Sunday, November 4, 2012

ආදරය මේ තරම් විරහද? | මා දුටු ලව් බූට්


                                                                                                                මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ නම් කියලා නෝන්ඩි කරන්න ගත්තා.පුදුම කියන්නේ මේ තේරීම හරියට හරි ගියපු තැන් බාගෙට බාගයක්  තිබුනා.අවතාර්ගේ හිතේ හිටිය ගෑනූ ලමයා ගේ නම කියලා අවතාර්ව නෝන්ඩි කලේ කස්ටිය.ඒ ප්‍රේමේ ගැන ඉතින් වැඩක් නෑ.නොදන්න කස්ටිය ඉන්නවනම් ගිහින් බලන්නකෝ මෙතනින්.
             ඉතින් මම මේ කියන බුවාටත් නම වැටුනා ඌ ට්‍රයි කරපු කෙල්ලගේ.ඒ දවස් වල උගේ අඹ යාළුවා විදිහට සේරම කියන්නේ මට.මම ඒකිව කොහොම හරි යාළු කරගන්නවා මට සපෝට් එක දියන් කියලා කෙල්ලව දකින දකින සැරේට මූ මාත් එක්ක කියනවා.අඹ යාළුවා විදිහට ඉතින් යාළුවාගේ දුකේදීත් සැපේදීත් උදව් කරන්න එපැයි.මගෙන් ඉතින් ෆුල් සපෝට්.මට මතක විදිහට මූ අට වසරේදී කෙල්ලගේ පස්සෙන් යන්න ගත්තා.කෙල්ල කියලා මහ ලොකු ලස්සනක් නෑ.මේකි අරූට ගනන් ඉස්සුවා.ඔහොම අවුරුද්දක් පුරාම ට්‍රයි කරලා අපි නවය වසරට ආවා.මේ වෙන කොට පන්තියේ ලෙවල් කෙල්ලෝ සෙට් එකකුයි කෙල්ලෝ සෙට් එකකුයි හැදුනා.බොහෝම පොඩි ගාණක්.උන්ගේ මොනවා ලෙවල් උනාද කියලා අවතාර් තාම දන්නේ නෑ.ඒ උනාට ලෙවල් ඈ.මේ කියන කෙල්ලත් මුලින් ආශ්‍රය කලේ ඔය කියන ලෙවල් කෙල්ලන්ව.අපේ බුවාත් අතෑරියේ නෑ.නවය වසරේ පුරාවටමත් ට්‍රයි කරා.
                   ඔහොම ගිහිල්ලා වැඩේ පෙන්ඩින් උනේ 10 වසරේදි.කෙල්ල මූට කැමති බවක් පෙන්නුවා.අරූට ඉතින් මාර හැපි.ඇයි ඉතින් අවුරුදු දෙකක් තිස්සේ කාපු කට්ටනේ.එකළෙහ වසර වෙද්දි මුන්ගේ ලව් එක අපේ බැජ් එකමයි උගන්වන මිස් කෙනෙකුත් දැන ගෙන හිටියා.මිස්ගේ නම සංජීවනී කියලා ටිකක් තරුණ මිස් කෙනෙක්.මේවට ෆුල් සපෝට් .පන්තියේ ළමයි මිස්ට මාර කැමතියි.ඒ දවස් වල ප්‍රශ්න අහන්න නැගිට්ටද්දි මුලින් අවතාර්ගේ නම කියලා පස්සේ අර හිතේ හිටිය කෙනාගේ නම කියනවා.අරූටත් එහෙමයි .ඌ ට්‍රයි කරන දවස් වල උගේ නම කියලා ඊට පස්ස කෙල්ලව නැඟිට්ටවනවා.
                        එකලොහ වසරේදී මුන් දෙන්නගේ ලව් එක නැඟල ගියා.එකොළහ වසරේ කාගෙත් ටාගට් එක සාපෙ නේ.මූට ඒ වෙද්දිත් කෙල්ලව දාගන්න බැරි උනානම් අනිවා මූ සාපේ සාපයක් ම කරගනන්වා.හැබැයි මුගේ වෙලාවට කෙල්ල මූට කැමති උනා.සාපෙ ලං වෙන කොට කෙල්ලට වෙන ඉස්කෝලෙක එකෙක් බැල්ම දැම්මා.ඊට පස්සේ මූ ඌත් එක්ක ගේමට බැස්සා.දවසක් පන්ති ගිහින් ඉද්දී ත්‍රීවිල් කාරයෝ දෙන්නෙක් එක්ක ඇවිත් මූට පාරක්ද දෙකක්ද ගහලා තිබුනා.මූ වැඩේ අතෑරියේ නෑ.කොහොම හරි වැඩේ ෂේප් කර ගත්තා.සාපෙත් කරා.අවතාර් ඒ8 ක් දාගත්තා අරූ ඒ6 ක් දැම්මා.හැබැයි මම අදටත් ඌට කියන්නේ මගෙයි උගෙයි ඒ 2කේ වෙනසට හේතුව අර මල ඉලව් ආදරේ කියලා.
                                         ඊට පස්සේ මම මැතෙන් උපෙ කරන්න ගියා ඌ බයෝ වලින් කරා.කෙල්ලත් බයෝ හිටියේ උගේ පන්තියෙමයි.ඒ වෙද්දි අපේ ෆිට් එක ටිකක් අඩු වෙලා තිබ්බේ.ඒ එක්කම අපේ ඉස්කෝලේ උපෙ කරන්න පිට ඉස්කෝලෙකින් අර කෙල්ලගේ නෑදෑ වෙන කොල්ලෙක් ආවා.මස්සිනා කෙනෙක්ද කොහෙද.දැන්  කෙල්ල ටික ටික මෑන් එක්ක භජනෙට වැටෙනවා.මුලින් කතා බහ පස්සේ නිතර කතාබහ මුකුළු දක්වා ගියා.අරූට මේවා දිරෙව්වේ නෑ.මොනව හරි කියද්දි කෙල්ල කිව්වේ දන්න කෙනෙක්නේ කතා කරද්දි නිකන් ඉන්නද කියලා.ඔහොම ගිහින් මාස දෙක තුනක් යන කොට අරකි මූට බූට් එක තියලා අරුත් එක්ක යාලු උනා.දන්න කියන හැමෝටම අප්සට්.කෙල්ලව දාගන්න ඌ කාපු කට්ටත් කෙල්ලට තිබුන ලව් එකත් අපි දන්න හින්දා.සමහරු නම් ඒකිගේ මූණටම බැනලා තිබ්බා.මම ඒකිව හම්බෙන්න වත් ගියේ නෑ.ඒ තරමට එපා උනා.
                              විභාගේ ලං වෙද්දි මූ මනෝ ගහන්න ගත්තා.මම දැනගත්තා අනිවා උපෙ චාටර් කරගන්නවා කියලා.ඒ වගේම පලවෙනි පාර තුනම ෆේල්.ඊට පස්සේ මූ දෙවෙනි පාර පන්ති යන්නේ නැතුව කරනවා කිව්වා.ඒ ක්ලාස් යන්න බැරි කමකට සල්ලි නැති කමකට නෙවෙයි.උගේ අම්මා නර්ස් කෙනෙක් තාත්තා සර් කෙනෙක්.හේතුව උනේ පන්ති යද්දි අරුන් දෙන්නා එකට ඉන්නවා දකින එක.දෙවෙනි පාර උපෙ කරා.ඒ පාරත් ඇන ගත්තා.තුන්වෙනි පාර කරලා යන්තම් ගොඩ දාගෙන දැන් QS කරනවා.
                 ඔය මම දැකපු එක බූට් ලව් එකක්.වැදුනේ මගේ හය වසරේ ඉඳල යාලුවට හින්දා මාර අප්සට් එකක් තිබුනේ මටත්.ඔය දවස් වල අවතාර්ගේ හිතේ තිබුනු ආදරේ හිතටම සීමා කරන්න ඕකත් හේතුවක් උනා .මේක කියපුහම ගොඩක් අයගේ පරණ ආදරේ විරහ තැන් මතක් වෙයි .එහෙම උනොත් අවතාර්ට සමා වේවා ඈ.මේක ලිව්වේ ඒව මතක් කරලා අප්සට් කරන්න හිතාගෙන නෙවෙයි.අවතාර්ගේ හිතට වැදුන දෙයක් හින්දා.මම දන්නවා සුලුවට හරි බූට් එකක් වැදුනම කොහොමද කියලා.පස්සේ ජොබ් එක කරන්න ගිය තැන එකෙකුට අවුරුදු හතක ලව් එකකට  බූට් වැදුනා.අවතාර්ගේ හොඳම ෆිට් එකක්.ඌ ඒ දවස් වල විඳපු දුක අවතාර් දන්නවා.ගඟේ ඉන්නේ එක මාළුවද තව ඕන තරම් ඉන්නවා කියලා සමහරු කිව්වට අර මාළුවව අමතක කරන්න සෑහෙන්න අමාරුයි කියලත් අවතාර් හොඳටම දන්නවා.අවසානෙදි කියන්න තියෙන්නේ ඉතින් මේවා දකින කොට ලව් කරන්න හිතෙනවද කියලා තමා.

55 comments:

  1. //ගඟේ ඉන්නේ එක මාළුවද තව ඕන තරම් ඉන්නවා කියලා සමහරු කිව්වට අර මාළුවව අමතක කරන්න සෑහෙන්න අමාරුයි //

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්.. හ්ම්ම්... ප්‍රේමතෝ ජායතී සෝකෝ " ලුනෙ...

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරිටත් ඒ වගේ අත්දැකීමක් තියනව වගේ

      Delete
    2. අහ්හ් මම එක නෙ බොලෙ!! ;) හ්ම්ම්.. හ්ම්ම්... අත්දැකීමක් ඇත.

      Delete
  2. //ගඟේ ඉන්නේ එක මාළුවද තව ඕන තරම් ඉන්නවා කියලා සමහරු කිව්වට අර මාළුවව අමතක කරන්න සෑහෙන්න අමාරුයි //

    අපෝ අවතාරේ ඔය බූට් කනවා කියන එකත් ලේසි පහසු දෙයක් යැ. ඔය ලව් ඉලව් එහෙම ලේසියකින් අමතක කොරන්න පුලුවන් නම් මොකද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත එහෙම නොකන්න ලව් නොකරපු අපි වාසනාවන්තයි ඈ

      Delete
  3. මම නං ඉස්සර ඉඳන්ම දැනගෙන හිටිය දෙයක් ඉස්කෝලේ යන කාලේ ලවු වලින් බාගෙට බාගයක් ඉස්කෝලෙ ඉවර උන ගමන් හබක් වෙනවා, ඊටත් පස්‌ෙස් එකෙක් කැම්පස් ගියොත් ආයිත් හබක් වෙනවා, ඊටත් පස්සේ දෙන්නම කැම්පස් ගියත් ජොබ් වලට ගියාම ඇරගෙන, වලි දාගෙන ලවු එක හබක් වෙනවා කියන ටික.... ඒක නිසා ඕනෙ දෙයක් අතේ දුරින් කරන්න තමයි අධිෂ්ඨාන කරගෙන හිටියේ.. ...

    මම අනිත් දේවලට නං මෝඩයා වෙන්න පුළුවන්.. ඒත් මම දැනං හිටියා ඔය ගොඩක් ඒවා පටං ගන්නේ අනිත් උන්ගේ උවමනාවට කියලා... හැමෝටම කෙල්ලෝ ඉන්නවා, යාලුවෝ එක එකාව දාගෙන විහිළු කරනවා.. ඒක නිසා ඉතිං සෙට් වෙනවා...

    ටික කාලයක් ගියාම එකෙක්ට හරි යන එක අනිත් එකාට වැරදියි.. තව අලුත් අය ජීවිතවලට එන නිසා , තමන් යන ෆීල්ඩ් වෙනස් නිසා, අම්මලා තාත්තලගේ අවුල් නිසා ඔය වගේ ප්‍රශ්න නිසා, ඔය සම්බන්ධ කැඩෙනවා කියලා මගේ මාර විශ්වසයක් තිබ්බා...

    මගේ කරුමේ තමා බං...

    මං 10 වසරෙදි, මගෙන් මුලින්ම යාලු වෙන්න අහපු එකා අවුරුදු11ක් මගේ පස්සේ ඇවිල්ලා මාව කසාද බැඳගත්තා.... ඉහි ඉහි ඉහි..

    මට එක පාරක්වත් බූට් එකක් කන්නවත්, දෙන්න වත් හම්බුනේ නෑ.... ඉහි ඉහි ඉහි .. ඇඬෙනවා අප්පා.....

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාගෙ පස්සෙන් ආවෙ...ඌට තිබ්බ නෙ ඉස්සරහින් යන්න...

      Delete
    2. එහෙම කළේ නැති හින්දා වෙන්නැති නේ මේ තරම් දුර ආවේ...
      එයා කළේ මට ඉස්සර වෙලා යන්න දීලා, මාව පරිස්සම් කරගෙන පිටිපස්සෙන් ආපු එක.... හි හි...

      Delete
    3. හිරු නම් මාර ලකී ඈ
      ඔන්න ආදර්ශවත් ලව්

      Delete
    4. අන්න බලපන් අවතාර් මේ ඉන්නේ ඒ කාලේ මැස්සෙක්ටවත් වහන්න ඉඩක් නොදි රැකගත්තු කෙල්ලක්. ඒ ඉතික් අපේ මහත්තයා වුණා කොල්ල හොඳ නිසානේ. අලේ බලපන් දැන් ඌට මොනව හිතෙයිද // මගේ කරුමෙල// කියන කැල්ල දැක්කොත්

      /මට එක පාරක්වත් බූට් එකක් කන්නවත්, දෙන්න වත් හම්බුනේ නෑ.... ඉහි ඉහි ඉහි .. ඇඬෙනවා අප්පා...../
      නිකං බූට් නෙමේ............ලෝඩ් එකකුත් එක්ක බුට් වැදුනනං තමා වැඩේ...

      Delete
  4. මොනවා කියන්නද මන්දා බන්... සම හරක් කෙල්ලො ඔහොම තමයි... හිතේ තෙතමනයක් නෑ... ඒ වගේ ලක්ෂණ තියෙන කොල්ලොත් ඉන්නවා..

    මමත් උ/පෙ කරන කාලෙ මගෙ යාලුවෙක් පුස්තකාලෙ කෙල්ලෙක්ගෙන් ඇහුවා.. ඒකි ගත් කටටම බෑ කිව්වා... ඌ විභාගෙ ගොඩා දාගෙන ඉන්ජෙක් උනාට පස්සෙ ඒකි උගෙ පස්සෙන් ආවා.. අපේ එකානම් ආයෙ චෑන්ස් එකක් දුන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අනිවා පයින් ගහලා එලවන්න ඕනේ ඔය වගේ එවුන්ට බං

      Delete
  5. කරුණු කාරනා මොනව වුණත් ඔයා අපිව ආයිත් ඒ අසිරිමත්ම කාලෙට අරන්යනවා මලේ
    මම සමකට වටේ (samakaya wate) දුවන

    නලින්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඒහෙම තමා . මෙක ලියද්දිත් ඒ කාලෙ සෑහෙන්න මතක් උනා

      Delete
  6. හ්ම්ම්ම් ඇත්තටම ඇරීම දුක්බර සීන් එකක් මලේ. කොහොම උනත් මට කියන්න තියෙන්නේ ආදරෙන් පරදිනවා තරම් වේදනාවක් මේ ලෝකෙම නැහැ කියන එකයි. බූට් එකක් වැදුන කියන්නේ සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. //ඇරීම දුක්බර සීන් එකක් // කෝරලේ මහත්තයා මෙ මොනවා ලියනවද ?????

      Delete
    2. හත් ඉලව්වයි මලේ ඔෆිස් එකේදී කොමෙන්ටුව දැම්මේ වැඩ අස්සේ හරිම දුක් බර කියන එක ලියවෙච්ච හැටි ඕන්

      Delete
  7. 'චපලකම' ඔබේ නම ස්ත්‍රියයි.

    ReplyDelete
    Replies
    1. චපලකම ඇති තැන ස්ත්‍රියක් ද???

      Delete
  8. Anonymous11/04/2012

    පාසල් කාලය මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඒකනම් ඇත්ත බං

      Delete
  9. අපරාදෙ බං, ඌ ජීවිතේම නාස්ති කරගෙන. මොනව කරන්න ද? පැත්තක ඉන්න අපි මොන බයිලෙ කිව්වත් ඉතිං ඒක විඳපු එකා තමා අමාරුව දන්නෙ.

    ReplyDelete
    Replies
    1. බූට් කාපු උන්ගෙන් අහලා බලන්න ඔනෙ ඒකෙ රහ

      Delete
  10. ගොඩක් කෙල්ලෝ හිරු දුටුවිට වියකෙන පිනි බින්දු වගේ බං .. අස්තීරයි,,අනිත්‍යයි,,,......හෙහ් හෙහ් හෙහ්. බුට් ගැන නම් කතා ඕසේට

    ReplyDelete
    Replies
    1. හපොයි එපාම වෙලා වගේ මුටනම්

      Delete
  11. බූට් කන්න හරි කරලා බලන්න වෙනවා ඉතින්....

    ReplyDelete
    Replies
    1. ඔකම තමා අවතාර්ටත් කියන්න තියෙන්නෙ බං

      Delete
  12. බූට් එකක් කෑවම බූට් එක කාපු තරම් වේදනාවක් වෙන කව්රුවත් දන්නේ නැහැ බන්

    ReplyDelete
    Replies
    1. මඩියත් පට්ට බූට් ඒකක් කාලා වගේ

      Delete
  13. බුට් මමත් කලා ඇත. අෆ්ෆෙ යන එකාට නෙමෙයි විදවන එකාටයි දුක. හ්ම්ම්....

    ReplyDelete
  14. Anonymous11/05/2012

    ආදරේ නම් - බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. ඔබා බොන්නේ කෝක් ද?
      හැමතැනම බ‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර් කියලා තියෙන නිසයි ඇහුවේ.

      Delete
    2. හිරුහිමාට නම් ආදරේ කෝක් වගේ
      ඔබා ඡන්ද වැඩවලට කෝක් අරන්ද???

      Delete
  15. ප්‍රේමති ජායතී සෝකෝ ! :)
    මත් පට්ට බූට් එකක් කෑවා නෙව.

    ReplyDelete
    Replies
    1. හහ් අම්මපා බූට් කාපු උන් අම්බානෙක ඉන්නවා නෙව

      Delete
  16. Anonymous11/05/2012

    ඔයිට වඩා හොඳයි නිකම් කකා බිබී ගෙදරට වෙලා නිකම් හිටියනම්.මමනම් එක කෙල්ලෙකුටවත් තවම ට්‍රයි කරලා නෑ.එහෙම කරන්නෙත් නෑ.කසාද බඳින්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔච්චර දරුණු වෙන්න එපා ඇනෝ

      Delete
  17. මම ඕවත් දැකල තියනවා හරි ගිය ඒවත් දැකල තියනවා. හරිගිය ඒවා තවම හොඳට තියනවා. හොඳම උදාහරණය " ඇපල් " :D

    ReplyDelete
    Replies
    1. [im]http://ts1.mm.bing.net/th?id=H.4837491153766376&pid=15.1[/im]
      ඇපල්ගේ ආදරයට තෑග්ගක් ලෙස

      Delete
  18. Anonymous11/05/2012

    Mamt A/L ana gata eya baha kiypu nisa kiyala hitala kamti una. dewani para nam atatma ana gaty eki eka Love karna Class kat karpu nisa.
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ හොඳම උදාහරණ

      Delete
  19. Anonymous11/05/2012

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Free add එකක්ද?? බොගේ සයිට් එක බ්ලොක් කරනවා කැස්පාගෙන්

      Delete
  20. Anonymous11/05/2012

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ගොන් ආතල් ගන්න වෙන තැනකට යනවනම් ලොකු දෙයක්

      Delete
  21. Anonymous11/05/2012

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. ane manda ayye.......... :)

    ReplyDelete
  23. අප්පේ! අරූ පවු යකෝ! ඒකනේ නාඩියා ලව් කියන සබ්ජෙක්ට් ඒකට නැත්තේ!

    ReplyDelete
  24. හ්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්...... ලව් ඉලව් කියනවනේ......

    ReplyDelete
  25. ගඟේ ඉන්නේ එක මළුවද.. ඉතින් දෙයියනේ... ඔකේ දැල් දාන්නේ එක දිවරයද ආ

    ReplyDelete
  26. එක මාලුවම විතරක් පේන එකනේ වැඩේ. මලත් වෙන මාළු නම් එපා.

    ReplyDelete
  27. මගේ ජීවිතේට එන හැම කෙල්ලෙක් ම "සිනඩරෙල්ලා" ලා බං!! උං මට ඉතුරු කරලා යන්නෙ සපත්තු විතරමයි!!!
    ("කුරුලු නිස්කලංක" අයියාගෙ අදහසක්)

    ReplyDelete
  28. බූට් කෑවහමත් කුඩු ගැහුවා වගේ තමා.. සික් ගහන වෙලාව හිතාගන්න බෑ ..

    ReplyDelete
  29. බූට් කෑවහමත් කුඩු ගැහුවා වගේ තමා.. සික් ගහන වෙලාව හිතාගන්න බෑ ..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න