Thursday, June 7, 2012

ලස්සන මුහුණ පිටුපස සැඟවුන වියරුව (ටයිටැනික් නැවේ අභිරහස 2 කොටස)

ටයිටැනික් නැවේ සැඟවුණ අභිරහස පළමු  කොටස  මෙතනින් බලන්න.

           
                                 ආමන් රා(amen-ra) රැජිණ
             
                        ආමන් රා රැජිණ මීට වසර 1500 කට ප්‍රථම ඊජිප්තුවේ රජකම් කල මනස්කාන්ත රූ සපුවකට හිමිකම් කී රැජිනක්.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමාන ව පින්තාරු කෙරුණු අලංකාර මමී ආවරණයක බහා ඊජිප්තුවේ ලක්සම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණා.පසුව 1890 දී කල කැණීමකින් ඇගේ මමිය හමුවෙනවා. අලංකාර හා ඉපැරණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින්  ඇගේ මමිය  වෙන්දේසි කරනවා.ඉතා ධනවත්  ඉංග්‍රීසි ජාතික තරැණයින් 4 දෙනෙකුට ඇරයුම් ලැබෙනවා   මමිය  මිල දී ගැනීම සඳහා.

                                    වෙන්දේසියේදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමිය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා.පැය කීපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා.ඉන් පසු නැවත කිසි දිනක ඔහු ආපසු පැමිණ නෑ.ඊට පසු දින තරුණයින් සිව් දෙනා ගෙන් තවත් අයෙක් ඊජිප්තු සේවකයෙක් ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී අනතුරකින් මිය යනවා.ඔහුගේ මල සිරුරේ අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට  භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා.තරුණයන් සිව් දෙනාගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියළු ගිණූම් බැංකුව විසින් අවලංගු කරනවා දුප්පතෙක් බවට පත් වෙනවා.තරුණයන්ගෙන් අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළඳීම හේතුවෙන් රුකියාව අහිමි වී ඔහුතේ සියලු ධනය අවසන් වී මහා මාර්ගයේ භාණ්ඩ විකුණන තත්වයට පත් වෙනවා.
                             මේ අතරතුර මමිය එන්ගලන්ත ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන එන්ගලන්තයට රැගෙන යනවා.පසුව ඔහුගේ පවුලේ තිදෙනෙක් රිය අනතුරකට ලක් වෙනවා.ඔහුගේ නිවස ගින්නෙන් විනාශ වෙනවා.ඉන්පසුව ඔහු මමිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට ප්‍රදානය කරනවා.මමිය රැගත් ට්‍රක් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා.පසුව සේවකයින් දෙදෙනෙක් විසින් මමිය ඔසවාගෙන තරප්පු පෙල මතින් ඉහල මාලයට රැගෙන ගියා.මමිය ඉහල මාලයෙන් තැන්පත් කර ආපසු එන ගමනේ දී සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙක් තරප්පු පෙලෙන් වැටී පාදය බිඳෙනවා.මනා සෞඛ්‍ය තත්වයකින් සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර පසුවදා හමු වුනා.ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නෑ.මමිය කාමරයේ තැන්පත් කලායින් පසුව තත්වය තවත් භයානක වුනා.
                         දිනක් රාත්‍රියේ කෞතුකාගාරයේ  මුර කරුවෙකුට ඇහුනා  කාන්තාවක් ඉකි ගසමින් හඬන ශබ්දයක්.ශබ්දය ඇසුනේ කෞතුකාගාරයේ ඉහල මාලයෙනුයි.ඔහු පහත මාලයේ සිට තරප්පු පෙල මතින් ඉහලට ගමන් කලා.තරප්පු පෙල මතින් ගමන් කල ඔහුට හඬන ශබ්දය වඩ වඩාත් ලංව ඇසුනා.ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇවිද ගියේ මමිය තැන්පත් කර තිබූ කාමරය දෙසටයි.කාමරයට ඇතුලුවත්ම ඔහුට දක්නට ලැබුනේ අනෙකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුයි.ඒ සමඟම මමිය දෙසින් පැමිණි ඉකි ගැසීම වියරු කෑ ගැසීමක් බවට පත්වුනා.අනෙක් මුරකරු විලාපය ඇසී එ දෙසට පැමිණි විට දක්නට ලැබුනේ ඔහු කාමරය තුල මියගොස් සිටි ආකාරය යි.රාත්‍රිය පුරාම මෙම වියරු කෑ ගැසීම හා කෞතුක වස්තූන් සෙලවීම පැවතතුනා.අනෙක් මුරකරු බිය නිසා පහත මාලයට වී නිහඬව සිටියා.පසුව කෞතුකාගාරයේ පිරිසිදු කරන්නන් පවා බිය උනා මමිය ඇති පෙදෙසට යාමට.දිනක් කෞතුකාගාරයට පැමිණි පුද්ගලයෙක් අතින් දූවිල් සහිත රෙදි කඩක් මමියේ මුහුණ නිරූපිත ප්‍රදේශයට වැටුනා.එම සිද්දියෙන් දවස් කීපයකට පසු ඔහුගේ පුතා සරම්ප රෝගයෙන් අවසනාවන්ත ලෙස මිය ගියා.
                           පසුව කෞතුකාගාර බලධාරීන් විසින් තීරණය කෙරුණා මමිය පහත මාලයේ ප්‍රදර්ශනයෙන් තොර ගබඩා කාමරයක තැබීමට.සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරැණු රෝගයකින් කෞතුකාගාරය තුලම  මිය ගොස් සිටියා.කෞතුකාගාර පරිපාලක වරයා තමන්ගේ ලියන මේසය මතම මිය ගොස් සිටියා.මෙම සිදධීන් පුවත්පත් වලට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එක් මාධ්‍යවේදියෙක් මමියේ ඡායාරූපයක් ගැනීමට පැමිණියා.මමිය මත නිරූපණය කර තිබූ කාන්තා මුහුණ දෙස සොහොතක් බලා සිටි ඔහු තම නිවසේ නිදන කාමරයට වැදී හිසට වෙඩි තබාගෙන මියගියා.
                                       පසුව කෞතුකාගාර බලධාරීන් මමිය කෞතුක භාණ්ඩ එක් රැස් කරන පුද්ගලයෙක්ට විකුණුවා.ඉන් පසුව ඇතිවූ අවාසනාවන්ත සිදු වීම් වලින් පසුව ඔහු අට්ටාලයක් සාදවා මමිය ඒ මත තැන්පත් කලා.මේ අතරතුරදී ගුප්ත විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා බ්ලැවැට්ස්කි නම් කාන්තාවක් මමිය පිළිබඳ ආරංචි වී ඔහුගේ නිවසට පැමිණෙනවා.මමිය ඇති භූමියට ඇතුළු වන විටම ඇය වෙව්ලීමකට භාජනය වී සිහි මුර්ජා වී ඇද වැටෙනවා.පසව ඇය මමිය ඇති අට්ටාලය මතට නැගී මමිය ට ලං වෙනවා.“ඔබට මේ යක්ෂ ආත්මය පලවා හරින්න පුළුවන්ද?“ අයිතිකරු ඇයගෙන් විමසනවා.“කිසි දෙයක් කල නොහැකියි.නපුරු ආත්මයේ නෂ්ටාවශේෂ තිබීමෙන් තවත් නපුරු දේ සිදු වෙයි.ඇගේ නින්දට බාධා කරන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි.මම ඔබෙන් ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මේ නපුරෙන් නිදහස් වෙන්න.“ඇය අඩ සිහියෙන් පවසා සිටියා.
                                       ඉන් පසුව ඔහු නැවතත් මමිය භාර ගන්නා ලෙස කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා .එහිදී නැවත භාර ගැනීම ඔවුන ප්‍රතික්ෂේප කරනවා.ඉන් ටික කලකට පසුව ඇමෙරිකානු පුරාවිද්‍යාඥයෙකු විසින් සාධාරණ මුදලක් දී මමිය මිල දී ගන්නවා.ඔහු නැවක් මඟින් මමිය නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරනය කරනවා.1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු ඒ සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රියල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව.තමන් සමඟ යක්ෂ වියරුවක් ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කරුණක්.පුරාවිද්‍යාඥයා විසින් නැවේ පහල මාලයක මිලදී ගත් කාමරයක මමිය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා.1914 අප්‍රියල් 14 දින රාත්‍රියේ ආමන් රා රැජිනගේ ආත්මයේ යක්ෂ වියරුවෙන් “නොගිලෙන නැව“ එහි මඟීන් සමගම සාප ලබනවා.ටයිටැනික් අනතුරට භාජනය වීමෙන් පසුව කැපාර්තියා කාර්ය මණ්ඩලය විසින් එහි අයිතිකරු සමග මමිය නැවතත් සුරක්ෂිතව බේරා ගෙන නිව්යෝර්ක් දක්වා ගෙන යනවා.
                                         ඉන් පසුව ඇතිවූ අවාසනාවනත සිදුවීම් වලින් පසුව මමිය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා.1912 මැයි 29 දින මගීන් 840 කගේ ජීවිත අහිම් කරමින් එම නැවද මුහුදු බත් වෙනවා.කෙසේ හෝ මමිය නැවතත් සුරක්ෂිත වී යුරෝපයට ගෙන යනවා.පසුව සිදු වූ අවාසනාවන්ත මරණ හේතුවෙන්  මමියේ නිජභූමිය වන ඊජිප්තුවට ම ආපසු ගෙන යාමට අයිතිකරු තීරණය කරනවා.මමිය රැගත් නැව ඊජිප්තුවට යන අතරමගදී ජර්මානු සම්බැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.එහිදී නැව ට දරුණු ලෙස හානි වී මුහුදේ ගිලී යනවා.ඒ සමඟ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරා ගත් උමතුවෙන් වියරු වූ යක්ෂ ආත්මය සමඟ ආමන් රා රැජිනගේ මමිය මුහුදු පත්ලේ තැන්පත් වු බව විශ්වාස කෙරෙනවා.

22 comments:

  1. අති විශිෂ්ටයි මේ ලිපියනම් ,පුරාණ ඊජිප්තු පුරාවස්තු තිබෙනා තැන් වලින් ඉවත් කිරීම සාපලත් දෙයක් කියලයි මමත් අහලා තියෙන්නේ "තුතන් කාමන්" සොහොන ආශ්‍රිතවත් මේ වගේම ප්‍රශ්න වෙලා තියෙනවා......

    ReplyDelete
    Replies
    1. අනිවා මම මේක පොස්ට් කරෙත් බයෙන් බයෙන්

      Delete
  2. ආමන් රා රැජිණ ලස්සනද බං.... :)

    මමනං මේ හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නෑ ඕං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
    Replies
    1. චී මූ මහා වල රජෙක්නේ ...

      Delete
    2. රජාට සාප වැදුනත් කමක් නෑ %$%@!$@#^$%# තියෙනවනම් හික්ස්

      Delete
  3. හාපෝ මහ පච කතාවගයක්...

    ReplyDelete
    Replies
    1. අයියෝ තනි ඇහට ඇඩෙනවා මේ වගේ කොමෙන්ට් දැක්කාහම

      Delete
  4. අගනා ලිපියක්!

    ReplyDelete
  5. ලස්සන කතාව.. හැබැයි ටොම් පචයක්...
    http://en.wikipedia.org/wiki/Titanic_alternative_theories#Mummy

    ReplyDelete
    Replies
    1. amerikawa wage ratawal wala guptha dewal wiswasa nokarana hinda e mathaya bahara karala tiyenawa.habei me wage dewal igiptuwa wage ratawal godak wiswasa karanawa.ada wenakota amerikawe pawa karapu parikshana walin oppu wela tiyenawa holman avathara wala kisiyam sathyathawayak tiyena bawa.

      Delete
    2. හොල්මං අවතාර නෙවෙයි නේ මෙතන ප්‍රස්නේ. ලෝකෙ ගොඩක් ගුප්ත දේවල් තියෙනවා. ඒක කවුරු කවුරුත් දන්නවා. නමුත් මෙතන ඔයා කියල තියන කතාව "urban legend" එකක් ගණයට වැටෙන කතාවක්. රසවත් ව ලියා ඇති මේ ලිපියේ අගට ඒ බව සඳහන් කරන්න. නැත්නම් මිනිස්සු නොමඟ යැවීමට ඔබත් දායකත්වය සැපයූවා වෙනවා.

      Delete
  6. මම මේ කතාව මුතුහර සඟරාවේ 1999 වසරේ සඟරාවකින් කියවලා තියනවා. ඔබේ ලිපිය නම් කරුණු ගැන දැනුවත් කිරීම අතින් අනර්ඝයි. වැඩි දුර කරුණු හොයන කෙනෙක්ට යන්න ඕනේ වෙබ් ලිපින, පරිශීලනය කරන්න ඕනේ පොත් පත් ගැන විස්තරයක් මේ එක්කම ලබාදෙන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒ එක්කම මට හිතෙන්නේ කතාවේ අන්තිමට පොඩි දඩිබිඩියකින් ඉවරවුනාදෝ කියලයි.

    ReplyDelete
    Replies
    1. adu padu pennala deema sambandayen xanderta sthuthiwantha wenawa.awasana tika gana kiwwoth mage main target eka wela thibbe titanic gana kiyana eka mummyata athwena iranama gana dana eka anawshya weida kiyala hithala e tika ketiyen liwwa.

      Delete
    2. නෑ එකත් ලියන්න තිබ්බ, මොකද ඔබේ ලිපියේ ප්‍රධාන තර්කය එතනින් නේ ගොඩනගන්නේ. එහෙනම් ඒ කොටස තමයි බාල්ක වගේ තියෙන්නේ. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  7. අනර්ඝයි. මමත් මුතුහර පොතක ඔහොම එකක් කියෙව්වා. එත් මේක නම් නියමෙට ලියල තියෙනවා. අපේ රටේ නිදන් හාරන උන්ට වැදුණු සාප ගැනත් ලිව්වා නම් නියමයි. ;)

    ReplyDelete
  8. ewa gana liyanna gihilla sudu wan ekaka yanna labeida danna.

    ReplyDelete
  9. බය නැතිව නොනිමි අහසේ සැරි සරන්න කියපු නිසා අදත් ආවා..ඇත්තටම අදමයි මම මේ කතාව දැන ගත්තේ නම්..පෝස්ට් එක නම් සුපර්..කියන්න වචන නැති තරම්..හුගක් ආසාවෙන් කියෙව්වා මේ අභිරහස ගැන නම්....

    ReplyDelete
    Replies
    1. thanks.avatharge adaviyata enna baya wenna epa kiyala ayeth kiyanawa.

      Delete
  10. පුබන්ධ පරදවන සත්‍ය කතා කියල ලිපි පෙලක් මුතුහර හරි සිව්දෙස හරි සගරාවක පල උනා.. ඒ ලිපියක ඔය ගැන සදහනක් තිබ්බා මතකයි..
    අවතාර් ඒක ලස්සනට ලියල තියෙනව.. නියමයි..
    පැත්තක හිටපු ජැක් කොලුවටත් සාපෙ ගහපු එකයි අවුල...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්
      ජැකා උනත් ඉතින් ටයිටැනික්‌ නැවේ හිටපු එකයි වරද

      Delete
  11. නියමයි ඇති විශිෂ්ටයි මම උසස් පෙළ කරන කාලේ ඔය ඊජිප්තු ශිෂ්ටාචාරය ඉතිහාසය ගැන ටිකක් හැදෑරුවා මට මතකයි තුතන්කාමන්ගේ සොහොන් ගැබ හාරපු යටත් සම්බන්ද යටත් ඔය වගේ විපත් උනා කියල නමුත් එම කැනීම් භාර ප්‍රධාන විද්‍යාඥයා නිරුපද්‍රිතව ජීවත් උනා කියල තමයි කියන්නේ ඕවගේත් යම් කිසි ඇත්තක් ඇති මම ලිය ලිය හිටිය පොස්ට් එක නවත්වල මේක බලන්න ආවේ එහෙනම් ජය වේවා!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න