Saturday, July 7, 2012

හදවත රත්තරන් මිනිසෙක් ගැන මතකය......

                          පැරණි ගී වලට ප්‍රිය කරන අවතාර්ට අද විසේස දවසක්.ඒ මොකද කියනවනම් H.R ජෝතිපාල කියන අද්විතීය ගායකයා අපෙන් වෙන් වෙලා අදට වසර 25 යි.එක් රැයෙන් සුපිරි ගායකයන් බිහි වෙන අද කාලේ සිංහල හෝඩියේ හැම අකුරෙන්ම වගේ ගායකයෝ ඉන්නකොට ජෝතිගේ තැන ගන්න කෙනෙක් තවම ඇවිල්ලා නෑ කියන එකයි අවතාර්ගේ අදහස.ජෝතිට ජෝතිගේ සිංදු වලට මිනිස්සු කොච්චර ආදරේද කියනවනම් ජෝතිට “හදවත රත්තරන් ජෝති“ කියන නම හැදුනා.කොච්චර අලුත් සිංදු හැදුනත් ඒවගෙන් කාලයක් තියෙන්නේ බොහොම ටිකයි.අද කාලේ ගොඩක් සිංදු වල තියෙන්නේ සද්දේ විතරයි.අර්තයක් නෑ මිනිස්සුන්ට ඒ සද්දේ අහලා අහලා ඇති උනහම ඒ සිංදුව අතාරිනවා.ගොඩක් අලුත් සිංදු වලට වෙන්නේ ඔය ටික.හැබැයි පැරණි ගායකයෙක් ගත්තොත් ඒ සිංදු අද තියෙන සිංදු වලට වඩා උඩින් තියෙනවා කියලා කියන්න පුළුවන්.අදට යෙදෙන ජෝතිගේ අනුස්මරණය හින්දා ජෝතිගැන නොදන්න උදවියට දැන ගන්නත් එක්ක අවතාර්ට හිතුනා ජෝති ගැන ලියන්න.

                           H.R ජෝතිපාල එහෙමත් නැත්තම් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල ඉපදුනේ 1936 පෙබරවාරි 12 මධ්‍යම පැලැන්තියේ පවුලක.පොඩි කාලේ ඉඳලම ගීත වලට ආසාව හින්දම කුඩා ජෝති ළඟ තියෙන තේ කඩවලට ගිහින් තියෙනවා සිංදු අහන්න.ඒ කාලේ ඔහුගේ ගෙදර රේඩියෝවක් තිබිලා නෑ.
                          තමන් අනාගතයේ ගායකයෙක් වෙනවාමයි කියලා ජෝති හිතාගෙන තියෙන්නේ තමන්ට මුහුණ දෙන්න උනු සිද්දියකින්.සිරිසේන විමලවීරගේ චිත්‍රපටයක් උනු “පොඩි පුතා“චිත්‍රපටයට ජෝතිගේ ගීයක් රෙකෝඩ් කරගෙන තිබුනත් චිත්‍රපටයට ඒක දාලා තිබිලා නෑ.ජෝති යාලුවොත් එක්ක පිල්ම් එක බලන්න තියාම තමන් කියපු සිංදුව නැහැල්ලු.ඉන්පස්සේ ජෝති ඉස්සරලම චිත්‍රපටි පසුබිම් ගායනයට එන්නේ 1956 සිරිල් පී අබේරත්න නිෂ්පාදනය කල “සුරතලී “ චිත්‍රපටියට “සිරියාමේ සාරා “ ගීතය ගායනා කිරීමෙන්.ඒ සිංදුව කියන්න ජෝතිට හම්බ වෙන්නේ චිත්‍රපටියේ නිෂ්පාදක ජබීර් ඒ කාදර් ගේ ඇරයුමකින්.“සිරියාමේ සාරා “ ගීතය වෙනුවෙන් ජෝතිට රු.35 ක් ලැබුනා.ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්ලු.

        ඊට පස්සේ ජෝති ඉන්දියාවට ගිහින් “වාහිනී“කියන චිත්‍රගාරයේ “ටී ආර් පපා “ යටතේ සිංදු කරලා තියෙනවා.ජෝති ගයන හින්දි ගී වලින් තැනෙන ගීත වල ආරම්භය මෙතන වෙන්නැති.අද වෙනකොට ජෝති ට එල්ලවෙන ප්‍රබල දෝෂාරෝපණයක් තමා මේක.මුල් ගීතය මොකක් උනත් ඒවායින් ජෝති කරපු සිංදු වලින් මුල් හින්දි ගීතයට හානියක් වෙලා නෑ.
                      සුරතලී චිත්‍රපටයෙන් ගීත ගායනා කිරීම පටන් ගත්තු ජෝති කස්තුරි සුවඳ,තුෂාරා ,ස්වීප් ටිකට් ,හිත හොඳ මිනිහෙක් ,හොඳට හොඳයි ,වාසනා,සංගීතා වගේ චිත්‍රපටි සිය ගානකට පසුබිම් ගායනයෙන් එක් උනා.ඒ චිත්‍රපටි වල රඟපාපු ගාමිණී ෆොන්සේකා,විජය ,ජෝ වගේ සිනමාවේ දැවැන්තයන්ගේ පසුපසින් ගී ගැයුවේ ජෝතිපාලයි.පසුබිම් ගායනයෙන් නතර නොවුන ඔහු “සූකිරි කෙල්ල “,“සුජීවා“ ,“අබිරහස“ කියන චිත්‍රපට වලට රංඟනයෙනුත් දායක උනා.
                              ඒ වගේ සිනමාවේ රංඟනයෙනුත් ගායනයෙනුත් දැවැන්ත චරිතයක් වුනු ජෝතිපාල 1987 ජූලි 07 සදහටම සමු ගන්නවා.ඒ වෙන කොට වයස 51 වන ජෝති මැරුණේ බීම හින්දා කියන එකයි අද ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ .කොටින්ම අවතාර් ඇත්ත දන්නෙත් මේ පොස්ට් එකත් එක්කම තමා.ජෝති මැරිලා තියෙන්නේ ස්වසන ආබාධයකින්ලු.ඒ වෙන කොට ජෝති ප්‍රතිකාර ලබපු පෞද්ගලික රෝහලේ පැය ගානක් සිහිය නැතිව ඉඳලා දොස්තරලගේ වරදින් මියගියා කියන එකයි ඇත්ත.
                      ඒ කොහොම උනත් ජෝති තවමත් අපේ හිත්වල ඉන්නවා.ඒ ඔහුගේ ගීත වලින්.අද නව පරපුරේ කියා ගත්ත තරු ගායකයෝ මාකට් කරන්නේ ජෝතිපාලලාගේ ,ප්‍රියා සූරියසේනලාගේ ගීත.අපි තවමත් හිතන් ඉන්නේ සමහර සිංදු  ඒ අයගේ නිර්මාණ කියලා .ජෝති කිව්වේ හින්දි කොපි කිය කිය අඩුමගානේ ස්ටේජ් එකක කියන කොට ජෝති ගැන වචනෙකින්වත් නොකියා ඒ අය හරි අපූරුවට තමන්ගේ වගේ ඒ ගීත කියනවා.මේ දවස් වල“ද පීපල්ස් චැනල් “එකේ ප්ලේ ලිස්ට් වල හිට් වෙලා තියෙන සිංදුවක් ජෝති කියපු එකක්.කෙල්ලෝ යි සුද්දොයි පිස්සු හැදිලා වගේ නටනවා විෂුවල් එකේ.ජෝතිලා ලස්සනට කියලා හිට් උන සිංදු අපේ උන්දලා කියන්නේ කිසිම ගැම්මක් නැතුව.ඒ විතරක්නම් කමක් නෑ .තරු බිහි කරන වැඩසටහන් වල විනිස්චෙට ඉන්න අයත් කියනවා “අහවල් ගායකයා බොහොම අමාරුවෙන් කියපු මේ සිංදුව ඔයා නම් කිසිම ගානක් නැතුව කිව්වා“.ඒ තමයි නව පරපුර ජෝතිලට ,ප්‍රියාලට ගරුකරන විදිහ.

ජෝති ගැන විස්තර වැඩියෙන් දාලා වැම්පයරුත් ලිපියක් ලියලා  තියෙනවා.ඒක මෙතනින් බලන්න.

ජෝතිගේ සිංදු 160 ක් මෙතන තියෙනවා .බාගන්නවනම් මෙතනින් ගිහින් කැමති ඒවා  බා ගන්න පුළුවන්.

22 comments:

  1. එච්. ආර්. ජෝතිපාල කියන්නෙ අමරණීය චරිතයක්. අදටත් ඔහුගෙ ගීත ඉදිරියෙන්. ඒ මනුස්සය නොහිටියනම් සමහර ස්ටාර්ලට යන එන මං නෑ.

    ReplyDelete
    Replies
    1. “ඉර හඳ වැඳලා“ ,“ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න “ කියන සිංදු වලින් සමහරු තරු උනා.එතනින් නවතින්නේ නැතුව තාමත් ඒ අය පරණ ගායකයන්ගේ සිංදු කියනවා. අර ඔරිජිනල් සිංදුව ට වඩා මේ තරු කියන සිංදු මිනිස්සු වැළඳ ගන්න එකයි දුක

      Delete
  2. තවමත් මිනිසුන්ගේ හදවත් තුල ජීවත්වෙන ගායකයෙක්..

    ReplyDelete
    Replies
    1. Anonymous7/07/2012

      හ්ම්ම්..

      Delete
    2. ජෝති කියපු සිංදුවක් ඇහුවොත් ආයේ ඒක අහන්න හිතෙනවා අනිවාර්යෙන්ම .ඒකට අද කාලේ තියෙන සිංදු

      Delete
  3. Vinadayak nehe...... Ohu asahaya Gayakayek..

    ReplyDelete
  4. කොච්චර හොඳද මේ වගේ වත් ඉඳල හිටල මිය ගිය කෙනෙකුට උපහාරයක් දක්වන එක. මහ ලොකු බැනර් ගහල බොරු වැඩ කරනවාට වඩා. ජෝති කියන්නෙ අමරණීය ගායකයෙක් වගේම සංවේදී හදවතක් තිබුන කෙනෙක්. ස්තූතියි පොස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම අවතාර්ට සතුටකි

      Delete
  5. මමත් ඒ සිංදු වලට හුගක් කැමති..ඔහු මිය ගියත් ඔහුගේ හඩ අපි අතරේ තවමත් ජීවත් වෙනවා..ඇත්තටම එතුමා අමරණිය ගායකයෙක්..!!

    ReplyDelete
    Replies
    1. ඒ උනත් මිනිස්සු අතරට ගීතය කියන එක දෙන්න පුළුවන් කම තියෙද්දි අලුත් රේඩියෝ චැනල් සමස්තයක් විදිහට පැරණි ගීත තමන්ගේ චැනල් වල දාන්න කැමති නැති බවක් තමයි පෙන්නන්නේ.

      Delete
  6. මමත් ගොඩක් ආසයි jothita.DDT කියපු එකට මමත් එකගයි ..

    ReplyDelete
    Replies
    1. තවත් ජෝති රසිකයෙක් ජයවේවා!

      Delete
  7. ඒ අමරණීය මනුස්සයගේ සින්දු 56 ඉදන් තාමත් අහනවා නේ තව ඉස්සරහටත් අහවි
    ඒ වගේම මිනිස්සුන්ගේ හිත් වලත් හැමදාටම ඉදිවී

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තර්කයක් නෑ

      Delete
  8. කිසිදා නොමියන අමරණීය ජෝති ...

    ReplyDelete
    Replies
    1. ජෝති එක සැරයක් කියලා තියෙනවා “රසිකයන්ට මගේ සිංදු අහලා ඇති උනහම මම සිංදු කියන එක නවත්වනවා“ හැබැයි එහෙම දවසක් එන්න කලින් ජෝති සිංදු කියන එක නැවැත්තුවා.එහෙම දවසක් එන්නෙත් නැති වෙයි.

      Delete
  9. අවතාර් අය්යේ ජෝති ගැන ලිපි සීරිස්‌ එකක්ම යනවා මේ බ්ලොග් එකේ(ඔයා තාම කියවල නැතුව ඇති කියල හිතනවා)
    http://aswanna.blogspot.com/2012/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. ජෝති ගැන ගොඩක් දේවල් තියෙන හොඳ තැනක්
      තෑන්ක්ස් පුබුදු මේ ගැන දැනුවත් කලාට

      Delete
  10. ම්ම්ම් අවතාර් ඊයේ එක රේඩියෝ වැඩසටහනක කතා කලේ එහෙම නෑ නේද? මොකද මේ අදහස් ටිකම මම ඇහුවා රේඩියෝ එකේ එක්තරා නාලිකාවකත්. කොහොම වුනත් අදහසට එකඟයි. 100% මේ මිනිස්සු සල්ලි බලං සින්දු කිව්වා නම් එදා....

    ReplyDelete
    Replies
    1. අවතාර්ට තවම නම් එහෙම චාන්ස් එකක් ලැබුනේ නෑ
      සල්ලි බලං සින්දු කිව්වා නම් එදා අපිට අද අහන්න පුළුවන් සිංදුවක් නැති වෙනවා

      Delete
  11. අපේ ගී ලකුණ මතක් කල ඔබට ස්තුතියි

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න