Wednesday, July 18, 2012

අදින්නයි දාන්නයි ඇතිවුන ආසාව

                           
                                             අවතාරුත්  කතාවක් ලියන්න පටන් ගත්තනේ ඒකේ කෑලි දෙක තුනක් එක දිගටම ගලපලා හිතුනා වෙනස් දෙයක් ලියන්න.කතාවක් ලියන එකත් සෙල්ලං නෑ නෙහ් .වැඩ්ඩා වගේ ලියන්න ගත්තට ලියාගෙන යද්දි තමා අමාරුව දැනෙන්නේ .නවකතාව සම්පූර්ණයෙන් හිතේ මවා ගෙන අවතාර් හෙන ගේමක් දෙනවා මේ දවස් වල ඕකට.කොහොමහරි වැඩේ අතාරින්නෙත් නෑ.පටන් ගත්තු විදිහටම ලස්සනට ලියන් යන්නයි අවතාර්ගේ බලාපොරොත්තුව.ඒක පැත්තකින් තියලා අද එකට බහිමු.
                                          අවතාර් ගේ A/L කාලේ ගැන ලියපු කෙමිස්ට්‍රි සර්ගේ ඇඩ් පාඩම  මතක ඇතිනේ.මේ කියන්න යන්නෙත් ඒ කාලේ සිද්දියක්ම තමා.අවතාර්ගේ පන්තියේ ඒ කාලේ ප්‍රෙඩෙක් හිටියා දිමා කියලා.ඇත්ත නම දාන්න බෑ මෑන් අවතාර්ගේ මූණූ පොතට සෙට් වෙලා ඉන්න නිසා .මේකත් ඉතින් ඇත්ත නම වගේම තමා පන්තියම කතා කලේ මිනිහට දිමා කියලා .කරන්න දෙයක් නෑ මේ නම නොදත් බෑ.අපි දිමා කියලම කියමු.මේ පොර ටිකක් පන්ඩිතයි.දෙන්නෙත් පන්ඩිත ටෝක්ස්.පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බැයිලුනේ ඒ වගේ මූත් පන්ඩිත  කම හින්දම සමහර වෙලාවට නාගත්තා.

                           හැබැයි දිමා පන්ඩිත උනාට පුළුවන් උනේ කඩ්ඩ විතරයි.අනිත් ඒවත් පුළුවන් උනානම් එහෙම අපිට මෑන් එක්ක නිකමටවත් කතා කරන්න හම්බ වෙන්නේ නෑ.ඉස්කොලේ සයන්ස් ඩේ එක දවසේ ඩ්‍රාමා එකක සයන්ටිස්ට් ගේ රෝල් එක කොහොම හරි දිමාට හම්බ වෙලා තිබුනා.දිමා ඒක කලේ මාර ගැම්මෙන් ඇත්තටම සයන්ටිස්ට් කෙනෙක් වගේ.අපි කතා උනේ මෑන් ඩ්‍රාමා එකට හිටපු ඇඳුම පිටින්ම ගෙදරත් යයිද කියලා.
                 පන්තියේ හුඟක් වැඩ වලදි බලෙන්ම වගේ ඉදිරිපත් උනේ දිමා.අනික් අයත් සද්ද නැතිව හිටියා මිනිහට  ඉඩ දීලා.දවසක් ෆිසික්ස් පීරඩ් එකක  යාන්ත්‍ර විද්‍යාව පාඩමට මිස් ලැබ් එකෙන් පෙට්ටියක් එක්ක දුන්නක් පන්තියට දීලා කිව්වා   පාඩම අහගන්න ගමන් බලලා අතින් අත යවන්න කියලා.ඒ වෙනකොට දිමා හිටියේ පන්තියේ පිටිපස්සේ ඩෙස් එකක.කට්ටියම දුන්න අතට අරගෙන එහාට මෙහාට හරවලා ඇදලා එහෙම කරලා අතින් අත යැව්වා.අවසානෙදි දුන්න පෙට්ටියට දාලා දිමාම ෆිසික්ස් මිස්ට බාර දුන්නා.පස්සේ ඉන්ටවල් එක එහෙම ඉවර වෙලා මැත්ස් පීරඩ් එකද කොහෙද යනකොට ෆිසික්ස් මිස් එනවා යක්සාවේස වෙලා අර පෙට්ටියත් අතේ තියාගෙන.
 පස්සේ සර්ට මොනවද කියලා
  “ කරුණාකරලා මේ වැඩේ කරපු අය නැඟිටිනවලා .නැත්තම් මම ආයේ මේ පන්තිය පැත්ත පලාතේ එන්නේ නෑ උගන්නඩ “
 දැන් අපි බීරන්තට්ටු වෙලා බලන් ඉන්නවා මොකද්ද මේ හරුපේ කියලා.ඒ කියලා මිස් අර දුන්න පෙට්ටියෙන් එලියට ගත්තා.හත් ඉලව්වයි අපි අතට ගන්නකොට අඟල් 4/5 ක් තිබුනු දුන්නේ දිග ඩබල් වෙලා.ඒ මදිවට වැල මදුල වගේ එල්ලෙනවා.විලි ලැජ්ජාවයි.මැත්ස් උගන්වන සර් පන්ති භාර සර්.සර් ඉස්සරහම අපේ ගුණ වැයෙන්නයි යන්නේ.පන්තියම මීයට පිම්බා වගේ මීක් නෑ.ටික වෙලාවකින් දිමයි ඌට එහා පැත්තෙන් හිටපු  එකයි නැඟිට්ටා.
 “ ආහ් එනවලා මාත් එකක් යන්න “
       දිමාවයි අනිත් පොරවයි මිස් එක්කගෙන ගියා.පස්සේ දෙන්නා ආවට පස්සේ විස්තරේ අහගත්තා.දිමා ලස්සනට සිද්ධීය උන හැටි විස්තර කරනවා.මිස් උගන්වන වෙලේ දුන්න හම්බ උනහම දිමාට සාමාන්‍යයෙන් ඇදෙන ගාන මදි වගේ උනාලු.පස්සේ එහා පුටුවේ හිටපු පොරට අල්ලගන්න කියලා ටිකක් තදට ඇදලා.ඒ ඇදපු පාර එහෙම්මලු පස්සේ පෙට්ටියටම දාලා මිස්ට දීලා.මිසුත් බලන්නැතුව ලැබ් එකට දීලා.පස්සේ ෆිසික්ස් මිස්ට ලැබ් එකෙන් සද්දේ දාලා දුන්න ඇදලා හෙමින්ම ගෙනත් දුන්නා කියලා.මිස්ට අර විදිහට මල පැනපු එකට  පුදුම වෙන්න දෙයක් නෑනෙ.
             නියම සිද්දිය කියන්නේ ඒ දවස් වල උගන්නපු ජෙනරල් ඉංග්ලිෂ් වල තියෙන මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම  කියලා ලියන රචනාවට හරි අපූරුවට දිමා කඩ්ඩෙන් ඔය සිද්දිය ලියලා තිබිලා උගේ පොතක් අස්සේ තිබිලා හම්බ උනා.ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කිව්වලුනේ.

                        තව සිද්දියක් උනා  ෆිසික්ස්  ලැබ් එකේ.කතානායක මේ දිමාම තමා.ඉපිලුමට කරන ප්‍රැකිටිකල් වගයක් එදා තිබුනේ.කරුමෙට අවතාර් එදා සෙට් වෙලා තිබුනේ දිමාගේ කන්ඩායමට.කන්ඩායමේ කාටවත් පරික්ෂනේ කරන්න තියා බඩුවක් අල්ලනවත් හම්බ වෙන්නේ නෑ දිමා එක්ක.මොනවහරි කියලා ඒක ආපහු ගන්නවා.ටෙස්ට් ටියුබ් එකකට වැලි ටිකක් පුරවලා එක් වතුර භාජනේකට දාලා ටික ටික පඩි ටෙස්ට් ටියුබ්  එකට දාලා ගිලෙන උස මනින්නයි තිබ්බේ.දිමා පඩියෙන් පඩියෙන් දාලා පාඨාංක ටිකත් අරගෙන ඉවර උනා.තව පඩි ටිකක් අතේ ඉතුරුයි.
    “ ඒ බන් මේ ටිකත් දාලා බලමුද මොකද වෙන්නේ කියලා “
අපි එපා කිව්වත් ඌ කරන නිසා අපි බලන් හිටියා ඕන මඟුලක්  කියලා.දිමා දැන් ඉතුරු පඩි ටිකත් ටෙස්ට් ටියුබ් එකට දානවා.ටෙස්ට් ටියුබ් එක කට ගාවටම ගිලුනා.
“ දැන් ඇති ඕක තව දැම්මොත් ගිලෙනවා “ එකෙක් කියපි
“ පොඩ්ඩක් හිටපන්කෝ එහෙම ඉක්මනට ගිලෙන්නේ නෑ “ මූ අහන්නේ නෑ .කොහොමද විද්‍යාවයි කුතුහලෙයි එකට එක්කහු උනහම.විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරනවා වගේ හෙන ගැම්මෙන් දැම්මා ඉතුරු පඩියත් ටෙස්ට් ටියුබ් එකට.දාන්නත් ටෙස්ට් ටියුබ් එක ගිලිලා සටස් ගාලා බීකරේ අඩියේ වැදිලා බිඳුනා.ඔන්න දිමා නැමැති මහා ප්‍රඥයා හොයා ගත්තා වතුර එකක තියෙන ටෙස්ට් ටියුබ් එකකට වැඩිපුර බර එකතු කරද්දි ගිලිලා අඩිය වැදිලා බිඳෙනවා කියලා.අපිට දැන් මලේ මල.ඇයි ඉතින් දැන් මුගේ පව් ටිකක් හරි අපේ කර පිටින් යනවනේ.පස්සේ මිස්ට වෙන එකක් කියලා වැඩේ ෂේප් කර ගත්තා.

45 comments:

  1. දිමා නම් නියම පොරක් වගේ. ඔය වගේම ඩයල් එකක් මෙහෙ ඉන්නවා. නම සුනිල්. ජාතිය නේපාලි. එකා මගේ HHT එකකට නෙට් දාගෙන ෆේස්බුක් යනවා. මම ඌ ගෙදර යවපු නැති ටික විතරයි තවම. කුතුහලේ වැඩි ඌට. ඒත් මොලේ අඩුයි.

    ReplyDelete
    Replies
    1. මරු ඩයල් එකක් නේ.දිමා වගේම බුවෙක්

      Delete
  2. අම්මෝ හිනාව පැලෙන්න...හිනාවෙන්න බැරි තැනක කථාව බැලුවම කොහොමට ඇද්ද?කදුළුත් පනිනවා..පාසල් කාලයේ ඔය වගේ ගොන් වැඩ වලට මම හරි කැමතියි.මොකද මමත් පොඩ්ඩක් විතර දගයෙක් නිසා..දිමානම් මාර බුවා කෙනෙක්...

    දුන්නෙ කථාවනම් නියමයි....

    ReplyDelete
    Replies
    1. හිනා වෙන එක ලේ පිරිසිදු කරනවලුනේ .සිත්තමීට සයිලන්ට් මොඩ් හිනා වෙන්න උන එක තමයි දුක

      Delete
  3. Anonymous7/18/2012

    :) :) ඉස්කෝලේ කාලේ කතා නම් ඇත්තටම නියමයි!

    ReplyDelete
    Replies
    1. ඒකනේ තාමත් අපි ඒවා මතක් කර කර හිනා වෙන්නේ

      Delete
  4. araliya7/18/2012

    shoi....yaluwek.ayyatama hariyana kenekda koheda.mewa hari lassana mathakayan neda ayya..... :)

    ReplyDelete
    Replies
    1. අවතාර්ට හීනියට මඩ පාරක් වැදිලද කොහෙද

      Delete
    2. මඩක් වත් නැතුව කිසි ආතල් එකක් නෑ ජීවිතේ ;)

      Delete
    3. මඩයගෙ ආතල්එක මඩම නේන්නං. හෙහ් හෙහ් ....

      Delete
    4. මඩයටත් මඩ නැතිව බැරි එකේ ඔන්න ඔහේ සමනල බැල්මවත් දාගත්තා නම් මඩ පාරක් කන්න තිබ්බා
      ආයේ අහන්න එපා ඒ ගැන හරිය. අවතාර්ට බෑ මේ සුට්ටි කාලේම වෙඩි කාලා නහින්න

      Delete
    5. පොච්චියේ ..... උඹටත් ඒ වෙඩිල්ල වැදුනද? මමත් ගියා ඒක බලන්න, මට වැඩිය දිරෙව්වෙ නෑ එතන වාතාවරණෙ, මම හෙමිහිට ආව. ඒක ටිකක් පැත්තකින් ඉඳන් අධ්‍යයනය කරන්න ඕන එකක්. අහක ඉඳන් වෙඩි කන්නෙ මොකට ද? :)

      Delete
  5. හැම සෙට් එකකම ඔය වගේ ඩයල් ඉන්නවනේ බලන් ගියාම.

    ReplyDelete
    Replies
    1. ඇම් ඇන්ටත් දිමා වගේ බුවෙක්ගේ ආස්සරේ ලැබිලා තියෙනව වගේ ජය!

      Delete
    2. අමුතුවෙන් එවුන් මොකටද බං, ඔය අපේ ඇම්. ඇන්. මල්ලිම ඉද්දි. :)

      Delete
    3. ඒ කියන්නේ ඇම් ඇනුත් දිමා තරම් නුවණක්කාරද අනේ මන්දා
      ප්‍රසිද්ධියේ ගේමට බැස්සොත් වටේ එවුන්ගෙන් කන්න වෙන නිසා අපි පාඩුවේ මෙහෙම හීනි පාරක් ගහගමු හොඳේ මඩ

      Delete
  6. අනේ ඉස්කෝලෙ කාලෙ මොනතරම් ශෝක්ද....කතාවනම් නියමයි!!

    ReplyDelete
    Replies
    1. ලියනවනම් සේරම එකතු කරලා ලියන්න පොතකුත් මදි නෙහ්

      Delete
  7. araliya7/18/2012

    ane sorry hode ayya.hitalanam mada parak gahuwe ne onna.

    ReplyDelete
    Replies
    1. එකේ අවුලක් නෑ අරලියා දැන් යන මඩවල හැටියට ඔයවගේ එකක්වත් වැදුනෙ නැත්තම් ගතියක් නෑ වගේ ;-)

      Delete
  8. මූ නම් පුදුම යාළුවෙක් තමා.
    අපේත් හිටියා ඔහොම එවුන්. අපි ඉතින් ඌට තැන දීලා පත්තකට වෙලා බලන් හිටියා. පස්සේ ඌම නා ගත්තට පස්සේ අපි ගාවට ඇවිත් කතා කලා මචං මොකද්ද ඊට පස්සේ කරන්න ඕනා කියලා අහන්න. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ වැඩ තමන් අත්දැකීමෙන්ම නා ගන්නකං අපි ඉවසලා ඉන්න ඕනේ

      Delete
  9. මේක කියවද්දී අපි ෆිසික්ස් ලැබ් එකේ කරපු ආතල් වැඩ මතක් උනේ.ඒ කාලේ හරි සුන්දරයි අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කරපු දේවල් නෙහ්

      Delete
  10. සුන්දර අතීතයක් බෙලව්..

    ReplyDelete
    Replies
    1. හෑහ් තැන්කූ තැන්කූ

      Delete
  11. අප්පේ..පිස්සු බම්ප් වෙනවා අවතාරයෝ!!එල ඈ!

    ReplyDelete
  12. ඔන්න මමත් ඔලුව දැම්මා... දිමා වගේ උනුත් ඉන්න ඕනෙ බන් එතකොට තමා ඒ කාලෙ මතක් කරල සතුටක් හරි ලබන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ජය!

      Delete
  13. ඔන්න අවතාරෙ, මාත් හිනාවෙවී කියෙව්වා. අපේ වයසටත් ඉතින් පාසැල් කාලෙ මතක් උනාම ඔය වගේ සිද්ධි හරියට මතක් වෙනවා. A/L කරන කාලෙ තමයි මගෙත් ආසම කාලෙ. කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නෙ නෑ. දීමා වගේ අය අපේ පන්තියෙත් උන්නා. ඒ අයගෙ නම් දාන්න නම් බැරිය. දැන් සමහරවිට ආත්තම්මලා වෙලා ද දන්නෙත් නෑ මං වාගෙ.

    ReplyDelete
    Replies
    1. තන්දි ඇන්තිත එත්තරටම වයතද ඈ

      Delete
    2. ඒකනෙ දැන් අත්තම්මෙක් නොවැ.

      Delete
  14. අපේ ඉස්කෝලෙ ඔය වගේ බඩු කැඩුවොත් ක්ලාස් එකේ ඔක්කොටම කලෙක්ෂන් එකක් දාල අළුත් එකක් ගෙනත් දෙන්න කියනව. ඒ නිසා පස්සෙ පස්සෙ මොකෙක්වත් ඒ වගේ ගොංකං කරේ නෑ. ටියුෂන් ක්ලාස් එකක් කට් කරල යන්තම් වියදමට කීයක්වත් ඉතුරුකරගන්න කාලෙ ඒකත් ප්‍රින්සිල්ට පූජ කොරන්නෙ මොකට ද?

    ReplyDelete
    Replies
    1. //ටියුෂන් ක්ලාස් එකක් කට් කරල යන්තම් වියදමට කීයක්වත් // හෑහ් ඒකාලෙ දරු පවුලක් වත් නඩත්තු කොලාද?

      Delete
    2. ඇයි යකෝ .... ඔය ඒලෙවල් කරන දවස්වල අපිට කොයිතරම් නම් වියදම් තිබුණ ද? කොහෙද ගෙදර මිනිස්සුන්ට ඒව තේරෙන එකක් යැ, ඕන එපාකං හොයල බලල සල්ලි දෙන්න. අපිම හොයාගත්තොත් මිසක. හැබෑට උඹලට එච්චර වියදමක් තිබුනෙ නැත්ද මලයො.

      Delete
    3. ජංගම දුකාට සතිය ගානේ 50ක් 100ක් දාගන්න එක ඇරෙන්න අච්චර වියදමක් තිබ්බේ නෑ.ඒකත් කලේ ගෙදරට කතා තරන්න ඕනේ හින්දා ඈ :)

      Delete
  15. හි හී.... සෝක් කතා ටික අෆ්ෆා... මටත් මතක් උනා ඒ ලෙවල් කාලේ කරපු වැඩ.... පරීක්ෂණ නල කීපයක්ම අපේ පන්තියේ ළමයිනුත් බින්ද බින්ද වගේ මතකයි...:))))

    ReplyDelete
    Replies
    1. ලැබ් එකත් එක්ක තරහක් වත් තිබුනද?

      Delete
  16. හිකිස්....පට්ට....

    ReplyDelete
  17. ඈ මේ අර ඇදපු එක මොකක්ද ඈ,.,.,., එල එල

    ReplyDelete
    Replies
    1. සුද්දටත් ඉතින් අදින් එකක් ඇහුවත් ඇති
      දඟරයක් බොල ඇද්දේ.

      Delete
  18. පණ්ඩිත ඩයල් එකක් තාම ඉන්නවද ජීවතුන් අතර

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න