Tuesday, July 10, 2012

දොස්තර හොඳ හිත ( පොඩ්ඩක් විතර + ද මන්දා )

                                                      මේ කියන්නට යන්නේ අවතාර්ලගේ පැත්තේ ඉන්නා හිත හොඳ දොස්තර  කෙනෙක් ගැනය.අවතාර් උනත් උණට ,හෙම්බිරිස්සාවට ,කැස්සට ඔය හැමදේටම දුවන්නේ මේ දොස්තර ළඟටය.ඔහු නමින් සභාරත්නය.අවුරුදු 45ක පමණ දමිල ජාතිකයෙකු වුවත්  පෙනුමෙන් සිංහල පාටය.ඇත්තෙන්ම කියනවානම් වැඩ්ඩෙකි.අවතාර්ලගේ ගම වටා ඇති ගම් හතර පහෙන් පමණක් නොව දුරින් තියෙන ගම් වලින් පවා එන්නේ සභාරත්න දොස්තරගෙන් බෙහෙත් ගැනීමටය.ඔහුගෙන් බෙහෙත් ගන්න කවුරුත් ඔහුව හඳුන්වන්නේ සභා දොස්තර කියාය.ඒ ඔහුට කරන අවමානයකට නොව සභා දොස්තරට ඇති ආදරය නිසාය.
        
    
                    ගෙඩි පලන තැන් සභාට පෙන්නන්නම බැරිය.පලන පැලිල්ලට ලෙඩාට එලොව සිහි වන්නේය. .අවතාර්ගේ සමීපතයෙකුට සිදු වූවක්  මෙසේය.මේ කියන පොරගේ අතේ පිටපැත්තේ   ගෙඩියක් ඇවිත්තිබිණි.පොඩි පොඩි ත්රීට්මනට් කොලත් ගෙඩිය අඩුවන පාටක් නම්  නැත .අවසානයේ ලොකු කුඩා කාගෙනුත් ඔහුගේ අත නිර්දේශ කෙරුනේ සභාටය.මීට කලිනුත් ඔහුට සමහර අය සභාව නිර්දේශ කෙරුවාලු
&$@# අනේ පලයන් @%  මමනේ ඒකේ අමාරුව විඳින්න ඕනේ “
    ඔහුට වඩා වයසින් අඩු පුද්ගලයෙක් නම් ඒ ටික අසා ගැනිමෙන් පසු ඔහුට නැවත වෛද්‍ය උපදෙස් දෙන්නට නොපැමිණෙයි.නැවතත් සභාව නිර්දේස වුනාගෙන් පසු පොරගේ ඇඟ සීතල උනාලු.මොකද සභා ගැන කලින් ඌ යන්තමට අහලා තිබුනාලු.කොහොමින් කොහොම හරි මිනිහා අතට බේත් ගැනීමට සභා ගාවට ගියේලු.
“ මේකටනම් කොල්ලෝ කරන්න දෙයක් නෑ. දැන් තියෙන්නේ පලල දාන එක තමා “
‘‘ මොකද කියන්නේ පලමු නේද ? ‘‘
         එතකොටත් සභා අත් මේස් එහෙම දාගෙන ලෑස්ති වෙලාලු.
‘‘ එහෙම නම් ඩොක්ට පලමු .අනේ ඩොක්ට හැබැයි හිරිවට්ටලා කරන දෙයක් “
       මූ සභාගේ හැටි දන්නා  නිසා කීවේලු.
“ ලස්සන කෙල්ලෝ දෙන්නෙක් අල්ලගෙන ඉද්දි ආයේ මොනවටද කොල්ලෝ හිරිවට්ටන්නේ“
        දොස්තර කියන ඒවාට නර්ස් අක්කලටත් හිනාලු.
“ මල්ලි අහක බලන්න “
        ඉතා කරුනාවෙන් නර්ස් අක්කා කියූ දෙය ඔහුට අහක දාන්නට බැරි උනාලු.ඒත් එක්කම වැඩ කරපු සභා දොස්තරගේ ඔපරේසන් පිහිය හින්දා ඌට දෙයියෝ මතක් උනාලු.කෙල්ල දාලා ගියපු දවසේ වත් අඬපු නැති උගේ ඇස් දෙකට කඳුළු පිරුනලු.කෙල්ලෝ ඉස්සරහ අඬන්න බැරි කමට සෑහෙන ගේමක් දීලා කඳුළු ඇස්වලම තියාගෙන එළියට ආවාලු.හැබැයි ඉතින් වැඩේ කිරිගහට ඇන්නා වගේලු.දවස් තුන හතරකින් වේදනා කැක්කුම් වලට සහනය.
         සභා දොස්තර පොඩි  අයට ඉන්ජෙක්සන් ගැසීමට ද හපනෙකි.තරමක තේරෙන වයසක පොඩි එකෙක් ඉන්ජෙක්සන් වලට ඇති බය සභා මැනවින් දැන සිටි නිසා පොඩි අයට ඉන්ජෙක්සන් ගැසීමට ඔහු ළඟ මරු ක්‍රමයක් තිබිණි.ඔහුගේ දොස්තර මේසය උඩ හැමවිටම වගේ තියෙන ටොෆි බෝතලයකි.ටොෆි වලින් පාලනය කල නොහැකි තත්වයනහිදී පාවිච්චියට ගැනීමට චොකලට් කීපයක්ද මේසයේ ලාච්චුවක වෙයි.
              “පුතා මොනවද අද  උදේ කෑවේ ,පුතාගේ ඉස්කොලේ ටීචගේ නම මොකද්ද? “
         කියමින් සභා කරන්නේ බේත් විදින තැන විෂබීජ නාශක වතුරෙන් පිහා ඉන්ජෙක්සන් කට්ට ලෝඩ් කිරීමයි.ඉන්න නර්ස් අක්කෙකුට කතා කර
“ පුතා චොකලට් කන්න ආසයිනේ .කෝ දෙන්න බබාට චොක්ලට් එකක් “
 නර්ස් අක්කා අතේ තියෙන චොකලට් එක හෝ ටොෆිය දිහා බලාගෙන කෙල ගිලින තත්පරේට ඉන්ජෙක්සන් කට්ට අතට ගිලා බසී.අවතාර් අනන්තවත් සභා දොස්තරගේ ටොෆි චොකලට් ගැටේට පොඩි කාලේ අහුවී ඇත.
        සභා ගැන කතා කරන විට සභා බේත් දෙන තැන වැඩ කරන කෙල්ලන් ගැනද නොකියාම බැරිය.තරමක් ලොකු වෛද්‍ය ආයතනයක් වන එහි වැඩ කරන නර්ස් අක්කලා ගණන හයක් පමණ ය.නර්ස් කිව්වාට මේ අක්කලා දෙකයි පනහේ කෙල්ලන්ද නොවෙති.ඇහැට කනට පේන  පොශ් කෙල්ලන්ය.මේ ඉන්න කෙල්ලෝ සභා ට හපන්ය.උන්ට ලැජ්ජාව ගෑවිලාවත් නැත.කරුමෙකට හරි කොන්දේ අමාරුව හැදුන කොල්ලෙක් සභා ගාවට යන්නේ හොඳට හිර වූත් හිල් නොමැති අලුත් වූත් යට ඇඳුමක් ඇඳගෙනය.මන්ද ඒ යන අයගේ තට්ටමට ඉන්ජෙක්සන් පාර දෙන්නේ සභා නොව අක්කලාය.ඇඳේ හාන්සි උන ගමන් කිසිම අනුකම්පාවකින් තොරව ලෙඩාගේ කලිසම පහලට ඇදෙයි.පසුව තට්ටම පැත්තනේ යට ඇඳුමද පහලට ඇදෙයි.ඒ වෙලාවට ඉතින් හිර නොවූ යට ඇඳුමක් ඇඳලා හිටියොත්....අවතාර්ට නම් තවම ඒ වගේ මොහොතක් උදා උනේ නැත.උදා වන්නටද  එපා යයි ප්‍රාර්තනා කරමි.මන්ද නර්ස් අක්කලාට කියා කලිසම ගලෝගන්නවාට වඩා කොන්දේ අමාරුවේ වේදනාව ඉහලින් ඇති නිසාය.
              හැබැයි මොනවා කීවත් නර්ස් අක්කලාගෙන් ලෙඩ්ඩුන්ට ඇති කෙයාර් එක නම් ඉතා ඉහලය.සාමාන්‍යයෙන් සභාගෙන් බේත් ගතහොත් ලෙඩ චුයින්ගම් නොවේ.සමහර දොස්තරුන් දෙන බේත් බොන්න බොන්න ලෙඩ වැඩිවෙයි ලෙඩ චුයින්ගම් වෙයි.
                   ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් ගැනීමට තියෙද්දි මුන්  මොකද මේ සභා පිටිපස්සේ යන්නේ කියා සමහරක්ට සිතෙන්නට පුළුවන.ළඟම ඇති නගරයේ මහ රෝහලේ වෛද්‍යවරුන් සිහි වන විට ඇග කිලි පොලා යන ගතියක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත.රෝහලේ ශල්‍ය වෛද්‍ය වරයාගේ වරදින් මිය ගිය හයවන රෝගියාත් මේ ළගදි දිනයක අවසන් ගමන් ගියේය.කකුලේ පොඩි තුවාලෙකට බේත් දා ගැනීමට ගිය තවත් ලෙඩෙක්ට අවසානයේ සිදූ වූයේ ඒ කකුලේ ඇඟිල්ලක් කපා ගැනීමටය.කොතරම් වෑයම් ගෙන පන්නන්නට හැදුවත් රාජ අනුග්‍රහය ලබා සිටින දොස්තරලා නොව කොන්දොස්තරලා සිටින මහ රෝහලට යන්නට අවතාර්ලගේ පෙදෙසේ ලෙඩුන් බිය වී ඇත. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එවන ඉන්ජෙක්සන් කුප්පි ඇතුලෙත් ගුල්ලෝ ඉන්න මෙවන් කාලයක අවතාර්ටනම් සභා වැනි දොස්තරලා මහත්සේ වටී.     
              

30 comments:

  1. අර න‍ර්ස් අක්කා කලිසම ගලවන එකටද ++ දාගත්තේ.

    ReplyDelete
    Replies
    1. හෑහ් + ට මේක සැර මදිද?

      Delete
  2. Anonymous7/10/2012

    Nice writing. a good post.

    ReplyDelete
  3. චෝයි නර්ස් අක්කිලා ටිකක් වෙන්න ඇති නේ බං ඉන්නවා ඇත්තේ ;)

    ReplyDelete
    Replies
    1. චෝයි කියන්නේ ඉතින් දැක්කහමත් ඇති සමහර ලෙඩ හොඳ වෙන්න

      Delete
  4. Replies
    1. අක්කලද? දොස්තරද?

      Delete
  5. අපේ අම්මත් ඇඟිල්ලක් කපාගත්තා රාගම ඉස්පිරිතාලෙන් :(

    කොන්දේ කැක්කුමට පස්ස පැත්තට ඉන්ජෙක්සන් ගහනවද බං?

    ReplyDelete
    Replies
    1. හෆොයි
      කොන්දේ අමාරුවට ඉන්ජෙක්සන් බස්සන්නේ තට්ටමට ඔය සිංහලෙන් බටොක් කියන්නේ

      Delete
  6. හැකැස්... හූ ඈ.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හූ කිව්වේ අක්කලා කලිසම් ගලෝපු හින්දද රජෝ :-0

      Delete
  7. මට මතකයි ඉස්සර හිටියලු ඩොකෙක් වෙළඳ කලාපයේ. ඔලුවෙ කැක්කුමටත් කෙල්ලන්ගෙ ඇඳුම් ගලවනවලු.

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි කිව්වලු සමහර විට පොරට ලේසි වෙන්නත් ඇති කලාපේ නේ?

      Delete
  8. ගොඩක් දොස්තරලා ඔය ටොපි චොකලට් සෙල්ලම දානවා තමයි :) ඒකෙ ගානත් බිලට එකතු වෙනවා ඇති හැබැයි!

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව නෙව

      Delete
  9. මටත් අපේ හන්දියේ ඩොක්ටර්ගේ දිස්පැන්සරිය මතක් උනා ...

    ReplyDelete
  10. අඩේ මෑන්ස් ලා වගේ මෑන්ස් ලා තමයි ඉන්න ඕනා
    අර නර්ස් අක්කල මතක්කලා කියහං, කොන්දේ කැක්කුමක් හැදුනොත් මං උඹට කියන්නම් කෝ
    හික්ස් :ඩ්

    ReplyDelete
    Replies
    1. මට කියන්න කලින් අර කියන ජාතියේ යටට ඇඳුමක් හොයා ගෙන ඉඳහං :-)

      Delete
  11. හප්පටසිලි...බය හිතෙනවනේ

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නැත.නර්ස් අක්කලා කලිසම ගැලවීමට එහා දෙයක් කරන්නේ නැත

      Delete
  12. ඔය කිව්වට අවතාර් කැමති ඇති නර්ස් අක්කලට කියල තට්ටම මිරික ගන්න. මොකද කියන්නෙ, දැන්ම එහෙනම් ‘හොඳට හිර වූත් හිල් නොමැති අලුත් වූත් යට ඇඳුමක්‘ අරගෙන තියාගනිමුද?

    ඔය කිව්ව වගේ ගෙඩි පලන්න, ඔපරේෂන්වලට දත මැද ගෙන ඉන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නව මේ පැත්තෙත්. හැබැයි මිහිහ ළඟට ගිහින් ලේසියෙන් එනව බොරු. හෙම්බිරිස්සාවට බේත් ගන්න ගියත් ලේ මුත්‍ර ටෙස්ට්කරල බලන්න පුළුවන් ඔක්කොම බලල පර්ස් එක හින්දල තමයි ගෙදර එවන්නෙ. ඒ වුනාට හවස 5 ඉඳන් රෑ 11 විතර වෙනකන් මිනිස්සු පිරිල එතන.

    ReplyDelete
    Replies
    1. අත්ගුනේ වෙන්නැති මයෙ හිතේ

      Delete
  13. මැවිලා පෙනුනා :ඩි

    ReplyDelete
  14. හයියෝ හයියෝ

    ReplyDelete
  15. ඇත්ත කියපං...අර ගෙඩිය තිබ්බේ උඹේ නේද??හැබැයි අතේ නෙවෙයි නේද...?හික්ස්.....

    ReplyDelete
    Replies
    1. එහෙම උනානම් නාඩියෝ අර උඩ හෙඩින් එකේ ප්ලස් එක 22+ එහෙකින් රිප්ලේස් වෙන්න තිබුනා

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න