Tuesday, July 24, 2012

ටියුබ්ලයිට් ලව් ඇන්ඩ් ෆන් ලයිෆ් (සතියේ ටොක්ක )


                          ඇඟට හිර වෙච්ච ඩෙනිම බොහොම අමාරුවෙන් බස්සගෙන අල්මාරිය  ඇරලා බැලුවේ ඒකට මැච් වෙන ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනට ගෝල් පේස් එකට යන්න.අරයා කොන්ක්‍රීට් බංකුවක් උඩට වෙලා  අන්නාසි පෙත්තක් හප හප මන් එනකම් මූද දිහා බලාගෙන ඇති.මම පරක්කු උනොත් එහෙම මුහුදේ පනීවිද දන්නෙත් නෑ.ඒ තරම් මට ආදරේ.ආහ් මේ තියෙන්නේ මම කැමතිම ටී එක.එයා එක්ක දවසක් අතේ එල්ලිලා  යන වෙලාවක කඩයක් ඇතුලට ගිහිල්ලා රැක් එකේ තිබ්බ මේ ටීෂර්ට් එක අත ගගා ලස්සනයි සුදූ කිව්ව විතරයි එයා ලෝභ නැතුව මට මේක අරන් දුන්නා.අන්න කොල්ලෝ.අදත් මම මේකම ඇඳන් යන්න ඕනේ සමහර විට එතකොට කොල්ලට ආසා හිතිලා තව එකක් අරන් දෙන්නත් බැරි නෑ.

                     ඔහ් මේ මොකද ?දවස් දෙකට මම මෙච්චර මහත් වෙලාද ? පෙරේදා අනිත් කෙනා එක්ක ෆිල්ම් එක බලන්න ගියෙත් මේකම ඇඳගෙනනේ.එතකොට අපූරුවට තිබුනනනේ.ඌ නම් මහ කුණා.මට ඇඳුමක් වත් අරන් දෙනවයැ.ඉඳලා ඉඳලා බඩගිනියි කිව්වොත් පෙට්ටි කඩේකට ගිහිල්ලා කිඹුල බනිස් එකයි තේ එකයි අරන් දෙනවා කන්න කියලා.ලස්සන හින්දා එහෙ මෙහෙ ගියාට මොකද මට දැන් හිතෙනවා ඒකට තිත තියන්න.එදාට මිනිහට තේරෙයි මේ කෙල්ලෙක්ගේ වටිනාකම.ඉන් අනිද්දට ගියපුවහම නම් අනිවාර්යෙන්ම ගානක් ගලවන්න ඕන මිනිහගෙන් සපත්තු දෙහෙකට.
                    මටත් පිස්සු .මේ කොහෙවත් යන එකෙක් ගැන හිතනවා.මගේ එක්කෙනා අහරේ වැල්ලේ වේලෙනවා ඇති මං එනකල්.දැන් මොකද කරන්නේ ටී ෂර්ට් එක ඇන්දට බඩෙන් අඟල් 2ක් 3ක් එලියේ.රෑට බත් කන එක නවත්තලා පාන් පෙත්තකින් ෂේප් වෙන්න ඕනේ.බොහොම අමාරුවෙන් හදා ගත්තු ෆිගර් එක අවුට් ගියොත් නම් ඉතින් ඊට හොඳයි මැරෙනවා.මේ ටී ෂර්ට් එක අඳිනවද ?වෙන එකක් අඳිනවද? එක්කෝ මේකම අඳිනවා.ඔය සාරි ඔසරි ඇඳලා ඔපිස් යන ගෑණු බඩවල් එලියේ දාගෙන යන්නේ ඕන තරම්.මම අඟලක් දෙකක් බඩ පෙන්නගෙන හිටියට තියෙන වැරැද්ද මොකද්ද.ටී ෂර්ට් එකත් දාගෙන බියුටි කල්චර් වැඩ වලට තව පැය භාගයක් විතර ලේට් වෙලා යන්තම් බස් හෝල්ට් එකට ආවා.ආවා කිව්වට ඇවිදින්නත් අමාරුයි වගේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඟේ සයිස් මනේ.
                                 අද බසුත් නැද්ද කොහෙද මගේ වෙලාවටම.අපි ලව් කරන්න ගියොත් ඉතින් පාරේ දුවන බසුත් හරහට හිටිනවා.ඈහ් අර බෑග් එකක් කරේ දාන්න ඉන්න කොල්ලා මං  දිහා බලන් ඉන්නවා නේද කන්ඩ වගේ.උගේ ඇස් දෙකත් උඩ ගිහිල්ලා මට පිටිපස්සෙන් මහසොන් පිල්ලියවත් ඉන්නවද.කෙල්ලෙක් ඇඟට හිරට ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇඳලා ගියොත් මුන්ට මැජික්.මුන් කම්මැලිකමට හින්දි ෆිල්ම් එකක්වත් බලන් නැද්ද මන්දා.ඒවගේ ඔය ඔනතරම් කොටට හිරට ඇඳලා කෙල්ලෝ ඉන්නේ.මුන් ඉන්නේ තවම රජ කාලේ මානසිකත්වයේ.ළඟට ගිහින් දෙකක් කියන්නත් හිතයි ඇස් කටේ හිටින්න.ඒත් ඉතින් මේ සෙනඟ ගොඩේ කොල්ලෙක්ව නෝන්ඩි කරන එකත් හරි නෑනේ.බස් එක එනවා දැකලා කිටි කිටියේ සෙනඟ හිටපු බස් එකට ගොඩ උනා මෑන්ව අමතක කරලා.
       “ හප්පේ නංඟි උඩට නඟින්න උඩට නඟින්න වැටුනොත් එහෙම විනාසයි “ කොන්දා කෑ ගහනවා.මූට පිස්සුද මන්දා.මම ආසාවට ෆුට් බෝඩ් යනවයැ.උඩට නඟින්න පුළුවන් නම් වෙව්ල වෙව්ල ෆුට් බෝඩ් එකට වෙලා ඉන්නවද?කෝකටත් ටිකක් ට්‍රයි කරලා උඩට රිංගන එක හොඳයි.මට ෆුට් බෝඩ් එකේ ඉඳන් පහල බැලෙන කොට කලන්තේ වගේ.කොහොමත් මම ගෙදර ෆෑන් එක දාලා තියද්දි ෆෑන් එක දිහාවත් බලන්නේ නෑ.එතකොටත් මට නිකන් කැරකැවිල්ල වගේ .මගේ ෂේප් ෆිගර් එකටයි හැට හතර මායමටයි පින් සිද්ධ වෙන්න ඉඩ අරගෙන නැග්ගා උඩට.ටික දුරක් යද්දි බස් එකේ සෙනඟ අඩුඋනා බලන් ඉද්දි.අපරාදේ අච්චර ගේමක් දීලා උඩට නැග්ගේ.ෂහ් නියමයි සීට් එකේ හිටපු ඇන්ටිත් නැගිට්ටා බහින්න වගේ .දැන් දෙයියනේ කියලා ඉඳගෙන යතහැකි.
                              සීට් එක එහා පැත්තේ සූකිරි පාට කොල්ලෙක්.ඉඳගද්දිම දාපු පානි හිනාව.මටත් මොකද මට නෙවේ වගේ පාඩුවේ ඉඳගත්තා.මම දැන් අර මගේ එක්කෙනා ගැන හිත හිත ඉන්නවා.අදනම් අන්නාසියි පොරියි එපා කියන්න ඕනේ.කන්න ඕනේ ඩීසන් කෑමක් ටිකක් ගනන් අයිස් ක්‍රීම් එකක් කන්න ඕනේ ගියපු ගමන්ම.
.................................සරාරාරාරාරාස්................................
                          ඩ්‍රයිවර් අයියා බ්රේක් එක ගහලා වංගුව ගත්තු ගැනිල්ලට ගෝල්පේස් එකේ හිටපු මම අර කොල්ලගේ කරේ.දනි පණිගාලා ආයේ සීට් එකට බැස්සා.මිනිහා දැන් දාපු හිනාවට මාත් හිනාවක් දැම්මා.ඇයි ඉතින් මිනිහා මට කර දුන්න එක හරි වටිනවනේ.නැත්තම් මම බස් එකෙන් එලියේ මෙලහකටත්.
“ නංඟි හැමදාම මේ බස් එකේම ද යන්නේ “ මෙන්න මූ එකපාරටම අහපි
“ නෑ අයියේ මේ පාරේ දුවන තව බස් තියනවනේ “
“ නෑ නංඟි මම නිකන් ඇහුවේ .මට නිකන් නංඟිව දැකලා පුරුදුයි වගේ“
“ ඇත්තට එහෙනම් ඒ මං වගේ වෙන කෙනෙක් වෙන්නැති “
              ඒ පාර නම් මෑන් පරාජය බාරගත්තා වගේ.ආවා මාව තම්බන්න.බස් එකේ ගහන බ්රේක් පාරකට ගිහින් ඇඟේ වැදුනත් මේ අය හිතන්නේ ඒ කෙල්ලව අල්ලන්න පුළුවන් කියලා.ටික වෙලාවක් සද්ද නැතුව හිටපු මිනිහා ආයෙත්,
“නංඟා තරහ නැතුව ඔයාගේ සෙල් එක පොඩ්ඩකට දෙනවද?මට ඉමජන්සි කෝල් එකක් ගන්න ඕනේ වෙලාවට මගේ එකේ බැටරි ගියානේ “
“ අනේ අයියා සොරි මම කාටවත් එහෙම දැකපු පලියට සෙල් එක දෙන්නේ නෑ .අනික අපි මේවට කාඩ් එකක් දාගන්නෙත් බොහොම අමාරුවෙන් “
“ හා හා නංඟි කැමති නැත්තම් කමක් නෑ “
                 බහින තැනත් ළඟයි දන්නෙම නැතුව.බහින්න නැගිටින්න කලින් මූට හොඳවගෙන් කියන්න ඕනා.
“ අයියේ මම මේ යන්නේ මම යාලුවෙලා ඉන්න කෙනා හම්බෙන්න.ඒක හින්දා මට ඔයාගේ නම්බරෙන් වැඩකුත් නෑ.ඔයාට මගේ නම්බරෙන් වැඩකුත් නෑ.යන්නම් “
           
පලි : ටොක්ක වැදුනු අය අවතාර් එක්ක තරහ වෙන්ඩ එපා ඈ.විසේසයෙන් බවලත් උදවිය .ඕන කෙනෙක්ට ඕන දෙයක් මේ ගැන කියලා යන්න අවසර තියෙනවා .අවතාර් මේ දවස්වල කතාවකුත් ලියනවනේ මිලින වූ සඳ කියලා.ඒකේ ඊළඟ කොටසත් ළඟදීම දෙනවා.
            


54 comments:

  1. Ela Ela Keep It Up

    ReplyDelete
  2. araliya7/24/2012

    kollo dennekta adare karana ekanam hari nane ayya.mona unath eyata hoda katak tiyenawa. :)

    ReplyDelete
    Replies
    1. araliya7/24/2012

      haiyo.......mama 2 neda?

      Delete
    2. araliya7/24/2012

      mama adanawa........ :)

      Delete
    3. අපිට ප්ලේස් නැත්ද අද?

      Delete
    4. ඔය යටින් සුදු පාට කොටුවක් තියෙන්නේ බං ඒකේ දාහං
      මම ප්ලේස් එකක් හදලා දෙන්නම් කොහොම හරි

      Delete
  3. මම කී වෙනියද?

    ReplyDelete
    Replies
    1. හරියට බැලුවොත් අට හික්ස්

      Delete
  4. ටොක්ක නම් ගානට වදියි වගේ... මේ වගේ කෙල්ලෝ නැත්තේ නෑනේ.දැන් මේකි මෙච්චර අර කොල්ලට ලව් නම් තව එකෙක් එක්ක යනවැයි.කෙල්ලෝ ඔහොම්මයි බං...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් දකිත්වා

      Delete
    2. හෑ මොකක් කිව්වා??

      Delete
  5. හි හි මරු කතාව මචං...:)
    කෙල්ල කොල්ලෝ දෙන්නෙක් අමාරුවේ දාන එක නම් පට්ට වැරදි හොදේ...

    ReplyDelete
    Replies
    1. මේ ටොක්ක එහෙම අයට මචං

      Delete
  6. හහ්හ්හ් හහ්හ් ......මරු ඇ..

    ReplyDelete
  7. එහෙම දකින දකින කොල්ලොත් එක්ක ප්‍රේම කරන්න ගන්න එකනම් වැරදියි තමා ඉතින්.කෙල්ලෝ විතරක් නෙවේ ඔහොම කොල්ලොත් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. ගැමියට උත්තර දීලද කොහේද

      Delete
  8. අර බෑග් එකක් කරේ දාන් හෝල්ට් එකේ කෙල්ලව කන්න වගේ ඒකිගෙ දිහා බලන්, රජ කාලේ මානසිකත්වයෙන් හිටිය කියන කොල්ලා අපේ රජා නෙවෙයි නෙව. ඌත් ඔහොමය කියන්නෙ, දැක්කම කන්න වගේ බලන් ඉඳල ෆොටෝත් ගහන් එනවය කියන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. පවු බන් අසරණ රජාට ඔහොම කියන එක හරි නෑ නේද?

      Delete
  9. ඩබල් ගේම් කාරියක් නෙව !!!
    අම්බෝ අහුවෙන්ඩ එහෙම හොද නෑ....

    ReplyDelete
    Replies
    1. ඔහොම අය ඉන්නවලු ඈ .ඔය ගැමියත් කියලා තියෙන්නේ උඩින්

      Delete
  10. හික්ස් යතාර්ථවාදී සිතුවිල්ලක් :D

    ReplyDelete
    Replies
    1. අන්න වටින් කමෙන්ට් එකක්

      Delete
  11. අපේ පැත්තේ ඇවිත් ඉන්නවා දැකලා මම මේ දුවගෙන ආවෙ බොලේ 'ඈන්ග්' දැං එයාර් බෙන්ඩිං නවත්තලා බ්ලොගක් ලියන්වද බලන්ඩ.

    ඔන්න ඔන්න ඉරිසියාවට කතාවක් ලියලා.බොලේ කෙල්ලෙක් තමංගේ හැකියාවල් පාවිච්චි කොරලා කොල්ලො දෙතුන් දෙනෙක් අල්ලගත්තම උඹලට ඉරිසියයි.ඇත්ත කියපං අර බස් එකේ ඉඳලා නෝන්ඩි උනේ උඹ නේද?පච වෙච්චි දුකට උඹ ලිව්වා මඩ පත්‍රිකාවක්.

    ඒ අස්සේ මට මතක් උනා අපේ සර් කෙනෙක් කිව්ව කතාවක්.කොල්ලෙක් කෙල්ලො ගොඩක් එක්ක යාලු උනාම පොරක් වීම සහ කෙල්ලෙක් කොල්ලො ගොඩක් එක්ක යාලු උනාම චාටර් වීම ගැන.

    'එක යතුරකින් ඉබ්බෝ කීපයක් අරින්න පුළුවන් උනාම ඒකට කියනවා 'මාස්ටර් කී එකක්' කියලා.ඒත් එක ඉබ්බෙක් යතුරු කීපෙකිංම ඇරෙනවනං ඒක මහ චාටර් ඉබ්බෙක්'

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්න වෙයි වගේ මේ ගැන හිතන්න .මේ පැත්තට ආවට තැන්කියු ඈ

      Delete
  12. ෴ 'එක යතුරකින් ඉබ්බෝ කීපයක් අරින්න පුළුවන් උනාම ඒකට කියනවා 'මාස්ටර් කී එකක්' කියලා.ඒත් එක ඉබ්බෙක් යතුරු කීපෙකිංම ඇරෙනවනං ඒක මහ චාටර් ඉබ්බෙක්' ෴

    අන්න ඉබ්බො.
    ඔය කිව්වට බං පිරිමි කවුරුත් කැමති එහෙම ඒවට. ඕන වෙලාවක ලේසියෙන් ඇරගන්න පුළුවන්, මම කිව්වෙ ඉබ්බ. යතුරු හිරකරන් දඟලන්න ඕන නෑ. බෝඩිමකට, චමරියකට ගැලපෙනව. හික් හික්....

    ReplyDelete
    Replies
    1. බෝඩිමක චමරියක එහෙමනම් ඒ ඉබ්බා යතුරු සේරගෙන්ම ඇරෙන්න ඕන නැත්තම් ඉතින් එතන අවුලක් තමා

      Delete
  13. අම්බෝ ඔලුව...... :-)
    ටොක්ක සැර වැඩී බං

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑහ් උඹට වැදුනේ බස් එකේ කෑල්ලෙන්ද?හෝල්ට් එකේ කෑල්ලෙන්ද?
      වැල්ලේ කෑල්ලෙන්නම් වෙන්න බෑ රජෝ

      Delete
  14. Anonymous7/24/2012

    පිළිවෙලට හිටියනම් කාගෙන්වත් මොකුත් අහන්න ඕන නැහැ..හ්ම්ම්.. :)

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ අගේට

      Delete
  15. හප්පට සිලි සලි....මට නිකන් කැරකිල්ල වගේනෙ බං...

    ReplyDelete
    Replies
    1. ඒ මක්කෙයි බන් පරන සීන් එකක් වත් මතක් උනාද?

      Delete
  16. නව යුගයේ ආදරවන්තියට මතක හිටින්න ටොක්කක්! හැබැයි අර කොල්ලට දක්වපු ප්‍රතිචාරෙ නම් ගෑණු ලමයින්ට හොඳ ආදර්ශයක්!

    ReplyDelete
    Replies
    1. ඒතන ටොක්ක අපිටලු ඈ

      Delete
  17. සිරා කතාව... :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම ?? තැන්කියු තැන්කියු

      Delete
  18. පිස්සු බම්ප් වෙනවා ඈ!එල!

    ReplyDelete
    Replies
    1. හා හා වැඩිය බම්ප් කරගන්න ඒපා :) ජය!

      Delete
  19. අලුත් විදියකට හිතලා ලියපු කථාවක්... එළ මචන්...

    ReplyDelete
    Replies
    1. කාලෙත් එක්ක අලුත් වෙන්න එපැයි තැන්කූ මචන්

      Delete
  20. "නංගී ඕක කලිංම කිව්වනං ඉවරයිනේ" කියලවත් කියන්න තිබුනෙ. සෙකන්ඩ් වෙන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න පිරිමි අපි වෙනුවෙනුත් හඬක් නැඟිලා

      Delete
    2. නැතුව. නැතුව. අපි වෙනුවෙන් අපි !

      Delete
  21. හික්ස්ස්ස්ස්... මරු කතාව!!!! :D

    ReplyDelete
  22. වැඩෙන තැනකට වදෙවා රෙදෙන තැනකට රෙදෙවා.

    ReplyDelete
    Replies
    1. සෑහෙන ගේමක් දීලා කියවා ගත්තා .අසරණයා අසරණ විදිහටම ලියලා තැන්කූ තැන්කූ

      Delete
  23. Replies
    1. එළ නම් ඉතින් එළ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න