Friday, July 13, 2012

ලියපු ලියුම් දැන් පනහයි ආයුබොවන්


පහුගිය දෙසැම්බරයේ  සීතල රෑක
මෝඩම් කටුව දරමින් ඔහුගේ අතක
බ්ලොගයක් පටන් ගන්නට ඕනේ නවක
හිතමින් නැවතුනා ජංජාලේ  තැනක




කියවලා නේක අයුරින් ඇති බ්ලොග් අඩවී
ගන්නට පටන් බ්ලොගයක් ඔහු හට සිත් වී
සනෝජ්ගේ උපදේසෙන් වෙමින් සවී
ඇරඹුවා ගමන බ්ලොගයක් සැදුමට යාවී


ගූගල් දෙයියගෙන් වැඳ අවසර ගත්තා
උන්නැහැ දුන්න වෙබ් ලිපිනය අරගත්තා
දන්නා තරමේ වැඩ කෑලිද එයට ඔතා
බ්ලොගේ නමට නොනිමි අහස බැඳ ගත්තා

ඇරඹුන ගමන නොනිමි අහසෙ එතැන් පටන්
දැනෙනා හිතට ලියමන් එක එක කොටමින්
ගල්ද මල්ද එක එක විදිහට විඳිමින්
ලියපු ලියුම් දැන් පනහයි ආයුබොවන්

කියනවා අහසේ අද නැවතුම ගැන සැකෙවින්
සැට තුන් දෙනෙක් එයි අහසේ  පිටිපස්සෙන්
පිටු පෙරලුනා දහ දාහද ඉක්වමින්
මාස අටකදී මේ සැම උනා ඉතින්

මෙතුවක් පටන් අවතාර්ට වෙමින් සවී
ඉන්නා පිරිස අහසට දැන් එක් රොක් වී
කියනු බැරි උනත් ඔවුනට වෙන් වෙන්වී
පතනවා ඒ හැමට අවතාර්ගේ හදින් තුති

කිව යුතු දෙයකි අවතාර් ළඟ ඉතිරිව ඇත්තේ
කොටනා ඒව කල් ගෙවමින් බ්ලොග මත්තේ
දැනෙනා හිතට ඔබෙ අදහස් ඒ මත්තේ
තියා යන්න ඇරයුමක්ය අහස වෙතේ

වැටෙනා කොමෙන්ට් අවතාර්ට දිරි දේය
බ්ලොග හොඳනම් එන අයගෙන් ෆලො වේය
අහස මූණූ පොතට යන එන පිටුවක් වේය
අවතාර් නික්ම යනවා හැම හට සෙත් වේය !

18 comments:

  1. 50ට මගෙන් සුබ පැතුම් සහෝ තව 50ක් ඉක්මනට ලියන්න ලැබේවා කියලා සහ දිගු ගමනක් යන්න ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා

    උඹට ජය වේවා

    ReplyDelete
    Replies
    1. Anonymous7/14/2012

      'ගූගල් දෙයියගෙන් වැඳ අවසර ගත්තා
      උන්නැහැ දුන්න වෙබ් ලිපිනය අරගත්තා' මේ ටික නියමයි සහෝ! :) සුභම සුභ අනාගතයක් ඔබට! :)

      Delete
    2. තැන්කූ තැන්කූ දෙන්නටම

      Delete
  2. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියල කියමනක් තියෙනව. ලිවීමෙන් මොනව වෙයිද කියන්න බෑ. මාත් 150 කට කිට්ටුව ලියල තියෙනව ආයුබොවන් , වෙලාවක් තියේනං කියවල බලන්න. සමහර ඒව හොඳයි. සමහර ඒව චාටර් කියල මටම හිතෙනව.. ලියපුවා ආයෙම කියවන කොට.
    නියම කවි ටික.

    ReplyDelete
    Replies
    1. දෙක තුනක් කියවලා බැලුවා ඒ ටික නම් නියමයි. වෙලා ඇති විදිහට අනිත් ඒවත් බලන්නම්

      Delete
  3. සුබ පැතුම් වසන්තයක්ම උදා වේවා !!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තෑන්ක්ස් සචියටත් ජය!!

      Delete
  4. සුභ අනාගතයක් එක්කම දිග ගමනකට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ක්සැන්ඩර් අයියේ //සුභ අනාගතයක්// අහල පුරුදු එකක්

      Delete
    2. මේ ටිකේ ගස්ගල් වල හිටන් ගහලා තියෙනවා නේ. :-)

      Delete
    3. aththa. apita kese wethath gas gal walata ethakota nidan walata ehema nam subama suba anagathayak !

      Delete
  5. තවත් චිරාත් කාලයක් සාර්ථකව බ්ලොග්කරණයේ යෙදෙමින් වැඩි වැඩියෙන් පෝස්ට් පළ කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ඒ සේරම වෙනුවෙන් මගේ ස්තූතිය

      Delete
  6. සුභ පැතුම් මගෙනුත් යාලු..තවත් නොනිමි අහස ලස්සන කරමින් දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සිතුවිලි දැහැනටත් ජයම වේවා!

      Delete
  7. සුබ පැතුම් හොදේ....

    ReplyDelete
    Replies
    1. thanku thanku
      Jayawewa rathgamayatath !

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න