Thursday, December 20, 2012

සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද? 16++

                                දවස් ෙදක තුනක  ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ මට කියනවා.මම මහත් වෙලාලු.අර කැන්ටිමේ රුපියල් තිස් පහේ බත් එකට වෙන්නැති . ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි මතක් උනා ඕලෙවල් කාලේ නියම සිද්දි ටිකක්.කස්ටියටම බලන්න එහෙනම් දැම්මා අහසේ.
                     ඕලෙවල් කිට්ටු වෙනකොට අපිට ඉස්කෝලෙන් සෙමිනා ලෑස්ති කලා.කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් බලන් ඉන්නේ ඔය දවස එනකම්.අපේ ඉස්කෝලේ පැත්තේ තිබුන ටිකක් ලොකු ඉස්කෝලයක් හින්දා වටේපිටේ තියන ගම්බද ඉස්කෝලවලින් ලමයි එනවා අපේ සෙමිනා එකට.දැන් ඉතින් ඒවයෙන් එන ගෑනූ ලමයි ටික දිහා තමා කොල්ලෝ ටික වැඩර්ලා වගේ ඇහැ දාගෙන හිටියේ.මොනව උනත් ගණන් විද්‍යාව සෙමිනා නම් තාමත් මතක් වෙද්දි විකාර වගේ.එදාට වැඩිපුරම කරේ නිදා ගන්න එක සෙමිනා එකේ.

                   ඔන්න සෙමිනා එක එක තියලා බලාගෙන හිටපු දවස උදා උනා.සෞඛ්‍ය සෙමිනා එක.කස්ටියම රත් වෙලා හිටියේ සෙමිනා එක කරන්න මිස් කෙනෙක් එහෙම ආවොත් කියලා.ඇත්තටම කියනවනම් ඕලෙවල් වලට පෙනී හිටින්න හිටපු ශිෂ්‍යයෝ හැටියට අපිට සෞඛ්‍ය සෙමිනා එක මාර වැදගත්.ඇයි ඉතින් උගන්නන සර්ගෙන් අහන්න බැරි ප්‍රශ්න ගොඩක් ඒකාලේ අපිට තිබුනා ඈ.පහලට කියවගෙන යද්දි තේරේවි මොනවද ඒ ප්‍රශ්න කියලා ඈ.බලන් හිටපු විදිහටම දෙයියනේ කියලා සෙමිනා එකට ආවේ වැඩිය වයස නැති සර් කෙනෙක්.අපේ එවුන්ගේ කට කනේ ඉතින්.සෙමිනා එක පටන් ගන්න වෙලාවට කස්ටිය මේන් හෝල් එකට ගියේ දුවගෙන වගේ.අනිත් සෙමිනා වලට ලමයිව ගන්නේ සර්ලගේ දැඩි තර්ජන හමුවේ.මේන් හෝල් එකේ ඉස්සරහම ගුරුවරු ටික .ඊට පස්සේ පිට ඉස්කෝල වලින් ආපු ලමයි.ඊට පස්සේ අපි.කාන්තා පාර්ශවය එක පැත්තක පිරිමි පාර්ශවය තව පැත්තක.ටික වෙලාවකින් සර් වැඩේ පටන් ගත්තා.නැඟලා යනවා දැන් සෙමිනා එක.කෙල්ලෝ කොල්ලෝ කට ඇරගෙන ස්ටේජ් එක දිහා බලගෙන ඉන්නවා.ටිකක් වෙලා යද්දි සර් කිව්වා දැන් ළමයිට තියන ප්‍රශ්න කොල කෑල්ලක ලියලා ඉස්සරහට එවන්න කියලා.
               ඔන්න බලාගෙන හිටපු වෙලාව ආවා.අපි ඔය දේට කලින්ම ලෑස්තිවෙලා ගියේ.වෙනම කොල අරගෙන චිට් ලියන්නම.තත්පර ගානකින් පලවෙනි චිට් එක සර්ගේ අතට පත්වුනා.සර් වතුර ටිකක් එහෙම බීලා චිට් එක අරගෙන කියවලා බලලා හිනා උනා.

      “මම බලාපොරොත්තු උන විදිහටම පලවෙනි ප්‍රශ්නේ ආවා.මම මේ වෙන කල් තියපු හැම සෙමිනා එකකම පලවෙනි ප්‍රශ්නෙට ආවේ මේක තමා එක පාසලක ඇර “
  ( හෑහ් මොකද්ද යකෝ ඒ ඉස්කෝලේ බාලිකාවක් වෙන්නැති )
                ඔන්න ඔහොම සර් උත්තර දෙන්න පටන් ගත්තා .ප්‍රශ්නේ විදිහට යොමුවෙලා තිබුනේ තරුණයින් අතර දැවෙන ප්‍රශ්නයක් උන සොයං විද්‍යාව.සොයං විද්‍යාව ඇඟට හොඳ නැද්ද ඒක හින්දා ඇඟ කෙට්ටු වෙනවද ඔය වගේ ගොඩක් දේවල් වලට උත්තර දෙන්නයි හදන්නේ සර්.
                 “ මම දන්නවා මේ ළමයින්ගේ වයස වෙනකොට ගොඩක් ලමයි මේ දේකරනවා.පිරිමි ලමයි විතරක් නෙවේ ගැහැණු ලමයිනුත් ඇතුළුව.( සමහර කෙලේලෝ බිම බලාගෙන එවෙලේ ) මේ ක්‍රියාව කාටවත් කරදරයක් නැති අහින්සක ක්‍රියාවක්.ඒ වගේම තමා මේක හින්දා ඇඟ කෙට්ටු වෙනවා කියන එක බොරුවක් .එහෙම උනානම් මෙතන ඉන්න පුතාලා කෝටු කෑලි වගේ ඉන්න එපැයි නේද? “
                               ගත් කටටම සර් කිව්වේ .විලි ලැජ්ජාව කන් දෙකෙන් බේරෙනවා.ඇයි යකෝ අපි සර්ලා මිස්ලාගේ මූණවල් දිහා බලන්නේ කොහොමද?අහින්සක අපිට මේ සර් කියන කතා.
              සර් සෑහෙන විස්තරයක් කරගෙන යනවා.ඇත්තටම ඒකනම් පට්ටටම වැදගත්.මේ වෙද්දි ගොඩක් ඒවා මතක නෑ .නැත්තම් මෙතනම දානවා ඒ ටික.ඒ තරම් වැදගත් .කොහෙද ඉතින් මතක හිටින්නේ හොඳම ටික විතරයිනේ.දැන් කොල්ලෝ ටිනට මාරම සැටිස්.සමහර කෙල්ලන්ටත් සැටිස් වෙන්නැති .අපි දන්නවයෑ ඕවා.ඔය අතරේ තව නියම සිද්දියක් මතක් උනා ඒකත් කියලම යන්නං මෙහෙමම.දවසක් කට ටිකක් හොඳ නැති කොල්ලෙක් කෙල්ලෙක්ට අත් බෝම්බ ගැන කියලා.කෙල්ලට එවෙලේ ඉඳන් මාර කුතුහලේලු.මේකි ගිහින් අහපි නැතෑ පන්ති භාර මැඩම්ගෙන් අත් බෝම්බ කියන්නේ මොනවද කියලා.මැඩම් නොදන්න කමටද උක්කර දෙන්න බැරි කමටද කොහෙද ප්‍රශ්නෙන් මඟ ඇරලා .ඔහොම ගෑණු පරානත් හිටියා කියමුකෝ අපේ පන්තිවල.

            සෙමිනා එක කරන සර් අපේ ප්‍රශ්නෙට උත්තර දෙන එක ඉවර කෙරුවා හිනාවක් එහෙම දාලා නියම උපදේශකින්.අද වගේ මතකයි ඒක.

     “ මොනා කලත් කමක් නෑ ළමයි හැබැයි හොඳට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩලා පොල් ඵලදාව අඩුකරගන්නවා එහෙම නෙවෙයි හරිද ? “ 

ඕන් කාට කාටත් වැදගත් වෙයි ඈ.

පලි : ඊට පස්සෙත් විෂය ගැන උනන්දු උනු ලමයි ගෙන් එක දිගටම ප්‍රශ්න සර්ට.අවසානේ නවත්වන්න බැරිම තැන ප්‍රශ්න ගියේ අපේ සර් කෙනෙක් හරහා සර්ගේ අතට.අපේ එවුන්ට සෞඛ්‍ය ගැන කොච්චර උනන්දුක් තියනවද කියලා හිතුනා අපේ ඉස්කොලේ සර් අර සර්ට නොදී බලලා බිම දාලා තිබුන කොල කෑලි ගොඩ දැක්කහම.
කස්ටිය තරහා නැතුව ඔය යටින් තියන ලයික් බටන් එකෙන් ලයික් එකකුත් දාගෙනම යමුද අවතාර්ට කරන උදව්වක් විදිහට.

  

62 comments:


  1. හප්පේ අපිටත් උනා ඔහොම දෙයක්..එකෙක් අහල තිබ්බ...
    " සෑර් මට කෙල්ල ළඟ ඉද්දි කලිසමේ ** යනවා " කියල...
    අපිට මැරෙන්න හිනා ඔයි ...

    ReplyDelete
    Replies
    1. සොයං මෝචනය නේද?මල කෙලියයි

      Delete
    2. Anonymous12/22/2012

      This comment has been removed by a blog administrator.

      Delete
  2. කිව්වත් වගේ සෙමිනා නම් හරිම රසවත් අද්දැකීම් තියෙන්නේ..............

    ReplyDelete
    Replies
    1. සමහර සෙමිනා නම් තියනවා ගෙදරට වඩා හොඳට නින්ද යනවා

      Delete
    2. දෙයියම්ප ඇත්ත...

      Delete
  3. අඩේ අපේ ස්කොලෙත් ඔය ප්‍රශ්නෙම ඔය විදිහටම අහලා තිබුනා බං ඔය වගේ මනෝ විද්‍යා උපදේශන සෙමිනා එකකදී ... ඕක ඒ කාලේ අපේ දැවෙන ප්‍රශ්න වලින් එකක්...

    ReplyDelete
    Replies
    1. විරැකියාවට සොයං ව්‍යාපාර වගේ තමා සොයං විද්‍යාවත්.තරුණයන්ගේ දැවෙන ප්‍රශ්නයක්

      Delete
  4. ඇට්ටි කැඩුවහම පලදාව අඩුවෙනවද.......මල කෙළියයි

    ReplyDelete
    Replies
    1. සර් විහිළුවට කියන්න ඇති නේ බන්.නැත්තම් ඉතින් කඩන ඇට්ටි වල හැටියට...........

      Delete
  5. මුලදි ඇට්ටි කඩලා පුරුදු වෙලා ඉන්න ඕනෙ නේද හොද පොල් කඩන්න කලින්..
    පළදාව අඩු වෙයිද??

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම ඇත්ත ට්‍රේනින් එකකුත් ඕන වෙනවනේ

      Delete
  6. අපේ හිටපු උන්ට වඩා මෙයාලත් එක්ක හිටපු කෙල්ලෝ හොඳයිනේ අප්පා.. අපේ උන් නම් හෝ ගාලා ප්‍රශ්න ඇහුවා.. කොල්ලෝ පරාදයි.. හි හි...

    ReplyDelete
    Replies
    1. ෂික් අපිට ලැජ්ජ හිතෙනවා

      Delete
  7. ඕක කියන්ඩ ඇත්තේ සොයං විද්‍යාව ගැන වෙන්ඩ බෑ.මොකද ඒක හොඳට ප්‍රගුණ කළයුතු විද්‍යාවක් විදිහට පැරැන්නෝ පවා කියලා තියෙනවා.මම් හිතන්නේ ඔය කියන්නේ ලපටි මෙව්වා එකෙන් ලොකුම මෙව්වා එක කිරීමට තැත් කිරීම වෙන්ඩ ඇති.අපේ විද්‍යාව සර් අපිට කිව්වේ ළමයි පළවෙනි අත්දැකීම හරිම වැදගත්.ඒක නියම විදිහට අර ගනිල්ලා.නිකං අහුමුළුවල පණ බයේ ගැහි ගැහි ඒක නියම විදිහට රස විඳින්ඩ බෑ.ඒක හින්දා නිසි කාලෙ එනකං ඉවසං හිටපල්ලා කියලා.ඒ උනාට ගැටළුව තියෙන්නේ අපේ රටේ නිසි කාලේ කියන්නේ අර ලපටි මෙව්වා එක වේලිලා මැලවිලා ගියාටත් පස්සේ වීම.

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියේ ඔහොම එහෙකුත් හිටියා ඔය ලපටි මෙව්වා එක මෝරනකල් තියාගෙන

      Delete
  8. හික්.... ළමයි හැමෝම එක වගේනේ බලන් ගියාම...හැමෝම කැමති සෞඛ්‍ය පාඩමට....

    ReplyDelete
    Replies
    1. ඕකෙත් සමහර පාඩම් තියනවානේ නම ඇහුවත් එපා වෙන

      Delete
  9. Anonymous12/20/2012

    සෞඛ්‍ය සෙමිනා එක ඉතින් ප්‍රශ්න අහන්න ලැබෙන හොඳම අවස්ථාව නේ.. කොල්ලෝ අහනවා ඉතින් අහන්න තියන ඔක්කොම..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා හොඳ සර් කෙනෙක් ආවොත් එලම තමා

      Delete
  10. A/L විද්‍යා විෂය ධාරාවට, ජීව විද්‍යාව,භෞතික විද්‍යාව හා රසායන විද්‍යාවට අමතරව අනිවාර්‍ය්‍යෙන් ඇතුළු කළ යුතු විෂයකි සොයං විද්‍යාව.......

    ReplyDelete
    Replies
    1. අපොයි ... හරියන් නෑ .. හරියන් නෑ ... ඒ පාර ඔක්කොම එවුන් ඒක කරන්න පොරකාවි. තදබදේ වැඩිවේවි. හොඳම එවුන් තෝරන්න විභාගත් තියන්න වේවි. අනික ප්‍රැක්ටිකල් කරන්න ගියාම කරදරයි. එතකොට අනිත් විෂයන් ටියුෂන් දෙන කට්ටිය මොකද කරන්නෙ. :)

      Delete
    2. එහෙම උනොත් ලංකාවෙන් ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා හීන තමා සේරම අත් උදව් කාරයෝ වෙයි

      Delete
  11. ළමයින්ට සෙක්ස් ගැන පට්ටෙට ඉගැන්නුවනම් උන් තේරුම් ගන්නවා. වැඩේ තියෙන්නේ උගන්නන අයත් ලැජ්ජා හිතෙනවා කියලා උගන්නන්නේ නැති කමනේ. ඔවුවා පොඩි උන්ට ජෝක් වෙන්නේ නොදන්න කමද නැත්තම් නිකන් ජොලියටද කියල ඒක තේරුම් ගන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන් ඒකනම්. ලංකාවේ සෙක්ස් ගැන නිසි අධ්‍යාපනයක් නැති හින්දා තමා ලිංගික අපරාධ වැඩි වෙන්නෙත්

      Delete
  12. හි හි හි.. එළ සීන් එක ඒකනම්.හැබැයි අපිටනම් සෞඛ්‍ය සෙමිනා තිබුනේ නෑ. ඔය කෙට්ටු වෙන කතාව අපේ එවුන් අතරත් තිබුණා. ආය අර අතේ මයිල් එන කතාව.ඔය කතාව 8 වසරේදී නැත්නම් 9 වසරේදී ගියේ. ඒකට අපේ එවුන් කොච්චර අහුවුනාද! විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ එතකො‍ට :)

    ReplyDelete
    Replies
    1. machan isha 'ආය අර අතේ මයිල් එන කතාව' mokakda ?

      Delete
    2. සොයං විද්‍යාවේ යෙදෙන අය පාවිච්චි කරන්නේ අතනේ. ඉතින් ඒ වැඩේ කරනවනම් ඒ කරන අතේ මයිල් එනවා.ඒක ඔය වැඩේ කරන එවුන් අල්ලගන්න කරපු වැඩක්. ඔය වැඩේ කරන පොරක් අනිවා අත බලනවා. ;)

      Delete
    3. හරි හරි දැන් මතකයි .නාඩියට නෑ වගේ අත බලන එකනේ..:D

      Delete
    4. අපේ කාලෙ කිව්වෙ අල්ලේ මයිල් එනව කියල.මෙ කතාව කියෙව්වම මතක් උනේ අපේ ගැන්සිය කුණුහරුප/ඔය කතාව කියද්දි "නර්ඩ්"කියල අපි කියන එව්වො එකෙක් හෝ දෙන්නෙක් ස්ලෝ මෝෂන් එකේ දකුණු ඇහේ කන්නාඩි කුට්ටමට යටින්,තමන්ගෙ දකුණු දණහිසට උඩින් දකුණු අල්ල බලන/බලපු ඒවා මතක් උනා.

      Delete
    5. අතේ මයිල් කතාව ඇහුවේ අද.ඔය වගේම හොඳ වැඩක් අපේ උනුත් කලා.රැස්වීමට කලින් සර්ලා අත් සෙල්ලම් දාන අය අල්ලනවා කියලා කතාවක් ඇරිලා.අල්ලන ක්‍රමේ තමයි අත මූන ඉස්සරහින් තියලා අත මූන ගානට තියනවා නම් උන් වැරදි කාරයෝ.රැස්වීමට යන ගමන් කොල්ලෝ අත් මූණ ඉස්සරහින් තිය තිය බලනවා. බලන්න ලස්සනේ බෑ සීන් එක

      Delete
    6. Anonymous12/22/2012

      This comment has been removed by a blog administrator.

      Delete
  13. Anonymous12/20/2012

    අත් බෝම්බ කියන්නේ මොකක්ද?

    “ මොනා කලත් කමක් නෑ ළමයි හැබැයි හොඳට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩලා පොල් ඵලදාව අඩුකරගන්නවා එහෙම නෙවෙයි හරිද ? “

    මේකත් තේරුනේ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. එතකොට සොයං විද්‍යාව කියන එක තේරුනාද?අනේ ඇනෝ බබා

      Delete
  14. තේරුනේ නෑ නේ .....අපි තමව පොඩීනේ ...... අම්මපා ..... මම බොරුවක් කියලා නං හෙට ලෝකෙ විනාස වෙන්නේ නැති වෙන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. බොලා කිව්වේ බොරු. ඔය ලෝකේ තියෙන්නේ අපූරුවට

      Delete
  15. // මොනා කලත් කමක් නෑ ළමයි හැබැයි හොඳට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩලා පොල් ඵලදාව අඩුකරගන්නවා එහෙම නෙවෙයි හරිද ? //

    මේක ටියුබ්ලයිට්නේ :( අපිටත් ඔහොමම කියල තියෙනව. අපේ උන් ඇහුවෙ ස්වයං වින්දනේ නිසා අනාගතේ දරු ඵල නැති වෙනවද කියල. සර් ගත් කටටම කිව්වෙ "මට දරුවො 2ක්ම ඉන්නව කියල" හික්ස්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා තව අවුරුදු හතරක් විතර ඉවසන්න වෙනවා ඇත්ත නැත්ත බලාගන්න

      Delete
  16. අනේ! උඹලටත් තියෙන ප්‍රශ්න! ඇත්තටම අපේ උන්ටත් තිබුනා මේ පුරස්නේ ඒ කාලේ! මටනං ඔන්න තිබුනේ නෑ! මොකෝ මගේ ආයේ කෙට්ටු වෙන්න දෙයක් නෑනේ!

    ReplyDelete
    Replies
    1. ටික කාලෙකට අත් උදව් දීලා නාඩි බලන එක නවත්තපන්.එතකොට මහත් වෙලා එයි

      Delete
  17. ubala meka wiswasa karaida danna.eka parak ape scole tibba semina ekak saukkya departhunethuwen.koma hari e seminar ekata pass una salli kiyala ekata sahabagi una apita rupiyal 250k dunna.wenada wandath seminar walata noyana un eda idan panala giye.et aya kawadawath ehema dunna.

    ReplyDelete
    Replies
    1. අන්න සෙමිනා දෙයියනේ කියලා පෝන් එකට කීයක් හරි දාගන්න ගමන් ඉගෙනත් ගන්නවා.

      Delete
  18. සමහර සෙමිනා තියෙනවා. එව්වා සෙමිනා නෙවෙයි අනේ මන්දා............

    ReplyDelete
    Replies
    1. ගණන් විද්‍යාව එහෙම ආයෙ ගන්න දෙයක් නෑ.එදාට පුස්තකාල පිරිලා ලමයිගෙන්

      Delete
  19. අන්න සෙමිනා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්හු රජාව දැක්ක කල්.. එල එල

      Delete
  20. අපිට සෞඛ්‍ය කියල විෂයක් තිබුණෙ නෑනේ බං, අපි වාණිජ්‍ය හා ගිණුම්කරණය කරද්දි සමහර ළමයි නම් සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව වගේ විෂයක් කළා. අපිට ඔය සීන් ටික අහුවුනේ විද්‍යාව පාඩමේදි විතරයි. අපිට ටියුෂන් පන්තියේ සර් නම් නියමෙට විද්‍යාව ඉගැන්නුව, ඉස්කෝලෙ ටීචර් නම් අජපල්.

    ඔය ප්‍රශ්නෙටම මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයත් දවසක් දේශනයකදි උත්තර දුන්නලු “එහෙම කෙට්ටුවෙනව නම් මේ දේශනය කරන්න මම අද මෙතන පේන්න ඉන්න විදියක් නෑ“ කියල.

    ReplyDelete
    Replies
    1. වෙනත් නිදර්ශක ඕන වෙන්නේ නෑනේ ඉතින්

      Delete
  21. අපිත් ඒ කාලේ ඉදන්ම සෙව්වා නේද...... ;)

    ReplyDelete
    Replies
    1. තවමත් හොයනවනේ බං .ඉරණම්කාරි හොයාගෙන හොයන එවුනුත් ඉන්නවනේ බං

      Delete
    2. ඔව්ව හොයන්න ගිහින් නෙ හොඳට ඉඳපු අපි නරක් වුණේ...ආ..නැද්ද......

      Delete
  22. ඇට්ටියක් කඩලා ලොදත් සමග වතුර බීල තමයි තීරණය කරන්න වෙන්නෙ ගහ ප්‍රයෝජනවත් ද කියල.

    ReplyDelete
    Replies
    1. තියන ඇට්ටි ටික කඩලා ලොඳ කෑවොත් පොල් හැදෙන්නේ මොනවගෙන්ද බන්??

      Delete
  23. Ape ekek hitiyaa ara tharunayaa paththarea getalu theeruwa pothak wage ekatthu karapu...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මාර ප්‍රශ්න ගොඩකට උත්තර ඔතන තිබුනා.නූල් කැඩෙන ඒවා,කෙට්ටු වෙන ඒවා තව එකී මෙකී නොකී බොහෝ දේ

      Delete
  24. ගොඩක් කොල්ලන්ට ඇයි මේ සොයං වින්දනේ ගැන මෙච්ච්ර බය?

    ReplyDelete
    Replies
    1. සොයං කරන ගොඩක් දේවල් ප්‍රශ්න තමයි බන්

      Delete
  25. මම නම් ඔය පැත්තේ ආවා මලේ

    ReplyDelete
  26. මං ඒවාට ගියේ නැහැ නේ.සෞක්‍ය එච්චරම ලේසියි.

    ReplyDelete
  27. අපේ රටේ ජීවත් වෙච්ච මහා ජීවක තුමෙක් වෙච්ච නන්දදාස කෝදාගොඩ මහතාගෙ සම්මන්ත්‍ර‍ණයකදිත් ඔය ප්‍ර‍ශ්නෙ ඔය විදියටම යොමු වෙලා තියෙනවා....එතුමා එතැනදි උත්තර දිලා තියෙන්නෙ ඔය ක්‍රියාව ඇගට හොද නැත්නම් අද නන්දදාස කෝදාගොඩ කෙනෙක් මෙතන නෑ කියලා.... අන්න ඒ නිසා තමයි ඉතිං අපිත් ඉදලා හිටලා.........

    ReplyDelete
  28. මේක තමා නියම කතාව.. :) ඔය කමෙන්ට් වලත් තියෙන්නේ කෙරුවාව.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න