Sunday, October 13, 2013

දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න (කාලෙකට පස්සේ ඇවිත් 18+ එකක්)

                  බුකිය පැත්තේ ගියාට පස්සේ මෙහෙම එකක් දැක්කා.ඊට පස්සේ ඔන්න ඔහේ ලියන්න හිතුනා අහසේ.කොටින්ම කියනව නම් මේක 100%ක් උස්සපු එකක් ඈ.නිදහසේ ලියන්න එකක් නැති හින්දා උස්සලා දැම්මේ ඈ.නඩු නම් දාන්න එපා අවතාරයට හොඳේ.

අවතාර් කාලෙකට කලින් නම් මෙහෙම දෙයක් ගැන කයියෙන් ලිව්වා.ඒක නම් අවතාර්ස් ඔරිජිනල් ඈ.ඒක බලන්න පහලින්
බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල්

      එහෙනම් මෙන්න උස්සපු එක

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
 කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
 මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ
 නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ..



 මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
 සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
 නොවැදී වැදී යනවිට මා පහුකරලා
 නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා..

 හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි
 ඉස්සී පහත්වී ලියනා විට පේලී
 මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
 නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී..

 රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ
 සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
 නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
 මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ..

 මල් සාරියට නම් ඈ හරි හැඩකාර
 නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
 නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
 නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර..

 නැමුනා එක වරම ඇය ගුරු මේසයට
 වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
 පැත්තට පේන දර්ශණයේ අසිරියට
 ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට..

 දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
 හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න
 හබල අලුත් හන්දා බැහැ දුර යන්න
 කෙටි පාරකට පුලුවන් නම් හරවන්න..

 පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට
 මතකෙට ගනිමි මම මේ පාඩම අදට
 නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
 දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට..

 සමාවෙලා මේ දේ කියලා දෙන්න
 කවුරුද ඔබව මැව්වේ මට පවසන්න
 දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
 අද නම් මගේ අතට නිවනක් නැහැ ඔන්න ..

මෙන්න අර කොපි රයිටඩ් මෙව්වා එකට අහු නොවෙන්න උස්සපු එකේ ඔරිජිනල් එකේ ලින්ක් එක මෙතනින් 


13 comments:

  1. මේක පොඩි මෑන් ගෙ එකක් නෙවෙද බං?

    මට මතකයි ඌ ලිව්ව මේ වගෙ එකක් !

    ReplyDelete
    Replies
    1. මේක බස්සගේ එකක් ..... උන්ගිගේ ජංගිය තමයි පොඩි මෑන් ලිව්වේ .............

      Delete
  2. මේ වගේ ළඟින් යන එකක් මේල් එකක තිබිලත් කියෙව්වා හැබැයි මේකම නෙමෙයි.මොනවා උනත් ලිව්ව එකාගේ කවි මෙව්වා එකනම් එළ ඈ.

    ReplyDelete
  3. මට මතක මේක බස්සා ලිවුවා වගේ.. හරියටම ශුවර් නෑ හැබැයි..

    ReplyDelete
  4. පොඩි මැන් මෛක ලිවාවගේ ත්මයි මතක

    ReplyDelete
  5. මේ කුපාඩි කොල්ලො ටීචර් කෙනෙකුටවත් ඉන්න දෙන්නෙ නෑනෙ හැබෑටම...ප්‍රින්සිපල් එහෙම මේවා දැක්කා නම්...

    ReplyDelete
  6. මෙවගෙ එකක් කියෙවුව කියල මතකයකුත් තියෙනව.මොනව උනත් මරු කවි

    ReplyDelete
  7. ටීචර් කෙනෙක්ටවත් ඉන්න දෙන්නේ නැති වල අවතාරයා

    ReplyDelete
  8. මෙහෙම හරි අමතක නොවී ඉන්න එක හොඳා.

    ReplyDelete
  9. එල කවි ටික රජාත් ඔහොම ඒවා ලියනවා මම දැකලා තියනවා...

    ReplyDelete
  10. ඔය කවි පෙලේ ඔරිමජිනල් එක මගේ... ඊට පස්සේ ඕක එක එක විදියට ෂෙයාර් උනා.. සමහරු පොඩි පොඩි වෙනස්කම් කරලා හෝ නොකර ෂෙයාර් කරා... මේ පහලින් තියෙන්නේ ඔරිමජිනල් පෝස්ට් එක....
    http://jbasnayaka.blogspot.com/2012/03/blog-post_12.html

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න