Monday, December 19, 2011

බුදු අම්මෝ........හිස් පීරඩ් නම් එපෝ

කාගෙන්  හරි ඇහුවොත්  තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කොයි කාලෙද කියල අනිවාර්යයෙන් කියන්නෙ පාසල් කාලෙ කියලා.ඒ මොකද හැම කෙනෙක්ටම තමන්ගෙ පාසල් කාලේ ලස්සන මතකයන් තියෙන නිසා.
මගෙ පාසල් ජීවිතයත්  අමතක නොවන කාලයක්.6 වසරේ ඉඳලා උසස් පෙළ වෙනකන් මගේ පාසල උනේ කුලියාපිටිය central එක.මේ සිද්ධිය උනේ අපි 9 වසරේ වගේ ඉද්දි.අපේ පන්තියේ ගෑණු ළමයි ගානටම වගේ පිරිමි ළමයි හිටියා.අපේ පන්ති භාරව හිටියේ කළ්‍යාණි මිස්. කළ්‍යාණි මිස් ළමයින්ට හරි ආදරෙයි.හැබැයි ඉතින් තරහ ගියොත් ඉවරයි තමා. කළ්‍යාණි මිස්ට තමා කණිෂ්ඨ අංශයේ විනය නායකකම බාර වෙලා තිබුනෙ.මිස්ව දකිද්දි කට්ටිය මීක් නෑ.අපේ 9 වසරේ පන්ති වලට ඉස්සරහින් තිබ්බෙ ගෘහ විද්‍යාගාරයයි පුස්තකාලෙයි.එක පැත්තකින් කණිෂ්ඨ අංශයේ office එක.තව පැත්තකින් කණිෂ්ඨ අංශයේ lab එක.කළ්‍යාණි මිස් අපේ පන්ති භාර හින්ද මුලු පන්තියම මාර  ගැම්මෙන් හිටියේ.එහෙම හිටියෙ මිස් නැති තැන.ඉන්න වෙලාවට අනිත් අය වගේ තමා පුස් පැටව් වගේ.
මට මතක විදිහට ඒ කාලේ නිවාඩු දෙන්න ආසන්න කාලෙ.පන්ති වල වැඩ අඩු කාලයක්.ගුරුවරුත් ප්‍රශ්න පත්‍ර බලන කටයුතු කරන නිසා දවසේ වැඩි හරියක් නිකන්.එක දවසක් මේ වගේ period එකක අදාළ මිස් පන්තියට එන්නෙ නැතුව බලපු ප්‍රශ්න පත්‍ර ටික පන්තියට එවලා තිබුනා බෙදා ගන්න කියල.ගෑණු ලමයෙක් නැගිටල papers බෙදනවා.අනිත් අයගෙන් එකම කාලගෝට්ටියයි.පන්තිය දැන් මාලු කඩේ වගේ.නිවාඩු දෙන්නත් ලඟ හින්ද කට්ටිය fun එකේනෙ ඉන්නෙත්.

                                                        කොහොම හරි period එක අවසාන වේගෙන එද්දි කළ්‍යාණි මිස් කඩාගෙන බිඳ ගෙන පන්තියට ආවා.එතකොටත් කට්ටිය තවම වැඩ.හිටගෙන හිටපු දෙතුන් දෙනෙක්ට අපේ බෝනස් එකත් එක්කම හම්බ වුනා.දැන් පන්තියෙන් කිසිම සදදයක් නෑ.මිස්ගෙ මූණ දිහා බලන්න බෑ ඇස් දෙක රතු වෙලා තරහෙන් පුපුරනවා.මමත් ඇතුලුව පන්තියෙ හිටපු ගොඩක් අය මිස්ගෙ අතේ රහ දන්න නිසා හීතල වෙලා හිටියේ.ඇයි ඉතින් අවුරුදු 5 ක් ඉගෙන ගත්තු මිස්ගෙන් ගුටියක් නොකාපු ශිෂ්‍යයන්ගන් වැඩක් තියෙනවයැ නේ.
                          දැන් මිස් ගෑණු පිරිමි බේදයක් නැතුව කට්ටියගෙම ගුණ වර්ණනා කරනවා.ඒකත් හොඳ සිංහලෙන්.බැනලා බැනලා අවසානෙ මිස් මෙහෙම කියනවා.හරි තොපිට ගුරුවරයෙක් නැති වෙලාවට පන්තියට වෙලා කරන්න වැඩක්නෙ නැත්තෙ.හෙට ඉඳන් හැම හිස් පීරඩ් එකකම එළියට බැහැලා පේලියට හිටගෙන හිටපියව් එහෙම කියපු මිස් පන්තියෙන් යන්න ගියා.
                                     හුටා! දැන් හරිනේ.ඉස්සරහට තියෙන පීරඩ් වලින් බාගයක්ම හිස්.ඒ මදිවට ගිනි කට්ටෙට පායන කාලේ.අඩුම ගානෙ එක පීරඩ් එකක් හිස් නම් විනාඩි 40ක් එලියෙ ඉන්න එපැයි.දැන් මුලු පන්තියම නිශ්ෂබ්දයි.මේ අස්සේ තව කට්ටියක් හොයනව මොකද වුනේ කියල.ආරංචි හැටියට එහා පැත්තේ ලැබ් එකේ papers වගයක් බල බල ඉඳල තියෙන්නේ අපේ සද්දෙන් වැඩේට බාධා වෙලා.ඒ පාර ඒ සර් කළ්‍යාණි මිස්ට complain කරල.මිස්ට මල පැනල තියෙන්නෙ ඒකෙන්.හැබැයි ඉතින් මිස්ට මල පැන්නෙ නැත්තම් තමා පුදුමේ.මොකද මිස් විනය නායක අපි මිස්ගෙ ගෝලයෝ.කට්ටියට ඕක තේරෙද්දි නඩුව උසාවි ගිහින් නඩුකාරයා තීන්දුව දීලත් ඉවරයි.
                                      ඔහොම එදා දවස ඉවර වෙලා ඊළඟ දවස උදා උනා.කට්ටිය වෙනදා හිස් පීරඩ් එනකන් බලා හිටියත් එදා බලන් හිටියෙ අදාළ ගුරුවරයා පන්තියට එනකම්.ඔන්න හා හා පුරා කියල පළවෙනි හිස් පීරඩ් එක.මුලු පන්තියම පෝලිමට පන්තියෙන් එලියට.ගැහැණු පිරිමි වෙන වෙනම පෝලිම් ගැහිලා රැස්වීමක් තියන්න වගේ.අහල පහල පන්ති වල උනුයි එතනින් යන එන උනුයි කන්ඩ වගේ බලනවා.හතර විළි ලැජ්ජාවයි.මොනා කරන්නද බල මාලු කෑවනම් විඳෝපන් බළලෝ කියල කට්ටියම ඉවසගෙන හිටිය
                                                              ටික වෙලාවක් යද්දි කකුල් දෙක  රිදෙන්න අරගෙන ඉහින කනින් දාඩිය දාද්දි තමා කට්ටියට තරු පේන්න ගත්තේ.කට්ටිය එහාට ඇඹරෙනව මෙහාට ඇඹරෙනව.බෙල් එක ගහන මනුස්සයගේ මව් දෙමව්පියොත් මතක් කරනව බෙල් එක වදිනකොටම ප්‍රෙබා්ධමත් වෙලා පන්තියට දුවනව ආය හිස් එකට බෙල් කරද්දි මුණු අකුලගෙන එලියට එනව.සමහර හැදිච්ච ළමයි අතින් පන්තියට නොයෙන ගුරුවරුන්ගෙ ගුණ වොකියවුනාමත් නෙමෙයි.හැබැයි ඒ තරහට එහෙම නෙමෙයි ඇඟේ අමාරුවටමයි.
                                             ඔන්න ඔහොම තමයි මෙමා ඇතුළු තවත් වීනිත සිසුන් 43 දෙනෙක් හිස් PERIOD වල රස බැලුවේ.ඒ දවස් වල හිස් PERIOD මතක් කලත් මල පනිනවා.
ලි:ඔය වගේ එක දවසක් ඉද්දි ලාවට වහිනවා.එතකොට අර කතාවෙ අපේ කෙස් එකට මුල් වෙච්ච සර් ලැබ් එක ගාවින් මතුවෙලා කියනව ඇතුළට යන්න කියලා.එතකොටම අපේ දෙතුන් දෙනෙක් කිව්ව සර් ට පාඩමක් උගන්නන්ත් එක්ක වැස්සෙත් ඉමු කියල.ටික වෙලාවක් කියල බැරිම තැන සර් යන්න ගියා.ටික වෙලාවකින් එක පාරටම වැස්ස වැඩි කරල කට්ටියම නාගෙන පන්ති වලට දිව්වෙ අර දෙතුන් දෙනාට නොසෑහෙන්න ස්තූති කර කර.

1 comment:

  1. /සර් ලැබ් එක ගාවින් මතුවෙලා කියනව ඇතුළට යන්න කියලා.එතකොටම අපේ දෙතුන් දෙනෙක් කිව්ව සර් ට පාඩමක් උගන්නන්ත් එක්ක වැස්සෙත් ඉමු කියල./

    ඔන්න බලන්න ඔය කට්ටිය සර්ට පාඩමක් උගන්නලා තියෙන හැටි අනේ අපොයි කිව්වලු....

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න