Saturday, August 4, 2012

බ්ලොගේ ලියන්න ඕනේ මොනවද???

                                                                 

                                   අවතාර් මේ දවස් වල සෑහෙන අවුලකය.ඒ උඩින් ඇති ප්‍රශ්නයට පිලිතුරු සේවීමේ හි ලාය.ලියන්නට නම් බොහොමයක් දේ හිතට එයි.ඒත් අවතාර් ලියන කෙනෙක් පමණක් නොවන නිසාත් බොහොමයක් සිංහල බ්ලොග් කියවන නිසාත් ඒ ඒ දේවල් ලිවිය හැකිද යන්න ගැටළුවකි.දැනට ලියූ දේත් බොහෝය.ලියා ඇති පබ්ලිෂ් කර නොමැති ඒවාද තිබේ.ඒවා අතරින් කොපමණක් ඉවත් කල යුතුද යන්න සැකයකි.මේ පෝස්ටුව ලිවීමට පෙරද සෑහෙන්න සිතා බැලීමි.ඒ දික් කරන ඇඟිල්ල අවතාර්ගේ පැත්තටද දික් වී ඇත.බොහෝ දෙනෙක් ඒ දැක ඇස් කන් පියා ගෙන සිටියත් අවතාර්ට එසේ බැරිය.
                        සමහරක් පරිණත අයට  මේවා සිඟිති ආතල් විය හැකිය .ඒ අයට අහසට නොපැමිණෙන ලෙස කරුනාවෙන් දන්වා සිටිමි.මන්ද ඒඅයගේ මන දොල සපුරන්නට කාටවත් වුවමනා අයුරෙන් ලියන්නට බ්ලොග් ලිවීමට පැමිණෙන මේ සුළු වෙලාවේ අවතාර්ට ඉඩ නැත.ඒ අයට රසවත් වන පරිදි ලිවීමට දැනුම් මට්ටමක්ද අවතාර්ට නැත.ලියන්නට හිතේ ගැලපුන දේවල් බොහොමයකි.
ඉන් බොහොමයක් අවතාර්ගේ ජීවිතේ අමතක කල නොහැකි කිසිදා අමතක නොවන මතක සටහන්ය.නමුත් ඒවා ලිවිය නොහැක.මන්ද එවිට බ්ලොගය ඩයරියක් වේ.කොටසක් අවතාර් අසා දැනගත් ඒවා ද ඇත.ඒවාද ලිවිය නොහැක මන්ද ඒවායින් සමහරක සුලු සුළු අසභ්‍ය කොටස් ඇත සමහරක් කියවූ විට හිනා යයි.ඒවා ලිව්වොත් කමෙන්ට් ගන්නට කරන ගොන් වැඩය.කවි කතා අදහස් ද පැමිනියත් මහා කවීන් කතාකරුවන් අතර ඒවාද දූවිලිය.එහෙනම් ලිවිය යුත්තේ මොනවාද?ලිවීමට දෙයක් නැතිනම් කාගේ හෝ ලියමනක් ඇද ගෙන මඩ ගැසිය හැක.තමන්ගේ දෙයක් ලියනවාට වඩා එය වැදගත්ය.හිට්ස් ගැනීමේ ලා පහසුය.
      මේ අතර පහතින් ඇත්තේ කාලීන ව නැගෙන ප්‍රශ්න කිහිපයකට අවතාර්ගේ පිලිතුරු ය.මේ අවතාර්ට හිතෙන හැටිය.බ්ලොග් ලියන්නන් හා කියවන්නන් ලෙස ඔබටද මේවාට පිලිතුරු තමන්ටම දී ගත හැක.

අවතාර් බ්ලොග් ලියන්න ආවේ?
 බ්ලොග් ලියන්න කලින් කරේ බ්ලොග් කියවන එක.ඒ ඒ අයගේ බ්ලොග් වල එක එක දේවල් ලියලා තියෙද්දි  අවතාර්ටත් මේ වගේ දේවල් ලියන්න තියෙනව කියලා හිතුනම ඒ ඒ පෝස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට් දැක්කහම බ්ලොග් එක හරහා ඇතිවෙලා තියෙනව වගේ  නොදැකපු මිතුරන් පිරිසක් අවතාර්ටත් ඉන්නවා නම් කියලා හිතිලා බ්ලොගක් පටන් ගත්තා.

ඒ කරලා අවතාර් පටන් ගත්තේ කාගේ හරි පොස්ට් එකක් කොපි කරලා ?
 නෑ.ඒ කාලේ තිවුන බ්ලොග් වලින් බ්ලොග් එක ගැන අදහසක් ගත්තා

දැන් ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ ?
 සතුටුයි .ලියන ඒවට මහ ගොඩක් කමෙන්ට් නම් නෑ .ඒත් බ්ලොග් එක හරහා ගොඩනගාගත්තු සහෘදයන් පිරිසක් ඉන්නවා

අවතාර්ගේ බ්ලොගයට ෆලෝවර් කෙනෙක් වැඩි උනහම කමෙන්ට් එකක් වැටුනම මොකද හිතෙන්නේ ?
 බොක්කෙන් ම සතුටුයි.මාත් එක්ක යන්න තවත් එකෙක් එකතු උනා කියලා හිතෙනවා අවංකවම.කොයි වෙලෙත් බලන් ඉන්නේ ෆලොවර්ස්ලා ගාන වැඩි වෙන කන් ලියපු පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටෙනකන්

අවතාර් කෙල්ලෝ ලියන බ්ලොග් හොයාගෙන ගිහිල්ලා ෆලෝ කරනවා ඒවට කමෙන්ට් කරනවා ?
   කොහෙත්ම නෑ.අවතාර්ට ගෑණු පිරිමි විශේෂයක් නෑ.බ්ලොග හොඳනම් විශේෂම දේ අවතාර්ව ෆලෝ කරන අවතාර්ට සප් එක දෙන ඕනම කෙනෙක්ට අවතාර් සප් එක දෙනවා

අවතාර්ගේ ඒවට කමෙන්ට් නොකරන ෆලෝ නොකරන ඒවට අවතාර් කමෙන්ට් කරන්නේ නෑ?ඒ කියන්නේ අර හදාගෙන ඉන්න පිරිස රැකගන්න ඒ අයගේ ඒවට විතරක් මොනාහරි විකාරයක් කමෙන්ට් කරලා එනවා ?
 පිස්සු යෑ.ඔය ඕන තරම් මාව ෆලෝ නොකරන මට කමෙන්ට් නොකරන ඒවට මම කමෙන්ට් කරන්නේ .මම ෆලෝ කරන ලිස්ට් එකෙන් භාගයක්වත් මාව ෆලෝ කරනවද?බ්ලොග හොඳනම් ඒක ෆලෝ කරනවා එකෙන්ම.කියවනවනම් සින්ඩියේ හොඳ බ්ලොග් සේරම කියවලා ෆෝන් එකෙන් හරි කමෙන්ට් දානවා නැත්තම් එකකටවත් නෑ


කවුරු හරි බ්ලොග ජනප්‍රිය කරගන්න කුනුහරුප දානවනම් ?
 අපිට මොකද ? ඒවා අසභ්‍ය යි නම් අදාල සිංඩි වලින් අයින් වෙනවා.බලන මිනිස්සු නොබල ඉන්නවා

18++ වගේ එකක් මාතෘකාවට දාලා තිබ්බොත් ඒ තියෙන්නේ එක්කෝ බලන්න හොඳ නැති අමු තිත්ත කුනුහරුප එහෙමත් නැත්තම් හිට් වැඩි කරගන්න කරන උපක්‍රම ?
 බ්ලොග් බලන්නේ බබාලනේ

ඒ විදිහට හරි හිනා යන ඒවා දාලා හරි බ්ලොගයක් ජනප්‍රිය වෙනවනම් ?
 ඉතින් මොකෝ.ඒ කියන්නේ ඒව බලන රසික පිරිසක් ඉන්නවනේ .එක එක අයගේ අදහස් එක එක විදියයි

බ්ලොග් එකක පෝස්ට් එකක කොලිටිය වැටෙන කමෙන්ට් වලින් මනින්න පුළුවන් ?
 නෑ ඒ කමෙන්ට් ඇති වෙන්නේ ඒ කෙනා ගොඩනගාගත්තු ඒ  ඒ දේට කැමති අයගේ අදහස් වලින්.ඒකට කමෙන්ට් නොකරපු තව සෑහෙන පිරිසක් ඉන්න පුළුවන්

කාන්තාවන් ලියන බ්ලොග් වලට කමෙන්ට් වැඩියි ?
 වෙන්න පුළුවන්.ඒවට විශේෂයන් කමෙන්ට් කරන පිරිසක් ඉන්න පුළුවන් නැත්තම් ඒ ඒ අයගේ හැකියාව

කාන්තාවන් ලියන සමහර බ්ලොග් කෙටි කාලයකින්ම ජනප්‍රිය වෙනවා ?
 ප්‍රශ්නයක් නෑනේ.මොකද එහෙම උනා කියලා අපිට නොලැබෙන්න දෙයක් නෑනේ.මොකද කවුරුත් අපිට බ්ලොග් ලියනවට සල්ලි දෙනවද?

පිරිමියෙක් ගෑණු වෙසින් ඇවිල්ලා බිලොග් ලියන එක සාධාරණද?
  කොහෙත්ම නෑ.එතන වෙන්නේ කියවන කෙනාව මුලා කරන එක.ඒක මානසික ලෙඩක්

නවක බ්ලොග් ඉක්මනින් ජනප්‍රිය  උනහම පැරණි හොඳ බ්ලොග් වලට අසාධාරණයක් වෙනවා ?
  කොහෙත්ම නෑ.ජනප්‍රිය උනා කියලා ඒවා සිංඩි වල ලිස්ට් එකේ උඩට යන්නේ නෑනේ.දාන වෙලාවට සිංඩියේ එහෙමම තියෙනවා.කමෙන්ට් වැටෙන්නේ නැති වැදගත් පෝස්ට් බ්ලොග් කොච්චර තියනවද?

අලුතෙන් බ්ලොග් ලියන අය පරණ අයගෙන් උපදෙස් අරන් බ්ලොග් ලියන්න ඕනේ ?
 ඒ මොකටද? කවුරුත් කාටවත් සල්ලි දීලා නෙවෙයිනේ බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් ගන්නේ

තමන්ට කැමති ඕනම දෙයක් තමන්ගේ බ්ලොගෝ දැම්මහැකි ?
 අනිවාර්යෙන්ම.නැත්තම් තමන්ගේ අදහස තව කෙනෙක්ගේ එකක දාන්නද? ඒ ඒ අය දාන පෝස්ට් වලින් ඒ ඒ අයගේ දැනුම් මට්ටම පෙන්නනවා

බ්ලොග් කලාවේ පැරණි අය නවක බ්ලොග් ෆලෝකරන එක ඒවට කමෙන්ට් කරන එක ඒ අයට ලැජ්ජාවක් මදිකමක් ?
  එක එක්කෙනා හිතන විදිහ

ඇනෝ කමෙන්ට් ගැන මොකද හිතෙන්නේ ?
 අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ.තමන්ට වැරදුන තැන පෙන්නන්නේ ඒ අය.තමන්ගේ මතයට පිටින් අදහස් ප්‍රකාශ කරන්න ඒ අයට අයිතියක් කියනවා

ඕන කෙනෙක්ට ඕන බ්ලොග් එකක කැමති දෙයක් කමෙන්ට් කරන්න පුළුවන් ?
 ඔව් .ඒවා කුනුහරුප නං මකා දාන්නනේ බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් අදාල පහසුකම් දීලා තියෙන


බ්ලොග් ලිවීමට වාරණයක් ඉදිරිපත් කරන්න කාටවත් පුළුවන් ද?
 බෑනේ කාටවත් එහෙම අයිතියක් නෑ බ්ලොගර්ට වර්ඩ්ප්‍රෙස්ට ඇර.සම්මතයෙන් පිට නම් ඒක ඉබේම නැති වේවි

ඒවා එහෙමනම් ඇයි සමහර අය බ්ලොග් ලිවිල්ලට නීති දාන්නේ ?????????????
 .......................................
        (අන්න ඒකට උත්තරේ අවතාර් තවම හොයනවා)



       

57 comments:

  1. ජය දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට තුති

      Delete
  2. මීට මාසෙකට හමාරකට විතර උඩදි අටවගත්තු බ්ලොග් එකක් මටත් තියෙනව ..... හිතේ තියෙන දේ ලියනව කියල පටන් ගත්තට මොකද තවම එහෙම දෙයක් ලිව්වද මන්ද හැබැයි එක දෙයක් බිලොග් කෙරුවාව පටන්ගත්තු දවසේ ඉදල ජීවිතේ කියන එක අමුතු විදිහට විදින්න ගත්ත ......... එක වැඩක් හරි හරියට කරන නිසාද කොහෙද අනිත් ඒවත් නිකන්ම හරියට කෙරුන .... මාස 1 1/2ට සෑහෙන වෙනසක් ඇතිවුනා ....... බ්ලොග් කියන්නේ අන්න ඒවගේ වෙනසක් ඇතිකරගන්න පුලුවන් මාධ්‍යක් ..... ( බ්ලොග් කෙරුවාව ගැන ලියල තිබුන නිසා ඔන්න මමත් පොඩ්ඩක් එකතු කළා )

    ReplyDelete
    Replies
    1. එකතු කරපු ටික සෑහෙන්න වටිනවා

      Delete
  3. මේ සියල්ලටම දක්ෂ පිළිතුරක් චමිල ඩි අල්විස් කියලා තිබුනා ෆීඩින්ද මන්කි කියන බ්ලොග් එකේ...
    මටනං එතනින් එහාට කියන්න වචනයක් වත් නෑ....
    මගේ පෝස්ට් එකක් සාමාන්‍යන් තුන්සියයක් විතර බලනවා...ඒත් කමෙන්ට් තියෙන්නෙ දහයක් පාලවක් විතර...
    අර දාල තියෙන කමෙන්ට් සුට්ට බලලා මගේ පාඨකයින්ගේ රුචිය ගැන මට අදහසක් ගන්න බෑ...ඒ හරහා මා නිගමන වලට බසිනවා නම් එයද වැරදියි....

    කොමෙන්ට් වැටෙනකොට සංතෝසයි..... ඒත් කොමෙන්ට් කියන්නෙ බ්ලොග් එකේ මූලිකම පරමාර්ථය නෙමෙයි මටනම්...
    ඒත් මට එහෙම වුනාට තව කෙනෙක්ට එහෙම නොවෙන්නත් පුලුවනි....

    ReplyDelete
    Replies
    1. ලින්කුවත් දෙන්න පුළුවන් උනානම් වටිනවා

      Delete
  4. කවුද බන් නීති දාල තියෙන්නෙ... මමත් මේ දවස් වල බ්ලොග් වල ලියන්න ඕන මොනවද කියන එක හොයනව... :)

    ReplyDelete
    Replies
    1. කාලීන ගැටළුවක් එහෙනං මේක ඈ

      Delete
  5. යන එන අතර තුර
    ගොඩ විය නුඹේ මංසල තෙ
    කාන්සිය නිවා මනස ලැබුවෙමි සුව

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමද
      එයමයි සොයුරිය

      Delete
  6. මමනං බ්ලොගේ පටං ගත්තේ ලියන්ඩ පුරුදු වෙන්ඩ.මොකද මම මිත්‍රයෙක්ගෙන් බ්ලොග් ගැන දැනගන්න කොට මේකෙ මෙච්චර කෙරුවාවක් තියෙන විත්තිය දැනං හිටියේ නෑ.කොහොම හරි පෘථග්ජනයෙක් විදිහට මමත් හිට්ස් සහ කොමෙන්ට්වලට ආසයි.
    උඹ කැමති දෙයක් ලියපං.ඒවට කැමති උං ඇවිත් කියවයි.හැබැයි පුතේ ආණ්ඩුවටනං විරුද්ධව ලියන්ඩ එපා.ඇමරිකාවට බැනලා ලියලා ජයරත්න ගොයියා CIA එකෙන් බේරිලා හිටියට අපිටනං සුදු වෑන්ම තමයි.ලැපත් එක්කම අරං යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං අපිට කොයින්ද රාවනාගේ බැල්ම. පරිස්සං වෙන්න ඕනේ

      Delete
  7. කැමති දෙයක් ලියමු ඔන්න.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් පාඨක කැමැත්තට ඉඩ

      Delete
  8. මේ දවස්වල ඕක හැමෝටම තියෙන ප්‍රශ්නයක් අවතාර්. අනෙක අපි අනිත් මිනිස්සු ගැන ඕනවට වඩා සැලකිලිමත් විය යුතු නැහැ. තමන් කරන දෙයක් කරගෙන පාඩුවෙ හිටියාම ඉවරයි. මොනව බෙදා ගන්න බැරුවට වලි දාගන්නවද? මම නම් කාටවත් මොනවත් කියන්නෑ. පුළු පුළුවන් හැටියට හැමෝගෙම ඒව කියවනව විතරයි. ලියනවට වැඩිය කියවන එක ජොලි කියල මට නම් දැන් හොඳටම තේරුම් ගිහින් තියෙන්නෙ. දැන් යන තත්වෙ අනුව නම් බ්ලොග් කරන්න ගියාම තරහකාරයෝ වැඩි වෙනව වගේ. අනේ මන්ද.

    ReplyDelete
    Replies
    1. DDT ට බ්ලොගක් ලියමු කියලා යෝජනාවක් කරන්න කියලා හිටියේ .මදෑ කොලා

      Delete
    2. අපෝ නෑ බං, මේ නිසා නෙවි. මම ඒක කලින්ම හිතල තිබුණෙ. ටික කාලෙකට කලින් සෑම්ත් ඔය ගැන ඇහුව. මම ඌට දුන්නෙත් ඔය උත්තරේමයි.

      Delete
  9. උඹගේ පිලිතුරුත් එක්ක එකඟයි

    ReplyDelete
    Replies
    1. අවතාර් හිතන විදිහටම හිතන කෙනෙක් ජය!

      Delete
  10. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මාත් හොයනවා අවතාර්....

    ReplyDelete
    Replies
    1. හොයමු හොයමු නැත්තම් ප්‍රශ්නේ අපිටමයි
      හැබැයි උත්තරේ දන්නේ ඒ අයම තමා

      Delete
  11. Anonymous8/04/2012

    මරු.....එකඟයි ඔබට.....වැරදි වැඩක් වෙලා තියනවා මා අතින්..
    ඔබ මගේ බ්ලොගය අද බලද්දී අහුවේවි..
    ඔබට ජය! :)

    ReplyDelete
    Replies
    1. කිසිම වැරැද්දක් වෙලා නෑ
      හිරුට නියමෙට ඒක සෙට් වෙනවා ඈ එල!

      Delete
    2. Anonymous8/04/2012

      හි හි.......එහෙනම් ගුරුතුමෝ ස්තුතියි හ්ම්ම්..:)

      Delete
  12. මේකනං සිරාය!!!!!
    ජයවේවා!!!!!!!!!

    ReplyDelete
  13. ඇනෝ කමෙන්ට් තියෙන්න ඕන-හැබැයි විනයකුත් තියෙන්න ඕන.....

    (චමී4යූ~chami4u - )බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා .පහුගිය දවසක මගේ පෝස්ට් එකකත් ඇනෝ විප්ලවයක් කරා
      පස්සේ උත්තර දෙන එක අතෑරලා දැම්මා

      Delete
    2. Anonymous8/05/2012

      මට නම් පේන්නේ ඇනෝලාගේ සංවරය හොඳයි. දැන් උදාහරණයක් හැටියට මෙහි ඇනෝලාගේ සංවරය ගැන කතා කරන සුමිත් නිරිඇල්ල මහත්තයා තරහ ගියාම කමෙන්ට් වල කුණුහරුපෙන් බනිනවා. අභූත චෝදනා පවා එල්ල කරලා. ඒ ගැන මොකද්ද කියන්න පුළුවන්?

      Delete
    3. Anonymous8/05/2012

      සුමිත් නිරිඇල්ලටත් විනයක් තියෙන්න ඕනැ. එයට කැමැති කැමැති විදියට කුණුහරුප කියන්න බෑ.

      Delete
  14. මම බ්ලොග් එකක් පටන් අරන් දැන අවුරුද්දක්.. ඒත් තාම මට ෆලෝවර්ස්ලා මහ ගොඩාක් වත් කමෙන්ට්ස් ගොඩක් වත් නෑ.. අනික මගේ බ්ලොග් එකේ ලියන්නේ මට ඕනේ දේ.. කියවන්න ආස කෙනෙක් ඇවිත් කියවලා යයි.. සමහරු හිතන් ඉන්නවා ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට හරි, මොනා හරි විකාරයක් ලියලා කමෙන්ට්ස් ගත්තාම එයලා බ්ලොග් කලාවේ උරුමක්කාරයෝ වෙනවා කියලා.. ඒත් එහෙම එකක් මේකේ නැ.. මේක නිදහස් දෙයක්.. කැමති කෙනෙක්ට ඇවිත් කැමති දෙයක් ලියන්න පුළුවන්..

    මම ගිය අවුරුද්දේ කතාවක් ලියන්න ගත්තා.. ඒ වෙනකොට කොටස් වශයෙන් කතා ලියන බ්ලොග් එච්චරම තිබුනෙ නැ.. හිතූ.. ප්‍රාර්ථනා අක්කා.. දිනෙශ් අයියා.. එතකොට බ්ලොග් ගඩොල් ටීම් එක..ඔය වගේ ටික දෙනෙක් තමා කොටස් කතා ලිය ලිය හිටියේ..[මම නුදුටු ඇස නොගැටුනු තවත් දාහක් දෙනා ඇති..ඒ ගැන සමාවෙන්න..ඒත් මේ දැන තරම් කොටස් කතා එකල නුදුටුවෙමි]. මට වැඩ වැඩි වුන නිසා ටික දවසකට ඒ කතාව ලියන්න බැරි වුනා.. ආයේ ඇවිත් බලන කොට කොටස් වශයෙන් ආදර කතා ලියන එක හැමෝම කරන්න පටන් අරන්.. මොකද එහෙම එකක් ලියන්න ගත්තාම හිට්ස් වැඩි වුන නිසා.. සමහර කතා නම් ගොඩාක් හොඳයි.. ඒත් සමහර කතා ලියනවට ලියන ඒවා.. මට ඊට පස්සේ මගේම කතාව එපා වුනා.. මොකද ඒකත් නිකන්ම නිකන් කතා ගොඩට වැටෙනවට වඩා හොඳයි මම වෙන දෙයක් ලියනවා කියලා හිතුනා..

    මේ ලඟදි බ්ලොග් ලියපු අක්කා කෙනෙකුත් කිව්වා දැන් නම් බ්ලොග් ලියවිල්ලයි බ්ලොග් කියවිල්ලයි දෙකම එපා වෙලා මොකද හැමතැනම එකම දේ කියලා.. හොඳ බ්ලොග් නැතුවා නෙවෙයි.. ඒත් දැන ගොඩ දෙනෙක් හිට්ස් වැඩි කරගන්න අනිත් කෙනා කරන දේම කරන්න අරන්.. එ නිසා තමා බ්ලොග් එපා වෙන්නේ.. තමන් කැමති දේ ලියන එකයි.. ට්‍රෙන්ඩ් එකට දේවල් ලියන එකයි දෙකක්..කොහොම වුනත් මේ ලිපිය ගොඩාක් හොඳයි.. ඇයි මිනිස්සු නීතී දාන්නේ කියන ප්‍රශ්නේ වගේම ඇයි මිනිස්සු අනිකා ලියන දේම අනුකරණය කරන්නේ කියන එකටත් උත්තර මම තමා හොයනවා යාළු..

    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකට ගොඩ වුනේ අහම්බෙන්.. ඒත් අහම්බෙන් වුනත් හොඳ බ්ලොග් පිටුවක් මුණගැහැනු එක ගැන සතුටුයි..

      Delete
    2. කොපි කරන එකනම් ජරාම වැඩක්
      කතාවක් ලියන්න ආයේ පටන් ගත්තොත් නරකද?
      මමත් කතාවක් ලියමින් යනවා.හැබැයි ඉතින් සාර්ථකද දන්නේ නම් නෑ.හොඳද නරකද කියලා දන්නේ කියවන අය තමා

      Delete
  15. araliya8/04/2012

    me post eka blog liyana ayyala,akkalata kiyawala adahasak ganna puluwan wadagath post ekak kiyalai mamanam hitanne.eka nemei ayya,ayyage ahase murata inna kenanam shoi ane....... :)

    ReplyDelete
    Replies
    1. හුරතල් කුක්කා නෙහ්.මෙච්චර වෙලා තියලා දැන් අහසෙන් ගත්තා.කුක්කෝ ඇලජික් අය බ්ලොග් කියවන්න එන්න පුළුවන් නේ.ඊට පස්සේ මේකා කඩා පනියිද දන්නේ නෑනේ

      Delete
    2. araliya8/04/2012

      ow ekath aththa ayya....... :D :D

      Delete
  16. ජයවේවා....දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. එපාවෙනකම් දිගටම

      Delete
  17. ඕන දෙයක් ලියහන් කොල්ලෝ...

    ReplyDelete
  18. බ්ලොග් ලෝකෙ ඇවිත් බුෆේ එකක් වගේ!හැම ජාතියෙම කෑම තියනවා.තමන්ට කැමතිව විතරක් බෙදා ගත්තම හරි!

    ReplyDelete
    Replies
    1. බදා නොගෙන බෙදා ගෙන කෑවනම් කිසි අවුලක් නෑ

      Delete
  19. අවතාර් දරන අදහසම තමයි මමත් දරන්නේ. මම ගොඩක් තැන්වල ඒ ගැන කියලත් ඇති. රැල්ල ගැන කියනවනම්, රැළි එන එක නවත්තන්න බෑ. මොකද අපි හැමෝටම කැමති දේ ලියන්න ඉඩ තියනවා. රැළි හදන්නත් පුළුවන්. නැති කරන්නත් පුළුවන්. ඒත් සාරවත් බ්ලොග් එකක් මිනිස්සුන්ගෙන් අයින් කරන්න බෑ.

    ReplyDelete
  20. මම නම් කාටවත් යටත් වෙන්නේ නැහැ මට ඕන දේ මම ලියනවා,ඒවාට අකමැති නම් නොබලා හිටපුදෙන් හහ්
    :D

    කව්ද බං නීති දැම්මේ?

    ReplyDelete
    Replies
    1. මේ ලිව්වේ වැටුන පෝස්ට් තුන හතරකට උත්තර
      ඒවායේ ලින්ක් මෙතන දාන එක හරි නෑනේ බං

      Delete
  21. බොහොම හොද ස්වයං විචාරයක්...
    මා ගැන කියනවා නම් මට හිතෙන දේ මම ලියනවා... අනිත් අයගෙ බ්ලොග් එක්ක මගේ එක සසදන්න උත්සාහ කරන්නෙ නෑ.. හිට්ස් බලාගෙන ලියන්නෙත් නෑ... ප්‍ර‍වීණ යැයි සම්මත අය අපේ ඒවා කියවන්න එන්නෙත් නෑ... අපේ පාඩුවෙ වැඩේ කරගෙන හිටපුවාම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. thawama bloga aluthne.kalyaddi e ayath ei sira

      Delete
  22. බ්ලොග් එකක් යනු නිදහස් මාධ්‍යයක්. එයට නීති රීති දමා ගත හැක්කේ තමාටම පමණයි! ලිවිය යුත්තේ තමාට අවශ්‍යදේ!
    බ්ලොග් එකක් යනු කුමක්ද යන්නත් බ්ලොග් සංස්කෘතියේ ස්වරූපය කුමක්ද යන්නත් අවතාර් සාර්ථකව ඉදිරිපත් කරල තියෙනවා! දිගටම ලියමු කාටවත් ඕන විදිහට නෙවෙයි අපිට ඕන විදිහට. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඔබට තුති අදහස් දැක්වුවාට

      Delete
  23. මාත් ආවේ අහම්බෙන්. මං එහෙම එන්න හේතුවක් උනේ ලිපියේ මාතෘකාව. මටත් තියෙන්නේ ඒ මාතෘකාවේ ප්‍රශ්නේ තමා.සමහර බ්ලොග් දකිද්දී හිතෙනවා ඇයි ඒවා ලියන්නේ කියලා. මගේ බ්ලොග් එක කවුරු නොබැලුවත් මං ඒක පාවිච්චි කරනවා මගේ සිසුන්ට අමතර ‍තොරතුරු දීමේ මාධ්‍යක් ලෙස.

    මේ ප්‍රශ්න ටික මං මගෙන්ම අහග්තතා. මටත් තිබුණා උත්තර ටිකක්. ඒත් අර ගෑණු ප්‍රශ්නේ හරිද? මං හිතන්නේ ජනප්‍රිය වෙන්න ඒ දේ බලපාන්නේ නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොග් එකක ලියවිලා තිබුන එකකට උත්තරයක්.

      Delete
  24. සිත් තැවුලෙන් ලිව්ව එකක්ද මචං?
    අනේ මන්ද මට නම් හිතට හිතෙන එක ලියනවා ඒවා පට්ට සිරා නැතුව ඇති ශාස්ත්‍රීය නැතුව ඇති මෙලෝ රහක් නැතුව ඇති එත් බ්ලොග් ලියලා ලැබෙන තෘප්තිය සහ අදුන ගන්න ලැබුන යාලුවෝ නිසා දිගට ලියන් යනවා,උඹ උඩ කියල තියෙන කතා ටික නම් ඇත්ත මචං,අපි කාටවත් යටත් වෙලා ලියන්න ඕනෙත් නෑ මේක නිදහස් මාධ්‍යයක් එකේ ලියන්න කාගෙන් වත් අවසර ඕනේ නෑ අපි අපේ පාඩුවේ ලියාගෙන කාටත් කරදයක් නැතුව ඉන්නවා නම් අනිත් උන්ට තියෙන අමාරුව මොකද්ද....?
    දිගට ලියන් පලයන් මචං...!
    ජය වේවා.....!

    ReplyDelete
    Replies
    1. සිත් තැවුලෙන් ලියපූ දෙයක් නෙවේ  මචං බ්ලොග් දෙක තුනක වැටිලා තිබුන උසස් ලිපි ටිකක් කියෙව්ම හිතුන දෙයක්

      Delete
  25. Anonymous8/15/2012

    ආවතාර් උඔට විතරක් නෙමෙයි මටත් ‍බ්ලොග් එකේ ලියන්නේ මොනවද කියන ප්‍රශ්නෙ තාමත් තියනවා. මම කරගෙන යන ‍බ්ලොග් දෙක ඉතාම පැහැදිලි අරමුණකින් කරගෙන යනවා. ඒවාට කොමෙන්ට් වැටෙන්නේ කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනව වගෙයි. ඒත් මම මගේ උත්සාහය අත අරින්නෑ.

    අලුත් ‍බ්ලොග් එකක් පටන් ගන්න ආසාව තියෙනවා. මම ගමේ ගොඩේ ඉපදිලා හැදිල ඇලේ වෙලේ මඩේ මීහරක් එක්ක ඔට්ටුවෙලා ඉඳන් පස්සෙ කොළඔ රටේත් කරග්ගහපු එකා හින්ද ලියන්න දේවල් මහ ගොඩයි.

    ඒත් බලපං දැන් සමහර ‍බ්ලොග්කාරයො උදේට කොටුව ඉස්ටේසමෙන් කෝච්චියට නැගල මරදානෙන් බහින ඩිංගට උන දේවලුත් මහ ලොකුවට දානවා. බලපං ඒවට තියෙන කොමෙන්ට් ගණන, ෆලෝවර්ස්ලා ගණන. ගමේ අපිට අපේ පුංචි කාලෙ කරපුව ලි‍ව්වොත් මුන්ට ලැජ්ජ හිතෙයි.ඒ හින්දම මම අලුත් ‍බ්ලොග් එක පටන් ගැනීම ගැන ගොඩක් හිතනව.

    ඉතින් මම ඉන්නේ හරිම කලකිරීමෙන් බං. වල්පල් නැතුව පැහැදි අරමුණකින් පටන් ගන්න අපේ ‍බ්ලොග් වලට මේවගේ එදා වේල ටුවර්ස් උන් හින්දා අවස්ථාවක් නෑ.
    උඔ මගේ ‍බ්ලොග් පැත්තේ ඇවිත් තිබ්බා. බොහොම පිං.
    http://onlineitguru.blogspot.com/
    http://buduhamuduruwo.blogspot.com/

    ReplyDelete
  26. නියමයි නියමයි සමහර වෙලාවට කොමෙන්ට් කොරන්න වෙලාව නැති උනත් මම අනිවා බලනවා හොඳ දේවල් බලන්න ඕනේ අගය කරන්න ඕනේ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න