා පුන්චි පවුල රත්තරන් කියන බටහිර ආරෙට ගිහින් දැන් සින්හල ජාතිය දැන් සෑහෙන අඩුවෙලා . ඒමදිවට මේ සමලින්ගික විවාහ ක්‍රියාවලියත් ආවොත් . ඒවගේ දෙගුනයක් වේගෙන් රටේ අනාගත දරු පරපුර නැතිවෙලා යන්න ගන්නව. දැනට තියන නීති සම්ප්‍රදාත යතසමාජ සන් ස්කෘතියත් නිසා යන්තම් හරි මේ විනාසෙන් අපි ගැලවිලා ඉන්නෙ මගේ මතය නම් සමලිඟිකයෝ ඕනෙම නෑ කියන එකයි . ස්භාවධර්මයෙන් මිනිස්සු ලිංග දෙකකට හැදෙන්නෙ වර්ගයා බෝකරන්න ඉතින් මේ ස්භාවික ක්‍රියාවලියට පිටින් කරන ඕනම දෙයක් විකෘතියක් . ්මේවගේ දේවල් වලින් දීර්ග කාලීනවත් මේ සිද්ධියෙ තියනව වගේ කෙටිකාලීනවත් විනශකාරී ප්‍රතිඵලම තමයි ලැබෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. Anonymous7/27/2012

      සම්පූර්ණ ඇත්ත. ඕකෙන් විතරක් නෙවෙයි. ළමයි මහණ කරන එකෙනුත් සිංහල ජාතිය වඳ වෙන්න පුළුවන්. ඇයි මහණ වුණායින් පස්සෙත් ලමයි හදන්නෙ නැහැනෙ. ඒතක් වහාම නතර කරලා සිංහල ජාතිය බේරා ගන්න ඕනැ.

      Delete
    2. Anonymous7/27/2012

      /මේවගේ දේවල් වලින් දීර්ග කාලීනවත් මේ සිද්ධියෙ තියනව වගේ කෙටිකාලීනවත් විනශකාරී ප්‍රතිඵලම තමයි ලැබෙන්නෙ ./

      විෂම ලිංගික පෙම්වතෙක් තමන්ගෙ පෙම්වතිය පිච්චුවොත් විෂම ලිංගික සම්බන්ධතාත් නතර කරන්න ඕනැද එතකොට? මාරයිනෙ ඔහේගෙත් මොළේ.

      Delete
    3. @ AnonymousFriday, July 27, 2012 7:34:00 AM PDT
      කොහෙන් පටන් ගත්තත් අවසානෙට ඉවර වෙන්නේ බුද්ධහගමින්.මේ රටේ කසාද බඳින්න ඉන්න තරම් ප්‍රතිශතයක් මහණ වෙනවද ? පුදුමයි

      ආදරේ පැරදිලා මැරෙන මරන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ බටහිර රටවල් වල තියෙන දේවල් මේ රටට බලෙන් ඈඳන්ඩ හදන එකයි ප්‍රශ්නේ

      Delete
    4. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
  8. Anonymous7/27/2012

    අනේ දෙයියනේ.............. මෙහෙම දේවල් ඇත්තටම වෙනවද?? :( දුකත් හිතුන මට..:(

    ReplyDelete
    Replies
    1. Anonymous7/27/2012

      දැන් එතකොට මේ වගේ සිදුවීම් සිද්දවෙන්නෙ සමලිංගිකයන් අතරෙ විතරද? විෂම ලිංගිකයො ආදරේ කැඩුණහම පෙම්වතිය පුච්චන්නෙ මරන්නෙ නැද්ද?

      Delete
    2. @ හිරුහිමාවී
      ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් තමා හිරුමාවී :(
      @ ඇනෝ
      මොකද නැත්තේ ඕන තරම් වෙනවා.හැබැයි ඒකයි මම කියලා තියෙන දේයි අතර වෙනසක් තියනවා නේද?

      Delete
    3. Anonymous7/29/2012

      /මොකද නැත්තේ ඕන තරම් වෙනවා.හැබැයි ඒකයි මම කියලා තියෙන දේයි අතර වෙනසක් තියනවා නේද?/

      නෑ කිසිම වෙනසක් නෑ. ඔයාගේ බුද්ධි හීනතාවය නිසා ඒක ඔයාට තේරුම් ගන්න බැරිවීම තමයි මේ ගැටළුව.

      Delete
    4. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
  9. ම්ම්..මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන දේම මදෑ

      Delete
  10. Anonymous7/27/2012

    eeya malajarawa

    ReplyDelete
  11. Anonymous7/27/2012

    අවතාර් උඩු***ව කිට්ටුවද?ඒ පැත්තෙන් ඔය වගේ කතාවක් ආරන්චි උනා.දැනට අවුරුදු 7,8කට කලින් විතර මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. නිගමනය හරි

      Delete
    2. Anonymous7/29/2012

      උඩුබද්දාව

      Delete
    3. හරියට හරි

      Delete
    4. Anonymous10/08/2013

      මොනව යකෝ අපේ පැත්තෙ මෙහෙම දේවල් වෙනවද?

      Delete
  12. මොනා උනත් මනුස්සයෙක් මැරුව එකට නම් හරියි කියලා කියන්ඩ බෑ...

    ReplyDelete
    Replies
    1. හැබෑ කරගන්න බැරි හීනයක් පස්සේ ගිහිල්ලා දෙන්නම විනාස උනා

      Delete
    2. Anonymous7/28/2012

      දැන් ඉතින් ඔය පවුල් අවුල් වෙලා කරන මිනී මැරුම් වලින් මැරෙන්නෙ මිනිස්සු නෙවෙයිද? එහෙනම් ඔය ගොල්ල කියන විදියට කසාද බඳින එකත් වැරදියිනෙ.

      Delete
    3. ඔබට පිලිතුරු උඩින් ඇති මෙවැනිම කමෙන්ට දෙකකට දීලා තියනවා.එක තැනක විතරක් තමන්ගේ අදහස කියනවනම් ලොකු දෙයක්

      Delete
    4. Anonymous7/29/2012

      ඔබේ බුද්ධි හීනතාවයත් එක තැනක විතරක් ප්‍රදර්ශනය කරනව නම් එතැන විතරක් උත්තර දෙන්නම්.

      Delete
    5. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
  13. අයියෝ අපරාදේ කැලුමයා....ආනන්දයා ආදරෙන් මත්වෙලා හිටියා නිසා සික් එකටම තමා ඌව මරන්න ඇත්තේ.....

    ReplyDelete
    Replies
    1. එතනම් මොනවා උනත් ආනන්ද සිරාමයි ලව් කරලා තියෙන්නේ. සෙල්ලං නෑ නෙහ්

      Delete
  14. ඇත්තෙන්ම මේ වගේ දේවල් ගැන මිනිස්සු මීට වඩා දැනුවත් වෙන්න ඕන .....

    ReplyDelete
    Replies
    1. කොයි ලිංගිකත්වය ගැන වුනත් හොඳ දැනුමක් තියේ නම් ගොඩක් දේවල් හොඳ විදියට සිද්ධ වෙනවා

      Delete
  15. සමලිංගික ආකර්ෂණය කියන්නේ පට්ට මානසික ලෙඩක් කියලා මං නම් දකින්නේ.. ඇබ්බැහි උන කෙනෙක්ට උනත් ඕනේ කමක් තියෙනවා නම් ගැලවෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් උත්සාහ කරනවනම් මිදෙන්න පුළුවන්

      Delete
    2. Anonymous8/14/2012

      uba kohomada danne???

      Delete
  16. හුඟක් අය එළිපිට කතාකරන්න අකමැති මාතෘකාවක්. වෙන මොකක්වත් නිසා නෙවෙයි තමන්ටත් කාඩ් වැදෙයි කියල බයට. මේ වගේ කතාවක් තමන්ගෙ බ්ලොග් එකේ ලියන්නත් ධෛර්යක් හැමෝටම නෑ. මේ සිදුවීම ගත්තත් හරිම අවාසනාවන්ත සිද්ධියක්. මොන විදියෙ ආදරයක් වුනත් වෛරයකට පෙරලෙන්න ගතවෙන්නෙ නිමේෂයයි කියල කියන කතාව බොරුවක් නෙවෙයි. ඒක තමයි මිනිස් ස්වභාවය. අහිමිවීම දරා ගන්න අමාරුයි. ඒ වුනාට හැමෝම මෙහෙම වැඩ කරන්නෙ නෑ. මිනිස්සු විවිධාකාරයි නේ. එකිනෙකාගෙ දරා ගැනීමේ ශක්තිය වෙනස්.
    මට නම් හිතෙන්නෙ මේ සිද්ධියෙදි වැරැද්ද කරල තියෙන්නෙ කැළුම් කියල. මොකද ඔහු මෙවැනි සම්බන්ධයක් කැමැත්තෙන්ම පැවැත්වූවානම්, එය එක් වරම නැතුව ක්‍රමයෙන් අනෙක් සඟයගෙන් ඈත් වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් හංගලා තියාගෙන ඉන්න තරමට තමයි රටේ අපරාධ වැඩි.අවතාර්ගේ අදහස නම් ලිංගිකත්වය කියන දේ ගැන මීට වඩා දැනුමක් ලොකු පොඩි කාටත් ලැබෙන්න ඕනේ. ඒවා හංගන්නේ නැතුව.අවශ්‍ය දේ අවශ්‍ය තරමට අවශ්‍ය කාලෙට

      Delete
  17. මොනවා කියන්නද මන්දා ? උපාදානය [මමය, මාගේය] කියලා තදින් අල්ලා ගන්න එක අතාරින්න අපි උත්සහ කරන්න ඕනේ. ගැහැණු වේවා පිරිමි වේවා

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් ඕන කෙනෙක්ට පොදුයි .ලිංගිකත්වය මොක උනත්

      Delete
    2. හිත් වල හැටි හරිම පුදුමයි....පුරුදු වෙන්න ලේසියි...ඒත් ඒකෙන් මිදෙන්න හරිම අමාරුයි......
      (මේක ගැන කතා කරන එකම මේව වැඩි වෙන්න හේතු වෙනවද කියලත් මට හිතෙනවා..)

      Delete
    3. @ පිසාචයා

      යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති ... මොක්ඛන්ති මාරබන්ධනා

      Delete
  18. මොනව වුනත් දෙන්නම පව් . . .
    ආදර මල් වල පාට කියන්න . . කියලා කසුන් කල්හාරගේ සින්දුවේ කියන්නේ ආදරේ කොයි වගේද කියලා කාටවත් නිවර්චන දෙන්න බැරි හින්දා වෙන්න ඇති . .

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුවත් ඒඅයට ගහපු එකක් කියනවනේ

      Delete
  19. සමලිංගික සේවනේ කරන්නේ පිස්සෝ..
    හොදම උදාහරණෙ ඔය උඩිං ඇනෝ කෙනෙක් විදිහට කමෙන්ට් කරන සමලිංගිකයා..

    ReplyDelete
    Replies
    1. ඇනෝ කෙනෙක් ඇවිල්ලා දිගට හරහට වනලා
      මේ පෝස්ට් හින්දා අවතාර්ටත් තරහකාරයෝ හැදෙයිද දන්නෑ

      Delete
    2. Anonymous7/28/2012

      අනේ නෑ. මෝඩයා කියලා මරන්නයැ? :-)

      Delete
    3. මම අහපු දැකපු දෙයක් ගැන ලියන එක මෝඩකමද්ද?මේ දේවල් හංඟලා තියන්න ඕනේ නම් සමලිංගිකත්වයේ ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ කොහොමද?
      ඕකෙන් අදහස් කරන්නේ සමලිංගිකත්වය ගැන කතාකරන සේරම මෝඩයෝ කියලා බව පේනවා

      Delete
    4. Anonymous7/29/2012

      ඔයාගෙ මෝඩකම ඔයාට ජීව විද්‍යාව පිළිබඳ කිසිම අවබෝධයක් නැතිකම. ඒ අනවබෝධය මත වෙන දේවල් පටලවාගෙන තමන්ට වැරදුනේ කොතැනද කියලා වත් හොයා ගන්න බැරි තරමට වල්මත් වෙච්චි එක. මුලින්ම ඔයාගේ බුද්ධි හීනතාවයට ප්‍රතිකාර ගන්න.

      Delete
    5. Anonymous8/02/2012

      අවතාර්....
      පොන්නයෙක් උඹේ බ්ලොගේ රීලා නේද?.... මුන් මෙච්චර ප්‍රචන්ඩ විදිහට හැසිරෙන්නේ මුන්ට තියෙන ලින්ගික හා මානසික අසහනය නිසා කියලා පෝස්ට් එකෙන් විතරක් නෙවේයි කොමෙන්ට් වලිනුත් පැහැදිලියි....
      මූ බුද්දාගමට බනින විදිහට නම් මේ පර බල්ලාට පන්සලකින් දානෙ හම්බවෙලා වගේ...

      Delete
  20. අසහනය නිසා කරන විකෘති දේවල්

    ReplyDelete
    Replies
    1. එක අතකට එහෙම කියන්නත් පුළුවන්

      Delete
  21. අනේ මන්දා.. ලංකාවෙත් දැන් ඒ දේ ප්‍රසිද්ධියේ කරන්න තරමටම සංවිධාන තියනවා. මම හිතන්නේ ඔය උඩ ආවේගයෙන් කමෙන්ට් කරලා තියන ඇනොත් එහෙම කෙනෙක් වෙන්න ඇති. ඒත් මටනම් පුද්ගලිකව ඒ දේ පිළිකුල් සහගතයි. නමුත් ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළුවුනත් ඒක අමුතු විදියකට දකින සමජෙක අපි ජීවත් වෙන හින්දා වෙන්න ඇති එහෙම හිතෙන්නේ. කොහොමත් අපේ රටේ ලිංගිකත්වය කියන්නේ හංගලා කතා කරන, හැංගිලා කරන සෙල්ලමක් නේ. ඔය හින්දා ගොඩක් අසහනයෙන් පෙලෙන අය රටේ ඉන්නවා. ඒ නිසා තමයි අද දුෂණ කේස් වැඩි. ඒත් කිසි කෙනෙක් ඒවා ගැන කතා කරන්නේ නෑ.

    ReplyDelete
  22. මේ කථාව කියෙව්වාම මම පුදුම උනා.. විශේෂයෙන් මේ සිද්ධිය ගැන..
    සමලිංගික ක්‍රියාකාරකම් ගැන මට නම් තියෙන්නෙ පිළිකුලක්... ලෝකයේ ජීව ගුණය පැවතිලා තියෙන්නෙ අලුත් පරම්පරාවක් නිරතුරැ බිහිවීමෙන්... ඒ සදහා විරැද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ශනයෙන් ඇති වන බැදීම හේතුවී තිබෙන්නෙ... එයට පරිභාහිර සමලිංගික විවාහ බොහෝ රටවල තහනම්...

    ReplyDelete
    Replies
    1. සමලිංගික විවාහ නීතිගත උනොත් මෙහෙම ප්‍රශ්නයක් ඇති නොවේ කියන එක විහිළුවක්

      Delete
  23. Anonymous7/28/2012

    විෂම ලිංගිකෙයක් කෙරහි ලිංගික ආසාවක් ඇතිවෙන්නේ නැත්තම් ඔහු හෝ ඇය උපතින්ම යම් අඩුපාඩුවක් ඇතිව ඉපදුනු කෙනෙක්.හැබැයි මෙහෙම අයව පිළිකුල් කරන එක නම් සුදුසු නෑ.මොකද ඒත් මනුස්සයෝම තමයි.හැබැයි එහෙම ගොඩක් අයට ඒකෙන් මිදෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ ඒකට උදව් කරන එක මිසක් ගැලපෙන්නේ නැති දෙයක් බලෙන් ඇති කිරිම නෙමේ

    ReplyDelete
    Replies
    1. //මෙහෙම අයව පිළිකුල් කරන එක නම් සුදුසු නෑ// අනිවාර්යෙන්ම මොකද ලිංගිකත්වය කියන්නේ මුළු ජීවිතේම නෙමේනේ.ඒ අය එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වුනහම අවුලක් නෑ .ලිංගිකත්වය ඒ අයගේ පෞද්ගලික දෙයක්

      Delete
  24. Anonymous7/28/2012

    I see no harm, If one man/woman confined to another man or woman. sexual orientation doesn't matter

    ReplyDelete
    Replies
    1. ඒකේ ප්‍රශ්නයක් නෑ .ඒ වගේ අය දැනටමත් රටේ ඉන්නවා කියන එක නොරහසක් .හැබැයි සමලිංගික ඇසුර නීතිගත නොවනතාක් කල්

      Delete
  25. තමන්ට කැමති ලිංගිකත්වයක් දැරීමට ඕනෑම කෙනෙකුට අයිතිය තිබිය යුතුයි.

    කෙල්ලන්ට කැමති නැති කොල්ලෝ දෙන්නේක් ලිංගික ඇසූක් පැවැත්වුනාට පඅිය මොකෝ?

    කොල්ලන්ට අකමැති කෙල්ලෝ දෙන්නෙක් ලිංගික ඇසුරක් පැවැත්වුවාට, ඒත් අපිටි මොකෝ?

    කැමති නැති අය ලවා බලෙන් සංසර්ගය කොරෝලා ළමයි හදලා, ඊට පස්සේ?

    අපිට ඕන දේවල් අනුන් මත පටවන්න යාමත්, අපි කැමති දෙයට ප්‍රතිවිරුද්ධ දේවලට කැමති අය විකෘතියකින් පෙළෙන අය බව කීමත් තරං වෙන අමන මොල මොට්ටල දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ට කැමති ලිංගිකත්වයක් දැරීමට ඕනෑම කෙනෙකුට අයිතිය තිබිය යුතුයි.

      කෙල්ලන්ට කැමති නැති කොල්ලෝ දෙන්නේක් ලිංගික ඇසූක් පැවැත්වුනාට අපිට මොකෝ?

      කොල්ලන්ට අකමැති කෙල්ලෝ දෙන්නෙක් ලිංගික ඇසුරක් පැවැත්වුවාට, ඒත් අපිට මොකෝ?

      කැමති නැති අය ලවා බලෙන් සංසර්ගය කොරෝලා ළමයි හදලා, ඊට පස්සේ?

      අපිට ඕන දේවල් අනුන් මත පටවන්න යාමත්, අපි කැමති දෙයට ප්‍රතිවිරුද්ධ දේවලට කැමති අය විකෘතියකින් පෙළෙන අය බව කීමත් තරං වෙන අමන මොල මොට්ටල දෙයක් නෑ.

      Delete
    2. හැබැයි මෙහෙම දෙයක් උනොත් .එහෙම සුළු පිරිසක් ඒ අයගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඉඳලා තව කෙනෙකුට එහෙම දෙයක් තියනවා නෑ ඒ කියන්නේ හරි අදහසක් ගන්න බැරිව නමුත් එහෙම දෙයක් රටේ අසම්මත නිසා උත්සාහ කරලා ඒ දේ නැති කරගෙන ඉඳලා කවුරු හරි බලෙන් ඒ දේ හරි කියන ආකල්පේ මිනිස්සුන්ට කාවද්දලා අර සුළු පිරිස මහ ගොඩක් උනොත් ඒකෙන් ප්‍රශ්නයක් නැද්ද?

      Delete
    3. අවතාර්, මෙතන මට හිතෙන හැටියට පොඩි ප්‍රශ්නයක් තියෙනව. මම අහල තියෙන හැටියට ඕනම සමාජයක සුළු ප්‍රතිශතයක් සමලිංගික වෙනව. ඒක අද ඊයෙ ඉඳල වෙන දෙයක් නෙවෙයි. අනෙක අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නෑ, සමලිංගිකත්වය බෝවන රෝගයක් නෙවෙයි. ඒකට මිනිස්සු බලෙන් ඇදිල යන්නෙවත් ආකර්ෂණය වන්නෙවත් නෑ. සාමාන්‍යයෙන් විෂම ලිංගිකයින් විදියට සමාජයේ ජීවත්වන සැලකිය යුතු ප්‍රමාණයක් ජීවිතයෙ එක් අවස්ථාවක්වත් මේ සමලිංගික අත්දැකීමක් ලබනව. ඒත් ඒකෙන් නොසැලකිය හැකි සුළු පිරිසක් ඒ වැඩේට ඇබ්බැහැ වුණාට සියළු දෙනාම එහෙම වෙන්නෙ නෑ මම හිතන හැටියට.

      Delete
    4. අන්න ඒ සුළු පිරිස කියන දේ තියනකල් ප්‍රශ්නයක් නෑ.දැනටමත් ලංකාවේ ඒ සුළු පිරිස ඉන්නවා .ඒ උනාට ඒකෙන් මහ ලොකු විනාසයක් වෙලා නෑ

      Delete
    5. Anonymous7/29/2012

      ඔන්න ඔයාගේ බුද්ධි හීනතාවයට උත්තර ලැබිල තියෙනෙවා. දැන් වත් ඉගෙන ගන්න, මැට්ටෙක් නොවී.

      Delete
  26. මම මේ වගේ කතාවක් ඇහුවමයි ලංකාවේ සමලින්ගිකයෙක්ව මරන්න තරම් දෙන්න අතර බැඳීමක්..

    ReplyDelete
    Replies
    1. හැබැයි එක අතකින් මේක උනේ රියල් ලව් එක හින්දා කියන්නත් පුළුවන්

      Delete
  27. මම මොකුත් නොකියමි :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්න එපා රජෝ කියනවනම් මට විරුද්ධව අදහස් දක්වපන්.නැත්තම් ඇනෝ ප්‍රහාර පේනවනේ උඩ

      Delete
  28. අවතාර් කෙලින්ම කිව්වේ මගේ බ්ලොග් එක ගැන කියලා මම දන්නවා.මම මෙහෙම අහන්නම් අවතාර්ගෙන්. අවතාර් කාටහරි ආදරය මුළු හදවතින්ම කරනවා. එයා ළඟින් හැමදාම ඉන්න ඕනෑවෙනවා. එයා පිරිමි වුණත් ගැහැණු වුනත් එයාට ආදරේ කරන එක නවත්තන් නේ නැහැනේද? ආදරය කියන්නේ ආදරයමයි. සමලිංගික කෙනෙක්ගේ හැඟීම හරියටම තේරෙන්නේ සමලිංගිකයෙක්ට විතරයි. මම අහන්නේ ආදරය කරන එක වැරැද්දක්ද? ඒක සනීප කරන්න ඕනෙ ලෙඩක්ද කියලයි.
    1992දී ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමලිංගිකත්වය කියන්නේ රෝගයක් මානසික විකෘතියක් නෙමෙයි කියලා පිළිගත්තා.මේක බටහිරින් ආව දෙයක්වත්, බෝවෙන ලෙඩක් වත් නොවන බව ඕන තරම් මම ලිපි මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා.බයවෙන්න එපා කවදාවත් කෙනෙක්ව බලෙන් සමලිංගිකයින් කරන්න බැහැ.ඒක වෛද්‍යවිද්‍යාත්මකව පිළිගත්ත දෙයක්.සමලිංගිකත්වය උපතින් එන දෙයක්.සමාජයේ සියයට 2ක් 3ක් විතරයි හැමවිටම සමලිංගික වෙන්නේ.
    ලිංගිකත්වය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් විතරයි.මගේ බ්ලොග් එකේ ලිපි කියවලා බලන්න.ලෝකෙට මෙහෙයක් කරපු මිනිස්සු අතරේ සමලිංගිකයිනුත් ඉන්නවා.රිකී මාටින්, එල්ටන් ජෝන්, මහා ඇලෙක්සැන්ඩර්, ඇලන් ටියුරින්, රෝමයේ හේඩ්‍රියන් අධිරාජ්‍යයා, ජෝජ් මිචෙල් ඉන් කීපයක් විතරයි.
    පරිගණක විද්‍යාවේ පියා වන ඇලන් ටියුරින් සමලිංගිකයෙක්.ඔහු ගණිතයෙහි සහ පරිගණක විද්‍යාවේ අති දක්ෂයෙක්.දෙවන ලෝක යුද්ධෙ එංගලන්තෙට ජයගන්න පුළුවන් වුණෙත් ඔහුගේ බුද්ධියෙන් ජර්මන් රහස් පණිවුඩ සොයාගත්ත නිසා.වර්තමාන පරිගණකයේ පදනම වන ටියුරින් යන්ත්‍රය නිපදවුවෙත් ඔහු.ලෝකෙට කොතරම් සේවාවක් කළත් ඔහුට එංගලන්තයේදී සමලිංගික චෝදනා මත නඩු පැවැරීම නිසා ඔහුට මහා අපකීර්තියකට ලක් වෙන්න වෙනවා.ඒ නිසා ඔහු කළකිරි සයනයඩ් කැවූ ඇපල් ගෙඩියක් කා සියදිවි නසාගත්තා. අද ඇපල් පරිගණකවල ඒ සංකේතය යොදාගෙන තියෙන්නේ ඔහුට ගෞරවයක් ලෙස.ඔහුට එහෙම වුණේ සමලිංගිකත්වයට අපහාස කරපු මිනිස්සු නිසා.නැත්නම් ඔහු තවත් ලෝකෙට සේවය කරනවා.ඇලන් ටියුරින් නැත්නම් ඔය පරිගනක, අන්තර්ජාලය අද මෙතන නැහැ.දැන් ඉතින් පරිගනකය පාවිච්චි නොකර ඉන්න. ඇයි ඉතින් ඒකත් හැමෝටම පිළිකුල් මානසික ලෙඩෙක් වෙච්ච සමලිංගිකයෙක් නිසා හදපු දෙයක්නේ.
    ඇලන් ටියුරින් ගැන බලන්නhttp://en.wikipedia.org/wiki/Alan_Turing
    http://www.youtube.com/watch?v=teau7ubQTNM මේකත් බලන්න.මේකෙ සමහර අතීත පුදගලයින්ගෙ නම් කටකතා අනුවයි සමලිංගික බව කියලා තියෙන්නේ.සමහරු පැහැදිලිවම සමලිංගිකයින්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කතාව දාන්න ඕනා කියලා හිතුනේ ඔබේ බ්ලොගයට ගියාට පස්සේ තමයි .මම අහපු දැනපු කතාවක් දැම්මා එච්චරයි.සමලිංගික අය ඒ ඇහිනුත් විෂම ලිංගික අය ඒ ඇහිනුත් බලලා කමෙන්ට් කරලා තියනවා .ඒක තමන්ගේ මතය.හැබැයි මේ වගේ දේවල් බ්ලොග් එකක දාන්න තහනම් කියලා කාටවත් කියන්න බෑ.ඔබේ මතය දක්වලා ඔබ පෝස්ට් ලියලා තියනවා ඉතින් අපි අපේ මතය දක්වන එක වැරැද්දක්ද? මෝඩකමක්ද?

      Delete
    2. මම මගේ බ්ලොග් එකේ ලියන්නේ මගෙ මතය නෙමෙයි.ලෝකෙ වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත්ත දේවල්.ලෝකෙ ඇත්තටම තිබ්බ දේවල්. ඔබේ මතය දක්වන එක වැරැද්දක්වත් මෝඩකමක්වත් නෙමෙයි. ඔබට ඔබේ මතයක් දරන්න අයිතියක් තියෙනවා.ඒත් ඒ මතය වැරදිනම් හරි එක මොකක්ද කියලා පෙන්වලා දෙන්න ඕනෙ නේද?

      Delete
    3. කිසි ප්‍රශ්නයක් නෑ .මගේ මතයට විරුද්දව වැටුන කමෙන්ට් මම ඩිලීට් කරලා නෑනේ ඔය යසට තියෙන්නේ

      Delete
  29. නියම පොස්ට් එකක් සහෝ

    ReplyDelete
  30. නියම පොස්ට් එකක්

    ReplyDelete
  31. Anonymous8/02/2012

    Oya SAMALINGIKAYANGE adare tiyenne tamunge hangeem ishta karagannakan witarai kiyalai matanam hitenne. E bawa me post 1e ena kathawenuth pahadiliy.
    Kohoma unath eyalagen karunawen ahanna wenne,
    ohoma digatama karan giyoth "Parapura geniyanna lamayi hadanne KATINDA? PUKENDA? kiyalai.

    (This reply is for the anonymous questions posted above.)

    ReplyDelete
    Replies
    1. Anonymous8/02/2012

      ow ithin minissunta ganikavanta adare tiyennet asava ishta kraragannakm vitaraine. oya kellekta love karanne lamai hadanna one hindada? netnam kellata attatama adare hindada? samalingikayinge love ekath anik love vage tamai.mn samalingikayek nisayi kiyanne.

      Delete
  32. Anonymous8/02/2012

    Ela ela, ohoma yan.....
    Kalin ano ge taththath oya widiyatama hituwa nam,
    Anota inna wenne BEDSHEET 1ka hari SARAMAKA hari tamai.....!!!

    ReplyDelete
  33. මෙවැනි දෑ ලංකාව වැනි රටකට ඔබින්නේ නැහැ

    ReplyDelete
  34. අදමයි මේ පැත්තේ ආවේ . බ්ලොග් එක කියවන්න ටිකක් අමාරුයි වගේ දාල තියන ටෙම්ප්ලේට් එක හින්ද. එකත් හැදුවනම් නියමයි.
    කතාව ගැන කියනවනම් අපේ රටේ ඒවගේ දේවල් වලට තැනක් නැහැ. ඇත්තටම එක විකුර්ති කාම ආශාවක් කියල තමයි සලකන්නේ.

    ReplyDelete
  35. මමනම් මේ වගේ ලංකාවේ කතාවක් ඇහුවමයි.
    ඒත් පුදුම වෙන්න දෙයකුත් නෑ.අපි හැමෝටම මනුෂ්‍යය හැඟීම් පොදුයි නේ.
    ආදරයත් ෛවරයත් අතර තියෙන්නේ ඉතාම පොඩි පරතරයක් කියන කතාවට තවත් හොඳ උදාහරණයක්.

    සමලිංගිකත්වය ගැන විද්‍යාත්මකව කියනවා නම් අද මනෝ විද්‍යාව ඒක රෝගයක් විදියට වත් විකෘතිතාවක් විදියට වත් දකින්නේ නෑ.මම දන්න විධියට නම් බුදු දහමෙනුත් එයට විශේෂ තහනමක් නෑ.

    ඒ වගේම සමහරු උපතින්ම 100% සමලිංගිකයි.ඒ අයව වෙනස් කරන ක්‍රමයක් අද වෙනතුරු හොයා ගෙන නෑ.
    ඒත් ඒ අතරින් හුඟක් අයට පිරිමි එක්ක වගේම ගැහැණු එක්කත් ඉන්න පුළුවන්.කැළුම් හුඟක් දුරට ඒ වගේ වෙන්න ඇති.ඒ වගේ අයට කැමති නම් තමන්ගේ එක පැත්තක් යටපත් කර ගන්න පුළුවන්.

    තමන්ට පිළිකුල් වුනායි කියලා අනෙක් අයගේ ජීවිත ගැන තීරණ ගන්න අපිට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.ඒක හරියට එක ජාතියක්, වර්ගයක් අපිට පිළිකුල් කියලා ඔවුන් මරා දැමීම වගේ.ඔවුන්ට ඔවුන් ගැන තීරණ ගැනීමේ නිදහස තියෙන්න ඕනෑ.

    විශේෂයෙන්ම 100% සමලිංගික අයට විෂම ලිංගික වෙන්න කියන එක හරියටම විෂම ලිංගික ඔබට සමලිංගික වෙන්න කීමට හරියටම සමානයි.තමන්ටම උපමා කරලා හිතලා බැලුවොත් ඔබටම තේරෙයි ඒක කොච්චර අසාධාරණද කියලා.
    මොකද ඒ ඔවුන් ඉපදුන විධිය​.ඒක වෙනස් කරන්න ඔබට අපට තබා ඔවුන්ටම වත් නොහැකියි.

    ReplyDelete
    Replies
    1. Anonymous10/08/2012

      I Agree With You 1000%

      Delete
    2. Anonymous1/22/2013

      මේ කතාව විතරයි අගතිගාමී නොවී ලියල තියෙන්නේ. හැමෝම බලන්නේ තම තමන්ගේ සීමාවේ ඉඳගෙන. කවුරු කොහොම කිව්වත් සමලිංගංකත්වය මනුෂ්‍ය වර්ගයාගේ අනාදිමත් ඉතිහාසය පුරාම තිබෙන දෙයක්. මෙහෙම ලියන මම සම ලිංගිකයෙක්. මම අදටත් මම ආදරය කරන කෙනාත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේ කතාව ගොඩක් දැනෙනවා. සත්‍යයට වතා ලෝකයේ ජය ගන්නේ බලයයි. විෂම ලිංගිකයින්ට මනුෂ්‍ය සමාජයේ වැඩි නියෝජනයක් තිබෙන නිසා සමලිංගිකත්වය ලෙඩක් විදියටයි දකින්නනේ. මොනවා කරන්නද කර්මය දායාදයයි කියල බුද්ධ වචනෙත් තියෙනවනේ.

      Delete
  36. Anonymous10/17/2012

    මේ කතාව මම අදමයි දැක්කේ.උඹ මේ කතාවට දුක ආත්මය කරගත් ආදරයක කඳුළු කතාව කියලා හෙඩිං එකකුත් දාලා. සමරිසි ආදරයකට එහෙම කියන්න උඹට තියෙන අයිතිය මොකක්ද?

    මේ කතාවෙ මෙහෙම ආදරය කරපු කෙනාව ගිනි තියලා මරපු එක වැරදියි තමයි. ඒත් කෙල්ලො කොල්ලො ආදරය කරද්දිත් මොනතරම් නම් කොල්ලො කෙල්ලොන්ට අපරාධ කරනවාද? සමහර කොල්ලො කෙල්ලන්ට ළමයෙක් හදලා අනාථ කරලා යනවා.කපල් පිටින් කෝචිචියට පැනලා,වහ බීලා, ලෝකාන්තෙට පැනලා මැරෙනවා. ඇයි කසාද බැඳපු ගෑනිම තමන්ගේ මිනිහාව, තමන් කුසින් වදාපු ළමයින්ව මරන්නේ. මිනිහා හොර ගෑනු එක්ක ඉද්දි ගෑනි ගෙදරට වෙලා අඬ අඬ ඉන්නේ.ආදරේ අහිමි වුණාම කෙල්ලට වෙඩි තියලා මරපු කොල්ලොත් ඉන්නේ. තමන්ගේ ගෑනිවත් මෙහෙම පෙට්‍රල් දාලා ගිනි තියලා මරපු මිනිස්සු ගැන අහලා නැද්ද? ඒවා දුක ආත්මය කරගත් ආදරයක කඳුළු කතා නෙමේද?මෙතන වැරැද්ද තියෙන්නේ ආනන්දගේ තමයි. නැතුව සමලිංගිකත්වයේ නෙමෙයි. ආදරේ අහිමි වුණාම විෂමලිංගික කෙනෙක්ටත් මෙහෙම වෙන්න පුළුවන්. ඒක එක එක කෙනාගෙ හැටි. ආනන්ද කරපු මිනීමැරුමට ඌට දඬුවම් ලැබෙන්න ඕනෙ.

    මේක ලියන මමත් සමලිංගික තමයි.මට කවුරුත් පොඩිකාලේ අතවර කළේ නැහැ. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඒත් මම එක එකාට *ක දිදී *ටට අරගෙන අවලමේ යන්නේ නෑ. මටත් කොල්ලෙක් ඉන්නවා. මම උට ආදරෙයි. ඌත් මට පණ වගේ ආදරෙයි. අපි කවදාවත් කෙල්ලො බඳින්නෙත් නෑ. තව ටික කාලෙකින් අපි දෙමව්පියන්ට මේබව කියනවා. අපිව පිළිගත්තත් නැතත් මට එකයි.අම්මයි තාත්තයි අපේ ඇත්ත හැටි ගැන දැනගන්න ඕනෙ. මම මං ඉපදුණු හැටි ගැන ආඩම්බර වෙනවා. කොල්ලෙක් සමලිංගික උනයි කියලා උගේ ජීවිතේ විනාස වෙන්නේ නැහැ. විනාස වෙන්නේ ඌ එක කොල්ලෙක්ට ලව් නොකර බඩුවක් වගේ හැම කොල්ලෙක් පස්සෙන්ම ගියොත් විතරයි.ළමයෙක් ඕන්නම් අරන් හදාගන්න පුළුවන්.ඇයි අනිත් කෙල්ලොත් බඩුවක් වෙලා එහෙම ජීවිතේ නාස්ති කරගන්නේ.

    උඹ මේවා ලිව්වා කියලා කොල්ලො කොල්ලො ආදරය කරන එක නවත්වන්න උඹට බෑ. අපේ ආදරෙත් ඒකියන්නේ සමලිංගික ප්‍රේමයත උතුම් තමයි. ඒකත් කෙල්ලො කොල්ලො ආදරේටම සමකරන්න පුළුවන්.අපිත් ආදරේ කරන්න හීන මවනවා.අපිත් ආසයි ෆෝන් එකෙන් මල් කඩන්න.ආදරේ අහිමි වුණාම අපිටත් දුක වේදනාව දැනෙනවා.අපිත් ආසයි කපල් එකක් වගේ එක වහලක් යට ඉන්න.

    අවතාර්, උඹලා වගේ කොල්ලො මහ කුහකයෝ. උඹලා වගේ හුඟක් කොල්ලො සමලිංගික වුන්ට පොන්නයා, කොලුකාරයා කිය කිය ලෙස්බියන් වැ* බල බල අතේ ගහනවා. සමහර කොල්ලො(බයි සෙක්ෂුවල්)එවුන් කෙල්ලො තියාගෙන හොරෙන් කොල්ලො ගහනවා. මෙතන කැළුමුත් ඒ වගේ එකෙක්. ඇයි සමහර කොල්ලො මාරු ගහන්නේ. ඒක සමලිංගික දෙයක් නෙමෙයිද?

    සමලිංගික වෙලා තමයි මිනිස්සු උපදින්නේ. කාටවත් පුරුදු කරන්න දෙයක් ඇබ්බැහි වෙන දෙයක් නෙමෙයි මේක. උඹ කෙල්ලොන්ට කැමතියි වගේ තමයි මම කොල්ලොන්ට කැමතියි. අන්න ඒක තේරුම් ගනින්. උඹට කෙල්ලොන්ට කැමති නොවී කොල්ලොන්ට කැමති වෙන්න කිව්වොත් උඹ කැමති වෙයිද? ඒ වගේ තමයි මටත්.මට කෙල්ලොන්ට කැමති වෙන්න බෑ. සමලිංගිකයින්ට වෙනස්වෙන්න බලකරන්න එපා. උඹලා අපිගැන හිතන විදිය වෙනස් කරපල්ලා.

    ReplyDelete
  37. Anonymous1/22/2013

    හැමෝම බලන්නේ තම තමන්ගේ සීමාවේ ඉඳගෙන. කවුරු කොහොම කිව්වත් සමලිංගංකත්වය මනුෂ්‍ය වර්ගයාගේ අනාදිමත් ඉතිහාසය පුරාම තිබෙන දෙයක්. මෙහෙම ලියන මම සම ලිංගිකයෙක්. මම අදටත් මම ආදරය කරන කෙනාත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේ කතාව ගොඩක් දැනෙනවා. සත්‍යයට වතා ලෝකයේ ජය ගන්නේ බලයයි. විෂම ලිංගිකයින්ට මනුෂ්‍ය සමාජයේ වැඩි නියෝජනයක් තිබෙන නිසා සමලිංගිකත්වය ලෙඩක් විදියටයි දකින්නනේ. මොනවා කරන්නද කර්මය දායාදයයි කියල බුද්ධ වචනෙත් තියෙනවනේ.

    ReplyDelete
  38. Anonymous2/16/2013

    පිස්සු හදෙනවා මේවා කියවද්දි..?
    වරදිලා මේ site එකට අවෙ. අනේ අම්මේ මේවා කියවන්න ලියන්න වෙල තියෙන අටත් මෙ ලන්කවේ ඉන්නවනේ.

    ReplyDelete
  39. Anonymous4/01/2013

    අධ්‍යාත්මික නායකත්වයක් දීමට අද දිනයේ පන්සලට නොහැක. ධර්මය ගැන ගැඹුරු දැනුමක් තිබු වල්පොල රාහුල වැනි යතිවරු වෙනුවට රතනලා, ගලගොඩඅත්තේලා බිහි වී තිබේ. අද භික්ෂුන්ගෙන් 99% බුදු දහම දන්නේ නැත. හේතුව මොවුන් බොහෝ දෙනෙකු ඉපදුනේ ඉතා දුගී පවුල් වලය. , අහාර හිඟය නිසා මොවුන්ව පන්සල් වල මහන කල අතර එවැනි පවුල් පරිසර තුලින් ආ ළමයාගේ බුද්ධි වර්ධනයට තැනක් නැත. , දෙමාපියන් නුගත්, පියා කසිප්පු බොන අඬදබර කරන පවුල් පරිසරයක සිටි ළමයා මහන වී ඉගන ගන්නේ පිරිවනකය එහිදී සමබර අධ්‍යාපනයක් නැත ලෝකය දකින්නේ සීමිත ඉඩකඩ තුලය. මොවුන් , බුදු දහමේ දාර්ශනික හරය දන්නේ නැත. යන්තම් පන්සිල් ටිකක් දීමේ හැකියාව මිසක විදේශ භාෂා නොදනීම ඉගෙනීමේ උත්සහයක් නොමැති බව නිසා නිසා මොවුන් තුල බුද්ධි කාන්දුවීමක් විනයක් නැත. එසේම සාමනේර කාලයේ 80% ළමා භික්ෂුන් වැඩිහිටි මහනුන් අතින් ලිංගිකව අපයෝජනය වෙති. ඒ නිසා මොවුන් සමාජය සමග සිටින්නේ වයිරකිනි. අද සිටින්නේ බුද්ධාගම බේරා ගැනීමට කියා පොලු මුගුරු අරගෙන එන්නේ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අපයෝජනයට ලක් වීම නිසා සමාජයට වයිරය කරන සිවුරුකාර මැරයන් වෙති. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ. මෙවැනි විනය සහ අඩු බුද්ධි මට්ටමකින් ඇති පිරිස් ලංකාවේ අධ්‍යාත්මික නායකයන් බවට පත් වී සිටීමෙන් පෙනී යන්නේ ලාංකිකයාගේ සංස්කෘතික පසුගාමි බවයි.
    ක්‍රිස්තියානි ආගමේ පුජකයන් ද මිට දෙවැනි නැත. සිටින බහුතරය ළමා අපයෝජකයන් හෝ ක්‍රිස්තුස්වහන්සේ ධර්මය වෙනුවට මාෆියාවාදය , කොටි ඩයස්පෝරාවේ මුදල් පසුපස යන මැල්කම් රන්ජිත්ලා, රායප්පුලා වෙති. අද මර්සලින් ජයකොඩි වැනි පියතුමාලා නැත.

    ReplyDelete
  40. Anonymous11/14/2013

    BONJOUR tout le monde, c'est triste d'U..i m sorry but i v no idea of SINHALA..BUT MY FRIEND TOLD ME WHATS GOING ON AMONG THESE GUYS..IF I M RIGHT ADMIN WHO USE NAME AS AVTOR OR SOMETHING LIKE THAT ....IS REFUSSING EUROPE CULTURE AND NATURE...IF IT IS YES?WHY YOU USING THIS?NAME AVTOR?AND THE BLOG,INTERENET,ENGLISH ?MIGHT B USE PERHAPS UR OWN WAY?SRI LANKAN WAY?U TOOK THE GOOD THING AND CAHSE AWAY THE BAD?BUT HOW U CATERGRIZE GOOD AND BAD..JSUT SEE WHAT IS AROUND AND HOW IS IT REALLY...PERHAPS ONE DAY UR OWN SON MAY ASK UR PERMISSION FOR A GAY MARRIAGE ?THEN WHAT U KILL HIM OR SAY NO..HE 'LL DO WHAT EVER HE WANT TO DO..THEN UR CULTURE?CULTURE IS DEPENDS NOT ON THE LAND ITS REALLY ON PEOPLE.IM FRM FRANCE..OTHER COUNTRIES WHO ACCEPETED GAY MARRIAGE LEGGALY..WAS AGAINST..AT THE END ...DAY BY DAY NOW WHAT?I M NOT WELL FLUENT IN ENGLISH..COZ I M NT A ENGLISH..Je M me sens si triste DE esprits étroits UR

    ReplyDelete
  41. Bමේක ලියන මමත් සමලිංගික තමයි.මට කවුරුත් පොඩිකාලේ අතවර කළේ නැහැ. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඒත් මම එක එකාට *ක දිදී *ටට අරගෙන අවලමේ යන්නේ නෑ. මටත් කොල්ලෙක් ඉන්නවා. මම උට ආදරෙයි. ඌත් මට පණ වගේ ආදරෙයි. අපි කවදාවත් කෙල්ලො බඳින්නෙත් නෑ. තව ටික කාලෙකින් අපි දෙමව්පියන්ට මේබව කියනවා. අපිව පිළිගත්තත් නැතත් මට එකයි.අම්මයි තාත්තයි අපේ ඇත්ත හැටි ගැන දැනගන්න ඕනෙ. මම මං ඉපදුණු හැටි ගැන ආඩම්බර වෙනවා. කොල්ලෙක් සමලිංගික උනයි කියලා උගේ ජීවිතේ විනාස වෙන්නේ නැහැ. විනාස වෙන්නේ ඌ එක කොල්ලෙක්ට ලව් නොකර බඩුවක් වගේ හැම කොල්ලෙක් පස්සෙන්ම ගියොත් විතරයි.ළමයෙක් ඕන්නම් අරන් හදාගන්න පුළුවන්.ඇයි අනිත් කෙල්ලොත් බඩුවක් වෙලා එහෙම ජීවිතේ නාස්ති කරගන්නේ.

    උඹ මේවා ලිව්වා කියලා කොල්ලො කොල්ලො ආදරය කරන එක නවත්වන්න උඹට බෑ. අපේ ආදරෙත් ඒකියන්නේ සමලිංගික ප්‍රේමයත උතුම් තමයි. ඒකත් කෙල්ලො කොල්ලො ආදරේටම සමකරන්න පුළුවන්.අපිත් ආදරේ කරන්න හීන මවනවා.අපිත් ආසයි ෆෝන් එකෙන් මල් කඩන්න.ආදරේ අහිමි වුණාම අපිටත් දුක වේදනාව දැනෙනවා.අපිත් ආසයි කපල් එකක් වගේ එක වහලක් යට ඉන්න.

    අවතාර්, උඹලා වගේ කොල්ලො මහ කුහකයෝ. උඹලා වගේ හුඟක් කොල්ලො සමලිංගික වුන්ට පොන්නයා, කොලුකාරයා කිය කිය ලෙස්බියන් වැ* බල බල අතේ ගහනවා. සමහර කොල්ලො(බයි සෙක්ෂුවල්)එවුන් කෙල්ලො තියාගෙන හොරෙන් කොල්ලො ගහනවා. මෙතන කැළුමුත් ඒ වගේ එකෙක්. ඇයි සමහර කොල්ලො මාරු ගහන්නේ. ඒක සමලිංගික දෙයක් නෙමෙයිද?

    සමලිංගික වෙලා තමයි මිනිස්සු උපදින්නේ. කාටවත් පුරුදු කරන්න දෙයක් ඇබ්බැහි වෙන දෙයක් නෙමෙයි මේක. උඹ කෙල්ලොන්ට කැමතියි වගේ තමයි මම කොල්ලොන්ට කැමතියි. අන්න ඒක තේරුම් ගනින්. උඹට කෙල්ලොන්ට කැමති නොවී කොල්ලොන්ට කැමති වෙන්න කිව්වොත් උඹ කැමති වෙයිද? ඒ වගේ තමයි මටත්.මට කෙල්ලොන්ට කැමති වෙන්න බෑ. සමලිංගිකයින්ට වෙනස්වෙන්න බලකරන්න එපා. උඹලා අපිගැන හිතන විදිය වෙනස් කරපල්ලා.

    ReplyDelete
  42. කෙල්ල හෝ කොල්ලෙක් උනාට මොකද මේවා ලොකු කරගෙන ප්‍රශ්නයක් කරන්න එපා .මේවා වෙනවා. වේදනාව කාටත් පොදු දෙයක්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න